Watch Trailer

Anarkali (2015) With Sinhala Subtitles | අනර්කලී; පුරාවෘතයේ නූතන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

අනර්කලී;මහා මෝගල් අධිරාජ්‍ය-අක්බර් රජු සමයේ විසූ නාටිකාංගනාව.දෙළුම් මලක් වගේ සුන්දරව නර්තනයේ යෙදෙන්නට ඇති හැකියාව සහ ඇයගේ අතිමහත් මනස්කාන්තය නිසා ඇයව එකල අනර්කලී නමින් ප්‍රසිද්ධ වුනා.මැයගේ නර්තනයට සහ රූපශ්‍රීයට වශී වුන සලීම්,ඒ කිව්වේ අක්බර් රජුගේ පුතා-කිරුළ හිමි කුමාරයා මැය සමඟ ආදරයෙන් බැඳුනා.නමුත්…

අනර්කලී;මහා මෝගල් අධිරාජ්‍ය-අක්බර් රජු සමයේ විසූ නාටිකාංගනාව.දෙළුම් මලක් වගේ සුන්දරව නර්තනයේ යෙදෙන්නට ඇති හැකියාව සහ ඇයගේ අතිමහත් මනස්කාන්තය නිසා ඇයව එකල අනර්කලී නමින් ප්‍රසිද්ධ වුනා.මැයගේ නර්තනයට සහ රූපශ්‍රීයට වශී වුන සලීම්,ඒ කිව්වේ අක්බර් රජුගේ පුතා-කිරුළ හිමි කුමාරයා මැය සමඟ ආදරයෙන් බැඳුනා.නමුත් පහත් කුලයේ කාන්තාවක් සමඟ තම පුතාව විවාහ කරවන්න පියරජු කැමතිවුනේ නෑ .ඒ නිසා අනර්කලී ව සිරකර තබන්නට අක්බර් රජු පියවර ගන්නවා.නමුත් සලීම් තම මිතුරන් සමඟ ඇවිත් අනර්කලී ව සිරෙන් නිදහස් කරගන්නවා.මෙයින් කෝප වුනු අක්බර් රජු සහ සලීම් අතර යුධ ගැටුමක් ඇතිවෙනවා.මේකෙදි පිය රජතුමා ජය ගන්නවා.ඔහු සලීම් ට විකල්ප දෙකක් යෝජනා කරනවා.ඒ එක්කෝ අනර්කලී ව තමන්ට භාරදෙන එක නැත්නම් මියයන එක.එතැනදී සලීම් දෙවෙනි විකල්පය තෝරාගත්තත් අනර්කලී මැදිහත් වෙලා අක්බර් රජු හමුවට එනවා.ඇය සලීම් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුදකරන්න කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා.නමුත් ඇය අවසාන කැමැත්ත ලෙස සලීම් කුමරු සමඟ එක් රැයක් ගත කිරීමට අවසර අයදිනවා.මැය රාත්‍රියේදී කුමරුට නිදි බෙහෙතක් පානයට සලස්වලා ඔහු ඇහැරෙන්න කලින් රජු හමුවට ගොස් තමන්ගේ ජීවිතය ආදරය වෙනුවෙන් පුද කරනවා.කාලයාගේ ඇවෑමෙන් කෙසේ හෝ සලීම් ජෙහන්ගිර් ලෙස රාජ්‍යත්වයවට පත්වනවා.නමුත් මොහුට අනර්කලී ව ජීවිතය පුරාම අමතක කරන්න පුළුවන් වෙන්නේ නෑ .මොහුගේ ජීවිතය අවසානයේදී මුවින් ගිලිහුණු අවසන් වදන වෙන්නෙත් අනර්කලී කියන එකයි!

ඇත්තටම අනර්කලී’ කියන්නේ පුරාණ භාරතයේ සිදුවුනා යැයි කියන සත්‍ය කතාවක්.කොහොමවුනත් මේක ගැන විවිධ මතවාද තියෙනවා.ඒ කොහොමවුනත් අපි මේ කතා කරන ෆිලුමේ අන්තර්ගතය වෙන්නේ නම් සෑහෙන්න වෙනස් එකක්.මේක වර්තමාන කතාවක් ඒ වගේම සුඛාන්තයක්.කොහොමවුනත් ෆිලුමට නම ඇවිත් තියෙන්නේ මේ කතාවෙන් නිසයි මුලින්ම ඒ ගැන කිව්වේ.Drama, Musical, Romance කියන ගණයන් ඔස්සේ වර්ගීකරණය වෙමින් මීට වසර දෙකකට කලින් තමයි ෆිලුම තිරගතවීම් අරඹන්නේ.ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දැන් නම කියූ සැණින් හඳුනන Prithviraj Sukumaran.ඒ වගේම මෙහි ප්‍රතිවීර චරිතයට නමගිය බොලිවුඩ් ප්‍රතිවීරයෙක් වන Kabir Bedi රංගනයෙන් දායක වනවා.සුරූපී නවක නිළි Priyal Gor ප්‍රධාන නිළිය භූමිකාවටත්,ප්‍රසිද්ධ මලයාලම් චිත්‍රපට කිහිපයකටම තම රංගන දායකත්වය දැක්වූ Mia George සහය නිළියක් ලෙසත් මෙයට දායකත්වය දක්වනවා.ඊට අමතරව ප්‍රධාන පෙළේ මලයාලම් නළු නිලියන් රැසක්ම මෙයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.ඒ වගේම ෆිලුමේ රූපගත කිරීම් වැඩි හරියක්ම සිද්දවෙන්නේ ලක්ෂද්වීප් කියන ලස්සන දූපතේ.මේ දූපතේ ජන ජීවිතය හා සම්බන්ධ වෙනස් දේවල් ෆිලුමේත් අඩංගු වෙලා තියෙන නිසා ෆිලුමටත් වෙනස්ම අලංකාරයක් එකතුවෙලා තියෙනවා.ඒ වගේම ෆිලුම තිරගතවීම් අරඹලා සති දෙකක් ඇතුලත ඉන්දීය කෝටි හත හමාරක වගේ දැවැන්ත ආදායමකුත් ලබලා තියෙනවා.ඒ වගේම ෆිලුම 2015 Asianet සම්මාන උළෙලදී සම්මාන රැසකටම නිර්දේශ වෙලා තියෙනවා සහ එයින් සම්මාන ලබාගෙන තියෙනවා.

