Watch Trailer

Anonymous AKA Hacker (2016) with Sinhala Subtitles | පවුලක් වෙනුවෙන්, ලොවක් කැළඹවූ බාලවයස්කාර හැකර්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ARQ (2016) චිත්‍රපටයේදී පොරොන්දු වුන විදියටම තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන තමයි මේ වතාවේ එන්නෙ. චිත්‍රපටයේ වර්ෂය 2015 ලෙස සටහන් වෙලා තිබුනත්, චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2016 වර්ෂයේදී. එමෙන්ම චිත්‍රපටයේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ, 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ අවසාන දින කිහිපය…

Hacker (2015)

 

ඔන්න එහෙනම් ARQ (2016) චිත්‍රපටයේදී පොරොන්දු වුන විදියටම තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන තමයි මේ වතාවේ එන්නෙ. චිත්‍රපටයේ වර්ෂය 2015 ලෙස සටහන් වෙලා තිබුනත්, චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2016 වර්ෂයේදී. එමෙන්ම චිත්‍රපටයේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ, 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ අවසාන දින කිහිපයෙදී. ගොඩක් වැඩ රාජකාරි බහුල වීම නිසාවෙන් සහ, ඒ අතරතුර කාලයේදී ARQ චිත්‍රපටයත් උපසිරැසි ගැන්වීම යන හේතු නිසාවෙන් මෙම චිත්‍රපටය ටිකක් ප්‍රමාද වුණා. ඇරත්, චිත්‍රපටයේ නම දැක්කම ගොඩක් දෙනෙක්ට තේරේවි, මේක හදිසියට උපසිරසි ගන්වන්න පුළුවන් විදියේ චිත්‍රපටයකුත් නෙමෙයි. චිත්‍රපටය නරඹන අතර වාරයේදී, ඒ බව ඔබට මනාව පසක් වේවි.

Hacking (හැකින්), මේ වචනය ගැන යන්තම් හෝ අසා නොමැති කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. මොකද කියනවා නම්, නූතන තාක්ෂණයේ දියුණුවත් සමගින්, අන්තර්ජාලය හරහා සමස්ත ලෝකයම විශ්ව ගම්මානනයක් බවට පත්වීමත් සමගින්, අප නොදන්නාවූ කරුණු සමුදායක් අප හට දැනගැනීමට වරම් ලැබෙනවා. මේ සියල්ලක්ම අතුරින්, අපගේ සිත ගත නිරායාසයෙන්ම ඇදී යන්නා වූ වචනයක් ලෙසට, මේ Hacking යන වචනයට සුවිශේෂී ස්ථානයක් නිතැතින්ම හිමිවෙනවා. මොකක්ද මේ හැක් කරනවා කියන්නේ… වචනය දන්නවා වුණාට, බොහෝ දෙනෙක් මේ පිළිබඳව හරියාකාරව දැනුමකින් සමන්විත වෙන්නෙ නැහැ. නමුත්, ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට, මෙය නොවෙයි උචිතම පරිච්ජේදය. එම නිසාවෙන්ම, චිත්‍රපටයේ සවිස්තරාත්මක අන්තර්ගතයෙන් පසුව, සියළු දෙනාගේම දැනගැනීම පිණිස, Hacking පිළිබඳව කුඩා සටහනක් තබන්න හිතුවා. කැමති පිරිසට, මෙම ලිපිය අවසානයේ, එම ලිපියද කියවා, ඔබගේ දැනුම පිපාසය සංසිඳවා ගත හැකියි.

