Watch Trailer

An American Crime (2007) | පුලුස්සන ලද ළමා අපචාරය. සත්‍ය කතාවකි. [සිංහල උපසිරැසි සමඟ]

[box]කෙහෙන් පටන්නද? කොහොම පටන්ගන්නද? මෙම සටහන ලියන්න ආරම්භ කල පටන් මා දැඩි අර්බුදයක සිටිනවා සේ හැගිණි. මාගේ ලිපිවල පවතින් ගූප්ත ස්වභාවය තරමක් වෙනස් වී දෝ යයි මට හැගෙන්නට පටන් ගත්තේ මෙම චිත්‍රපටිය පරිවර්තනය කිරීමට මා හට කිසියම් හෝ අයෙක් සිදු කල ආරාධනාවක් නිසාය. ඔහුගේ නම හෙලි කිරීමට තවමත් අවසර නැත්තේ…

An American Crime (2007)කෙහෙන් පටන්නද? කොහොම පටන්ගන්නද? මෙම සටහන ලියන්න ආරම්භ කල පටන් මා දැඩි අර්බුදයක සිටිනවා සේ හැගිණි. මාගේ ලිපිවල පවතින් ගූප්ත ස්වභාවය තරමක් වෙනස් වී දෝ යයි මට හැගෙන්නට පටන් ගත්තේ මෙම චිත්‍රපටිය පරිවර්තනය කිරීමට මා හට කිසියම් හෝ අයෙක් සිදු කල ආරාධනාවක් නිසාය. ඔහුගේ නම හෙලි කිරීමට තවමත් අවසර නැත්තේ මා ඔහු කෙරෙහි පොරොන්දුවක් වූ නිසාවෙන් බව මතක් කරමි.

සත්තූවත්තේ ඉන්න සත්තූ ගාව තිබෙන විෂවලට වඩා මිනිසෙක් ගේ ශරීරයේ තිබෙන විෂ කෙසේ ඇත්ද? හිත්තූල කැකෑරෙන විකෘති ගති, අහිංසක පුංචි මුවැත්තියක් වන් වූ ගැහැණු ලමයකූට ‍දරාගන්නා පුලුවන් ද ? මෙම චිත්‍රපටිය පරිවර්තනය කිරීමට පටන් ගත් මෙහොතේ පවා මගේ මතකයට නැගණු එක් කාරණයක්ය. චිත්‍රපටි සිය දහසක් නරඹා ඇති ඔබ සැමගේ, නෙතගින් කඳුලක් වැටෙන්නට සමත් මෙම චිතපටියේ කිසිම වීරයෙක් නොමැති තරම්ය, කිසිම මනහ්කල්පිත චරිතයක් නොමැති තරම්ය. කිසිදු අද්භූත හස්තයක්වත් ක්‍රියාත්මක නොවුණු තරම්ය.

අනේ එසේ වුනානම්…අපට අපේ හිත හදාගන්නට හෝ පුලුවන්ය. මෙය ඔබ නොබැලුවානම් එය ඔබ ඔබටම කරගන්නා අපරාධයක් බව මම ඉදුරාම පවසමි. චිත්‍රපටිය අවසානයේ ඔබේ ඇස් වලට එන කඳුලු බින්දු පිසදැමීමට තරම් ඔබ කලබල නොවන්න. මක් නිසාද ඊලග කඳුලු බින්දුවට එන්න අවස්ථාව සැලසීමට ඔබට සිදුවන නිසාමය.

ඔබට නැගණියක් සිටී නම්. ඔබට ගැහැණු ළමයකූ සිටින පියෙක් නම්, ඔබ විසින් මෙය නැරඹිය යුතූ බව මම අවධාරණය කරමි. ඒ වෙන කිසිවක් නිසා නොව, තිරිසන් ගැහැණියක් මෙම දරැවාට සිදුකරන අපරාධය ඔබ සියසින් බලා ගත යුතු නිසාමය. සිතක් උණූ වෙන්නැති, යකඩ මිනිසුන් මෙම චිත්‍රපටි ඩවුන්ලෝඩ් නොකරාට කමක් නැත. එය සිහියෙහි තබාගන්න.

ඔබ කැමතිනම් මෙයත් නරඹන්න, මෙ තියෙන්නේ, මෙම චිත්‍රපටියට පාදක වුනු සත්‍ය සිද්ධියට අදාල වීඩියෝ දසුන්මය.

