Watch Trailer

M.S. Dhoni: The Untold Story (2016) with Sinhala Subtitles | සුපිරි පිතිහරඹයක නො ඇසූ කතාව… [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ තියෙන දුප්පත්ම සහ දුශ්කරම ප්‍රාන්තයක් තමයි බිහාර් කියන්නෙ. දැනට දශක දෙකකට විතර කලින් ඒ කියන්නෙ90 දශකයේ මුල් භාගයේ මේ ප්‍රාන්තෙ වැඩි පහසුකමක් නෑ. ක්‍රීඩා පහසුකම් නෑ. මේ ප්‍රාන්තෙ පොඩි ගමක් තියෙනව රාංචි කියල. මේ ගමේ තියෙනවා පොඩි ඉස්කෝලයක්. මේ ඉස්කෝලෙ ක්‍රිකට් කන්ඩායමේ විකට් කීපර් ගෙ තැන හිස…

M.S. Dhon-The Untold Story (2016)

ඉන්දියාවෙ තියෙන දුප්පත්ම සහ දුශ්කරම ප්‍රාන්තයක් තමයි බිහාර් කියන්නෙ. දැනට දශක දෙකකට විතර කලින් ඒ කියන්නෙ90 දශකයේ මුල් භාගයේ මේ ප්‍රාන්තෙ වැඩි පහසුකමක් නෑ. ක්‍රීඩා පහසුකම් නෑ. මේ ප්‍රාන්තෙ පොඩි ගමක් තියෙනව රාංචි කියල. මේ ගමේ තියෙනවා පොඩි ඉස්කෝලයක්. මේ ඉස්කෝලෙ ක්‍රිකට් කන්ඩායමේ විකට් කීපර් ගෙ තැන හිස් වෙලා. ක්‍රිකට් පුහුනුකරු  කීපර් කෙනෙක් හොයද්දි දකිනව පොඩි කොලු ගැටයෙක්. එයා තමයි ඒ ඉස්කෝලෙ ෆුට්බෝල් කන්ඩායමේ ගෝල් කීපර්. ඉතින් මෙයා මේ ළමයව ගෙනල්ල පුහුනු කරවනවා. ඒකෙන් තමයි ඒ ළමයට ක්‍රිකට් පිස්සුව හැදෙන්නෙත්. හැබැයි බැට් එකක් අතින්වත් අල්ලන්න දෙන්නෙ නෑ. ඒත් මේ ළමය හොරෙන් හොරෙන් බැට් කරනවා. හයේ ඒවම තමයි ගහන්නෙත්. ඔහොම අවුරුදු ගානක් සෙල්ලම් කරනවා. හැමදාම බැට් කරන්න දෙන්නෙ අන්තිමට. ඒත් හයේ ඒව ගහල කොහොම හරි කණ්ඩායම දිනවනවා.

