මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 8.8 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, පිළිකා රෝග විශේෂඥයෙක් වන “භාෂ්කර් බැනර්ජි” දුප්පතුන්ට කිසිදු ගාස්තුවක් නොමැතිව සලකන නමුත් ඔහු අවට ඇති දුක් වේදනා, අසනීප හා දුප්පත්කම දැකීමෙන්…
මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 8.8 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ,
පිළිකා රෝග විශේෂඥයෙක් වන “භාෂ්කර් බැනර්ජි” දුප්පතුන්ට කිසිදු ගාස්තුවක් නොමැතිව සලකන නමුත් ඔහු අවට ඇති දුක් වේදනා, අසනීප හා දුප්පත්කම දැකීමෙන් පසු ඔහු අශුභවාදී වේ. ඔහු සරල පුද්ගලයෙකි. ධනවතුන්ගේ මනකල්පිත රෝගවලට සලකන්නේ නැත. ඔහුගේ මිතුරා වන “වෛද්‍ය කුල්කර්නි” තරමක් වෙනස් මාවතක් අනුගමනය කරයි. ඔහු ධනවතුන්ගේ මනකල්පිත රෝගවලට ප්‍රතිකාර කරන අතර එම මුදල් දුප්පතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී.
දිනක් කුල්කර්නි විසින් දුර්ලභ වර්ගයේ පිළිකාවක් ඇති “ආනන්ද්ව”, භාෂ්කර්ට හඳුන්වා දෙයි. ඔහු මාස හයකට වඩා වැඩි කාලයක් ජීවත් නොවනු ඇතැයි යන සත්‍යය දැන සිටියද, ඔහු නොහික්මුණු හැසිරීමක් පවත්වා ගෙන යන අතර සෑම විටම ඔහු වටා සිටින සියල්ලන් සතුටු කිරීමට උත්සාහ කරයි. ඒ අතර භාෂ්කර් සහ ආනන්ද් හොඳ මිතුරන් බවට පත්වේ. මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට හා ඔවුන් සමඟ මිත්‍ර වීමට ආනන්ද්ට දුර්ලභ ගුණාංගයක් ඇත.
පසුව ආනන්ද්ගේ තත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙන නමුත් ඔහුගේ ඉතිරි කාලය රෝහල් ඇඳක ගත කිරීමට ඔහු කැමති නැත; ඔහු ඒ වෙනුවට නිදහසේ සැරිසරමින් සෑම කෙනෙකුටම උදව් කරයි. “වෛද්‍ය රේණු” කෙරෙහි භාෂ්කර් ආදර හැඟීමක් ඇති බව ඔහු දැන ගනී. ඔහු ආදරය ප්‍රකාශ කිරීමට භාෂ්කර්ට උදව් කරන අතර ඔවුන්ගේ විවාහයට රේණුගේ මවගේ කැමැත්තද ලබාදෙයි. මේ සියල්ල අවසානයේ ඔහුට පිළිකා රෝගය සුවවේද, මරණය අත්වේවිද? රාජේශ් ඛන්නා සහ අමිතාබ් භච්චන් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්” “තුම්සෙ අච්චා කෝන් හේ” “බොබී”, “ගවාර්” , “ගුම්රාහ්” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන හතලිස් දෙවෙනි සිංහල උපසිරසිකරණයයි. අන්තර්ජාලයේ Anand {HD} – Rajesh Khanna යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය එකයි, මිනිත්තු පනස් හයයි, තත්පර හතලිස්අටක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,418 downloadsDownload Anand-1971.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
29 comments
මයුර
Priyantha Dayakeerthi
මයුර සුරාජ් සොයුර,
හින්දි සිනමාපට පිළිබඳව තිබෙන දැනුම සහ මෙය අගය කිරීම පිළිබඳව මාගේ ස්තුතිය ඔබට පිරිනමනවා! සමහර කමෙන්ට් ගැන මගේ එතරම් සැලකීමක් නැහැ ඒ මන්ද වයස, බුද්ධිය අනුව රුචිය වෙනස්.Chinthana
පුලුවන්නම් රාජේෂ් ඛන්නගේ ෆිල්ම්ස් වලට සබ් එක හදලා දෙන්න.ලොකු දෙයක්
deshan chandana
bohoma sthuthi balagena hitapu film ekak
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
Anonymous
Achchila,seeyala tmai ithin owa blnne
mayura
uba Baaghi 3 wage ekak balahan
Deex
ube achita pennapan
Deegayu Abeysekera
thank you
please next Madhumathi 1958 or Zanjeer 1973Anonymous
කරුනාකර, ගැලපෙන කොපියෙ නම කියනවද
Anonymous
සමාවන්නන පහත කමෙන්ට් 2 වැරදීමකින් සෙන්ඩ් වී ඇත්තේ.
Anonymous
කරුනාකර, ගැලපෙන කොපියේ නම කියනවද
Deegayu Abeysekera
Puluwannan The Train 1970 or Katti Patang 1973
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ... ජය වේවා !!!
indika75
thanks..
kumara 123
maru
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
අයියෝ සහෝ sub තිබුනේ නැති හින්දා කලින්ම බැලුවා, ඒ උනත් thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DeVilLuci
Thanks a lot for providing this gold mine of a flick
ධම්මික
මෙම මෙහෙවර ඉහළින් අගයමු. ස්තුතියි ඔබ සැමට...
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!sasanka
thanks for the sub
Anonymous
supiri....
Anonymous
Amar Prem (1972) subtitles ඕනෙ
රාජේශ් ඛන්නා , ශර්මිලා තාගෝර් ඉන්නෙPriyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Anonymous
Galapena copya mokakda
Chinthana
පුලුවන්නම් රාජේෂ් ඛන්නගේ සියලුම ෆිල්ම්ස් වලට සිංහල සබ් හදලා දෙන්න ඒක ගොඩක් වටිනවා.
Chamod
Thanks a Lot
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි අයියේ.
YTS එකේ දැකලා බාගෙන තියාගෙන තිබ්බේ. දැන් බලතහැකි.
IMDbඑකේ හොඳම ඉන්දියන් චිත්‍රපටි 250 අතර පලවෙනි තැන තියෙන චිත්‍රපටියනේ.
ආයෙත් බොහොම ස්තුතියි.