දෙබස් 1000 ඉක්මවාලු මෙම බයිස්කෝපය ගැන කියන්නට පටන් ගැනීමට මට සිත් නැත. එය මට වචනයෙන් පවා පරිවර්තනය කිරීමට බැරි තරම්ය. මෙම චිත්‍රපටිය කොතරම් මිනිසුන්ගේ හිත් වලට කතා කලාද කියනවානම්. මෙම සම්මාන එයට කදිම නිදසුනක්.

මම එක් ඉල්ලීමක් කිරීමට කැමැත්තෙන් පසුවෙමි.

ඔබ මෙම චිත්‍රපටිය නරඹා ඔබගේ හදවතට දැනුනු සංවෙදී අවස්ථාවක් අපත් සමග කමෙන්ටුවක් ලෙසින් ඛෙදාගන්න යැයි ගෞරවයෙන් ආරාධනා කරන අතරම, එය අප සැමටම සදාදරණීය අස්වැසිල්ලක් වනු බව නොඅනුමානය.

An American Crime (2007) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 91e7247f40376202e87d5cf53f7036bd4a753cd4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,679 downloadsDownload An.American.Crime_.2007.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/sameera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සමීර ධනංජය

Subtitles

1,679 downloadsDownload Subtitles44 KB

65 comments

  1. pcb

    patta machan :D

  2. kalum

    thanks lot machan

  3. shamil

    jaya wewa!

  4. උදාර

    පට්ට මචං

  5. elakiri

    එල කිරි මචං

  6. vernie

    ඇඬෙයිද දන්නෙනැහැ

  7. kalinga

    බොහොම ස්තුතියි.

  8. charitha

    ජය සහෝට !!!!!!!!!!!!!

  9. sumudu

    thnxxxxxxxxxxxxxxxx

  10. vee

    ස්තුතියි සහෝ..

  11. chathu

    ජය වේවා

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......thanks very much...........

  13. uda

    ඇත්තෙන් සහෝ... ඉතාම අගය කරනවා සමාජය දැනුවත් කළ හැකි ඒවා ගෙනෙන එක. මමත් ඔය ඉල්ලීමම මීට ප්‍රථම දෙවතාවකදීම සිදු කළා. යහපත් ප්‍රතිචාර තිබුණේම නැහැ'යි කිව්වොත් මා නිවැරදියි. ඇත්තෙන්ම මම ඒවා සිංහල ගැන්වුවේ එවන් කතා බහක් ඇති කරවීමේ වුවමනාවකුත් මා වෙත තිබුණු නිසා. නමුත් මම දැක තිබෙන වෙනත් භාෂා වෙබ් අඩවිවල වගේ සිංහල ඒවයේ එවන් කතාබහක් ගොඩනැගෙන්නේම නැහැ. හේතුව මම දන්නෙ නැහැ. මීට එසේ නොවේවායි පතනවා. ස්තුතියි සහෝ... ජය!

  14. ganesh

    සත්‍යය කථාවක් නමි බලන්නම ඔනා thanks

  15. jaya

    thanks saho

  16. warunaya

    එල මචෝ

  17. mudiya / මුදියා

    නියම වැඩක් සමීර.මං, දීල තියෙන ලින්ක් එකෙන් යූ ටියුබ් එකේ ඇත්ත විස්තරෙත් බැලුව.ඇත්තටම මහ පුදුම කතාවක්නෙ.ගොඩක් සංවේදී ඇති ෆිල්ම් එකත්.මිනිස්සුන්ට වද දෙන ඒව මං බලන්නෙම නැති තරම්.අකමැත්තකට නෙවෙයි.ඒව බැලුවට පස්සෙ සතියක් විතර යනකං පිස්සු වගේ.මේක ගැන ඔයා කියල තියෙන විස්තරේ හින්දම බලනව කියල හිතා ගත්ත.දිගටම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!

  18. isuru

    thnxxxxxxxxxxxxxxx

  19. දිනිඳු සම්පත්

    අමුතුම කතාවක් වගේ. මමත් ඔන්න බාගන්නවා සහෝ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට සහ මේ වගේ හොඳ නිර්මාණයක් හඳුන්වලා දුන්න එකට. ජයවේවා!

  20. සමීර කරුණාරත්න

    එහෙනම් සහෝත් සතියකට එක උපසිරැසක් දෙන්න ගත්තා වගේ නේද...
    මහන්සිය අයග කරනවා සහෝ...
    බොහොම ස්තුතියි උපසිරැසට...

  21. Hitha Honda kolla

    මට නම් මේක බලන්න බැරි වෙයි
    හිතක් පපුවක් නැති නිසා නෙවි මේවා බැලුවම ඇඟේ මාළු ගඟේ සති 2 ක් විතර නටන නිසා :D

  22. wappula

    MATA BALUWETH NATHUWA ADENAWA WAGE BAYE BE BALANNA...

