මේක කවුරු හරි කෙනෙක් ක්‍රම ලේඛනය කරපු මැශින් එකක් විතරයි. මේක මිනිස්සු වගේ නෙවෙයි. අපි එක වගේද? අපිවත් කවුරුහරි ක්‍රම ලේඛනය කරල! මම ඒකට කියන්නෙ දෛවය කියල. ඉතින් මේ චිත්‍රපටය වෙනස්ම කතාවක්. මේක DRAMA | Sci-Fi | COMEDY යන කණ්ඩ යටතේ තමයි වර්ගීකරණය වෙල තියෙන්නෙ. Sci-Fi කිව්වට වෙනදට දකින විදියෙ එකක් නෙව…

මේක කවුරු හරි කෙනෙක් ක්‍රම ලේඛනය
කරපු මැශින් එකක් විතරයි.
මේක මිනිස්සු වගේ නෙවෙයි.
අපි එක වගේද?
අපිවත් කවුරුහරි ක්‍රම ලේඛනය කරල!
මම ඒකට කියන්නෙ දෛවය කියල.
ඉතින් මේ චිත්‍රපටය වෙනස්ම කතාවක්. මේක DRAMA | Sci-Fi | COMEDY යන කණ්ඩ යටතේ තමයි වර්ගීකරණය වෙල තියෙන්නෙ. Sci-Fi කිව්වට වෙනදට දකින විදියෙ එකක් නෙවෙයි. මේකෙන් කතා වෙන්නෙ ජීවිතේ ගැන යතාර්ථය. Vikruthi ෆිලුමට පස්සෙ Suraj Venjaramoodu, Soubin Shahir දෙන්නම එකට රංගනයෙන් දායක වෙනව මේ චිත්‍රපටය තුලත්. ඔවුන්ගේ හැකියාව ගැන කතා කරන්න දෙයක් නෑනෙ. Soubin Shahir, Suraj Venjaramoodu, Saiju Kurup ඇතුලු දක්ෂයන් පිරිසක් තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ. ප්‍රේක්ෂක ප්‍රතිචාරත් අති විශිෂ්ටයි.
· අධ්‍යක්ෂණය : Ratheesh Balakrishnan Poduval
· කතාව : Ratheesh Balakrishnan Poduval
· නිශ්පාදනය : Santhosh T. Kuruvilla
· IMDb අගය : 8.7/10
· ධාවන කාලය : පැය 2 මිනිත්තු 20
· සංගීත අධ්‍ය… : Bijibal
· නිකුත් වූ දිනය : 2019 නොවැම්බර් 8
අන්තර්ජාලයට නිකුත් වූ පෝස්ටර :

කතාව පැත්තට හැරෙමුකො. අපේ Soubin මේකෙදි මුණගැහෙන්නෙ සුබ්‍රමනියම් විදියට. සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙක්ගේ කැරැට්ටුවකට තමයි පණ පොවන්නෙ. සුබ්‍රමනියම්ට ආදරේට චුප්පන් කියල කියමු. චුප්පන්ගෙ තාත්ත තමයි බාස්කරන්. බාස්කරන් මහත්තය එක්ක ජීවත් වෙන එක ලේසි නෑ. ඒ වගේම චුප්පට ඉංජිනේරුවරයෙක් විදියට සුදුසුකම් තිබිලත් රස්සාවකටවත් යන්න ඉඩ දෙන්නෙ නෑ. චුප්පට ඉවසන්නම බැරි තැන රුසියාවෙ රස්සාවකට යනව. චුප්ප නිවාඩුවට ගෙදර එනකොට ඕන්න අරන් එනව ඇන්ඩ්‍රොයිඩ් රොබෝ කෙනෙක්. තාත්තගෙ සාත්තු සේවකය විදියට තමයි මේ රොබෝව අරන් එන්නෙ. ආන්න ඒ රොබෝට විවිධ සිදුවීම එක්ක ගමේදි කුන්ජප්පන් කියන නම පටබැඳෙනව. ඊට පස්සෙ… හොඳ හොඳ රස කතා ගොඩක් තියෙනව. ඔයාලටම තමයි බලාගන්න වෙන්නෙ. මෙහෙම කියල තේරුම් කරවන්න පුලුවන් කතාවක් නෙවෙයි මේක.
