දිග කතාවක් හොඳේ… මෙහෙම පටන් ගන්නම්.. ආතල් එකට නම් ගන්න එපා ඔන්න.. චුට්ටක් ඇස් දෙක පියාගන්න බලන්න… මොනවද ඇහෙන්නේ…? මොනවහරි ඇහෙනවා නේද? ඔව්… ඇස් දෙක පියාගෙන ටිකක් අහගෙන ඉඳල බලන්න.. නානාප්‍රකාර ශබ්ධ ඇහෙනවා නේද.. හරියට අහන් ඉන්න.. අවධානයෙන් ඇහුවොත්.. ලෝකේ තියෙන හැම ශබ්ධයකින්ම සංගීතය කියන දේ දැනේවි.. හි…

දිග කතාවක් හොඳේ… මෙහෙම පටන් ගන්නම්.. ආතල් එකට නම් ගන්න එපා ඔන්න..ඕනම කලාකරුවෙකුට රහසක් තියෙනවා කියල කතාවක් තියෙනවනේ. අනේ මන්දා ඕවා ඇත්තද නැත්තද කියලා. හැබැයි එහෙම එකක් තියෙනවා කියල වහරේ කතාවක් තියෙනවා. ඉතින් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ අන්න ඒ වගේ කලාකරුවෙක් ගැන ගෙතුණු කතාවකින් සපිරුණු චිත්‍රපටියක්. අපි බලමු කයිවාරුව පැත්තකින් තියලා එහෙනම්. Andhadhun එහෙමත් නැත්නම් අන්ධාධූන්. පහුගිය දවසේ අතිශය සාර්ථක ගමනක යෙදුනු සිනමා සිත්තමක්. අන්ධ පියානෝ වාදකයෙකුට මුහුණ දෙන්න වෙන අභිරහස් සිදුවීම් මාලාවක් වටා ගෙතුණු මේ කතන්දරය රිදී තිරයට නැගෙන්නේ පහුගිය ඔක්තෝම්බර් 05 වැනිදා ඉඳන්. දින 44 ක් ඇතුලත ඉන්දියාවේ පූනේහිදී රූගත කරන ලද මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 32 ක වියදමින් තැනුණු අතර මේ චිත්‍රපටය කිසිවෙකු නොසිතු අයුරින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නට සමත් වන්නේ ඉන්දියානු රු. කෝටි 110 ක ආදායමකට හිමිකම් කියමින්. තිරගතවීම ආරම්භයේ පටන් විචාරකයින්ගේ ධනාත්මක පැසසුමට ලක් වුනු මේ චිත්‍රපටය IMDB වර්ගකිරීම්හි මනාප 15000 කට ආසන්න මනාප සංඛ්‍යාවක උදව්වෙන් 9.0/10 ක රේටින් එකකට යන්නට සමත් වන්නේ චිත්‍රපටයේ සාර්ථකත්වයට තවත් මංමාවත් විවර කරමින්.
චුට්ටක් ඇස් දෙක පියාගන්න බලන්න… මොනවද ඇහෙන්නේ…? මොනවහරි ඇහෙනවා නේද? ඔව්… ඇස් දෙක පියාගෙන ටිකක් අහගෙන ඉඳල බලන්න.. නානාප්‍රකාර ශබ්ධ ඇහෙනවා නේද.. හරියට අහන් ඉන්න..
අවධානයෙන් ඇහුවොත්.. ලෝකේ තියෙන හැම ශබ්ධයකින්ම සංගීතය කියන දේ දැනේවි.. හිනා යනවා නේද? ඉන්න මං අඬවන්නම්..
හිතල බලන්න අන්ධ මනුස්සයෙක් ගැන..
මේක කියවන ඔයාට වගේ ඇස් දෙකක් නෑ ඒ අයට.. ඒක අවාසනාව වෙන්න පුළුවන්, නොලැබීම වෙන්න පුළුවන්, අත් වැරදීමක් වෙන්න පුළුවන්.
නමුත් ඒ මිනිස්සුන්ට ජීවිතය කියන එක තියෙනවා. ඒ අය ලස්සනට ඒක ගත කරනවා.. කරන්න දෙයක් නෑ. ඒත් ඒක තමයි දෛවය..
