කොහොමද ඉතින් කට්ටියට? ආයෙත් හිතුවට වඩා ඉක්මනට චිත්‍රපටියක් අරගෙන එන්න ලැබුනා. කට්ටිය සොම්බි චිත්‍රපට එහෙම බලල ඇති ඕනෙතරම්. එතකොට සංගීතමය එහෙමත් නැත්තන් මියුසිකල් චිත්‍රපටි එහෙමත් බලල ඇති. එතකොට ඒ දෙක එකට තිබ්බොත් කොහොමද? අන්න ඒවගේ සොම්බි මියුසිකල් එකක් තමා මෙදා පාර අරගෙන ආවෙ. කලින් බාර අරගෙන තිබ්බෙ…

කොහොමද ඉතින් කට්ටියට? ආයෙත් හිතුවට වඩා ඉක්මනට චිත්‍රපටියක් අරගෙන එන්න ලැබුනා. කට්ටිය සොම්බි චිත්‍රපට එහෙම බලල ඇති ඕනෙතරම්. එතකොට සංගීතමය එහෙමත් නැත්තන් මියුසිකල් චිත්‍රපටි එහෙමත් බලල ඇති. එතකොට ඒ දෙක එකට තිබ්බොත් කොහොමද? අන්න ඒවගේ සොම්බි මියුසිකල් එකක් තමා මෙදා පාර අරගෙන ආවෙ. කලින් බාර අරගෙන තිබ්බෙනම් මම නෙමේ. දිල්ශාන් සචින්ත නොහොත් අපේ දතා බාර අරගෙන තිබුන එකක්. මිනිහට ගජරාමෙට වැඩ නිසා ඔන්න මං මිනිහ වෙනුවට මේක අරන් ආවා. ඇහුව ගමන් දුන්නට ස්තූතියි දතෝ 🙂 කතාවෙ වටපිටාව ටිකක් බලමු එහෙනම්.
මේක 2017 එකක් වෙලා තියෙන්නෙ සිනමා උළෙලවල ප්‍රදර්ශනය කර ඇති නිසා. ගිය වසරෙ නොවැම්බර් 18 තමා ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ. imdb අගය 6.2යි. Comedy,Fantasy,Horror කාණ්ඩ නියෝජනය කරනවා. නවක නළු නිලියන් ටිකක් නිසා නම් වශයෙන් හදුන්වන්න ඕන නැහැනෙ. කතාව මෙහෙමයි.
විස්තර කරන්නත් ඒ හැටි දෙයක් නෑ ඉතින්. ඇනා කියන අපේ කතාවේ ප්‍රධාන ගෑනු ලමයා ඇතුළු පිරිස සොම්බි ව්‍යසනයකට මුහුන දෙන එක තමා කතාව වෙන්නෙ. කට්ටිය හැමෝම තාම ඉගෙනගන්න අය. ඉතින් දවසක් දා ඔන්න එකපාරටම මුළු ලෝකයම මේ සොම්බි ව්‍යසනයට ගොදුරු වෙලා. ඉතින් ඒ වෙලාවේ ඇනා ඉන්නෙ එලියෙ. ඇනාගෙ තාත්තා වෙන තැනක. ඉතින් මේ විනාසය දැක්කට පස්සෙ ඇනාගෙ එකම බලාපොරොත්තුව වෙන්නෙ තාත්තව හොයාගන්න එක. ඒ යන අතරමගදී ඇනාට එයාගෙ යාළුවොත් මුනගැහෙනවා. ඉතින් කට්ටියම එකතුවෙලා මේ සොම්බි ව්‍යසනය මැද්දෙන් යන එක්තරා විදියක චාරිකාව එක්ක ඔන්න ඔයාලට එකතුවෙන්න පුළුවන්. අන්තිමේදී ඇනාට තාත්තාව හොයාගන්න පුළුවන් වෙයිද? මේ කට්ටියත් සොම්බි ව්‍යසනයට ගොදුරු වෙයිද? නැත්තන් කට්ටියට බේරෙන්න පුළුවන් වෙයිද? කියන ඒවා දැනගන්න අතරෙදී සිංදු ටිකකුත් අහන්න පුළුවන් ඔන්න. සොම්බි, මියුසිකල් වගේ චිත්‍රපටවලට කැමතියිනම් මෙන්න හොද භාණ්ඩයක්. එහෙනම් තවත් වැඩකින් හමුවෙමු!
හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
2,641 downloadsDownload Anna-and-the-Apocalypse-2017.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
18 comments
තිසර නියෝ
අසංක ප්‍රදීප් රණතුංග
thanks
Tharaka
thanks machan........... !
puluwannam "the prodigy (2019), Ghost House (2017)" film walata sub denna..........harshani11112
ස්තුති යාලුවා
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
subata thanks
hawi
Thnx bro.creed 2 sub denna puluwannam
Dula95
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
Ela saho thanks
chinthaka_shiwantha
good work..all the best..
Thilina Jayarathna
web rip ekta update krpan saho
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!chamod_savishka
suppaa
Minethra
සබ් එකට තෑන්ක්ස්
Ishan.niranga
Good job bro.....
MAALnath
Thanks ..................good luck .................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Anna and the Apocalypse (2017) Sinhala Subtitles | ඇනා සහ ව්‍යසනය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Anna-and-the-Apocalypse-2017.jpg)
Thanks