ඇලෙක්ස්…උපතින්ම සරණාගත පවුලකින් පැවත එන්නෙක්… අනෙක්විදී දුක් කම්කටොලු මැද අවසානයේ මෙම අසරණ පවුලේ නවාතැන්පල වන්නෙ, ලන්ඩන් නගරයයි. ලොව සිටින්නාවූ සියලුම මිනිසුන්ගේ ප්‍රථම බලාපොරොත්තුව වන්නාවූ සේම, මොවුන්ගේද එකම බලාපොරොත්තුව වන්නේ තමන්ගේම කියා නිවහනක්. මොවුන්ගේ එම සිහිනය මල්පල ගන්වමින්, නිවසක් හිමිවූවත්, බැංකුකරුවන්ගේ ක්‍රියාමාර්ගයන් හේතුවෙන් මොවුන්ගේ සියළු සේසතම අහිමිවී යන තත්වට පත්වනවා… ඇලෙක්ස්, කුඩා කල සිටම පරිඝනකය ඇසුරේ හැදී වැඩුණු තරුණයෙක්. සිය උත්සාහය නිසාවෙන්ම, අන්තර්ජාලය හරහා ඔහු අසීමිතවූ දැනුමක් ලබාගන්නවා. සිය පවුලේ අඟ-හිඟකම් නිසාවෙන්ම, පාසල් යෑම සඳහා ඔහු අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම ආරම්භ කරනවා. නමුත්, දැඩි ආර්ථික ප්‍රශ්න හමුවේ ඔහුට කෙටි කාලීනව, විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට අවශ්‍ය වනවා. මේ නිසාවෙන්ම ඔහු ක්‍රමයෙන් අන්තර්ජාලයේ අඳුරු අඩවියට පය තබනවා. අන්තර්ජාලය තුල සයිබර් ප්‍රහාර සඳහා කුප්‍රකට නමක් සහිත DarkWeb නමින් හඳුන්වන හැකර් කණ්ඩායමක් සමගින් එකතුවන ඇලෙක්ස්, පියවරින් පියවර තම මාර්ගය එලි පෙහෙළි කරගනිමින්, අන්තර්ජාලයේ අදුරු පැතිකඩ තව තවත් තදින් ග්‍රහණය කොට ගන්නවා. කෙසේ හෝ, තමන්ගේම කියා කණ්ඩායමක් සාදා ගන්නා ඇලෙක්ස්ගේ මූලික අරමුණ වන්නෙ කුමක්ද… කිසිවෙකුගේත් ඇස නොගැටෙමින්, සයිබර් ප්‍රහාර එල්ල කරන්නාවූ මෙම DarkWeb කල්ලියේ සැබෑ ස්වරුපය කුමක්ද… අවසානයේ, මේ සියළු දෙනාගේම ඉරණම කුමන ආකාරයකට විසඳේවිද… දහසකට අධික ප්‍රේක්ෂක ජනතාවකගේ මනාපයෙන්, IMDB දර්ශකයේ 6.3 ක අගයකින් සමන්විතව, සත්‍ය කතාවක් ඇසුරින් නිර්මිත වූ මෙම අනගි චිත්‍රපටයේ අවසානය නම්, ඔබ සිහිනෙන් හෝ නොසිතන ආකාරයේ කණපිට ගැසූ අවසානයකින් සමන්විත වන බැව් නොබියව පැවසිය හැකියි.

එසේනම්, තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකින්ම මුණගැහෙමු. කැමති අය පහල ලිපියත් කියවගෙනම යන්න.

Hacking පිළිබඳව උනන්දුවක් දක්වන, ඒ පිළිබඳව මූලික දැනුමක් ඇති-නැති සැමගේ දැනුමට බිඳක්…

මොකක්ද මේ හැක් කරනවා (Hacking) කියන්නෙ
ඇත්තටම හැක් කරනවා කියන එකට විවිධ අන්දමේ විග්‍රහයන් දෙන්න පුළුවන්. ඒත්, හැමෝටම තේරෙන, සරලම ආකාරයට කියනවා නම්, වෙනත් කෙනෙකුගේ අවසරයකින් හෝ දැනුවත් බාවයකින් තොරව, ඔවුන් සතු පරිඝනකයකට හෝ, ජංගම දුරකතනයකට හෝ, ටැබ්ලට් උපකරණයකට හෝ, කුමන ආකාරයේ උපකරණයකට ඇතුළු වී, ඔවුන් සතු දත්ත සොරා ගැනීම හෝ වෙනස් කිරීම හෝ නිරීක්ෂණය කිරීම, Hacking යනුවෙන් සරලවම හැඳින්විය හැකියි.

