මෙම ලස්සන පැරණි හින්දි චිත්‍රපටය 1967 වර්ෂයේ තිරගත විය. ෂම්මි කපූර්, ෂර්මිලා තාගෝර්, ප්‍රාන් ක්‍රිෂන් මෙහි ප්‍රධාන චරිත රඟපෑවේය. මෙහි සංගීතය ශන්කර් ජයක්‍රිෂන්. ගීත ගායනය මොහොමඩ් රාෆි සහ ආශා බෝස්ලේ. මෙහි කතා සාරාංශය වූයේ ” ඉන්දීය තරුණියක වූ දීපා නිවාඩුවක් ගත කිරීම සඳහා පැරිසියට පැමිණේ. එහි දී ඉන්දීය…
![An evening in Paris[1967]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/An-evening-in-Paris1967-.jpg)
මෙම ලස්සන පැරණි හින්දි චිත්‍රපටය 1967 වර්ෂයේ තිරගත විය. ෂම්මි කපූර්, ෂර්මිලා තාගෝර්, ප්‍රාන් ක්‍රිෂන් මෙහි ප්‍රධාන චරිත රඟපෑවේය. මෙහි සංගීතය ශන්කර් ජයක්‍රිෂන්. ගීත ගායනය මොහොමඩ් රාෆි සහ ආශා බෝස්ලේ. මෙහි කතා සාරාංශය වූයේ ” ඉන්දීය තරුණියක වූ දීපා නිවාඩුවක් ගත කිරීම සඳහා පැරිසියට පැමිණේ. එහි දී ඉන්දීය තරුණයෙකු වූ ශ්‍යාම් සමග ආදරයෙන් බැඳේ. දීපාගේ පවුලේ හිතවතෙක්වන ශේකර් ද ඇය ගැන බලාපොරොත්තු තබාගෙන සිටියි.
ඇගේ පියා ප්‍රංශයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. මේ අතර විශාල කප්පමක් ඉල්ලා දීපාව පැහැරගෙන යයි. මීට පෙර දීපාට නිවුන් සොහොයුරියක් සිටි අතර ඇයව කුඩා කාලයේදී ම අතුරුදහන්වී ඇති අතර ඇය සුසී නමින් හැදී වැඩෙයි. දීපාට හිමි ධනය අයිතිකර ගැනීමට ශේකර් සැලසුම් කරයි. ඒ වෙනුවෙන් පැහැරගෙන ගිය දීපා වෙනුවට සුසී එවීමට ඔහු කටයුතු කරයි. දීපාගේ පෙම්වතා වූ ශ්‍යාම්ට මේ සියල්ල විසඳිමට හැකිවේ ද?
ඉතා මියුරු ගීත සහ කූතුහලය පිරි කතාවක් රැගත් මෙම ලස්සන හින්දි ච්ත්‍රපටය ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. මෙය ශ්‍රී ලංකාවේ ද ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. මෙහි ඇතුළත් හින්දි ගීත ද ලංකාවේ ඉතා ජනප්‍රිය විය. ඉදිරියේ දී තවත් පැරණි ලස්සන හින්දි චිත්‍රපට කීපයක් මෙම රුචිකත්වය ඇති ඔයාල වෙනුවෙන් ලබාදෙන්නම්.
එමෙන්ම මෙය මාගේ ප්‍රථම සිංහල උප සිරැසි කරණයයි. ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!
44087c8eeb6d60724740ae6edb43a8f60900b6f2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
965 downloadsDownload An.Evening.in_.Paris_.1967.baiscopelk.com_.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
37 comments
එල්.සී. දමැල්
Yenu
Thank you very much...puluwannam digatama me wage parana film walata sub denna...Taj Mahal,Geeth,Madhumathi wage wishishta nirmana walatath sub dei kiyala oyagen balaporoththu wenawa..............oya hugak watina wedakata atha gahuwe..jayen jayama wewa..........
නලින්
ස්තුතියි ප්‍රියන්ත සහෝ. පළමු නිර්මාණයට සුභ පැතුම්.. මුල්ම එකට අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා නිම කරන්න බැරි අගනා සළරුවක්..
අඩවියට සාදරයෙන් පිළිගන්නවා! එළස්ස් වේවා්!!