ෆිලුමේ තියෙන්නේ ශාන්තනු කියන නාවික හමුදා නිලධාරියෙකු සහ ඔහුට අවුරුදු 10ක් පමණ බාල නාදිරා කියන තරුණිය අතර ඇතිවන ආදර කතාව ගැන.නාදිරා කියන්නේ ශාන්තනුගේ නාවික හමුදා ප්‍රධානියා-රියර් අද්මිරාල් ජෆාර් ඉමාම් ගේ එකම දියණිය.ඇත්තටම මේ ජෆාර් කියන්නේ නවාබ් කෙනෙක්.ඒ කියන්නේ මෝගල් අධිරාජ්‍ය සමයේ ඉඳන් පැවතගෙන එන පෙළපතකට තමයි මෙයා අයිතිවෙන්නේ.ඒත් එක්කම ශාන්තනු කියන්නේ දකුණේ හින්දු තරුණයෙක්.එතකොට නාදිරා කියන්නේ උතුරේ මුස්ලිම් තරුණියක්.මේ වගේ සමාජයෙන් නොගැලපීම් විදියට හඳුන්වන දේවල් කිහිපයක්ම මේ දෙන්නා අතර තියෙනවා.ඒ වගේම ජෆාර් ගේ ඇඟේ දුවන නවාබ් ලේ මේ දෙන්නට එකතුවෙන්න ඉඩක් දෙන්නෙම නෑ .මේ විදියට දෙන්නට සෑහෙන කලක් තමන්ගේ ආදරය වෙනුවෙන් බලාගෙන ඉන්න සිද්දවෙනවා.ඔය විදිහේ ලස්සන,ආදරණිය කතාවක් තමයි ෆිලුමේ අන්තර්ගත වෙන්නේ!

මේකේ බොහොම ලස්සන ගීත කිහිපයක්ම ඇතුලත් වෙනවා.හින්දි භාෂාවෙන් ගැයෙන ගීයකුත් ඒ අතරට ඇතුලත්.මේ ෆිලුමට උපසිරැසි දෙන්න කියලා මාස කීපයකට කලින් කිහිපදෙනෙක්ම ඉල්ලලා තිබුනා.ඒත් ෆිලුම සම්බන්ධ පොඩි ගැටලු කිහිපයක් නිසා ඒක ටිකක් පරක්කු වුනා.තවත් දෙයක් මතක් කරන්න ඕනේ.අපෙන් උපසිරැසි දෙන්න කියලා කරන ඉල්ලීම් වෙනුවෙන් පුළුවන් තරම් සාධාරණයක් කරන්න අපි උත්සාහ කරනවා.කොහොමවුනත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ ආයාසයකින් ෆිලුමක් බලලා ඒක උපසිරැසි ගන්වනවට වැඩිය ආසාවෙන් ෆිලුමක් බලලා ඒක උපසිරැසි ගන්වන එක තමයි චිත්‍රපටියට,උපසිරැසියට සහ බලන අයට කරන ලොකුම සාධාරණය වෙන්නේ.ඒ නිසා ඉල්ලන හැම උපසිරැසියක් ම දෙන්න අමාරුවෙයි.ඒක ගැන කවුරුත් අමනාප නම් වෙන්න එපා!! නමුත් පුළුවන් හැම ඉල්ලීමකටම ඉස්සරහටත් උපරිම සාධාරණයක් ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා!

Prithvirajගේ අලුත්ම ෆිලුම Adam Joan (2017) ගැන පොඩි දෙයක් කියන්න හිතාගෙන හිටියත් ලිපිය දික්ගැස්සුන නිසා ඒක පසුවට කල් තබන්නම්.ඉතින් අපෙන් මඟහැරුණු මේ සුන්දර මලයාලම් ආදර කතාවත් අනිවාර්යෙන් නරඹන්න කියලා අවසාන වශයෙන් හැමෝටම ආරාධනා කරනවා!

තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!

Anarkali (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.

5,073 downloadsDownload Anarkali-2015.zip71 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිඳු රසාංග

Subtitles

5,073 downloadsDownload Subtitles71 KB

34 comments

  1. Isuru

    Thanks for sub hoda malayam thriller movie ekak denna please puluwannam Mumbai police movie eke direct link ekak denna eka torrent walin download karanna ba seederes la ne thanks

  2. Palitha de Silva

    thankyou verymuch..

  3. sam

    MALARVAADI ARTS CLUB...
    NIVIN PAULY GE ME FILM 1TATH SUB 1 HADALA DENNAKO..SAHODARAYA..
    UPASIRASIYATA ISTHUTHI...JAYA WEWA

  4. tharangani

    thanx

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. rangika Kariyawasam

    තරිදු සහෝ නැවත අප හමුවට ..

    ෆටිටම ෆිලුමක් අරන් නැවත ආපු තරිදු සහෝට අපේ හද පිරි ස්තුතීය පිරිනමනවා .

    මෙි සබ කරන්න ඔබ වැය කරපු කාලය ශ්‍රමය මහන්සියට ⁣අනේක වාරයක් බෝම ස්තුතීයි සහෝ.අලුත් මලයාලමි ෆිලුමකින් නැවත අප හමුවට එනමෙන් ඉල්ලනවා .ජයවෙිවා

    තව දෙයක් සහෝ මමිමුක්කාගේ Pullikkaran Staraa (2017) Malayalam ෆිලුම ඇවිත් .ඒකටත් සබ කරන්න කියලා ඉල්ලනවා .ජය හෝ

  7. SPD

    අඩෝ උඹ නම් සුපිරි මචං
    මේක කරලා ඉවර වෙලාද බන් මමද භාර අරන් තියෙන්නේ කියල ඇහුවේ.
    කොහොමහරි කමක් නෑ මේකට සබක් කරපු එක නම් පට්ටම වටිනවා.
    ෆිලුම නම් බලල තියනවා.
    නිදහස් වෙලාවක ආයෙම බලන්න සබ බා ගන්නම්.
    බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    දිගටම මලයාලම් ෆිලුම් දෙන්න.
    Sunday Holiday (2017) ගැනත් පොඩ්ඩක් සලකල බලන්න.
    ජයම වේවා...!!!

  8. Mahesh

    Sub ekata thanx

  9. ravindu

    Ela bro

  10. Malisha F'do

    Sub eka download karanna bane

  11. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  12. Tharanga

    Thanx bro

  13. shasith sandaruwan

    බොහොම ස්තූතියි තරිඳු සහෝ උපසිරැසියට...
    තවත් මලයාලම් එකකට උපසිරැසි අරන් ආවට ‍බෝම තුති.
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  14. Kasun Sandaruwan

    Pl Film 1 download karaganna puluwan torrent 1k ewannako.

    1. තරිඳු රසාංග

      612019558CB6363DA9AA97FF378E243D85FFCAF8
      මේ hash එක google search කරන්න.

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Kantha_DLA

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  19. දමිත්

    උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය

  20. හේමන්ත

    ස්තුතියි තරිඳු...
    ස්තුතියි බයිස්කෝප්..
    ෆිල්ම් හොයලා ඒව සබ් කරලා කාලයත් මුදලුත් වැය කරලා අපට මේ සුන්දරත්වය දෙනවට...

  21. සිසිල ප්‍රසාද්

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා!

  22. Nchamara

    Thanks ...
    Love this movie....

  23. නොයෙල් රණසිංහ

    #ඉතා අනර්ඝයි. ජය වේවා!

  24. amal

    Thanks for the Subtitles

  25. Thara

    bohomathma sthuthi...

  26. maheshbabu

    Bohoma sthuthi saho....
    Mamath request karapu filumak meka....
    jaya wewa saho!!!

  27. rangika Kariyawasam

    තරිදු සහෝ ෆිලුම බලලා තමා මේ කොමෙන්ටුව දාන්නෙ. ෆිලුමත් ෆටිටයි , සබ ඊටත් වඩා ෆටිටයි සහෝ. ජයවේවා .. දිගටම සබ් දෙන්න ...

  28. තරිඳු රසාංග

    අදහස් දකවපු හැමෝටම ස්තුතියි.ඉස්සරහටත් මේ වගේ වටිනා අදහස් බලාපොරොත්තු වෙනවා.ඒ වගේම Prithvirajගේ Adam Joan(2017)ත් බලන්න කියලා ආරාධනා කරනවා!!!

  29. Madushanka

    thank you sahoo

  30. Death_race

    THANKS

  31. Lalani Maduwanthi

    Thaks tharindu malli

  32. SangeethRox

    Thank you

  33. Kaushali Anagipura

    අනේ මල්ලි මේකේ sub එක ආයේ දාන්න පුළුවන් ද ...