එදා රෝමියෝ ජුලියට්ව ජය ගත්තා නම් ඔබ අද එවන් ආදර කතාවක් ගැන දැන ගන්නේද නැත…. එදා දස්කොන් ප්‍රමිලා දිනුවානම් ඔබ අද ආදරයේ ගැඹුරුම තැන් ගැන ඉගෙන ගන්නේද නැත…. එදා ජැක් රෝස්ට හිමිවූවා නම් ටයිටැනික් ඔබේ හදවත මෙතරම් තෙත් කරන්නේද නැත…. එදා ලොවීනා මෙට්ලන්ඩ්ට හිමිවූවා නම් ඔවුන්ගේ ප්‍රේමයෙන් ඔබට කිසිදු වැද්දගම…
එදා රෝමියෝ ජුලියට්ව ජය ගත්තා නම්
ඔබ අද එවන් ආදර කතාවක් ගැන දැන ගන්නේද නැත….
එදා දස්කොන් ප්‍රමිලා දිනුවානම්
ඔබ අද ආදරයේ ගැඹුරුම තැන් ගැන ඉගෙන ගන්නේද නැත….
එදා ජැක් රෝස්ට හිමිවූවා නම්
ටයිටැනික් ඔබේ හදවත මෙතරම් තෙත් කරන්නේද නැත….
එදා ලොවීනා මෙට්ලන්ඩ්ට හිමිවූවා නම්
ඔවුන්ගේ ප්‍රේමයෙන් ඔබට කිසිදු වැද්දගමක්ද නැත….
එමෙන්ම එදා ඩේන්ට වාවාව හමුවූවා නම්
අද ඔබ මේ සිනමාසිත්තම නරඹන්නේද නැත….
ඉතින් ප්‍රේමය යනු එක්වූවන්ගේ රජදැක්ම නොව
එක් නොවූවන්ගේ හදගැස්මම නොවේද හිතවත….?
අවසරයි නරඹන්න
” ආදරනීය ආදරයේ නාමයෙන්…. “
මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Lust Caution (2007) ආදරනීය ඔත්තුකාරිය… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන ෆිල්ම් බල බල ඉන්නකොට හම්බ උන වෙනස්ම විදියේ ඕස්ට්‍රේලියානු ෆිල්ම් එකක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 6.9 ක් rotten Tomatoes වර්ගීකරනයේ 91% එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරල සම්මාන 8ක් සහ නිර්දේශවීම් 17 ක් ලබාගත්තු සුපිරිම ඕස්ට්‍රේලියානු ෆිල්ම් එකක්. තව දෙයක් 2017 අවුරුද්දේ පැවැත්වුන ඔස්කාර් සම්මාන උලෙළේදී හොදම විදේශ භාෂා චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ වෙන්නත් මේ සිනමා සිත්තමට පුලුවන් උනා. කෙටියෙන්ම කිව්වොත් මිනිත්තු 100ක් යනකල් වෙනමම ලෝකෙකට පාවෙලා යන්න පුලුවන් ෆිල්ම් එකක් ලගදි බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක.
මම මේ ෆිල්ම් එකේ කතාව ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ, මොකද මේක බලලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් කතාවක් නොවෙන නිසා. මතුපිටින් බැලුවොත් නම් මේ ෆිල්ම් එකේ ලස්සන ආදර කතාවක් රසවිදින්න පුලුවන් වෙයි. ඒත් නිකම්ම නිකං ආදර කතාවකට පුලුවන් වෙයිද ලෝකෙ පුරාවටම එක අවුරුද්දකදී හැදෙන දාස් ගානක් ආදර කතා පැත්තකට විසි කරලා දාලා හොදම විදේශ භාෂා චිත්‍රපටියට පිරිනැමෙන ඔස්කාර් සම්මානය වෙනුවෙන් නිර්දේශ වෙන්න…? හොද අවධානෙන් බලන් ඉන්න ඒ ආදර කතාවට යටින් හරි අපූරු තවත් කතාවක් දිව යනවා. නිකම්ම නෙමෙයි ඔලුගෙඩිය අතගගා රිදෙන්නම ටොකු ඇන ඇන… මීට වඩා දෙයක් නම් කියන්නෙ නෑ. මොකද ඒ ඇනුන ටොකු වලට පිංසිද්ද වෙන්න තමයි රෑ නිදි මරාගෙන එලිවෙනකොට මේ සබ් එක හදලා ඉවර කලෙත්. මොකද ඒවා එච්චරටම රිදුනා. වාසනාවන්තයෝ නරඹත්වා කියල තමයි ඉතිං කියන්න තියෙන්නෙ. මොනා උනත් පුලුවන්නම් මේ ෆිල්ම් එකෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න උත්සාහ කරන්න. ” ඇත්තටම බොහොම දියුණු ශිෂ්ට සම්පන්න මිනිස්සු කියලා කියන්න ඕනෙ එයාලටද අපිටද….? “
ලගදීම තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…….!
බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලේ දැනුම්දීම
මෙම චිත්‍රපටයේ දකුණු ෆැසිෆික් සාගරයේ ටනා දුපතේ යකාල් ගෝත්‍රිකයන්ගේ කතාවක් ලෙස නිර්මාණය වි ඇති හෙයින් ඔවුන්ගේ ඇඳුම් පැළදුම් ඇතුලත්ය. එය දියුණු ශිෂ්ට සම්පන්න ලෙස සිතාසිටින අප සමාජය අඩනිරුවත් ලෙස හුවා දක්වන හෙයින් චිත්‍රපටය නැරඹීමේදී සැලකිලිමත් වෙන්න. අප මෙය 18+ ලෙස වර්ගීකරණය නොකරමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,076 downloadsDownload Tanna-2015.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
42 comments
Bandaramudiyansi
Bandaramudiyansi
මෙවගෙ බලන්න අස කරන චිත්‍රපටයක් ලබාදුන්නට ඔයාට නැවත වාරයක් ස්තුතියි මල්ලි .සතුටුයි .හොයල ගන්න ඔනේ...
Rvmendis85
Thank you bro...
හසිත මධුෂාන්
කවුරු උනත් ඇඩ්මින් මණ්ඩලේ මේ සබ් එක පබ්ලිශ් කරන්න කලින් හරි අවබෝධයකින් මේ ෆිල්ම් එක රසවිදලා තියෙන හැඩයි...
ඇඩ්මින් මණ්ඩලේට බොහොම ස්තූතියි මේක 18+ විදියට වර්ගීකරණය නොකරපු එක වෙනුවෙන්...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!sanjeewakbg
thanks sub ekata bro...
palithadesilva
thank you..
lakmal chathuranga
tank you sho niyama wedak awage wenas wediye film walata upasirusi karanna jayawewa
Hashan M. Priyadarshana
Thank you broo sub ekata...
Jaya wewa!Hemantha De Silva
ස්තුතියි හසිත...
විවිධ භාෂාවල ච්තුපටි රැගෙන එනවාට....Tharaka
THANKS.......................
Mg Weerasingha
thankz machan... patta.... ubala danne nathi unata godaak welawata bisecope eke ubalage hadinweema balalama balapu film ona tharam thiyanawa
indika75
thanks..
thusithaltr
අපූරු සිනමා සිත්තමක් උපසිරැසි ගැන්වූවාට බෙහෙවින් ම තුති.
New day
සුපිරි machan
ranga11112
thanxx hasitha saho
Suranjan
Thanks machan......jayawewa......!
Viraj
thanks saho... jaya wewa!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nish47
ela mchn
nalindaslv
Sub ekata thanks.....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
බොහොම වටිනා කියන විස්තරයක්.
ජයෙන් ජය.Kulanjana Maduranga
subata thanks saho....
Athula
Thanks ...
prasakr
jaya wewa
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
අදහසක් දක්වන්න නතර වෙලා ගිය හැම දෙනෙක්ටම බොහොම ස්තූතියි....!
D.Chamara
bohoma sthuthi sahooo jaya
Milinda Sadaruwan
thanks broo
akalankagayan
Thnx ....
Manura Sathsarindu
උපසිරසියට බොහොම ස්තූතියි !
chinthaka_priyadrshana
Thank u saho............
AsithaDilruwan
ela saho thanks
nilantha7
thanks
randima Isuru
Elaaaaa
bgalajee
උපසිරැසියට බොහොමත්ම ස්තුතියි මල්ලි..
ඒ වගේම ඇඩ්මින් මඩුල්ලේ පසුවදනද අගය කරනවා...Nivom
උපසිරසියට බොහොම ස්තූතියි,,
chandika1975
thank you for the subtitle.
Dewadithya
Thanks for Sub!
mangalaP
Thank you....
Hassy
මම බලන්න කැමති විදිහෙම ෆිල්ම් වලට sub දෙන්නේ හසිත මදුෂාන් තමා ඉතින්. ස්තුතියි මචෝ .
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ලිපිය කියවම් එද්දී ගන්නවද නැද්ද කියල තිරනය කරම් එද්දී ...ශා විදේශීය චිත්‍රපටයක් ,සම්මාන ගත්තු.. මෙව්වගෙ වෙනස් චිත්‍රපට අසාවෙන්ම උපසිරැස ගන්නවන එකට ගොඩක් ස්තුතියි .. එක ලිපිය කියෙව්පුවම තෙරුම් ගත්ත.thx for sabtitel