2009 තිරගත වීම අරඹා ඔස්කාර් සම්මාන තුනක් ඇතුළු සම්මාන 48කට නිර්දේශ වී ඉන් සම්මාන 18 ක් දිනාගත් හා IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.6 / 10 ලබාගත් බ්‍රිතාන්‍ය චිත්‍රපටියක් දැක්කම පුදුම හිතෙන්නේ නැතිව තියෙයිද? මම සාමාන්‍යයෙන් එංගලන්ත චිත්‍රපට බලනවා අඩු වීම ඒකට හේතුවක් වෙන්න පුළුවන්. නම වගේම මේ චිත්‍රපටයත් එ…

2009 තිරගත වීම අරඹා ඔස්කාර් සම්මාන තුනක් ඇතුළු සම්මාන 48කට නිර්දේශ වී ඉන් සම්මාන 18 ක් දිනාගත් හා IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.6 / 10 ලබාගත් බ්‍රිතාන්‍ය චිත්‍රපටියක් දැක්කම පුදුම හිතෙන්නේ නැතිව තියෙයිද? මම සාමාන්‍යයෙන් එංගලන්ත චිත්‍රපට බලනවා අඩු වීම ඒකට හේතුවක් වෙන්න පුළුවන්.
නම වගේම මේ චිත්‍රපටයත් එක්තරා ආකාරයක අධ්‍යාපනයක් තමයි. මෙහෙම කියන්නම්කෝ ජෙනී කියන්නේ වයස 16 වෙච්ච තාම පාසල් අධ්‍යාපනය ලබන ඉගෙනීමට දක්ෂ ගැටිස්සියක්. ඇයගේ පියාට ලොකු හීනයක් තියෙනවා. ඒක තමයි ඇයව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යැවීම. ඒ සඳහා ඇය තමාගේ ආසාවන් යටපත් කරමින් ඉගෙන ගන්නවා. පියා ටිකක් මුදල් වියදම් කිරීමට අකමැති කෙනෙක්. ඉතින් ඇය කිසියම් හෝ විෂයකට හොඳ ලකුණු අරගන්න බැරිවුනොත් එදාට කනක් ඇහිලා ඉඳලා ඉවරයි. මේ අතර ඇය විනෝදාංශයක් වශයෙන් කරන චෙලෝ වාදනයටද ඔහු අකමැත්තක් දැක්වූවත් ඇය කෙසේ හෝ එයට ඔහුව කැමති කරගන්නවා.
මේ අතර දිනක් චෙලෝව සමඟ ලොකු වැස්සකට තෙමෙමින් බස් රථයක් පැමිණෙන තෙක් සිටිනවිට ඩේවිඩ්ව හමුවෙනවා. ඔහු තම වාහනයෙන් ඇයව ගෙදරට ගෙන ගොස් ඇරලනවා. ඔහු ඇයට වඩා ආසන්න වශෙයෙන් දෙගුණයක් වැඩිමහල් කෙනෙක් වුවත් ඇයගේ දඟකරන සිත ඔහුට බැඳෙනවා. මෙතනින් එහාට……….
ඇයගේ දඟකාර කෙලිලොල් සිත පරදා බුද්ධිය ජය ගනීද? ඇත්තටම ඩේවිඩ් යනු බැටළු හමක් පොරවා ගත් වෘකයෙක්ද? අපි අධ්‍යාපනල ලබන කාලයේත් විවිධාකාර ඩේවිඩ්ලා අපිටත් හමුවෙලා ඇද්ද? හැමදාම කියනවා වගේ ඉතින් මේකත් බාලම තමා බලන්න වෙන්නේ 😛
ඇමෙරිකානු කතා ශෛලියට වඩා එංගලන්ත කතා ශෛලියේ වෙනස්කම් හොඳට දැනෙන මේ චිත්‍රපටිය නාට්‍යමය කතා වලට කැමති අයට වඩාත් සුදුසුයි.
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

35 comments
susantha
Dhanuka
මට නම් මේක එච්චරම අල්ලන්නෙ නෑ.රව්ටරේ හා කිව්වොත් බලමු. මොකද අද මම 1 නෙ,හික්,හික්
කොහොම උනත් රොයිලියට ස්තුති නොකර බෑනෙ,Dhanuka
ඕ... මම ප්‍රතිචාරය දානකොටම අපේ සුසන්ත සහෝදරයත් ඈවිල්ලනෙ
Chameera
thanx blamu mokada wenne kiyala....!!!!
Dinushka Udara | රොකියා
this film is awesome. love this movie!