මං දන්න තරමින් ඇස් දෙකක් නැති මනුස්සයෙක්
කවදාවත් පසුතැවෙන්නේ නෑ.. තමන්ගේ ඒ අඩුපාඩුව ගැන. නමුත් හැමදේම තියෙන මේ ඔබ, මම..
මොනතරම් පසුතැවිලි වෙලා ඇත්ද? අරක නෑ මේක නෑ කියලා.. හිතට එකඟව කල්පනා කරලා බලන්න වෙනස… අන්ධ මනුස්සයට උදයක් දහවලක් රැයක් නෑ.. හැමදාම තියෙන්නේ අඳුරක්.. ඒත් ඒ අයට අපිට නැති එක දෙයක් තියෙනවා.. ඒ තමයි සංගීතය… ඒ අය ලෝකේ ඇසෙන හැම ශබ්ධයකටම ඇස් පෙනෙන කෙනෙකුට වඩා ඔවුන් අවධානයෙන් සවන් දෙනවා. ඒ අයට ඒක තමයි සංගීතය.
අඩි සද්දයක්, කුරුල්ලෙක්ගේ හඬක්, මිනිස් කටහඬක්. ආදී මිලියන ගණනක් වූ සංගීත ඛණ්ඩ.. ඒ අයගේ මෙමරියේ තියෙනවා. ඇස් පෙනෙන කෙනෙකුට එය විඳින්නට හැකිද? බැරි කමක් නෑ.. උත්සයක් දරන්න පුළුවන්… අත්හදාබැලීමක් කරන්න පුළුවන්.. හැබයි ඒකට ඇත්තටම අන්ධයෙක් වෙන්න වෙනවා.. මේ.. එහෙම කෙනෙකුගේ කතාවක්…
Sriram Raghavan අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය සඳහා රංගයෙන් දායක වෙන්නේ බොලිවුඩ් නව පරම්පරාවේ දක්ෂ රංගන ශිල්පියෙකු වන අයුශ්මාන් කුරානා එහෙමත් නැත්නම් ඔබ අපි කවුරුත් දන්න විකී ඩෝනර් විසින්. අයුශ්මාන් එක්කලා තවත් සුරූපිනියන් දෙන්නෙක් මේකට රංගනයෙන් තවත් එක වෙනවා. ඒ තාබු සහ රාධිකා ආප්තේ. ඉතින් විචාරකයින් පවසන ආකාරයට මේකේ සාර්ථකත්වයට අයුශ්මාන්ගේ අති දක්ෂ රංගනය, තාබුගේ අතිදක්ෂ රංගනයෙන් මුසුවුන සංවේදී නමුත් භයානක/අභිරහස් චරිතය, ශ්‍රීරාම් රාඝවන්ගේ සුවිශේෂී අධ්‍යක්ෂණය, දක්ෂ පසුබිම් සංගීතය සහ චිත්‍රපටියේ අදහාගත නොහැකි අවසානය බලපෑවා කියලා තමයි කියන්නේ. සංගීතය ගැන මතක් කරද්දී Amit Trivedi, Raftaar, Girish Nakod තුන් දෙනාගේ අතිදක්ෂ ස්වර මුසුවෙන් තැනුණු පසුබිම් සංගීතය සහ ගීත අතලොස්ස මේ චිත්‍රපටයේ රසය තවත් වැඩි කරනවා කියන්න පුළුවන්. චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා සංගීතයෙන් පිනවීමට ත්‍රිවේදි ඇතුළු කණ්ඩායමේ සප්ත ස්වර මුසුව සමත් වනවා.
