Watch Trailer

The Train (1964) Sinhala Subtitles | වැරදුනු මහා සිතුවම් මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් අඩවියේ සෑම සියළු සහොදර සහෝදරියන්ට. ඔන්න ඉතින් අදත් මං මේ පැත්තට ගොඩවුනා තවත් චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන්. පහුගිය ටිකේම පරණ චිත්‍රපට වලට සබ් හදලා එක පාරටම අළුත් ඒවා දෙක තුනක් කලාට මගෙන් පරණ චිත්‍රපට වලට සබ් ඉල්ලුව සහෝදරයෝ ටික තරහ වෙන්න එහෙම එපා ඔන්න. මම බලපු ම…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් අඩවියේ සෑම සියළු සහොදර සහෝදරියන්ට. ඔන්න ඉතින් අදත් මං මේ පැත්තට ගොඩවුනා තවත් චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන්. පහුගිය ටිකේම පරණ චිත්‍රපට වලට සබ් හදලා එක පාරටම අළුත් ඒවා දෙක තුනක් කලාට මගෙන් පරණ චිත්‍රපට වලට සබ් ඉල්ලුව සහෝදරයෝ ටික තරහ වෙන්න එහෙම එපා ඔන්න. මම බලපු මම කැමති චිත්‍රපට ටිකක්, ඔයාලටත් බලන්න තමයි මං සබ් අරන් එන්නේ. පහුගිය දවසක මාරම අවුල් ගිය සිද්දියක් වුනා. ඒ මං මහන්සි වෙලා හදපු චිත්‍රපට කීපයක සිංහල සබ් කිසිම දැනුම් දීමකින් නැතුව වංචනික විදියට වෙනත් අඩවියක පල කරලා. මම සබ් හදන්න ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් සබ් නිකුත් කරන්නේ වන් ඇන්ඩ් ඔන්ලි බයිස්කෝප් සිංහලෙන් අඩවියට විතරයි. මං දකින විදියට ඒක තමයි ලංකාවේ සිංහල සබ් මහ ගෙදර. බයිස්කෝප් අඩවියට ජය පතන ගමන් අපි හැරෙමු අද චිත්‍රපටය දිහාට.

මේක පරණ චිත්‍රපටයක්. හැබැයි මේ චිත්‍රපටය බලන ඔයාල ඒක පරණ එකක් විදියට දකින එකක් නැහැ. ඒ මොකද මේ චිත්‍රපටයේ රූගත කර ඇති දර්ශණ වත්මන් චිත්‍රපට දර්ශණ එක්ක සසඳන්න පුළුවන්. පෝල් රොසෙන්බර්ග් ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක්. ඔහු පැබ්ලෝ පිකාසෝ, ජෝර්ජස් බ්‍රේක් සහ හෙන්රි මැටිස් නියෝජනය කළේය. 1940 ඩන්කර්ක් ඉවත් කිරීම හරහා ඔහුගේ පුත් ඇලෙක්සැන්ඩ්‍රේ රොසෙන්බර්ග් එංගලන්තයට පලා යනවා. එහිදී ඔහු නිදහස් ප්‍රංශ හමුදාවේ ලුතිනන් වරයෙක් විදියට පත් වෙනවා.

1944 අගෝස්තු 01 වෙනිදා ජර්මනිය විසින් ඔවුන් අල්ලාගෙන සිටි පැරීසියේ කාලාගාරයකින් චිත්‍ර වගයක් කොල්ලකා ජර්මනියට ගෙනියන්න හදනවා. ජෝසෆ් ගොබෙල්ස් (Joseph Goebels) විසින් නිකුත් කරන පෞද්ගලික නියෝගයකට හර්මන් ගෝරිං (Hermann Göring) තමයි මේ චිත්‍ර කොල්ලකන්නේ. නාසීන් එවකට චිත්‍ර කලාව හැදින්වූයේ “පරිහානියට පත් කලාව” කියලයි. පෝල් ගේ වෘත්තීය හා පෞද්ගලික චිත්‍ර එකතුවෙන් බොහෝමයකුත් “පරිහානියට පත් කලාව” විදියට හංවඩු ගහලා ඒවා සූරා කාලා විදේශ මුදල් වලට විකුණන්නයි හදන්නේ. ඒ වනවිටත් ප්‍රංශ හමුදා කණ්ඩායම් පැරීසියට කිට්ටු කරලා තියෙන්නේ. ජර්මන් හමුදාවට මේ චිත්‍ර ටික අරන් කෝච්චියකින් යන්න පුළුවන් වෙන්නේ සැතපුම් කීපයක් විතරයි. ඉන්පසු නිදහස් ප්‍රංශ හමුදාවේ ලුතිනන් ඇලෙක්සැන්ඩ්‍රේ රොසෙන්බර්ග් අණ යටතේ හමුදා භට පිරිසක් ජර්මානු දුම්රිය අංක 40-044 දරණ දුම්රිය, උතුරට වෙන්න තියන දුම්රිය මාර්ගයකින් හොයාගන්නවා. දුම්රියේ මැදිරිවල දොරවල් ඇරලා බලන ලුතිනන්ට දැක ගත හැකි වන්නේ කලක් තම පියාගේ නිවසේ තිබී කොල්ලකෑ චිත්‍ර රාශියක් එහි ඇති බවයි. මේ නිසා පෝල් සතු චිත්‍ර 400ක් පමණ නැතිවෙන්න තිබූ අවස්ථාවෙන් බේරී තියනවා. 1946 දී ඇලෙක්සැන්ඩ්‍රේ බලයෙන් පහ කරනවා. ඉන් පසු ඔහු වහාම නිව්යෝක් වල ඉන්න තම පවුලට හා තාත්තාගේ ව්‍යාපාර වලට සම්බන්ධවෙන්න පිටත් වෙනවා. මේ චිත්‍රපටයේ කතාව නෙවෙයි. මේ තමයි සත්‍ය සිදුවීම.