ජය වේවා!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!දහරා මුතුඅමා
නියම ෆිල්ම් එකක් අයියේ. කොච්චර හෙව්වත් හම්බ උනේ නෑ. වෙන එකක් තියා කඩවල් වල වත් තිබුනේ නෑ.ලස්සන කතාවක් වගේම සින්දු ටිකත් නියමයි. හැමදාම ඇහුවත් එපා වෙන්නේ නෑ. තවත් මේ වගේ ඒවා හොයල දෙන්න. පලවෙනි සබ් එකට සුබ පැතුම්.
Vithanage Priyantha Dayakeerthi
” හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල් ” වැනි පැරණි හින්දි චිත්‍රපටවලට සිංහල උපසිරසි කරන්න කියල ඉල්ලීම් තියෙනවා.
එහෙත් එම පැරණි හින්දි චිත්‍රපටවලට වෙනත් අය සිංහල උපසිරසි කරල තියෙන්නේ. ඒවා DVD Shop වල තියෙනවා. එහෙම මිලදී ගත් පැරණි හින්දි චිත්‍රපටනම් මා ළඟ තියෙනවා. ඒවායේ නාමාවලිය පහත තියෙනවා. සේවයක් විදියට මට ඒවා කොපි කරල ඔයාලට එවන්න පුළුවන්. එක් සිංහල උපසිරසියක් කරන්න දින ගණනාවක් යන නිසා මම කරන්නේ එසේ කලින් නොකරපුවා විතරයි. මගේ දුරකතන අංකය 0718222697.හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල්, ගීත්, අභිමාන්,ඒක් පුල් දෝ මාලි, ආවාරා, කති පතන්, ආරාධනා, ලව් ඉන් ටෝකියෝ, මදර් ඉන්දියා, රාජ් කුමාර්, බොබී, මිස් මේරි, ගංගා ජමුනා, කොහිනූර්, අම්රපාලි, අංගුලිමාල, ජබ් ෆෙයාර් කිසිසේ හෝතා හේ, සී අයි ඩී, ටැක්සි ඩුයිවර්, බෝයි ෆෙුන්ඩ්, කාජල්, පරදේශි, ජුලී,
me
Thanks
Global
Thanks Bro..!
widuranga
thanx sub ekata sahooooooooooooo
thawath ekak genemu hodadaකැලුම් ගුණසේකර
තවත් ප්‍රියන්ත කෙනෙක්. නියමයි ෆිල්ම් එක. අනිවා බලන්න ඕන. ස්තූතියි උපසිරැසියට.
කැලුම් ගුණසේකර
නම දැක්කම මතක් වුනේ. මේකේ සිංදුවකට ජෝතිපාල මහතමයා ගේ සිංහල සිංදුවක් තියනවා නේ?
තිස්ස දොඩන්ගොඩ
හප්පා... අහම්බෙන් දුටුවේ
බොහොම ස්තූතියි මේකට
මේව ඉතින් ගොල්ඩ් ලේබල් එව්වා තමාරොයිලි
බොහොම ස්තූතියි ප්‍රියන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Sampath
Thanks.........
Sisira Hegoda
ඔයා නම් මාරයි. කාට වත් මේ වගේ ලස්සන ඒ වගේම පරන හින්දි චිත්‍රපටි තියෙන බව මතක් උනේම නැහැනේ. හින්දි සිනමාවෙ ඒ කාලයෙ රජ කරපු දෑවැන්තයො තමයි ශම්මි කපූර්, දේව් ආනන්ද්, රාජේන්ද්‍ර කුමාර්, රාජ් කපූර්, සමග ඛාන් පරම්පරාවේ පලමු පුරුක යූසුෆ් කාන් හෙවත් දිලිප් කුමාර් කියන මහා දෑවැන්තයා. මෙකෙත් ශම්මිගෙ දඟකාර රංගනය අපූරුවට තියෙනවා. මේ අයගේ තවත් වටිනා චිත්‍රපටි අපට දෙන්නට ඔබට හැකියාව ලැබේවා. ස්තූතියි. බොහොමත්ම ස්තූතියි.
Vithanage Priyantha Dayakeerthi
සිසිර හෑගොඩ, ඔබට ගොඩක් ස්තුතියි! කරපු අගය කිරීමට.
උපසිරැසි දැමීමට තෝරාගන්නා චිත්‍රපට අනුව කෙනෙක්ගේ රුචිකත්වය තේරුම් ගන්න පුළුවන්නේ?
මම ගොඩක් ආසයි 60 දශකයේ බිහි වූ හින්දි ඒවාට.
ඒවායින් හොඳම එකක් ළඟදීම ආයෙත් වෙබ් එකට දෙන්නම්.
