ලොකු පොඩි හැමෝම කැමතීනෙ Animation Movie බලන්න..ඉතින් ඒක නිසා මං මේපාර උපසිරැසි අරගෙන ආවෙ 1997 ආපු ඇනස්ටේසියා ඇනිමේශන් චිත්‍රපටයටයි. දැන් කට්ටියට හිතෙන්නත් ඇති පරණ නිසා මේක වැඩක් නැතුව ඇති කියල..ඒත් කිසි අවුලක් නෑ සුපිරිම මට්ටමේ ෆිල්ම් එක තියෙනව..මේක ඇත්තටම අපි පොඩි කාලෙ සිරසෙ සිංහලෙන් ඩබ් කරල ගියා…
ලොකු පොඩි හැමෝම කැමතීනෙ Animation Movie බලන්න..ඉතින් ඒක නිසා මං මේපාර උපසිරැසි අරගෙන ආවෙ 1997 ආපු ඇනස්ටේසියා ඇනිමේශන් චිත්‍රපටයටයි. දැන් කට්ටියට හිතෙන්නත් ඇති පරණ නිසා මේක වැඩක් නැතුව ඇති කියල..ඒත් කිසි අවුලක් නෑ සුපිරිම මට්ටමේ ෆිල්ම් එක තියෙනව..මේක ඇත්තටම අපි පොඩි කාලෙ සිරසෙ සිංහලෙන් ඩබ් කරල ගියා ඒ කාලෙ බලල තමා මට මේ ෆිල්ම් එකට ආසාව ඇති උනේ..ඒත් තාම මේකට සිංහල සබ් තිබ්බෙ නැති නිසා ඔන්න මං සබ් එකත් ගෙනාව.
IMDb 7.2 වැනි හොඳ Rate එකක් ගත්තු සංගීතමය ප්‍රේමාන්විත චිත්‍රපටයක්. කතාව පැත්තට හැරුනොත් ඇනස්ටේසියා කියන්නෙ රුසියාවේ රාජ පෙලපතක් වන රෝමනෝ පෙලපතේ කුරුල හිමි කුමරියයි..ඒත් හිටි හැටියෙ මායාකරුවෙක් පැමින මේ පෙලපත විනාශ කරන්න ශාපයක් කරනව.ඒකෙන් ඇනස්ටේසියා හැර රෝමනෝ පවුලෙ සියලු දෙනා මිය යන අතර ඇනස්ටේසියා ඉන් බේරී පලා යනව.මින් වසර 12කට පසුව සෑම දේම වෙනස් වී රුසියාවේ ආදිපාදවරිය විසින් ඇගේ මිනිබිරිය වන ඇනස්ටේසියාව සොයා දෙන කෙනෙකුට විශාල තෑගි මුදලක් දෙන ලෙසට පොරොන්දු වෙනව.
ඉතින් ඔන්න ඔය අතර දිමීත්‍රී කියා තරුණයෙක් ඇනස්ටේසියාට හැඩ ඇති තරුනිසියක් සෙන්ට් පීටස්බර්ග් වල හොයනව..මොකද එම තෑගි මුදල බොරු කරල ගන්න.ඔය අතරෙ තමා තමන්හෙ අතීතය අමතක වූ ආන්යා කියා තරුනියක් මොහුට හමුවන්නෙ.මෙතැන් සිට මේ දෙදෙනාගෙන දෛවය ඉතා අපූරුලෙස වෙනස් වන ආකරය අපට බලාගන්න පුළුවන්.
මේකෙ කතාවෙ බාගෙට බාගයක් යන්නෙ සිංදු වලින් ඒනිසා හොඳට රසවිදින්න පුලුවන් කතාවක්.ඉතින් සෑම දෙනාටම ආරාදනා කරනව මේක බලන්න.
තව දෙයක් තියේ ඔයාල මේක බලද්දි සබ් එකේ ෆොන්ට් සයිස් එක පොඩි කරන් බලන්න. ඔයාල KMPlayer එක නම් පාවිච්චි කරන්නෙ ඒකෙ හෙන ලොකු ෆොන්ට් සයිස් එකක් නෙ තියෙන්නෙ ඒ නිසා සබ් එක ගොඩක් ලොකුව පේන්න පුලුවන්. ඒක නිසා Alt+f2 ඔබල ෆොන්ට් සයිස් කුඩා කරගන්න.
තව උපසිරසියකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,596 downloadsDownload Anastasia-1997.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
7 comments
Shamal manojan
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
indika75
thanks..
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්.
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

උපසිරැසියට බොහොම ස්තූතියි..........
Request........
The Goonies - 1985