Watch Trailer

Bala (2019) Sinhala Subtitles | කොල්ලෙක්… තට්ට කොල්ලෙක්!! [සිංහල උපසිරැසි සමග]

ලොකු ලොකු රේටින් ගන්න හරි හරියට ආදායම්හොයන්න හොඳම චිත්‍රපටි ලිස්ට් අස්සේ අනිවාර්යෙන් ඉඩක් වෙන්කරගන්න සම්මාන උළෙලවල අතික්‍රමණය කරන්න හැම චිත්‍රපටියකටම බෑ. හැබැයි සමහර චිත්‍රපටි තියෙනවා ඔය හැමදේම කරගත්තු. සමහර නළුවෝ ඉන්නවා ඔය හැමදේම කරගන්න සොරි නළුවෝ නෙමේ නළුවෙක්… ආයුෂ්මන් කුරාණා. නම අහපු සැනින් චිත්…

ලොකු ලොකු රේටින් ගන්න හරි හරියට ආදායම්හොයන්න හොඳම චිත්‍රපටි ලිස්ට් අස්සේ අනිවාර්යෙන් ඉඩක් වෙන්කරගන්න සම්මාන උළෙලවල අතික්‍රමණය කරන්න හැම චිත්‍රපටියකටම බෑ. හැබැයි සමහර චිත්‍රපටි තියෙනවා ඔය හැමදේම කරගත්තු. සමහර නළුවෝ ඉන්නවා ඔය හැමදේම කරගන්න සොරි නළුවෝ නෙමේ නළුවෙක්… ආයුෂ්මන් කුරාණා. නම අහපු සැනින් චිත්‍රපටිය මොකක්ද කියලා හොයන්නේ නැතුව කෙලින්ම බලන්නයි හිතෙන පොරක්. ඒ තරමට විශ්වාසයි. අපිට නින්ද යන්නෑ කියලා. හැගීම් වල පතුලට යන්න පුළුවන් කියලා වෙනස්ම වෙනස් කතාවක් කියලා හොඳ පැයක් දෙකක් ගෙවන්න පුළුවන් කියලා. ඛාන් කෙනෙක්, කුමාර් කෙනෙක් නෙමේ. කුරාණා කෙනෙක්. කෝටි 100 එයාට දැන් නතින්!!!

පුරුදු විදිහට චිත්‍රපටිය ගැන කියාගෙන ආවේ නෑ. නළුවා ගැනයි කියාගෙන ආවේ. මොකද මේ කවුරුත් එනකම් ඇඟිලි ගැනගෙන හිටපු චිත්‍රපටියක් හින්දා මටත් අමුතුවෙන් විකුණන්න දෙයක් නැහැ. නම කියපු ගමන් කවුරුත් දන්නවා. IMDb එකේ බල්ටි ගහපු, කෝටි 100 මාක් එක පැනපු සුවහසක් තට්ට කොල්ලන්ගේ හිතට තට්ටු කරපු Bala ලේසියෙන් අමතක කරන්න පුළුවන් කතාවක් නම් නෙමෙයි. එන්න කලින් පොඩි පොඩි ආරවුල් වගේකුත් සිද්ධ වුණා, නීතිමය වශයෙන්. ඔව් ඒකට හේතුව තමා මීට සමාන තේමාවකින් නිෂ්පාදනය වෙච්ච Ujda Chaman චිත්‍රපටිය. කොහොමහරි අවුල් වියවුල් වලින් පස්සේ චිත්‍රපටි දෙකම තිරගත වුණා. Bala වල ආදායමට Ujda Chaman වලින් බලපෑමක් වෙයි කියලා හිතුවට, මොන පිස්සුද එහෙම කිසි දෙයක් උනේ නෑ. ආදායම් සහ විචාරක පැසසුම් අතින් බාලා නැගී සිටියා.