  23. sadayangy

    umbata sada jaya............

  24. කේ.යු.ජී.උදාර

    වටිනවා සමීර.....
    මේ වගේ හැංගිච්ච දුලභ සිනමාපටවලට සිංහල මුසු කිරීම බොහොම වටිනවා.
    සිංහල සබට බොහොම ස්තූතියි.

  25. Rashmika

    meknm aniwa blanna ona..thanks lot saho

  26. yeshu

    thankZ..... Film eka balalama imu neda...

  27. ශාන් විමුක්ති [වීමා]

    එල මචං එල
    අදනම් උබ නියමයි අලුතින් කියන්න කිසිම දෙයක් නෑ අනිත් උන් ටික සේරම කියල ;)
    උබ කියන හින්දම එහෙන්ම් මම මේක බාගන්න ඕන ලිස්ට් එකට දාගන්නම් කොලුවෝ
    උපසිරසියට බොහොම තුති හොදේ, ජය වේවා! :D

  28. Dilan

    ඒල ඒල ස්තුතියි උපසිරැසියට

  29. නලින්

    මැක්සා සමීර සහෝ..

    අදත් පට්ට කථාවක් ගෙනල්ලා

    ජය වේවා

  30. Pamodh

    Thank you......cheers....

  31. Menu1024

    Thankz :)

  32. Nalaka

    thanks macho sub walata. balalama comentuwak dennam.
    thwath sub daanna shakthiya dahiriya labewa,

    Jayama wewa!

  33. tharindu

    machan samajayata aruthak vatinakamak dennata puluvan
    deyak genena eka godak hodai.api venada balana deet vad
    venas ymak labuna.godak hodai.patta macha.thavath hoda ekak deepan machan

  34. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියම කතාවක් වගේ සහෝ....ලිපිය කියෙව්වමනම් බලන්නත් මොකද්ද වගේ, මොකද මේ වගේ එව්වා බලුව්මව අපිට අපි ගැනම කලකිරෙන නිසා...ඒත් හිතන් ඉන්නේ නම් බලන්න ඕනේ කියලා...බලල ආයෙත් අදහසක් එක් කරන්නම්...

  35. achintha sameera

    thanks macho.balalama comet ekak dannam.jaya wewa.»»»®

  36. “චූටී මල්ලි”

    ආ මේ අපෙ සත්‍ය කතා ගේන සහෝ නේ?
    එල එල මෙවරත් පහරක් දිලා
    තව දෙන්න සහෝ
    සබට තුති
    ඔබට ජය..........

  37. isuraj

    Niyama kathawa machan balalama comment ekak danna hithuva ganna deyak thiyenawa ada samajayata bohoma sthuthi sub ekata

  38. nalin

    jaya wewa sahoooo

  39. DDSameera

    Thanks all my fans !!!.,Please add your favourite Scence as a Comment !!

  40. nsuvin

    බොහොම ස්තූතියි සිංහල sub එකට..

  41. Anusha

    njce

  42. sura

    honda wadak machan balala apahu coment karannam thanks

  43. dimuthu තරංග ඉලුක්කුඹුර

    ඔන්න මමත් ගත්තා උපසිරසියට බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  44. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. thilanka

    thanks bro ............

  46. Pri

    you are so great to give this movie. what a world this is...

  47. Sameera

    you are the great audience in this world,because both of people like to watch USELESS films.,but you are my greatest FANS.,but there is 46 comments.,anyway.,i never worry about that.,you are the essence of greatest fans

  48. thilina

    එළ එළ...................

  49. DDSameera

    මෙම චිත්‍රපටිය සදහා සිංහල උපශීර්ෂ පල කිරීම වෙනුවෙන් සිය ස්තූතිය ඊමෙල මගින් මවෙත ප්‍රකාශ කල රාජ්‍ය සේවයේ යෙදෙන මහත්ම මහත්මීන් හට මාගේ ආචාරය.!!!

    I m so much grateful to you.,who sent thanking emails for publishing An American Crime movie on baiscopelk.com

  50. රාම් රාජ්

    අප්පේ මම නම් මේ වගේ දුක හිතෙන ඒවා බලන්නේ නෑ.සමාවෙන්න නමුත් සිංහල සබ් වලට ස්තූතියි.

    1. DDSameera

      e moko.,meka true story ekak.,duka hitenne.,samajaya gana danaganna !!

Load more comments