බොහෝ විද්‍යා ප්‍රබන්ධ සිනමා නිර්මාණය වලදි තාක්ෂණය කියන දේ විස්වාස කරන්නත් බැරි තරමටම තියෙනවනෙ. ඒත් ඒ කාණ්ඩය යටතේ වර්ගීකරණය කරල තිබුණත් මේක හාත්පසින්ම වෙනස් කතාවක්. හදවතට තට්ටු කරන ෆිලුමක් වෙයි. මලයාලම් සිනමාව තුල මේ වගේ නිර්මාණයක් දැක ගන්න වෙන පළමු අවස්තාව තමයි මේ. ඒ නිසා ඔබව පුදුමයට පත් වෙන වෙනස් දේවල් ගොඩක් මේක තුල තියේවි. ඔයි හැමදේම එක්කම අම්බානෙකට හිනාවෙන්න පුලුවන් කොමඩි කෑලිත් අඩු නැතුවම තියෙනව. ඒ හිනාව සමතුලිත කරන්න ඊට හරියන සංවේදී තැනුත් තියෙනව. ඒ වගේ දේවල් එක්ක ඉතා ආකර්ශනීය විදියට ගලා යනව. ඉතින් මේ හදවතට කතා කරන කතාව බලන්න කියල සියලු දෙනාටම ආරාධනා කරනව.
චිත්තවේග සහ ක්‍රම ලේඛනය කරන ලද මනස අන්තර්ක්‍රියා කරන විට නොසිතූ විරූ දේ සිදුවෙන්න පුලුවන්. ඒ නිසා තාක්ෂණයේ වැඩි දියුණු වීම ගැන ප්‍රවේසම් විය යුතුයි.
මේ චිත්‍රපටිය මට වෙන් කරල දුන්න හසන්ත වික්‍රමරත්න සහෝදරයත් ඇතුලු බයිස්කෝප් සියලු දෙනාවම මතක් කරන්න ඕන. ඉක්මනටම අලුත් ෆිලුමකින් හම්බවෙමු. සබ් එක ගැන, ෆිලුම ගැන ඔයාලගෙ අදහස් යෝජනා පහලින් කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. අමතක නොකර කියන්න තියෙන දෙයක් කියාගෙන යමු…
සුභ දවසක් වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper Malayalam True HDRip පිටපත් සඳහා අදාළ වේ.
7,632 downloadsDownload Android-Kunjappan-Ver-5.25-2019-updated.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් ජලිත
Subtitles
21 comments
Udaya Saman
rangika Kariyawasam
නියමයි ජලියා. සුපිරියක් එනකම් මග බලන් හිටියේ.තද ජය වේවා
wajira
Thanks for sub
pitcher bro
Ane puluwannam fear the walking dead season 3 denna
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Niharika
Nice introduction and have presented the story line uniquely.All the best
arawindasunimal
ස්තුතියි උපසිරසියට (කසුන් ජලිත) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
tharidu16
thanks machooooooooo
tharidu16
thanks pin
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
ස්තූතියි සහෝ
dinuka 1
Thnks for sub
Lalani Maduwanthi
Harima lassanay movie 1ka,,,,,KASUN MALLI
Shehan putha
Thanks kasun
Thisara karunanayaka
Thanks bro sub eakata
wenas flim eakakකවිනු වීරක්කොඩි
සූරජ්ගෙන් දැකපු හොඳම ඇක්ටින්වලින් එකක්!
මිනිහා තමා කතාවම ඇදගෙන යන්නේ...
ස්තූතියි උපසිරැසියටAnonymous
සුරජ් සහ සුපර්බ් මූවි.. සබ් වලට ස්තූතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Vishwa sasanka
Thank you
Ruchira Ravisara
Ade kalekin baluwa mara a lassna film ekak mara hitata vaduna.thanks saho meka arn awata a wagemai baiscopelk team ekata. Digatma me wage euwa demu.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොමතුති මලේ බලන් හිටපු එකක්.සබ දෙනකන්.මලයාලම් ටික අතාරින්නෙම නැ වගේ.දිගටම දෙමු.ජය