ගොඩක් කාලෙකට පස්සේ ආයේ උපසිරසියක් එක්ක එන්නේ. මේක බාර අරන් නම් ගොඩක් කල්. ෆිල්ම් එක බැලුවට පස්සෙයි තේරුනේ අපරාදේ මේක මුලින්ම කරන්න තිබුනනම් කියලා. ඒ තරම්ම ලස්සන එකක්. ටිකක් පරණයි තමයි. හැබැයි දැන් කාලේ එන ගොඩක් චිත්‍රපටි එක්ක ගත්තම ඒවට මේකත් එක්ක හැරෙන්න වත් බෑ. අන්බේ සිවම් කියන්නේ මෙතෙක් කල් දමිල…

ගොඩක් කාලෙකට පස්සේ ආයේ උපසිරසියක් එක්ක එන්නේ. මේක බාර අරන් නම් ගොඩක් කල්. ෆිල්ම් එක බැලුවට පස්සෙයි තේරුනේ අපරාදේ මේක මුලින්ම කරන්න තිබුනනම් කියලා. ඒ තරම්ම ලස්සන එකක්. ටිකක් පරණයි තමයි. හැබැයි දැන් කාලේ එන ගොඩක් චිත්‍රපටි එක්ක ගත්තම ඒවට මේකත් එක්ක හැරෙන්න වත් බෑ. අන්බේ සිවම් කියන්නේ මෙතෙක් කල් දමිල සිනමාවේ ආපු හොඳම චිත්‍රපටය. ඔව් හොඳම එක. ඔයාලා ගූගල් එකේ Top Rated Tamil Movies කියලා සෙවීමක් කලොත් බලාගන්න පුලුවන් මම කියන්නේ ඇත්තද බොරුද කියලා. බයිස්කෝප් එකෙන් මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න පරක්කූ වීමත් මා අතින් සිදු වුන ප්‍රමාදයටත් සමාව ඉල්ලන්න ඕනේ.
කතාවේ ප්‍රධාන චරිත දෙකයි. නල්ලසිවම් (කමල් හසන්) සහ අන්බරසු (මාධවන්). මේ දෙන්නා ගැන අමුතුවෙන් ලිපි ලියන්න දෙයක් නෑ. ඉන්දියානු සිනමාවේ කිරුලු ලත් පතාකයන් දෙදෙනෙක්ගෙ හමුවීමක්. චිත්‍රපටය අයත් වෙන්නෙ Adventure,Comedy,Drama ගනයට වුවත් මේක ඇත්තටම ආදරය, කරුණාව, මෛත්‍රිය, යාළුකම වගේ ඉතාමත් වටිනා පණිවිඩ ගොඩක් සමාජයට දායාද කරන චිත්‍රපටයක්. කතාවේ නිර්මාතෘ වෙන කවුරුත් නෙවෙයි කමල්හසන්මයි. IMDB දර්ශකයේ 8.8 ක ඉහළම අගය වාර්තා කරමින් හොඳම නලුවා ඇතුලු සම්මාන රැසකටම මේ චිත්‍රපටය හිමිකම් කියනවා. එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.
අන්බරසු කියන්නේ රූපවාහිනී දැන්වීම් හදන කෙනෙක්. චෙන්නායි වලට යන්න ගුවන්තොටුපලේ ඉන්නකොට අහම්බෙන් වගේ අංගවිකල මිනිහෙක්(සිවම්) හම්බවෙනවා. ඒ අවස්තාවේ අධික වර්ෂාව නිසා චෙන්නායි වලට යන්න තියෙන ගුවන් ගමන් අත්හිටුවීම නිසා මේ දෙන්නටම හොටලයක නවතින්න වෙනවා. මේකත් හරිම විනෝද අවස්ථාවක්. බලද්දී තේරෙයි. කොහොම හරි මේ හමුවීම දුරදිග ගිහින් අපිට හිතාගන්නත් බැරි කතාවක් දැනගන්න ලැබෙනවා. නල්ලසිවම්ගේ අතීත කතාව, ඔහු අංගවිකල වුනේ කොහොමද, ඔහු ආදරය කල කෙනා. මේ වගේ ඉතාම ලස්සනට ගලාගෙන යන කතාවක්. නල්ලසිවම්ගෙ පෙමිවතිය වන බාලසරස්වතී විදියට ඉන්නේ සුරූපි නිලි කිරන් රාතෝඩ්. වැඩිය සිනමාවේ නැති අහලා නුපුරුදු කෙනෙක් තමයි කිරන්. ඒ වගේම නසර් ඇතුලුව ඉන්දියානු සිනමාවේ තවත් සුපිරි නලු නිලියන් රැසක්ම මේකට දායකත්වය දීලා තියෙනවා.
මේකේ අවසානය ගැන විස්තර කරන්න අමාරුයි. කෙනෙක්ට සංවේදී අවසානයක් වෙන්න පුලුවන්. තව කෙනෙක්ට සතුටුදායක අවසානයක් වෙන්නත් පුලුවන්. පෞද්ගලිකව මට සංවේදී අවසානයක්. කමල්හසන්ගෙ තාත්වික රඟපෑම ගැන කියන්න වචන නෑ. ඇහැට කඳුලක් එක් කරන, ඒ වෙලේම ආයෙ හිනාවක් එක් කරන්න සමත් රඟපෑමක් මේකේ නලු නිලියන්ගෙන් දැක ගන්න පුලුවන්. එහෙනම් ආරාධනා කරනවා දෙමල සිනමා ඉතිහාසයේ හොඳම චිත්‍රපටය නරඹන්න කියා. චිත්‍රපටිය බාර දුන්න අශාන් විමුක්තිටයි කරලා එවනකම් ලෝකේ නැති බැනුම් බැනපු හසන්ත අයියටයි ස්තූතියි!!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත සඳහා අදාළ වේ.
2,761 downloadsDownload Anbe.Sivam_.2003.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
17 comments
Kantha_DLA
indika75
thanks..
tharidu16
බලන්න නම් අදහසක් නැ. කීපපාරක් බලලා තියෙනව. ඕකේ තියෙන අම්බෙ සිවම් සින්දුව නම් ඇගේ හිරිකඩු පුප්පනවා..
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
මම එත් බැලුව කවුද කියලා බැලින්නම් මෙයානේ කාලෙකින් ❤️❤️
Sajtih
jeewitha kaalaya thula denata balapu hondama film eka mokakda kiyala kawru hari ahwot mata mulinma mathak wenne meka.
Lasantharathnasirirox
ප්‍රසන්න සහෝදරයාට ගොඩාක් ස්තුතියි සිංහල උපසිරැසි නිර්මාණය කළාට.මමත් මේක කීප පාරක්ම බලල තියනවා...ජයවේවා !!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Bandara76
Thanks Bro
Saranga J. Liyanagama
Thanks
arawindasunimal
thanks sub ekata jayawewa...........hangila thyenawa auwa eliyata gannavo...........
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kepu
Thanks brother.Godak kalekata kalin balanna hitiye meka.Bohoma amaruwen sub ekata copy ekak hoya gaththa.
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anura
Kamalhassan ge Unnaipol Oruvan sinhala sub denna plz
dami perera
meke film ek download krnn bh ned baiscopedownloads site eken
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!