මේ සඳහා (Hacking) අවශ්‍ය මොනවාද
මෙය, ඒ ඒ අවස්තාව අනුව වෙනස් වෙන්න පුළුවන්.නමුත් මුලිකවම අවශ්‍ය වන්නේ, අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ, අන්තර්ජාලයට සම්බන්ධ කල හැකි විද්‍යුත් උපකරණයක් පමණයි.

ඔවුන්ගේ ගති ලක්ෂණයක් අනුව, හැකර්වරුන්ව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන්කරනු ලබනවා

  • Black Hat
  • White Hat
  • Gray Hat

Black Hat
මොවුන්ව, Unethical Hackers යන නමින් හඳුන්වනු ලබනවා. අන්තර්ජාලයේ අඳුරු පැතිකඩෙහි රජයමින් සිටින්නෙ මොවුන්ය. මෙම චිත්‍රපටය තුලින්, සාකච්ජාවට බඳුන් වන්නේ, මොවුන් පිළිබඳවයි. ලොව පැවැත්මට විශාල වශයෙන් හානියක් ගෙන දෙනවා. විශේෂයෙන්ම, මොවුන් නිරන්තරයෙන්ම නිතීවිරෝධි ක්‍රියාවන්හි යෙදෙනවා. ක්‍රෙඩිට් කාඩ් වංචා, ආරක්‍ෂිත ජාලයන් බිඳ දැමීම, ත්‍රස්තවාදය සඳහා උපකාර කිරීම වැනි ක්‍රියා සඳහා තම දැනුම යොදාගනිති.

White Hat
මොවුන්ව, Ethical Hackers යන නමින් හඳුන්වනු ලබනවා.  Black Hat Hackers වරුන්ගෙන් එල්ල වන ප්‍රහාරයන් මැඩ පවත්වමින්, ලෝක සාමය පවත්වාගෙන යන්නේ මොවුන් විසිනි.  බොහෝ රටවල්වල රාජ්‍ය ආරක්ෂාව උදෙසා වෙනමම මෙවැනි White Hat කණ්ඩායම් පිහිටුවා ඇත. Black Hat හැකර්වරුන්ගේ මනස පිළිබඳව තමා විසින්ම නිගමනයකට පැමිණ, ඔවුන්ගේ ප්‍රහාරයන් හට සාර්ථකව මුහුණ දෙමින්, ප්‍රති ප්‍රහාර එල්ල කිරීමයි මොවුන්ගේ වගකීම වන්නෙ. ඇමරිකාව සහ රුසියාව වැනි රටවල්, ත්‍රස්ත ඉලක්කයන් සොයාගනිමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට මොවුන්ගේ සේවය ඉහලින්ම ලබාගන්නවා.

Gray Hat
මෙම පිරිස, Black Hat සහ White Hat යන දෙවර්ගයේම සම්මිශ්‍රණයකින් සැදුම්ලත් පිරිසකි. විටෙක, නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරතවන අතර, තවත් විටෙක නිතිය සුරැකීම උදෙසා ඉදිරිපත් වේ.

Facebook Hacking
මේක නම් ඉතිං ගොඩක් දෙනෙක් කතාකරන්න කැමතිම මාතෘකාවක්. අපේ කට්ටිය හරි කැමතියිනේ යාලුවෙක්ගෙ ෆේස්බූක් ගිණුමක් හැක් කරලා, එකෙන් අහිංසක සතුටක් ලබන්න 😀 . ඒ නිසාවෙන්ම මේ ගැනත් ලියන්නම හිතුනා. ඇත්තටම කියනවා නම්, ෆේස්බුක් ජාලය සමන්විත වෙන්නෙ, හැක් කිරීමට අපහසු අතිශය ඉහල මට්ටමේ ආරක්‍ෂිත පද්ධතියකින් සමන්විතව. නමුත්, ඒකෙන් කියවෙන්නෙ නැහැ, ෆේස්බුක් කියන්නේ හැක් කරන්න බැරි දෙයක් කියලා. පුළුවන්. නමුත් ඉතාමත් අතලොස්සක් වූ දෙනාට පමණයි එම හැකියාව තියෙන්නෙ. Haking ක්ෂේත්‍රයේ අතිශය ඉහල අත්දැකීම සමගින් පළපුරුද්ද ලත් හැකර්වරයෙකුට පමණයි මෙම හැකියාව තිබෙන්නෙ. එම නිසාවෙන්ම, ෆේස්බුක් හැක් කිරීම සඳහා, ඊට වඩා ලෙහෙසි පහසු ක්‍රමයක් අප භාවිතා කරනවා[ලේසියි කිව්වට ලේසිමත් නැහැ]. ඒ තමයි, පිෂින් කියන ක්‍රමය.