Ruwan
thanks bro......
kathu
Rokiya ත් කියනවනෙ හොදයි කියලා.. මට නම් අල්ලලා යයි වගෙ.. හයියෙන් බෑවා එහෙනම්..!!
දසයා
එලකිරි... මේ දවස් වල අපේ ගෙදර ඔස්කාර් සිනමා සතියක් යන්නේ. මේක තාම බැලුවෙ නෑ. ඔන්න එහෙනම් මේක ගත්තාග තැන්කූ හොඳේ.
සරදියල්
එලකිරි වගේ තැන්කූ කිව්ව එහෙනම්
චමීදේවා
තවත් නැරඹූ අපූරු සිනමා සිත්තමක්...කට්ටියට බලන්න කියලා නිදේශකරනවා...
Kosala
thanks...I hope this will be my type
රොයිලි
susantha,
එල එල සහෝ ස්තූතියි කමෙන්ට් එකට :P@Dhanuka,
ඒකනේ සුසන්ත ඉස්සරවෙලානේ එක මිනිත්තුවක් :Pරොයිලි
@Chameera,
බලන්නකෝ බලන්නකෝ :)@Dinushka Udara | රොකියා,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. කෝ කාලෙකින් ලිපියක් ආවේ නැහැනේ :( කාර්යය බහුලයි වගේරොයිලි
@Ruwan,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.@kathu,
අන්න ඒකනේ රොකියාත් කියනවනම් නරක් වෙන්නම බෑනේ.රොයිලි
@දසයා,
ඔබතුමා එහෙනම් සෑහෙන රසවින්දනයක් තියෙන කෙනෙක් වගේ. එල එල ලියමුකෝ ලිපි 2-3 ක් :)@සරදියල්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)රොයිලි
@චමීදේවා,
මෙන්න තවත් ධනාත්මක නිර්දේශයක්. මේක අතාරින්නම් එපා බලන්න හොඳේ :)@Kosala,
අහා එල එල බලලම කියහන්කෝ සහෝ එහෙනම් :Pashan kandy
roයිලි bro moko karanne kiyala hitaganta ba ne. ona reddak wenta kiyala mat danawa....
ධනික | Dhanika
ඔන්න මමත් දැන් movies බාන වැඩේ පටන් ගත්තා ADSL එකත් unlimited කරගෙන... දැන් ඉතිං ඉස්සරහට එකම බෑමක් තමයි තියෙන්නෙ... :D
මේක ගැන විස්තර කියපු රොයිලි සහෝදරයට ස්තූතියි!Uraj Deemantha
අද අපේ ගෝලයාගේ උපන්දිනේ.... :)
කට්ටිය සෙට් වෙන්න අපේ ගෝල සහෝදරයාට සුභ පතන්න.... :D
රොයිලි
@ashan kandy,
අතින් පයින් යන එකක් යෑ ඔන්න ඔහෙ බාන්න දැම්මනම් :)@ධනික | Dhanika,
අහා එල එල සාදරයෙන් පිළිගන්නවා සහෝ. දිගටම බාමු එහෙනම් :)@Uraj Deemantha,
දැන් සෙට් වෙන්න ඕනා කොහාටද? ගෝලයාගේ ගෙදරටද ????පීටර්
ඔන්න මමත් බානව. තෑන්ක්ස්
යෝගී
කතාවනං සිරා වගේ. රෝයියට පිං සිද්දවෙන්ඩ බාගෙන බලමු..
Anonymous
balamu balamu
Tharindudoo
[.........]
KoK(mangala)
I Like that movie i saw it thanks
රොයිලි
@පීටර්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)@යෝගී,
අනිවා අනිවා බලහන් බලහන් බලලා හැදියන් :Pරොයිලි
@නිර්නාමික මාර්තු 23rd, 2010 at පෙ.ව. 9:49,
අනිවා අනිවා :P@KoK(mangala) ,
අහා එල මචෝ. තව මේ සයිට් එකේ නොගිය හොඳ ෆිල්ම් ගැන කට්ටිය එක්ක බෙදා ගමුකෝ මචෝ :)ThiliniK
සබ් එක ගන්න ලින්ක් එක පෙන්නන්නේ නැනේ
gessy
thanx machan...aniwa danma banawa
Janaka
onna ehenam mamath parakku wela hari ba gannai yanne.mama ithin kohomath parakku welane film banne.
thankx guys.
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
:P:) තුති……. :)
Nimal
ළමා අපචාර
TDA
mt sub gnn icon ek pennannaaneh
TDA
meek mn aasaam film ekak .mn mkd krnne sub gan
tharindu gunarathna
sub plz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ada mama thami mulinma balala hoda naraka kiyannam.THNX