ඔස්කාර් සම්මානලාභී ස්ටැන්ලි කුබ්‍රික් කියන හොලිවුඩ් සිනමාවේ දැවන්තයෙකුගේ තවත් සුපිරි වැඩක් අරගෙන තමා කාලෙකට පස්සෙ අද මම ආවේ. කුබ්‍රික්ගේ සුප්‍රසිද්ධ Lolita (1962) චිත්‍රපටයේදී මෙම අධ්‍යක්ෂක හා ප්‍රධාන චරිතය රඟපෑ පීටර් සෙලර්ස් දෙදෙනා නැවතත් මේ චිත්‍රපටයේ එකට වැඩ කරනවා. මේ චිත්‍රපටියට උපසිරැසි කරපු හ…

ඔස්කාර් සම්මානලාභී ස්ටැන්ලි කුබ්‍රික් කියන හොලිවුඩ් සිනමාවේ දැවන්තයෙකුගේ තවත් සුපිරි වැඩක් අරගෙන තමා කාලෙකට පස්සෙ අද මම ආවේ. කුබ්‍රික්ගේ සුප්‍රසිද්ධ Lolita (1962) චිත්‍රපටයේදී මෙම අධ්‍යක්ෂක හා ප්‍රධාන චරිතය රඟපෑ පීටර් සෙලර්ස් දෙදෙනා නැවතත් මේ චිත්‍රපටයේ එකට වැඩ කරනවා. මේ චිත්‍රපටියට උපසිරැසි කරපු හේතුව නම් ඇත්තටම ඔය උඩ කියපු කාරණා දෙක නෙවෙයි, ඒ ඇත්තම හේතුව මම ලිපියෙ අගට එකතු කරන්නම්. ස්ටැන්ලි කුබ්‍රික් හා ඔහුගේ සිනමා භාවිතය ගැන සිංහලෙන්ම ලියවුණ ලිපි ඕනා තරම් අන්තර්ජාලයේ තියෙනවා. ඒ නිසාම ඔහු ගැන නොලියා මම මේ චිත්‍රපටිය ගැන ටිකක් ලියන්නම්.
මේක ඇත්තටම හාස්‍යජනක චිත්‍රපටියක්. නිකන්ම නිකන් එකක් නෙවෙයි, political satire black comedy යක්. Red Alert කියලා 1958 දී පීටර් ජෝර්ජ් ගේ ත්‍රාසජනක නවකතාවක් ඇසුරු කරගත් චිත්‍රපටියක්. කොටින්ම 1989 දී ඇමරිකාවේ සංරක්ෂණය කිරීමට තෝරාගත් මුල් චිත්‍රපට කීපයට මෙම චිත්‍රපටයත් අයත් වුණා. ඒ වගේම AFI හී 100 Years…100 Laughs කියන හාස්‍යජනක චිත්‍රපට ලයිස්තුවේ තෙවන ස්ථානයත් මේ චිත්‍රපටියට ලැබුණා.
මේ චිත්‍රපටියේ Peter Sellers චරිත තුනක් කරනවා. හැකිනම් ඒ තුන අඳුනගන්න බලන්න. ඇත්තටම කොලොම්බියා චිත්‍රපට සමාගම මෙයට අරමුදල් ලබාදෙන්න එකඟ වුණේ පිටර් සෙලර්ස් චරිත 4 ක් රඟපාන්න එකඟ වෙනවා නම් තමා. මොකද කුබ්‍රික්ගේ සුප්‍රසිද්ධ Lolita (1962) චිත්‍රපටයේත් පීටර් සෙලර්ස් විවිධ අනන්‍යතා වලට ආදේශක වුණා. හැබැයි අන්තිමේ වෙච්ච අනතුරක් නිසා පීටර්ට රඟපාන්න ලැබෙන්නෙ චරිත තුනක් පමණයි. මේජර් කොන්ග්ගේ චරිතයට එවකට ගොපලු චරිත වලට නමක් දිනා සිටි Slim Pickens ව තෝරාගන්නවා. මෙම චරිතයෙන් පස්සෙ ස්ලිම් පිකන්ස්ගේ ජනප්‍රියතාව තවත් වැඩිවුණා කියල තමා සඳහන් වෙන්නෙ. ඒ වගේම පීටර්ගේ චරිත තුනටම සැබෑ ජිවිතේ චරිත වලින් ආදර්ශයන් හා අනුකරණයන් ලබාගත් බව තමා කියවෙන්නෙ.