මොකක්ද මේ  Phishing කියන්නෙ
අහලා තියෙනවා නේද ෆිශින්ග් , ඒ කියන්නෙ බිලී බෑම. ඔන්න ඔය Fishing කියන වචනය අනුසාරයෙන් තමයි Phishing කියන වචනයේ සම්ප්‍රාප්තිය සටහන් වෙන්නෙ. දන්නවා නේද කොහොමද මාළු බාන්නේ කියලා. බිලී පිත්තක් අරගෙන, ඒකට ඇමක් දාලා, ඒක වතුරට දාලා බලාගෙන ඉන්නවා මාළුවා ඇම කනකම්. මාළුවා ඇම කාපු ගමන්ම, පිත්ත උස්සලා මාලුවව බාගන්නවා. ඔන්න ඔය සිද්ධාන්තය තමයි Phishing වලදීත් කෙරෙන්නෙ. උදාහරණයකට ගමුකො… හිතන්න ඔයාට, ඔයාගේ යාළුවෙක්ගෙ ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න ඕනේ. ඔයා මුලින්ම කරන්නේ, ෆේස්බුක් අතුරු මුහුණත හා සමාන, ව්‍යාජ අතුරු මුහුණතක් හදාගන්නවා. මෙම ව්‍යාජ පිටුවට, අපගේ සුළු code කිහිපයක් අන්තර්ගත කරනවා. ඊට පස්සේ, මෙම ව්‍යාජ පිටුව, නොමිලයේ වෙබ් හොස්ටින් ලබාදෙන ජාලයක් ඔස්සේ, අප්ලෝඩ් කරගන්නවා. එතැනදී අපට, අපගේ ව්‍යාජ පිටුවට අදාළ ලින්ක් එකක් ලැබෙනවා. මෙන්න මේ ලින්ක් එක තමයි මාළුවට දාන, එහෙමත් නැත්නම් ඔයාගේ යාළුවට දෙන ඇම වෙන්නෙ. මේ ලින්ක් එක කුමන හෝ ආකාරයකින් ඔහුට හෝ ඇයට යවා, කෙසේ හෝ මෙය click කරවන්න. එවිට, පැමිණෙන්නේ, අප විසින් නිර්මාණය කරන ලද, ව්‍යාජ login අතුරු මුහුණත සහිත ෆේස්බුක් පිටුවයි. මෙම පිටුවෙන්, ඔහු හෝ ඇය, සිය ෆේස්බුක් ගිණුමට ප්‍රවිෂ්ට වූ සැණින්, සියලුම පිවිසුම් දත්ත, අප ඉහත නොමිලයේ ලබාගත් වෙබ් හොස්ටින් ගිණුමට ලැබෙනවා. එපමණයි. හරි ලේසියි… 😀 මේ තමයි සරලවම Phishing කියන දේ. මෙය කරන ආකාරය අන්තර්ජාලයේ ඉතාමත් පැහැදිලි ලෙස වීඩියෝ පට මගින් දක්වා තිබෙනවා.

