හායි යාළුවනේ, ඔන්න ඉතින් නැවතත් ආවා බයිස්කෝප් එකක් අරගෙන ඔයාලා හමුවට. මෙදා සැරේ ටිකක් පරණ එකක් ගෙන්න හිතුවේ මේ වගේ සුපිරි ෆිලුමක් අපේ අඩවියේ නැති එක ලොකු අඩුපාඩුවක් කියලා දැනුණ නිසා. ඇත්තටම මම මේක උපසිරසි ගන්වලා දෙන්න කියලා දුන්නේ අපේ සමීර කරුණාරත්න අයියා. අලුත් ෆිල්ම් ටිකක් උපසිරසි ගන්වන්න ලැබුණ න…

හායි යාළුවනේ, ඔන්න ඉතින් නැවතත් ආවා බයිස්කෝප් එකක් අරගෙන ඔයාලා හමුවට. මෙදා සැරේ ටිකක් පරණ එකක් ගෙන්න හිතුවේ මේ වගේ සුපිරි ෆිලුමක් අපේ අඩවියේ නැති එක ලොකු අඩුපාඩුවක් කියලා දැනුණ නිසා. ඇත්තටම මම මේක උපසිරසි ගන්වලා දෙන්න කියලා දුන්නේ අපේ සමීර කරුණාරත්න අයියා. අලුත් ෆිල්ම් ටිකක් උපසිරසි ගන්වන්න ලැබුණ නිසා මේක කරන්න ටිකක් කල් ගියා. වෙලාවට වැඩේ කරලා දෙන්න බැරි වෙච්ච එක ගැන සමීර කරුණාරත්න අයියගෙන් සමාව ඉල්ලන ගමන් චිත්‍රපටිය ගැන ගොඩක් දේවල් කියන්න තියෙන නිසා අපි ඒ පැත්තට පොඩ්ඩක් හැරෙමු.
මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටිය IMDB අගය වැඩිම චිත්‍රපටි අතරින් උඩින්ම තියෙන හින්දි චිත්‍රපටි වලින් එකක්. මේකේ IMDB අගය 8.8 ක් වෙනවා. අමීර් ඛාන් සහ සල්මන් ඛාන් තමයි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ. දෙන්නම ගොඩක් ලස්සන වගේම හොඳටම ජනප්‍රිය වෙච්ච කාලෙදී තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ (උන් දෙන්නගේ ඒ දෙකම ඉතින් අදටත් අඩුවක් නෑනේ). මේක ඒ දවස් වල ගොඩක් ජනප්‍රිය වෙලා වගේම සම්මාන වලටත් පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒ අයට අමතරව Karisma Kapoor, Raveena Tandon, Paresh Rawal, Shakti kapoor මේකේ අනෙකුත් චරිත නිරූපණය කරනවා. ඒ අයට අමතරව ජුහී චවුලා සහ ගෝවින්දා මේ සඳහා ආරාධිත රංගනයකින් දායක වෙලා තියෙනවා.
ඛාන් මහත්වරු එකට ඉන්න චිත්‍රපටි දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් මේකත් ඒ වගේ එකක්. ඒ නිසා තමයි මේක මේ තරම් සාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් මේ මහත්වරු දෙන්නාම Andaz Apna Apna 2, එහෙමත් නැතිනම් මේ චිත්‍රපටියේ දෙවන කොටස සඳහා මේ දවස් වල සූදානම් වෙනවා කියලා Wikipedia වල සඳහන් වෙනවා. (ෂාරුක් ඛානුත් මේකට ඔළුව දානවයි කියලා ආරංචියක් මම පත්තරේකත් දැක්කා). ආ කියන්න අමතක උණා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජනප්‍රිය චිත්‍රපටි රැසක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකයෙක් වන Rajkumar Santoshi විසින්. ඔන්න ඕක තමයි චිත්‍රපටිය ගැන කියන්න තියෙන්නේ. කතාව ගැන පොඩ්ඩක් කියනවනම්…..
අමර් සහ ප්‍රේම් කියන්නේ අංක එකේ කාලකන්නියෝ දෙන්නෙක්. කිසිම මනුස්සයෙකුට කිසිම ප්‍රයෝජනයක් නැති පිස්සෝ දෙන්නක්. දෙන්නම එකට හිටියේ නැති උණාට දෙන්නගේම වැඩ එක වගේ. දෙන්නගෙම වැඩේ දවල් හීන දකින එකයි. තාත්තාගේ කඩේ ලාච්චුවේන් සල්ලි උස්සන එකයි. ඉතින් ජීවිතේ එක පහරින් ගොඩ දාගන්න මොකක්හරි ක්‍රමයක් සොය සොයා ඉන්නකොට දෙන්නටම හම්බවෙනවා පත්තරයක්. ඒකෙ තියෙනවා ලන්ඩන් වල කෝටි ගානක උරුමයක් තියෙන ඉන්දියානු කෙල්ලෙක්, කසාද බඳින්න ගැලපෙන කොල්ලෙක් හොයාගෙන නැවතත් ඉන්දියාවට ඇවිත් කියලා. ඉතින් මුන් දෙන්නම මේක හොඳ අවස්ථාවක් කරගන්නවා තමන්ගේ කාලකණ්ණි ජීවිතය කෙසේ හෝ ගොඩ දාගන්න.
