1984 – 1991 කාල වකවානුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු මැද ලොස් ඇන්ජලිස් ප්‍රදේශය ඇවිත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අරාජික යුගයක් හා පළාතක්. පිරිහීමේ අගාධයට දිනෙන් දින ඇදී යන ඒ මිනිසුන්ට ඒකෙන් ගොඩ එන මාවත නම් කිසිදාක හොයාගන්න හැකිවෙයිද කියන එක අවිනිශ්චිතයි. හැම මිනිසෙක්ගේම අතේ ගිනි අවියක් දකින්න පුළුවන…

1984 – 1991 කාල වකවානුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු මැද ලොස් ඇන්ජලිස් ප්‍රදේශය ඇවිත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අරාජික යුගයක් හා පළාතක්. පිරිහීමේ අගාධයට දිනෙන් දින ඇදී යන ඒ මිනිසුන්ට ඒකෙන් ගොඩ එන මාවත නම් කිසිදාක හොයාගන්න හැකිවෙයිද කියන එක අවිනිශ්චිතයි. හැම මිනිසෙක්ගේම අතේ ගිනි අවියක් දකින්න පුළුවන්. හොස්ස ළඟින් මැස්සා ගියත් ඒ සමහර ගිනි අවි පත්තු වෙනවා. මළකඳන් පාරතොටේ වැටිලා තියෙන එක මිනිසුන්ට සාමාන්‍ය දෙයක් වෙන තරමටම ඒ භීෂණය ඔඩුදුවලා. මත්ද්‍රව්‍ය, ගිනි අවි, මිනිස් ඝාතන මේ හැම දෙයක්ම වැඩිහිටියන්ට විතරක් නෙවෙයි පොඩි දරුවන්ට පවා සාමාන්‍ය දේවල්. නූගත්කම, දිළිඳුකම යන මේ අවාසනාවන්ත ප්‍රවාහ දෙකට තෙරපුණු ඒ මිනිසුන් අපායේ ජීවත් වෙනවා හැරෙන්නට ඒකෙන් පලා යන්න විදියක් හොයා ගන්න බැරිව මංමුළා වී ඉන්නවා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු ජාතීන්ට වුණු එක එක කෙනෙහෙළිකම් ගැන අපි අහලා තියෙනවා. ඒවා කොතරම් ප්‍රබලද කියනවා නම් මේ අහේනිකම් පාදක කරගෙන චිත්‍රපටි පවා ඇමෙරිකාවේම සෑහෙන්න හැදුණා. ඒ විතරක්ද රැප් කියලා සංගීත කලාවකුත් ඉතිහාසයේ බිහිවුණා. Django Unchained, Twelve Years a Slave වගේ මෑත කාලීන චිත්‍රපටත් Amisted වැනි පැරණි චිත්‍රපටවලත් මිනිත්තුවක් ගානේ පෙන්නන්නේ ඒ දේවල්. පසුකාලයේදී නිදහස ලැබුණත් මේ ජාතියට වුණ නස්පැත්තින්ගෙන් අඩුවක් වුණේ නෑ. තම ජාතියේම සහෝදරවරුන්ව මරා ගනිමින්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙමින් නූගත්කම වගේම දිළිඳුකම එක්ක මේ අයට අරගල කරමින් ජීවත් වෙන්න සිද්ධ වුණා. මේ පරිහානියේ මූලය කුමක්ද? කියන එක Boyz n the Hood චිත්‍රපටයෙන් එක පැත්තකින් පෙන්වන්න හදනවා. ඒ වගේම හොඳ මාර්ගයේ හා නරක මාර්ගයේ ගියොත් තමන්ට ලැබෙන්නේ මොනවද කියන එකත් පෙන්නනවා.
මේක ඇවිත් තරුණයන් තුන්දෙනෙකු වටා ගෙතුණු කතාවක්. අධ්‍යාපනය ඉහළටම ලබමින් ජීවිතය වාසනාවන්ත කරගන්නට ගමනේ යන තරුණයෙක්… ඔහුගේ සහෝදරයකු වගේ ළඟින්ම ඉන්න තවත් ඒ වගේම මිත්‍රයෙක්… තමන්ගේ කල්ලියක් එක්ක ගැවෙසමින් ඉබාගාතේ යන ඔහුගේ සහෝදරයෙක්… අරාජික සමාජයේ ඔවුන් ජීවන ගමන යමින් තම දෛවය විසඳා ගන්නා හැටි මේ චිත්‍රපටය පුරා ඇදී යනවා. Ice Cube, Cuba Gooding Jr., Morris Chestnut, Laurence Fishburne ප්‍රධාන නළුවන් විදියට රඟපානවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය හා තිර රචනය John Singleton විසින්. මෙයත් කළු ඇමෙරිකානුවෙක්. 1991 වසරේ ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂකවරයා සහ හොඳම තිර රචනය සඳහා මෙයා නිර්දේශ වුණා. ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ වුණු ප්‍රථම කළු ඇමෙරිකානුවා වගේම ප්‍රථම ළාබාලතම පුද්ගලයා විදියට John Singleton මෙයින් ඉතිහාසගත වෙනවා. IMDb දර්ශකයේ 7.8/10 ක ඉහළ අගයක් මේකට ලැබිලා තියෙනවා. භෞමික වැදගත්භාවයකින් යුක්ත සිනමා පටයක් විදියට සලකලා Boyz n the Hood චිත්‍රපටය 2002 වසරේදී එක්සත් ජනපද ජාතික චිත්‍රපට ලේඛනාරක්ෂක කාර්යාලයේ සංරක්ෂණය කිරීමටත් ලක් වුණා.
යන්නත් වෙලාව ඇවිත්. එහෙමනම් Boyz n the Hood අත්දැකීමත් බෙදාගන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ළඟදීම ආපහු එන්නම්කෝ. එතකන් ඔබට ජයෙන් ජය!!!
800 MB (BR) කොපිය මෙතනින් බාගන්න
ce3eb253040698abd0b3677df8f911a12b40b14b1.60 GB (BR) කොපිය මෙතනින් බාගන්න
f43567e528ea10af57e5462672cf7b63f7d41594 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
646 downloadsDownload Boyz.n.The_.Hood_.1991.baiscopelk.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් කොඩිතුවක්කු
Subtitles
23 comments
Yenu
Global
Thanks Bro..!
slash
ela machan thanx.mama kalinuth uba sub karapu 1k balala thiyanawa patta a.
දසුන් සුචරිත
බාමි.ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
වටින ෆිලුමක් දුන්නට බොහොම ස්තුතියි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Tharindu
Elz...Thank you very much saho...!!! :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
thisan
thx bro
Jamson
Apita bedapu telata boma istuti...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wasantha
subata tuti. me wage parani wisishta chitrapati walata digatama sub denna.
nidi
Viraj,oya subs dun filmswalin thunwennath beluwa onna. subs gelaprnawa, film ekath hondai. Man on the ledge, Rain Man wagema mekath wenas themawak, mama nam me wenasata kemathi. ouatath wedawalatath supathum! elambena Aluth Awuruddath wasanawantha ekak wewa!
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
obatath subhama subha nawa wasarak wewa nidi! mawa diriganwu oba atulu hitamituru smata tuti!
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Sachin
Thank U very much bro! this is one of my best movie I have ever watched. Thanks again!
wiki
Thanks
Dulan
thanks bro
Thanu
Thanks saho
Dasitha147
sthuthie saho me wage film wlata sub dunnata. jaya wewa!
Mahesh ruwan
බොහොම ස්තුතිය
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thank You..digatama sub denna..............