Hacking සම්බන්ධ මෑතකාලීන රසවත් සිදුවීමක්
ෆේස්බුක් නිර්මාතෘ, මාක් සකර්බර්ග් කියන්නෙ අපි දන්නා කියන චරිතයක්. ෆේස්බුක් අඩවියේ යම් යම් ආරක්‍ෂිත හේතුන් නිසාවෙන්, මෑත කාලීනව, අතිශය දැවැන්ත මුදලක් විය පැහැදම් කරමින්, මාක් සකර්බර්ග් විසින් ෆේස්බුක් හි ආරක්ෂාව දෙගුණ තෙගුණ කරනු ලැබුවා. මේකෙන් පස්සේ මෙයා ඉතිං කට වහගෙන හිටියෙත් නැහැ. මාධ්‍ය කැඳවලා මේ ගැන ලොකුවට පුරාජේරුවක් ගැහුවා. නමුත්, අවාසනාව කියන්නේ, ඒ මොහෙතේ ඉඳලා පැයක කාලයක් ගත වෙන්නත් මත්තෙන්ම, ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේම නිළ ෆේස්බුක් පිටුව හැක් කරලා, එහි profile photo එක වෙනස් කර, එහි සටහනක් තබන්නට, එක්තරා නාදුනන හැකර් කණ්ඩායමක් හෝ, තනි පුද්ගලයෙක් සමත් වූවා.

එදා මෙදා තුර කාලයේදී බිහිවූ හොඳම හැකර්වරු කිහිපදෙනෙක්

3) Drian Lamo
Yahoo!, Microsoft, Google, සහ The New York Times යන ඒවා හැක් කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය. ලෝකයේ ඕනෑම ප්‍රමුඛතම ගිණුමක් හැක් කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. විකිලික්ස් නිර්මාතෘ අත්අඩංගුවට පත්වීමත් සමගම මොහුද අතුරුදහන්වී ඇත.

3) Drian Lamo

2) LulzSec
Black Hat හැකින් කණ්ඩායමකි. Lulz Security නමින්ද හඳුන්වනු ලබයි. Sony, News International, CIA, FBI, Scotland Yard යනාදිය හැක් කරන ලදී.

2) Lulz Security

1) Gary McKinnon
වෛරසයයක් ස්ථාපනය කරමින් සහ ෆයිල් කිහිපයක් මකා දමමින්, නාසා ආයතනයේ සහ ඇමරිකානු හමුදාවේ පරිඝනක 97ක් පාලනය කරන ලදී. ඇමරිකානු හමුදාවේ වොෂින්ටන් ජාලයට අයත්, පරිඝනක 2000ක් පැය 24ක් සඳහා වසා දමන ලදී. මෙය, එදා මෙදා තුර ඉතිහසයේ, හැකර්වරයෙකු පෑ ඉහලම දස්කම ලෙස මෙය සලකනු ලබයි.

1) Gary McKinnon

එහෙනම්, ගොඩක් දෙනෙක්ට ලිපිය ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. විශේෂයෙන්ම, හැකින් පිළිබඳව දන්නා කෙනෙක් හෝ වේවා, නොදන්නා කෙනෙක් හෝ වේවා, මෙම ලිපිය තුලින් සුළු හෝ අදහසක් ලැබුවා නම්, එයයි මා සතු අරමුණ. හැකින් පිළිබඳව කැමැත්තක් සහිත අයට කියන්න තියෙන්නෙ, හැකින් ගැන ඉගෙන ගන්න. පුළුවන් නම් පරතෙරටම යන්න. නමුත් කවදාවත්, තමා සතු දක්ෂතාවය නිතී විරෝධී දේ සඳහා නම් යොදාගන්න එපා. මං මේ කියන දේ ඇත්ත නැත්ත, චිත්‍රපටය බැලුවොත් හරි අපූරුවට තේරුම් ගන්න පුළුවන් වේවි. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ගොඩක් ස්තුතියි.ජයවේවා!!!

Anonymous (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hacker.2016.720p.BRRip.x264.AAC-ETRG

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහායාවත්කාලින කර ඇත.

35,637 downloadsDownload Hacker-2016.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

35,637 downloadsDownload Subtitles63 KB

90 comments

  1. Sisila Prasad

    චිත්‍රපටය සඳහා ගැලපෙන පිටපතක් සොයාගැනීමට අපහසු නම් කරුණාකර මෙම comment එක මත click කර, මාගේ ෆේස්බුක් ගිණුමට log වී, message එකක් එවන්න.