ඉතින් මේ චිත්‍රපටිය වැඩි ප්‍රචාරණයකට භාජනය කරපු එකක් නෙවෙයි. නෝමල් එකෙ සද්ද නැතුව ඇවිත් තිරගතවෙලා මිනිස්සු අතරට ගියපු එකක්.සාකච්ඡාවකදී අයුශ්මාන්ගෙන් ඇහුවම ඇයි මේ චිත්‍රපටිය වෙනුවෙන් වැඩි ප්‍රචාරණයක් දුන්නේ නැත්තේ කියලා ඔහු පිළිතුරු දීලා තිබෙන්නේ. ඔහු සිතන ආකාරයට මේ චිත්‍රපටියේ ශෛලිය ගැන වැඩි යමක් කතා කිරීමට නොහැකි බවත්, මේ චිත්‍රපටිය අභිරහස් කතාවක් සම්බන්ධ එකක් නිසා හැමෝම ඔහුගෙන් තමන් ඇත්තටම අන්ධ කෙනෙක්ද නැද්ද යන ප්‍රශ්නය අසන බවත් නිසා මේ චිත්‍රපටය සුපුරුදු ආකාරයේ ප්‍රචාරණයක් නැතුව සාමන්‍ය විදිහට එළිදක්වන්න අපි කණ්ඩායම තීරණය කරා වගේම මේ චිත්‍රපටිය මිනිස්සු අතරට කටින් කට ගලාගෙන ගොස් ප්‍රේක්ෂකයින් චිත්‍රපටිය නරඹලාම මේ ගැන තේරුම් ගනීවි කියලා ඔහු එවිට ප්‍රකාශ කර තියෙනවා. ඉතින් ඒ විදිහටම මේ චිත්‍රපටිය නිකුත් වූ දිනයේ පටන් මේ සඳහා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රසාදය සහ විචාරක අගය කිරීම අති ඉමහත් එකක් වූවා. සමාජ ජාලා පුරාම මේ චිත්‍රපටිය පිලිබඳ දැඩි පැසසුම් දක්නට ලැබුණා.
ඒ වගේම මේ චිත්‍රපටිය ගැන තවත් වැදගත් කරුණු කීපයක් මං මේ විදිහට ඔබට ගෙනහැර දක්වන්නම්
- අයුශ්මාන් කුරානා මේ චිත්‍රපටියේ එන අන්ධ පියානෝ වාදකයාගේ චරිතය වෙනුවෙන් මාස දෙකක කාලයක් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි අක්ශේ වර්මා නම් පියානෝ වාදකයෙකු යටතේ පුහුණුව ලබා තිබෙනවා.
- මේ චිත්‍රපටිය IMDB ලැයිස්තුවේ විශිෂ්ඨතම ඉන්දියානු චිත්‍රපටි දහය අතරට එක්ව තිබෙනවා
- රූගත කිරීම් ආරම්භයට පෙර මේ චිත්‍රපටියේ නම The Piano Player ලෙසින් නම් කරගෙන තිබුනත්, ඉංග්‍රීසි නමකට කිසිවෙකුගේ උනන්දුවක් නැති නිසා පසුව එය අන්ධාධුන් ලෙසන් වෙනස් කර තිබෙනවා.
- මේ චිත්‍රපටිය සඳහා The Piano Tuner (2010) නම් කෙටි චිත්‍රපටියද පාදක කරගෙන තිබෙනවා.
- මුලින් මේ චිත්‍රපටිය සඳහා අනිල් කපූර්ගේ පුත් හරිෂ්වර්ධන් කපූර් රඟපෑමට ගිවිසුම් ඇතිකරගෙන තිබුනත් යම් හේතුන් නිසා ඔහු මෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
- ඒ වගේම ප්‍රවීන නළු අනිල් ධවාන් මේ චිත්‍රපටය සඳහා වසර පහකට පසු නැවත පැමිණෙනවා.
- චිත්‍රපටය ආරම්භයේඩි අයුශ්මාන් විසින් පියානෝවක් වාදනය කරනු ලබනවා. ඒ සඳහා කවායි නම් ජපන් සමාගමකට අයිති පියානෝවක් තමයි යොදාගෙන තියෙන්නේ.