(පෝල් රොසෙන්බර්ග්, 1937 දී හෙන්රි මැටිස් විසින් අඳින ලද Odalisque in a Yellow Robe චිත්‍රය සමඟ)

කොල්ලකන චිත්‍ර ටික දුම්රියට පටවපු තැන ඉඳන් දුම්රිය සේවකයෝ මේ දුම්රියේ තියන දේවල් දැනගෙන ඔවුන්ගේ රටේ අභිමානය හොරකන් කරගන්න නොදී මිත්‍ර හමුදාවන් එනකන් කෝච්චිය ප්‍රමාද කරනවා. මේ නිසා තමයි ජර්මන් හමුදාවට ඔවුන්ගේ දුම්රිය අතරමග දාලා යන්න වෙන්නේ. ලබීච් නම් ප්‍රාදේශිය දුම්රිය පරික්ෂකවරයෙක් ඔහුගේ නුවණින් කටයුතු කරලා අවිගත් හමුදාවක් මැද සිවිල් මිනිසුන් කීප දෙනෙක් සමඟ මේ දුම්රිය ජර්මනියට යන්න නොදී නවත්තගන්නවා. චිත්‍රපටය දිවයන්නේ මේ දුම්රිය මගින් කොල්ලකෑම වලක්වන ක්‍රියාදාම කතාවයි. 1961 දී රෝස් වැලන්ඩ් විසින් රචිත ලේ ෆ්‍රන්ට් ඩි එල්ආර්ට් නම් කෘතිය තමයි මේ විදියට සිනමා නිර්මාණයක් වෙන්නේ.

මෙම චිත්‍රපටය John Frankenheimer විසින් අධ්‍යක්ෂණය කල ඇමරිකානු, ප්‍රංශ යුද චිත්‍රපටයකි. මෙහි තර රචනය Franklin Coen, Frank Davis සහ Walter Bernstein ය. නිෂ්පාදනය Jules Bricken විසිනි. සංගීතය Maurice Jarre වන අතර කැමරාකරණය Jean Tournier සහ Walter Wottitz විසිනි. සංස්කරණය David Bretherton ගෙනි.

(Frank McCarthy විසින් නිර්මාණය කල චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරය)

මෙහි Burt Lancaster ලබීචේ ලෙසත්, Paul Scofield කර්නල් වොන් වෝල්ඩ්හයිම් ලෙසත්, Jeanne Moreau ක්‍රිස්ටීන් ලෙසත්, Suzanne Flon විලාර්ඩ් මෙනවිය ලෙසත්, Michel Simon පාපා බූල් ලෙසත්, Wolfgang Preiss මේජර් හෙරන් ලෙසත්, Albert Rémy ඩීඩොන්ට් ලෙසත් සහ Charles Millot පෙස්කෙට් ලෙසත් රංගනයෙන් එකතු වෙනවා. මීට අමතරව රංගන ශිල්පීන් රැසක් මේ නිර්මාණයට දායක වෙලා තියනවා. විනාඩි 133ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය පුලින්ම ප්‍රදර්ශණය වෙලා තියෙන්නේ 1964 ඔක්තෝබර් 29 වනදා එක්සත් රාජධානියෙයි. චිත්‍රපටය සදහා ඩොලර් මිලියන 5.8ක් වැය වී ඇත. මේ චිත්‍රපටය සඳහා IMDb අගය 7.8ක් ලැබී ඇති අතර Rotten Tomatoes අගය 92%කි.

එහෙනම් අදට මං සමුගන්නම්. ආයෙත් මේ වගේම ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන මං ඔයාල මුණගැහෙන්න එන්නම්. එතෙක් ඔයාල හැමෝටම නිරෝගිමත් සුරක්ෂිත දිනයක් වේවා..

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,346 downloadsDownload The-Train-1964.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,346 downloadsDownload Subtitles37 KB

11 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි......

    Request..............

    Romeo and Juliet - 1968
    Romeo + Juliet - 1996

  3. indika75

    thanks..

  4. Anonymous

    රොෂාන් ශමීර ජයසිංහ සොයුර,
    මීට පෙර නරඹා නොමැති සිනමාපටයක්, ඔබේ විස්තර ලිපිය කියවූවා, හොඳ සිනමාපටයක් වගෙයි. ස්තුතියි අපට නැරඹීම සඳහා ඔබේ වෙහෙසින් නිමවූ මෙම සිංහල උපසිරසියට!!!

  5. Priyantha Dayakeerthi

    රොෂාන් ශමීර ජයසිංහ සොයුර,
    පහත කමෙන්ට් එකත් මගෙන්, නැවතත් ඔබට ස්තුති කරමි! ඉදිරියේදීත් අප වෙනුවෙන් පැරණි කලාත්මක, විශේෂයෙන්ම පැරණි ඔස්කා සම්මාන ලත් ඒවාත් යෝජනා කරමි, ඔබට ජය!!!

  6. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    හැකි නම් මෙම පරණ films වලටත් sub දෙන්න සහෝ....
    Romeo + juliet (1996) (dicaprio inna eka)
    1492: Conquest of paradise (1992)
    ජයවේවා .....

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Jeewantha

    බොහොම ස්තුතියි.

  10. Dewadithya

    Thanks for sub!

  11. Anonymous

    පට්ට ෆිල්ම් එක.
    ඔය ජාතියෙ පරණ ෆිල්ම් වලට තමයි මාත් ගොඩක් කැමති.Thank you brother....