    1. Salinda

      Hacked 2020 එකේ sub එක ලගදි දානවාද

  2. Sashiya

    patta onna bewa mamath

  3. Udara Damith B/K

    ලිපියනම් මල් හතයි

  4. Krishan

    Thanx macho

    Qebsite off line kiyala wetenawa godak welawata amaruwen enne

    1. Web-බුවා

      ඕක වෙන්නේ net speed මදි උනාම. මේ site එක අනිත් wordpress sites එක්ක බලද් දී ටිකක් lord වෙන speed එක මදි තමා ඒත් net speed නම් ඒක එච්චර දැනෙන් නෑ bro.

  5. එල කොල්ලෙක්

    උපසිරසියට ස්තූතියි. පසුව ඇති ලිපියේ පෙන්වාදීමට ඇති කරුණු කීපයක් තිබෙනවා.

    හැක් කිරීම අනවසරයෙන් පද්ධතියකට ඇතුලු වීම ලෙසට නිර්වචනය කිරීම වැරදියි. ඔබ ඒ නිර්වචනය කර ඇත්තේ Crack කිරීමයි. හැක් කිරීම ලෙස ජනමාද්‍ය මේ දේ හැඳින්වීමට පටන්ගැනීමත් සමග බොහෝ දෙනා Hacker සහ Cracker පටලවා ගෙන ඇති බවක් පෙනී යනවා. Hacker යන්නෙහි නිවැරදි තේරුම තමයි අතිදක්ෂ ක්‍රමලේඛ ශිල්පියා යන්න. (පරිගණක ක්ෂේත්‍රයට අදාලව) ඒ වගේම යමක් කිසිවෙකු නොසිතූ ආකාරයට නිර්මාණශීලීව භාවිතා කිරීම යන්නත් Hack යන්නට අදාලයි. ඒකයි විවිද නිර්මාණශීලීව එදිනෙදා ජීවිතය සාර්ථක කරගන්නා උපක්‍රම වලට Life Hacks කියන්නේ.

    ඔබගේ ලැයිස්තුවට අඩුයි එදා මෙදා තුර පහලවූ අති දක්ෂම crackers ලා දෙදෙනෙක්ගේ නම්
    1) කෙවින් මිට්නික්
    2) ජුලියන් අසෑන්ජි

    1. Sisila Prasad

      බොහොමත්ම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට.එතැනදී මං විස්තර කරලා තියෙන්නෙ, හැක් කිරීම කියන්නෙ මොකක්ද කියන එක, හැමෝටම තේරුම් ගන්න පුළුවන් ආකාරයට, ඉතාමත් සරලව.මීට වඩා බැරෑරුම් විදියට නිර්වචනය කරන්න පුළුවන්.ඒත්, එතකොට හැකින් ගැන දැනුමක් නැති කෙනෙක්ට තේරුම් ගන්න බැරිවෙනවා මොකක්ද මේ කියන්නෙ කියලා.
      ඒ වගේම එතැනදී විස්තර කරලා තියෙන්නෙ, Hacker කියන වචනය ගැන නෙමෙයි.Hack කරනවා කියන්නෙ මොකක්ද කියන එකයි.
      මං හිතන්නෙ, ඔබ වැරදි වැටහීමක් ගන්න ඇත්තේ, දත්ත වෙනස් කිරීම කියන වචනය නිසා වෙන්න ඕනේ.

    2. අරුණ

      උඩ සහෝ කියන දේ නිවැරදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය සම්බන්දව ඉගනගන්න අපි වගේ අය haking & ච්රච්කින්ග් කියල වෙනවනම ඉගන ගන්නවා එව්ගේදී කින් කියනදේ යන්න අපේ සමාජයේ අය වැරදියටයි තේරුම් අරන් තියෙන්නේ ,, එකයි ඔය අවුල ,,,

  6. Rakitha Ranathunga

    Thanks bokka sub ekata

  7. Kulanjana Maduranga

    niayamai…patta lipiyak ne...elazzz...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Jack

    නියමයි මචෝ.
    මේක නම් අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබට.
    ජය..