Kulanjana Maduranga
1st sub1ka neda PRIYANTHA saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again....jaya wewa..........
Vihan
බයිස්කෝප් විබ පලෙහි අඩුවක්ව පැවති 60 දශකයේ කලාත්මක නිර්මාණයක් ලබාදෙමින් මෙම නිර්මාණ කාර්යය නව මානයකට යොමුකිරීමට ප්‍රියන්ත දයාකීර්ති සහෝ ගෙන ඇති නවමු ප්‍රයත්නය අගයකරනු කැමත්තෙමි....ඔබට ජය!!!
Ama
උපසිරැසියට ස්තූතියි.
ජයවේවා!!!!!!!!!!!!pathumm
පළමු උපසිරසට සුභපතනවා!! දිගටම කරන් යන්නත් සුභපතනවා! ජය වේවා!!
සාරංග
හොඳ, පැරණි චිත්‍රපටයක් !
මේ චිත්‍රපටිය මතක් වුන එකත් ලොකු දෙයක්.සුභපැතුම් !
- සාරංග -
Vithanage Priyantha Dayakeerthi
ස්තුතියි!
සමීර චතුරංග
නියමයි සහෝ. මුලින්ම අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
ඇත්තටම ඔයා මේ කරන්න පටන් අරගෙන තියෙන්නේ ගොඩක් වටිනා වැඩක්.
දැනට වසර පනහකටත් කලින් තිරගතවූ මෙවැනි අගනා චිත්‍රපට අපගේ රසිකයන් වෙත ගේන ගොඩක් වටිනවා.
අනිත් එව්වා එක්ක බැලුවාම බාගත කරගන්න ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්.
ඒත් ඔයා මේ කරන වැඩේ වටිනාකම දන්නෝ දනිති.
ජය වේවා සහෝ.
දිගටම කරගෙන යමු.
හදවතින්ම සුබ පතනවා.Vithanage Priyantha Dayakeerthi
සමීර චතුරංග සහෝ ඔයාගේ අර්ථ දැක්වීම හරියටම හරි ...
පැරණි ගීත ඊයෙත්, අදත්, හෙටත් අහනවා.
ඒ වගේම තමයි මේ පැරණි කලාත්මක හින්දි නිර්මාණ
කවුරු නැතත් මම මේවා කරනවා. ස්ථිරයි. මේ බාගත් පිරිස මට ලොකූ හයියක්.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Deex
welcome to the biscope.lk
superb work.
next time seeders ganath hithanna
thanks.....................................
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Gayan
නියමයි.....60-70 දශක වල ලස්සන හින්දි ෆිල්ම් ටිකක් බිහිවුණා. මේවගේ කථාව වගේම සින්දුත් ලස්සනයි.පුළුවන්නම් ප්‍යර් කා මෝසම්, අරාධනා,කොරා කාගස්, තීස්රි මන්සිල් වගේ ෆිල්ම් වලටත් සබ් දෙන්න බලන්න.
Vithanage Priyantha Dayakeerthi
ගයාන් වෙත,
ගොඩාක් ස්තුතියි! මගේ උත්සාහය අගය කළාට. දැනට ආරාධනා ෆිල්ම් එක නම් මා ළඟ තියෙනවා. ඉහත විස්තරයක් ඇති ඒක බලන්න. මා ඉදිරියේදී සබ් දෙන්නෙත් පරණ හින්දි ඒවාට...
kaumadi
oya karana me wede watinakama kiyanna beri tharam.. api wage old hindi films balanna asa ayata meka godak watinawa.. digatama karagena yanna shakthiya labenna ona. godak parana film ekak thiyanawa THAKDEER kiyala. bharath bushan & nalini act karanne. jab jab bahar aye sinduwa thiyana ( dewduwa pala giyado sinduwe hindi eka ). mama hithanne eketh story eka godak lassana athi. puluwan nam ekath denna balanna sahodaraya..
madushan
Machan puluwannam juk gaya aasman film 1ta sub denawada
Withanage Priyantha Dayakeerthi
යු ටියුබ් හි ඇති 02:46:56 කාලයක් සහිත වීඩියෝව මෙම සිංහල උපසිරසියට ගැළපෙයි.
Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
ජයවේවා සිංහල උපසිරැසියට...දීර්ඝ ගමනක් අතරමග නතරනොවී ඉදිරියට යෑම පිළිබඳව ගොඩාක් සතුටුයි..ඔබට ජය !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න මම 1ක...
අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
උපසිරසට තුති සහෝ...
ජය...