අන්න එතනදී තමයි මේ දෙන්නා එකට මුණ ගැහෙන්නේ. දෙන්නම ඉලක්ක කරන්නේ එකම කෙල්ලෙකුට. නමුත් දෙන්නම කපටියෝ වගේම වෙලාවකට මෝඩයෝ. ඒ වගේම කෙල්ලගේ පැත්තෙන් මහා පැටලිලි ජාලයක මුන් දෙන්නම හිර වෙනවා. ඒවා ලිහාගන්න ගිහින් මේ දෙන්නට තවත් ලෙඩ වැටෙනවා. ඒ කෙල්ලගේ දේපල ගැන ඇහැගහගෙන ඉන්නේ අමර්, ප්‍රේම් දෙන්නා විතරක් නෙවෙයි. මේ කෙල්ලගේ පියාගේ නිවුන් සහෝදරයා, ඒ වගේම එයාලගේ සේවකයින් වගේම තවත් ගොඩක් අය මේකට කෙළ හලනවා. ඒ වගේම කෙල්ලගේ පියා සහ එයාගේ නිවුන් සහෝදරයා එහෙමත් නැතිනම් කථාවේ දුෂ්ටයා එක වගේ නිසා හැම දෙයක්ම සරින් සැරේ පැටලිලි සහගත වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම බලාගන්න නම් ඔයාලට බයිස්කෝප් එක බලන්න වෙනවා.
එහෙනම් වෙනදා වගේම යන්න කලින් අපේ ඇඩ්මින් සහෝදරයින් ඇතුළු බයිස්කෝප් සෙට් එකේ හැමෝවම වගේම අපගේ අඩවියට පිවිසෙන ඔබ හැමවත් ආදරයෙන් මතක් කරමින්, බයිස්කෝප් අඩවියට දීර්ඝායුෂ පතමින්, තත්පරයක් වැය කරලා කොමෙන්ටුවකුක් කොටාගෙන යන්න කියලත් අරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. ජය වේවා….!
6376139757ad0b73165bf6c49443bedf48eda736 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,948 downloadsDownload Andaaz.Apna_.Apna_.1994.baiscopelk.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
38 comments
Jay
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sampath
Thanks Saho...........
දහරා මුතුඅමා
niyama film ekakne. tanx subata
නලින්
ස්තුතියි තාරක සහෝ... ඉස්සර නම් මෙක කීසැරයක් බැලුවද.. සිරසට පිං සිද්ද වෙන්න.. එළස්ස් වේවා!
ජය වේවා!
kusalperera
eka aththa saho....
Sisira Hegoda
ස්තූතියි. සීඩ් එහෙම ඇති නේ.
තාරක නුවන් දිල්හාර
එකෙන්ම තියෙනවා බය වෙන්න එපා..! :P
thilina
thanks bro
sandun
Niyamai sub ekata thanx,menkanam baluwa,
obata jaya,Yenu
oyanam niyama film walata sub denne,me wage parana film wala loku aduwak thibuna baiscope eke,oya e aduwa sampurna karanawata hugak pin..
tikiri
ස්තූතියි
ජයවේවා……
බුදු සරණයි.. !!!බ්ලැක් පැන්තර්
බොහොම තුති සහෝ සබ් එකට...
අමීර් ඉන්නවා නම් ඉතින් සුපිරි කතාවක්නේ ඇත්තේ...
ජය වේවා...!!!S.R.K
fatta film ekk.thx sub ekata,,,,,,,,
Kulanjana Maduranga
niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
shanitha
fatta
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Hasitha
ado tharaka umba subtitle mawanawada ?.
THANKS
JAYA WEWAvidura
sound track eka ahenne nahne
lakmal
thanq youuuuuuuuuuuuu
රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charitha
සබට තුති.පරණ ෆිල්ම්වල හොඳ කතා තේමාවක් එක්ක යන ඒවා. ඒත් මේවාට ටොරන්ට් ටිකක් හිඟයි.
sasanka
patta me vage lassana films thava denna parana eva . budusaranai.
අදිත ප්‍රවීන්
නියමයි සහෝ !
බොහොම ස්තුතියි සබට .
පට්ට ෆිල්ම් එකක්නේ .Amila
නියමයි බොහොම ස්තුතියි
පට්ටDude
Thanks brother
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Danushka
great wark frind
direct linke for move only 400mb
http://world4ufree.co.in/andaz-apna-apna-1994-hindi-movie-3…තාරක නුවන් දිල්හාර
මේ රිප් එකට සබ් එක සෙට් වෙයි කියලා මට නම් ෂුවර් එකක් නෑ..
Madhu Nisansala
Thank you very much..........
අසිත
elama saho thanks
Kasun Danuka
Thanks bro!!!
Anonymous
Thanks machan
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි තාරක සහෝදරයා...ඔබට ජයවේවා..!!
Anuradha Palinda
සබ් එකට තෑන්ක්ස්
baiscopedownloads එකේ මේ මූවි එක දාන්නAnonymous
bluray walata update karanna. DVDRIP hoyaganna ne dan.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Niyamai Machan Thankz......