Watch Trailer

Anaganaga O Dheerudu (2011) | ආදරය නම් පිස්සු රෝගය මට වැළඳී ඇත.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන් කියලා පිලිගන්නවා එහෙනම්. ඔන්න ටික කාලෙකට කලින් නිකුත් වුන තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන මම අදත් ආවා. ටිකක් අසනීප තත්වයෙන් හිටපු නිසා මේක ඉවර කරන්න හිතුවටත් වඩා වෙලාවක් ගියා. මේ චිත්‍රපටිය ගොඩක් ජනප්‍රිය වෙච්ච එකක් වගේම ගොඩක් සම්මාන වලට පාත්‍ර වුන චිත්‍රපටියක්. මේකේ IMDB අගය 5.6/10…

Anaganaga O Dheerudu 2011

හැමෝටම ආයුබෝවන් කියලා පිලිගන්නවා එහෙනම්. ඔන්න ටික කාලෙකට කලින් නිකුත් වුන තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන මම අදත් ආවා. ටිකක් අසනීප තත්වයෙන් හිටපු නිසා මේක ඉවර කරන්න හිතුවටත් වඩා වෙලාවක් ගියා. මේ චිත්‍රපටිය ගොඩක් ජනප්‍රිය වෙච්ච එකක් වගේම ගොඩක් සම්මාන වලට පාත්‍ර වුන චිත්‍රපටියක්. මේකේ IMDB අගය 5.6/10 ක්. මේක කොච්චර සුපිරි ෆිලුමක්ද කියලා වචනයෙන් ලියලා විස්තර කරගන්න මට බෑ. මම ගොඩක් ආසාවෙන්ම බලපු සහ උපසිරැසි ගන්වපු චිත්‍රපටියක් තමයි මේක. ඒකට අපේ සඳුන් ධනුෂ්ක අයියත් සාක්ෂි දරාවි. මොකද මට මේක උපසිරැසි ගන්වන්න ඕන උනාට ඒ දිනවල මේ චිත්‍රපටිය බා ගන්න සීඩ් එකෙක්වත් හිටියේ නෑ. ඉතින් මට මේක කොහොමහරි බාගන්න ඕන. මොන ක්‍රමයකින් හරි මට මේක බාගන්න ක්‍රමයක්  හදලා දෙන්න කියලා සඳුන් අයියට කන් කෙඳිරි ගාපු වාර ගණන අනන්තයි. දැන් එදා තරම් අවුලක් නෑ හැමෝටම බාගන්න පුළුවන් මට්ටමක තියෙනවා. ඒක නිසා සීඩ් නැති කතාව අහලා අනිත් පැත්ත හැරිලා යන්න එපා කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.

මේ චිත්‍රපටිය 2011 වසරේ ලොකු වියදමක් දරලා හදපු චිත්‍රපටියක්. ඔයාලට ඒක ඇත්තද කියලා බලාගන්න පුළුවන් මේකේ තියෙන දර්ශන තල දෙස බැලුවොත්. මොකද ඒවා සඳහා Visual Effect කරන්න ආයතන තුනක සහයෝගය අරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඇඳුම්, ආයුධ වගේ දේවල් වලටත් ගොඩක් වියදම් කරලා තියෙනවා කවුරුත් දන්නවනේ Shruthi Hassan. මේ තමයි එයාගේ පලවෙනි තෙලුගු චිත්‍රපටිය. පියාගේ(කමල් හසන්) ආභාෂයෙන් රංගන දිවියට පිවිසිලා තමා රංගනයට දායක උන පළමු චිත්‍රපටියෙන්ම ඇයට සම්මාන රාශියකට හිමිකම් කියන්න පුළුවන් වෙලා තියෙනවා. ඇය සමග ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Siddharth විසින්. මතකනේ මේ දෙන්නම ඒ වසරේදීම  O My Friend චිත්‍රපටියේ රඟපානවා(ඒක මේකට පස්සේයි ආවේ).චිත්‍රපටිය අධ්‍යක්ෂණය Prakash Rao විසින් සිදුකර තිබෙනවා. Brahmannandam, Ali, වගේ රංගන ශිල්පීනුත් මේකට තමන්ගේ රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. කතා කළා වැඩි වගේ හිතෙනවා. දැන් බලමු පොඩ්ඩක් කතාව මොන වගේද කියලා.