සියලු දේවල් වලින් පස්සේ 2019 අවසන් වෙන්නේ අයුෂ්මන්ට තවත් ජයග්‍රාහි මතකයන් රැසක් ඉතිරි කරමින්. කුලමල සමඟ පැටලුනු ස්ත්‍රීයකගේ අතුරුදහන් වීමක් සොයන පොලිස් නිලධාරියෙක් (Article 15 (2019)), කාන්තා කටහඩින් කතා කළ හැකි තරුණයෙක් (Dream Girl (2019)) එක්කලා හිසකෙස් හැලෙනවට පීඩා විඳින තරුණයා ඔහුට මේ ජයග්‍රාහි මාවතේ හේතු වුණා. ලැබුවාවූ 2020ත් ඔහුගේ ජයග්‍රාහි ගමන තවත් තහවුරු වේවි වෙනස්ම සංකල්ප තියෙන චිත්‍රපටත් සමඟින්ම. එහෙනම් මේ පැය දෙකයි විනාඩි 15 විඳගන්න, හිනාවෙන්න, පොඩ්ඩක් හැගීම්බර වෙන්න, ජීවිතේට ආදරේ කරන්න. එහෙනම් සමුගන්නවා මේ සිංහල උපසිරැසිය තිලින කරන ගමන්ම. ජයවේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

10,954 downloadsDownload Bala-2019.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

10,954 downloadsDownload Subtitles71 KB

34 comments

  1. Rusiruab

    Thank you.. Motherless Brooklyn film ekatat subs dennako

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. nsp_n_646

    Thanks for Subtitle... I wish you all the very best and do these things continually.

  4. Isuru minipa

    Thanks broo mama aasama naluwek thanks puluwannam me Kannada film ekath denna supiri Thriller film ekak Aa Karaala Ratri 2018

  5. Helili Hemamali

    බලන්න යන්නේ, ස්තූතියි සොයුර.

  6. Ayesh Prashan

    Thank You

  7. gihan perera

    ස්තුතියි සහෝ...නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  8. indika75

    thanks..

  9. subodha

    Thanks

  10. SPrasa

    Thankyou. Ebakal hitiye

  11. neelanethra

    ස්තුතියි . ජය !!!

  12. crazy_chamikim

    ඒත් බැලුවා ඇයි පරක්කු කියලා... අපරාදෙ ෆිල්ම් එක බැලුවෙ පෙරේදා..කමක්ම නෑ ආපහු බලනවා..මම ආසම නළුවො දෙන්නා Ayushmann khurrana & Vicky Kaushal.. 2020 නම් දෙන්නටම සුභයි වගේ...මේ අවුරුද්දත් ගොඩක් හොඳින් සබ් කරගෙන යන්න ලැබේවා..Thanks For Sub..

  13. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo obata

  14. සනිඳු ලක්ඛිත

    ට්‍රේලර් එක දැක්ක දවසේ ඉදන් බලන් හිටියේ ෆිලුම එනකම්..මේ මහත්තයත් හෙන කාලකින් නෙහ් සබක් කරලා තියෙන්නේ. බොහොම ස්තූති උපසිරසට..මේවා ඉතිං සබ ආව සනික බලන ෆිල්ම්..ජය වේවා..බුදුසරණයි..!

  15. anushka5800

    trailer eka balapu dawasema biscp ekt email ekakk damma thnkzzz

  16. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  17. MAALnath

    Thanks .....................good luck ..............

  18. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  19. D.Chamara

    bohoma sthuthi sahooo jaya ....

  20. nish47

    ස්තූතියි සහෝ

  21. Lasantharathnasirirox

    මයුර කොල්ලා ගොඩාක් ස්තුතියි උපසිරැසියට...ජයවේවා.

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. sathyajith

    Thanks for the sub

  24. Pramukmili

    Thanxx bro.....................

  25. jagath55

    Thanks

  26. 1111122222

    thanks... meka download karaganna torrent site 1k danna kenek comment karanawada,,,

  27. Shaggie

    Thnks mchn

  28. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මයූ!
    අනිවා බැලිල්ලක් මේක නම්...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  29. mindika

    Thanks !!!!!!!!!!!!

  30. නිමල් දිසානායක

    මරුනේ මයුර!
    තැන්ක්ස්!

  31. Saranga J. Liyanagama

    Thanks

  32. chaminda1996

    thanks so much for sub..................

  33. Vishwa sasanka

    Thank you

  34. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!