  9. eranga

    gooooooooooooood.................

  10. maheshbabu

    'ARQ' movie ekanam supiri....e wage thawa movie thiye nam denna bro......mekath aniwa supiri athi..

  11. Ranga

    Supri film br.thnx [ Hacker 2015 720p WEBRip 800 MB - iExTV] me torrent eka lesatama set.

  12. Web-බුවා

    ස්තූති වේවා bro.
    වැඩිය කතා නොකලට බිල් ගේට්ස් bro ත් සුපිරි සුදු හකරෙක් තමා. lol. කවුරු හරි එකෙක් google play store එකේ ඇප් ගෙවීම් එහෙම හැක් කරොත් මටත් කියහන් හොඳේ. :D app ගෙවීම් direct ඈ. ඇප් එක ඇතුළේ තියෙන ගෙවීම් නෙමේ.

    ජය! :)

    ( මගේ e-mail එක එහෙම හැක් කරන්න එපෝ......... :D )

    1. Willium

      Ubata one paid apps free gannada

  13. Charuka

    ''ARQ'' ekanam niyamai.thanks for that.

  14. Charuka

    ARQ ekanam maru.thanks for that

  15. NIK

    sub 1ta thanx bro

  16. Devaka Sadaruwan

    මේක ඉතින් මම කැමතිම ටයිප් තමා. ස්තුතියි සහෝ
    කරැනු විස්තර කිරිමට ගොඩාක් තුති

  17. Hiran Sharanga Amarasinghe

    ගොඩක් ස්තුතියි සහෝ.. ඔන්න මමත් බාගන්නවා.. ලිපියටත් ගොඩක් ස්තුතියි..

  18. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  19. shashika

    link 1k hoya gana ba ne mchnla.. plzzz mata link 1k deynko.. oka blnam ona 1k.. tnQ sub 1ta

    1. Sisila Prasad

      කරුණාකර මෙම comment එක මත click කර, මාගේ ෆේස්බුක් ගිණුමට log වී, message එකක් එවන්න.

  20. nalin

    බොහොම ස්තූතියි Sbtitle එකටයි දැනුවත් කිරීමේ ලිපියටයි

  21. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  22. Ruwan Udaya Shantha

    Niyama lipiyak saho.... thanks.....

  23. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  24. SAJITH UDITHA

    මේකනං බලන්ඩම වෙයි ව‍ගේ.... සබ් එකට ස්තුතියි...

  25. Ranga

    Aniwa balanawa....

  26. sanjeewa

    Thanks bro........

  27. එල්.සී. දමැල්

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ...
    ලිපියත් හරිම අගෙයි...
    තවත් උපසිරසකින් හමුවෙමු...

  28. මාලින්ද

    පට්ට ලිපියක්

  29. praneeth madu

    බොහෝම ස්තුතියි සබට සහෝ

  30. Lushan Kuruppu

    උපසිරැසියට වගේම ලිපියටත් ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා...!!!

  31. sanjeewa

    thanks bro, ela wedak

  32. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  33. NIK

    patta film 1.sub 1ta thanx bro :)

  34. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. ප්‍රදීප්

    තුති

  36. priyan

    ARQ’ movie ekanam supiri….e wage thawa movie thiye nam denna bro……mekath aniwa supiri athi..

  37. Aruna LAkmal

    Ela bro !!!!!!!!!!!!!!

  38. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  39. Eranda Rukman

    onna ba gatta

  40. NIRO

    පට්ට බ්‍රෝ. ලිපිය නම් මාරම වැදගත්. තෑන්ක්ස් මචන්

  41. Shehan

    Fatta bro....

  42. yash

    nice broo. keep it up..

  43. අසිත

    elama saho thanks

  44. damith

    patta lipiya bro. thankz sub walata

  45. Harsha

    Thanks friend. Now I know the meaning of hacking,

  46. thushara

    46/1 welhena.minuwangoda

  47. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  48. Ishara Lakshitha

    Super Dear,

    Keep it up. Much helpful letter

  49. kavindu

    ගොඩක් ස්තූතියි...

Load more comments