ඓරෙන්දි කියෙන්නේ මන්තර කාරියක්. වසර ගනාවකට කලින් එයාව මිනිසුන් විසින් මරාදමනු ලබනවා. ඒත් එයාගේ ආත්මය පාරම්පරික මාලයක පෙන්ඩන්ට් එකක් ඇතුලේ හිරවෙලා පරම්පරා ගණනාවක් තිස්සේ තියෙනවා. එයාගේ පරම්පරාවෙන් පැවත ගෙන එකම කෙනා වෙන්නේ ප්‍රියා. ප්‍රියාගේ අතින් හදිසියේම එලියට එනවා. ඉන්පසු ඓරෙන්දිට ඕන වෙනවා. ලෝක වාසි සියළුම මිනිස්සුන්ගෙන් මේකට පලිගන්න. ඒත් එයා ආත්මයක් පමණයි එයාට ප්‍රියාගේ ලේ බින්දුවක් නොලැබුණහොත් ශක්තිය දුර්වල වෙලා එයා විනාස වෙනවා. ඒ නිසා එයා ප්‍රියාව තමන් ළඟ සිර කර ගන්නවා.

ඒක තමයි කතාවේ මූලික සාරාංශය. ඒ ටික කියෙව්වම නිකන් ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ දැනෙනවානම් තව ටිකක් විස්තර කරන්නම් මෝක්ෂා කියන්නේ දිව්‍යමය බලයක් සමග ඉපදුන දරුවෙක්. එයාගේ ලේ වලින් ඓරෙන්දිගේ කළු ඇස කියන දියමන්තිය පෝෂණය කළහොත් ඓරෙන්දිට සදා අමරණිය වෙන්න පුළුවන් කියලා එයාට දැනගන්න ලැබෙනවා. ඉතින් එතැන් පටන් ඓරෙන්දි මොක්ශාව සොයන්න පටන් ගන්නවා. ඒත් එයාලට මෝක්ෂාව අල්ලන්නවත් ලැබෙන්නේ නෑ. මොකද මොක්ශාගේ ආරක්ෂකයා වන්නේ යෝධා කියන රණශුරයා. එයා අන්ධ කෙනෙක් ඒත් සටන් වලට ශුරයෙක්. එයා අන්ධ උනේ ප්‍රියාට ආදරය කරන්න ගිහිල්ලා. ඒ කොහොමද ඒක උනේ කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා මොකද ඔය ඔක්කොම දේවල් එකට සම්භන්ධයි.

දැන් කතාව ගැන පොඩි වැටහීමක් ලබාගන්න ඇතිනේ. ඉතින් ඓරෙන්දිට මෝක්ෂාව මරලා ලේ ගන්න පුළුවන් වෙනවද? යෝධා අන්ධ උනේ කොහොමද? ප්‍රියාගෙයි එයාගෙයි ආදර කතාව මොකද්ද? ප්‍රියාටයි ඓරෙන්දිටයි තියෙන සම්භන්ධය මොකද්ද කියලා දැනගන්න පුළුවන් ඔයාලට කතාව දිගටම බලාගෙන ගියොත්.

ඉතින් ඔන්න මම අදත් ඔයාලට තවත් ලස්සනම ලස්සන බයිස්කෝප් එකක් අරගෙන ආවේ හෙන කට්ටක් කාලා. එනිසා බාගෙන යනගමන් කොමෙන්ටුවක් කොටාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් බයිස්කෝප් උපසිරැසි පන්දාහත් ළඟ නිසා අපේ අය හොඳටම කාර්යබහුල වෙලා කියලත් ආරංචියි. ඒ අයවත් හැමෝමව මතක් කරමින් මම අදට යනවා.  යන්න කලින් දෙයක් කියන්න තියෙනවා.මේ චිත්‍රපටියේ සීඩ් පොඩ්ඩක් අඩුයි කියලා මම කලින්ම කිව්වනේ. ඒක නිසා සමහර අයට බාගන්න පොඩි ගේමක් දෙන්න වෙයි.  මොන ක්‍රමයකින් හරි බාගත්තු අය ඉන්නවනම් පොඩ්ඩක් අනිත් අය ගැනත් හිතලා සීඩ් වෙන්න අරින්න කියලා කාරුණිකව ඉල්ලනවා. Direct Link එකක් හොයාගත්තොත් කමෙන්ට් එකකින් දාන්න බලන්නම්. බයිස්කෝප් සිංහලෙන් හැමෝටම ජය වේවා…!

Shark (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය  DVD පිටපත් සඳහා අදාල වේ

7,858 downloadsDownload Anaganaga-O-Dheerudu-2011.BAISCOPELK.zip133 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

7,858 downloadsDownload Subtitles133 KB

49 comments

  1. darshana

    tnxxxxxxxxx machaaaaaaaaaaaaaaaaan

    1. dilshan

      torrent ekaka seeders la nettan,ho adu nan eth trackers la active weidiyata innawanan www.filestream.com
      walata gihin torrent file eka upload karala idm eken download karaganna puluwan.