- ඒ වගේම අධ්‍යක්ෂක රාඝවන් මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සඳහා කිසිදු විෂුවල් දර්ශනයක් යොදා නොගෙන කළු තිරයක දෙබස් වල ශබ්ධය ඇසෙන ආකාරයට පමණක් සකස් කරන්න තමයි මුලින් හිතාගෙන ඉඳල තියෙන්නේ. එයට හේතුව ලෙස ඔහු පවසා තිබුනේ මේ චිත්‍රපටිය අන්ධ පුද්ගලයෙක් ගැන චිත්‍රපටයක් නිසා ඒ හැඟීම ප්‍රේක්ෂකයින්ට දන්වන්නට ඔහුට වුවමනා බවත්, එමෙන්ම පූර්ව ප්‍රචාරක පටයට කිනම් හෝ වීඩියෝ දර්ශනයක් එක්කල හොත් මෙහි ඇති කුතුහලය පොඩ්ඩකින් හරි අඩුවන බවත්ය. කෙසේ හෝ තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව එයට දර්ශන කීපයක් එක්කරන්නට අන්ධාධුන් කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ සිද්ද වෙලා තියෙන්නේ. කෝම උනත් කිරුළු නොපැලඳුවත් අයුශ්මාන් කියන්නේ බොලිවුඩයේ සුපිරිම සහ දක්ෂම රංගන ශිල්පියෙක් කියලා නැවතත් ඔප්පු කරන්නට ඔහු මේ චිත්‍රපටියෙන් සමත් වෙනවා. ඉස්සරහට තවත් චිත්‍රපටියක් එන්නට නියමිතව තියෙනවා අයුශ්මාන්ගේ බධායි හෝ කියලා. මේ වසරේ අවසන් කාර්තුව බොලිවුඩ් සිනමා රසිකයින්ට හොඳ චිත්‍රපටි වරුසාවක්ම ලැබෙන ලකුණුයි මේ වෙද්දී පෙනෙන්නට තිබෙන්නේ. අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් මේ වගේ චිත්‍රපටියක් මග ඇරගන්න එපා කියල තමයි. එහෙම උනොත් ලොකු පාඩුවක් වෙයි. මොකද මේ අවුරුද්දේ ආපු සුපිරිම චිත්‍රපටියක් වගේම බලල ඉවරවෙද්දි හික් ගෑවෙන්නම හදපු චිත්‍රපටියක් තමයි මේ චිත්‍රපටය.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ එන්නේ නත්තල් මාසය. ඉතින් ඉස්සරහට ගොඩක් චිත්‍රපටි නිකුත් වෙනවා. ටෙලි කතා නිකුත් වෙනවා. නිවාඩු කාලේ නිසා ගොඩක් අය කැමතියි නිවාඩුව සතුටින් ගත කරන්න, පාඩුවේ විඳින්න. ඉතින් සිනමාවට වගේම ටෙලිකතා අවකාශයට නිකුත් වෙන හැම නිර්මාණයක්ම ඔබේ රසවින්දනය වෙනුවෙන් හැකි ඉක්මනින් ඔබ වෙත ලඟා කර දෙන්න බයිස්කෝප් කණ්ඩායම සැදී පැහැදී සිටිනවා. දිගටම රැඳී සිටින්න කියල ආරාධනා කරනවා. ඒ වගේම ඔබේ රසවින්දනය වෙනුවෙන් තමන්ගේ කාලය කැපකරන උපසිරැසිකරුවන් හැමෝවමත් මේ නත්තල් මාසේ එකදිගට පැමිණෙන චිත්‍රපටි ටෙලිකතා නොපමාව ඔබවෙත ගෙනත් දෙන්න සැදී පැහැදී ඇඟිලි තුඩු දහයම සූදානම් කරගෙන මග බලාගෙන ඉන්න උපසිරැසි කණ්ඩායමේ සහ ඇඩ්මින් මණ්ඩලයේ සහෘදයින් හැමෝමවත් හැකි අයුරින් වචනයකින් හෝ දිරිමත් කරන්න කියල ඉල්ලනවා. ඒ වගේම හදපිරි ස්තුතිය පුද කර සිටිනවා අප හා දිගටම රැඳී ඉන්න, අදහස් එක් කරන, අඩවියට පිවිසෙන ඔබ සැමටත්. බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් උපසිරැසිකරුවන් සැමටත්. එහෙනම් ආයෙත් ඉක්මනට හමුවන බලාපොරොත්තුවෙන් මං අදට විසිවෙනවා. ඔබ සැමට ජයෙන් ජය..!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip / BR පිටපත් සඳහා වලංගු වේ.
26,104 downloadsDownload Andhadhun-2018-BR-Update-1.zip105 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
111 comments
baiscope_chandima
Tharaka Nuwan Dilhara
නත්තල්නේ..
Athula Kariyawasam
සබ් එක දෙනක්ම බලාගෙන හිටියෙ.
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
දෙවෙනි කමෙන්ට් එක මගෙන් .! බොහොම ස්තුතියි උපසිරැසියට මල්ලි..!
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
isuru srinath sjs
Thanks thanks bn... Proper HDRip sub ekamai balaporoththu une.. Thanks bn..
Rasanjana118
Thanks bro
Moksha
Thanks bro...
ridmal
Thanks bro
ශසිත් සඳරුවන්
සුපිරියක් තමයි ඉතින්.