තවත් විශේෂ කාරණයක් තමා ජෙනරාල් ටර්ජින්සන් ගේ චරිතය රඟපෑ George C. Scott කියල තියෙනවා මින් පස්සෙ ඔහු කුබ්‍රික් එක්ක වැඩ නොකරන බව. හේතුව තමා සැබෑ චිත්‍රපට චරිතයට පුහුණුවක් ලෙස ලබාගත් වඩා හාස්‍යජනක කොටස් අවසාන චිත්‍රපටයට ඇතුළත් කිරීම. ඒ වගේම සමහර අවස්ථා වලදී සමහර කොටස් කිරීමට ස්කොට් ප්‍රතික්ෂේප කළ විට ඔහුව එයට නම්මවාගෙන තියෙන්නෙ චෙස් තරඟයක් තියලයි. චෙස් ක්‍රීඩාවේ දක්ෂයෙක් වෙච්ච ස්කොට්, කුබ්‍රික් අතින් අන්ත පරාජයක් ලැබුවා කියලයි කියවෙන්නෙ. පසුව ඔහුම සඳහන් කර තිබෙනවා කුබ්‍රික් හා ඔහු එකඟ වෙන කාරණා අඩු වුණත් කුබ්‍රික් කියන්නෙ ඉතා දක්ෂ චෙස් ක්‍රීඩයෙක් කියලා.
ඒ වගේම චිත්‍රපටයේ යුද කාමරය හා ඒ මේසය එවකට තිබ්බ තාක්ෂණය අනුව අති දැවැන්ත වැඩක් කියලයි සැලකෙන්නේ. ඒ වගේම ගුවන් හමුදා යානයේ පියාසර දර්ශන ගන්න ඔවුන් කැමරාවක් සමඟ සැබෑ යානයක පියාසර කරලා තිබෙනවා. ඊටත් අමතරව ඔවුන් හට බෝම්බ යානා වල නියමු කුටියේ ආකෘතියක් සාදාගැනීමට ගුවන් හමුදාවෙන් කිසිම සහයක් ලැබී නෑ. හැබැයි ඔවුන් සඟරාවක තුබූ එකම එක කුඩා රූපයක් භාවිතයෙන් සම්පූර්ණ නියමු කුටියක් සාදාගන්නවා. හොඳම වැඩේ කියන්නෙ පසුව ගුවන් හමුදා නිලධාරීන් එක පරීක්ෂා කිරීමේදි එය සැබෑ ලෙසටම නියම නියමු කුටියක් ලෙස දිස් වූ නිසා, එය ඔවුන් කළ විධිය ඔප්පු කරන්න සිදුවුණා කියලා කියවෙනවා. නැතිනම් තව ටිකෙන් ආකෘතිය හදපු කෙනාට හිරේ යන්න වෙනවා රාජ්‍ය රහස් හෙළිකිරීම මත. මේ සියලුම අතිරේක කාරණා චිත්‍රපටිය ගැන කරන ගූගල් සෙවුමකින් වෙනම වීඩියො එකක් විදියටම බලාගන්න පුළුවන්.
තව වැදගත් දෙයක් තමා මේක මුලින්ම පෙන්වන්න ඉඳල තියෙන්නෙ 1963 නොවැම්බර් 22 යි. හරියටම එදා තමා ඇමරිකාවේ ජනාධිපති ජෝන් F. කෙනඩිව ඇමරිකාවේ ඩලස් නගරෙදි වලදි ඝාතනය කරන්නේ. ඉතින් චිත්‍රපටිය තිරගත කිරීම කල් දාල තියෙනවා 1964 ජනවාරි වෙනකම්. ඒ වගේම චිත්‍රපටියෙ තිබ්බ එක වැකියක් වෙනස් කරන්නත් වෙනවා. ඒ වැකිය තමා” a fella could have a pretty good weekend in Dallas with all that stuff.” කියන එක. ඒකේ ඩලස් වෙනුවට වේගාස් විදියට වෙනස් කරල තමා චිත්‍රපටය ප්‍රදර්ශනයට යවන්නේ. හැබැයි ප්‍රංශ උපසිරැසි සහිතව ඉංග්‍රීසි බසින් තිරගත වෙච්ච පිටපතේ මුල් වැකිය සුරැකිලා තියෙනවා. හරි දැන් අපි ටිකක් කතාව ගැනත් බලමු.