    2. තාරක නුවන් දිල්හාර

      මම මුලින්ම බාගත්තෙත් එහෙන් තමයි.
      ඒත් ලොකු ගේමක් දෙන්න වෙනවා.
      මුලින් රෙජිස්ටර් වෙලා ඉන්න
      Zip කරලා බාන්න යන්න එපා. පට්ට slow..
      folder එක ඇතුලට ගිහින් file ටික වෙන වෙනම බාගන්න..

    3. dilshan

      ow saho,ekanan etta.mata kiyanna amataka una ZIP file eka download karann epa kiyala.awrudu 3 witara kalinnan filestream la eka torrent file ekakata 5GB space ekak dunna.eth dennan denne 1GB witarai.anit eka filestream walain ZBIGZ walata wediya speed ekakin download karanna puluwan.

  2. prasha

    thanks

  3. ruchira

    ela machan...

  4. Kulanjana Maduranga

    niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. thisal

    thnxx bn sub ekata elz

  6. Sisira Hegoda

    හදවතින්ම ස්තූතියි.

  7. indika

    thn q :)

  8. me

    Thanks

  9. නලින්

    අඩා... තාරක මාරු ෆිලුමක් නේ ගෙනෙල්ලා තියෙන්නේ තෙලිගුවක් උනත් මේක බලන්නම හිතෙනවා..

    ජය වේවා
    එලස්ස්!!

  10. shan

    thanks machan

  11. Yenu

    Thank you....................

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. Hansi

    Hi, Thanks for subs. man Splayer eken tamai films balanne. eth me film eke subtitle match wenne nane. ekko subtitle eka parakku wela watenne. nathanam kalin subtitle eka yanawa. ekata mokada karanne.

    1. තාරක නුවන් දිල්හාර

      තැන්ක්ස් රොයිලි අයියේ උපදෙසට...

  14. එල්.සී. දමැල්

    උපසිරසට තුති!
    ජය!

  15. Dilan

    Thanx machan

  16. sp piyamal

    thanks

  17. hasith

    machan... meke seed aduinam man seed karannm.... adunma coment karapalla

    1. තාරක නුවන් දිල්හාර

      ඔයාගේ සහයෝගය මම ගොඩක් අගය කරනවා සහෝ බොහොම ස්තුතියි.

  18. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Sachin

    patta saho... meka kalin baluwa.... eath ayeth balanawa..... elz.....

  20. randika

    ela bn supiri thanxs saho

  21. තාරක නුවන් දිල්හාර

    අදහස් දක්වපු හැමෝටම තුති....!

  22. Srimal Nishan

    :) :) :) :) :) :) ............. thanks ............. :) :) :) :) :) :)

  23. SaDuN dAnUsHkA (ධනූ)

    මුලි්නම පරක්කු වුනාට සමාවෙන්න
    මේ ෆිලුම ආපුම දවස් වල බැලුව
    පට්ට දැන් ඉතින් අපේ තාරක මලයගේ
    උපසිරැසියක් හින්ද
    නැවත් බලනව
    බොහොම ස්තුතියි මලේ.....!

  24. Hasitha

    ELa THaRakaya. patta

  25. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. La හිරු

    niyamai yalu.... thank you....

  27. chathura madusanka

    pattay mama meka baluwa e kale....ayama balann aona

  28. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  29. Pubudu Dilranga (ඇම්ඩා)

    එල එල එල එල එල

  30. ruwan kasun

    Sub akata thanks...

  31. hashan

    thanx saho....Khaleja (2010) mekath dennko pluwannm.........

  32. Nilanka

    බොහොම ස්තූතියි උපසිරැසියට..ඉදිරියටම යමු…
    ජයවේවා……

  33. Shehan Indika

    Maru Maru…………… Me Thawa Podi Request Ekak Thiyenawa. Karanna Puluwan nam Loku Udauwak. Kaanchana (muni 2) Tamil Film Eke Sub Eka Dennako. Please………………. Thank You Soo Much,

  34. nidi

    Tharaka, thanks very much. jaya wewa!

  35. Shan

    thank brother

  36. තාරක නුවන් දිල්හාර

    අදහස් දක්වපු හැමෝටම තුති….!

  37. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  38. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  39. shanuka

    elz patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz

  40. ravinda

    rowdy 2014 film eke sub ekath dannako plz

  41. SHASITH SANDARUWAN

    patta mcn.... digatama demu...

  42. thanura

    thankxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  43. Ahinsa

    Sub karana hamotama godak thanks . eka aththatama loku deyak.

  44. malith

    ela ela