මේක නම් අද හෙටම බලන්න ඕන.
සබ් එක දවසෙන් දුන්න එකට බොහොම තුති කිව්වා..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!දමිත් රත්නායක
බොහොම ස්තුතියි තාරක සහෝ සිංහල උපසිරැසියට.
කදිම, අගනා, ලස්සන විස්තරයක් බොහොම මහන්සි වෙලා ලියලා තියෙනවා.
ජය වේවා සහෝ.Prabodha Madhusankha Hettiarachchi
Wow supirima movie ekak wageee. Godak sthuthi aub ekata jaya wewa...!
IndunilN
ස්තූතියි සහෝ සබ් එකට,
කොහොමහරි දවසෙන් සබ් එක දුන්න නේද,
සුපිරිShehan putha
ස්තුතියි සහෝ
ජය වෙිවා !කවිශල් රසින්ත (කවී)
බොහොම තුති අයියේ සබ් එකට. එනකන් හිටපු එකක්....ජය වේවා...!!!
Thisal
thanks :)
Jumanji
Elama bn.
geeganagamage
බොහොම ස්තුතියි මේ සිදුකරනා සේවය වෙනුවෙන් .
thusithaltr
තුතිවේවා! තාරක.
Shan
sub එකට වගේම ලිපියටත් කොයිතරම් මහන්සි වෙලා තියෙනවද කියලා හොයාගෙන තියෙන කරුණුවලින්ම පේනවා.
ඉතින් මෙහෙම වුනහම comment නොකර කොහොමෙයි.. :D
බොහොම ස්තූතියි තාරක සහෝ sub එකට වගේම සුපිරි විස්තරයටත්. ❤
කස්ටිය comment 1ක් දාගෙන යනගමන් කොල්ලගෙ මහන්සියට කරන උදව්වක් විදියට vote 1කුත් දාගෙන යමුද??
ජයවේවා!Gathsara Umesh
Niyama lipiya ayyee...
Bhoom sthuthi..sooriyapatabadige
Thanks for sub bro ......(surya vs surya 2015) film ekata sub dennako bro please.....
imyk
ගොඩාක් ස්තුතියි... Radhika Apte ඉන්න නිසා එනකන් බලන් හිටියෙ...
ranga11112
thanxx malli
hawi
thanks for the sub bro.jalebi movie ekata sub denna puluwannam loku deyak machan.
Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!subodha
Thanks
SadeepaT
Sub ekata thanks....enakal balan hitapu film ekak,supiri
Viraj
lipiyatayi sub ekatai thanks saho... jaya wewa!!
sampath n perera
niyamai ... honda lipiyak . digatama
honda flim karamu.... jayawewa....oshanda
thanx sahoo..
mayura_lanka
thanx bro.. jayawewa.....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nisala_d
Thank you bro...!!!
nish47
thanks mchn
Haritha245
THANK YOU BRO. JAYA WEWA
Achi
Thanks ❤️
ඩොක් අයියා
නියමයි මල්ලියෝ
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචෝ
OsandaFdo
TNq tharka saho..aniwa blnwa..ayushman ge film supiri...best..
supun priyanath
Ela
Thank yousnak
thank you jayawewa
Kulanjana Maduranga
patta ahhh..bamak thama...subata thanks saho....keep it up...
Nirosh C
ස්තුතියි තාරක සහෝ.ජයවේවා!
ආසිරි ප්‍රියන්ත
තද තද බ්‍රෝ, හෙන මහන්සි වෙලා තියෙනවා විස්තර හොයාගන්නම නෙහ්.
දැන් හිටු කියලා සබ දෙනවනේ. මොකද්ද රහස. ඔන්න බාන්න දාලා කමෙන්ට් කරන්නේ.
බලලම කතා කරමුකෝ මේ ගැන.ආසිරි ප්‍රියන්ත
අහ්හ්, ඔන්න ඉතිං ගත්තු අලුත්ම ලැප් එකෙන් බාන මුල්ම ෆිලුම මේක ඈ...
Ayesh Prashan
Thank You
Pradeepkumara
thanx broooo
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...මෙහෙම ඒවා කොහොම මගහරින්නද..තවත් උපසිරසකින් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!!!
N_R
Thank You.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ammo dila thaz bro..
dan patta ikman...