කතාව මෙහෙමයි. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ ලෝක බලවතුන් විදියට ඉස්මතු වෙලා, ලෝකය පමණක් නොව අභ්‍යවකාශයද ඉක්මනින්ම ජයගන්න තාක්ෂණය හා ආයුධ නිපදවමින් උන්න රුසියාව හා ඇමරිකාව අතර තිබ්බ නිරවි යුද සමයේදි එක්තරා ඇමරිකානු ගුවන් හමුදා ජෙනරාල් වරයෙක් විසින් ඒ වන විට ගුවනේ උන්න තම බෝම්බ යානා 34 කට අණ දෙනවා රුසියාවට න්‍යෂ්ටික බෝම්බ දැමීමට. ඔහු සැකකරන්නේ ඇමරිකානු ජලයට රුසියානුවන් විෂ එකතු කරන කුමන්ත්‍රණයක් දියත් වෙන බවයි. එම අණ නිකුත් කරන්නෙ එවකට තිබෙන අසාමාන්‍ය සැලැස්මක් ක්‍රියාවට නැඟීමෙනුයි. හදිසි රුසියානු ප්‍රහාරයකින් ඇමරිකානු ජනාධිපති හෝ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට අණ දිය හැකි ඉහළ නිලධාරීන් මිය ගිය විට, ඊට පළිගැනීමක් ලෙස දෙවෙන පෙළ නිලධාරියෙක්ට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව එම සැලසුම මඟින් හිමිවෙනවා. ඔහු මෙම අණ නිකුත් කිරීමෙන් පසුව, අදාළ යානා විශේෂ කේත ක්‍රමයකට පණිවුඩ හුවමාරුව වෙනස් කරගත යුතුවෙනවා. එසේ කරන්නෙ සතුරා විසින් පණිවුඩ හුවමාරුවට බාධා කිරීමක් හෝ බොරු නියෝගයක් ලබාදීම වැළැක්වීමටයි. එසේ පණිවිඩ ලබාදිය හැකි කේතය තමා සතුව පමණක් තබාගෙන අදාළ ජෙනරාල් වරයා තම හමුදා කඳවුර මුද්‍රා තබාගන්නවා.
ඉතින් මෙම ප්‍රහාරය ගැන දැනගන්නා ජනාධිපති ඇති යුද කවුන්සිලයට මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාවක් ලැබෙයිද? ඊළඟට දැනගන්න ලැබෙන භයානක ආරංචිය කුමක් වෙයිද?
ඔන්න ඕක තමා කතාවේ වෙන්නෙ. හරි කලින් කිව්ව විදියට මම මේකට උපසිරැසි දාන්න හිතුවෙ ඔය කිසි දෙයක් දැනගෙන නම් නෙවෙයි. IMDB Top 250 ලයිස්තුවේ බොහොමයක් අපි සම්පූර්ණ කළත් තව ටිකක් සම්පූර්ණ කරන්න තියෙනවා. ඒ ලයිස්තුව නිරන්තරයෙන් වෙනස් වෙන හින්දා සමහර ඒවා ඇතුළට එද්දි සමහර ඒවා එළියට යනවා. හැබැයි පළමු 100 වෙනසක් වෙන්නෙ හරිම අඩුවෙන්. ඉතින් ඒ මුල් 100 තව දෙන්න තියෙන්නෙ 08 වගේ ගාණක්. අන්න ඒ ලයිස්තුවෙන් තමා මේක මම තෝරගත්තේ. දැන් තව එකක් අඩුවුණා. 🙂 හරි එහෙනම් ආපහු දවසක හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
2,259 downloadsDownload 201902100558baiscopelk.zip107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
18 comments
Kantha_DLA
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewaහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි......!
jagath55
Thanks
Priyantha Dayakeerthi
සොයුර,
මා විශේෂයෙන්ම පැරණි කලාත්මක සිනමාපට තෝරාගෙන නරඹන කෙනෙක්. ඔබ සිංහල උපසිරසි ලබාදුන් එවැනි සිනමාපට සියල්ලම මා මීට පෙර නැරඹුවා. මෙයත් එසේමයි. IMDb 250 තුළ ඇති සිනමාපටවලට විශේෂයෙන්ම කැමතියි. එවැනි එකක් මෙවර තෝරා ගැනීම ගැන ඇත්තෙන්ම සතුටුයි. ඔබේ වෙහෙසින් නිමවූ මේ උපසිරසියට ගොඩක් ස්තුතියි, ඔබට ජය!!!Priyantha Dayakeerthi
අළුත් සිංහල සබ් 100 ක් අතරටවත් මෙවැනි පැරණි එකක් ලබා දීමේ වැඩපිළිවෙලක් ඇතිකරනවා නම් ඉතා වටිනවායයි මා සිතන්නෙමි.
යුරාන් ධනුක (ධනූ)
උපසිරැසියට බොහෝම ස්තූතියි රොයිලි අයියේ...!!! :D
Kulanjana Maduranga
subata thanks saho..
සනිඳු ලක්ඛිත
තව ඩිංගෙන් රොයිලි අයියගෙ සබක් මගහැරෙනවා..වෙලාවට නිකමට වගේ දැක්කේ..බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
AsithaDilruwan
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!Wicki
බොහොම ස්තූතියි
binara vimukthi
Thank you machan
Waruna Kamalawansha
බොහෝම ස්තූතියි මෙවන් සුපිරි සිනමා අත්දැකීම් සිංහලෙන් ගෙන එනවාට
Deex
dn baluwe supirima supiri
technology eka 1960 gananwaladi hithannawath bari widiyata thiyanawa
thank u very much
sathyajith
thanks for the sub
Anonymous
thanx sub ekata
Anonymous
Thank you brother!!
Chandika
Thanks for subtitle
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!