ඔහොම ගිහිල්ල අන්තිමේදි 19න් පහල ඉන්දියානු කණ්ඩායමට තෝරන දවස එනවා. කොච්චර හොඳට බැට් කලත් කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත් ඒ කණ්ඩායමට ඇතුල් වෙන්න ලැබෙන්නෙත් නෑ. මේ අතරෙ මේ තරුණයට දිලිප් කුසලානෙට තරඟ කරන්න එනවා. ඒත් ඒක දැන ගන්නෙ ඊට දවසකට කලින්. රෑ එලි වෙනකන් ගියත් කල්කටා වලට යන්න ලැබෙන්නෙ නෑ. ඔක්කොම බලාපොරොත්තු අතැරල ඉන්න වෙලාවෙ මෙයාට හදිසියේම දුම්රිය දෙපාර්තුමේන්තුවට එකතු වෙන්න්න අවස්තාවක් ලැබෙනවා. ඒ ටිකට් පරීක්ශක වරයෙක් ලෙස වැඩ කරන ගමන් ක්‍රිකට් ක්‍රීඩා කරන්න. එතනදි නම් වෙන්නෙ නියම වැඩ තමයි.පලවෙනි දවසෙම කෝච්චියක් මග ඇර ගන්නවා. දුම්රිය ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් වෙන්න ලැබුනට මෙයාට හිතේ හැටියට සෙල්ලම් කරන්න හම්බ වෙන්නෙ නෑ රස්සාව නිසා.ඒ හින්ද අවුරුදු දෙකකින් ඒකත් දමල ගහල එනව. ඊටත් පස්සෙ මෙයාට අවස්තාවක් ලැබෙනවා ජාර්කන්ඩ් කණ්ඩායමට සෙල්ලම් කරන්න. ඒකෙදි දක්වපු දක්ශතා නිසා මෙයාව ඉන්දියානු A කණ්ඩායමේ සිම්බාබ්වේ සහ කෙන්යා  සංචාරයට තෝර ගන්නවා. ඒ 2003/04 කාලයෙදි. මේ අතරෙදි ඉන්දියානු තේරීම් කමිටුව විසින් පවත්වන රැස්වීමකදි මේ තරුණයා ගැන කතා වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහුට ඉන්දියානු සංචිතයට ඇතුල් වීමට අවස්තාවක්ද හිමි වෙනවා. ඒ බංග්ලාදේශය සමගයි. එහෙත් ඔහු සාර්තක වන්නේ නෑ. ඊට පසු ඔහුට නැවත අවස්තාවක් ලැබෙනවා පාකිස්තානය සමග සංචාරය හා එක් වීමට. එතැන් සිට තමයි වර්තමාන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දක්වා දිවෙන ඔහුගේ විශ්මයජනක පිතිහරඹය ආරම්බ වන්නේ.

ඒ වෙන කවුරුවත් නෙවෙයි මහී, MS, කැප්ටන් කූල් ලෙසින් හඳුන්වන මහේන්ද්‍ර සිං ධෝනි. එයා ගැන නම් ඉතින් දන්නවනෙ. කට්ටිය ගොඩක් කැමතියිනෙ එයාට.

මහේන්ද්‍ර සිං ධෝනි ගේ ජීවිත කතාව ඇසුරින් නිපදවූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නේ  Neeraj Pandey. Sushant Singh Rajputධෝනි ලෙසත්, Kiara Advani ධෝනි ගේ බිරිඳ ලෙසත් රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව BhumikaChawla, Disha Patani,Anupam Kher, Rajesh Sharma,Kumud Mishra යන අය රංගනයෙන් දායක වෙනවා.

Neeraj චිත්‍රපටිය ආරම්බ කරල තියෙන්නෙ 2011 ලෝක කුසලානෙ අවසාන මහා තරඟෙන්. (මතක ඇතිනෙ අන්තිමට ධෝනි හයක් ගහල මැච් එක දිනපු හැටි.) ධෝනි පිටියට පිවිසීමත් සමග කතාව අතීතයට ගෙන යනවා. ධෝනි ගේ උපත, ඔහුගේ පාසල් කාලය, ඔහුගේ සම්බන්දතා, ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්බ කල මොහොතේ සිට නැවතත් 2011 ලෝක කුසලානය දක්වා කතාව දිව යනවා. ඒ වගේම සොඳුරු ආදර කතාවකුත් මේ අතරින් පෙන්වනවා.

එහෙනම් ධෝනි ගේ ජීවිත කතාවේ අප නොදන්නා පැත්තක් බලන්න ඔයාලට අරාධනා කරනවා. ගිහින් එන්නම්. ඊළඟ උපසිරැසියෙන් නැවත මුණගැහෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / WEB-DL / HDRip පිටපත් සඳහා අදාළ වේ.

16,560 downloadsDownload M.S.Dhoni_.The_.Untold.Story_.2016.Baiscopelk.com_.zip245 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

16,560 downloadsDownload Subtitles245 KB

72 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. Malinda

    Thanks Sub Ekata

  3. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    #ජය වේවා

  4. දුලාජ් මංජුල

    thanks mcn sabata.

  5. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සිස් සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  6. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සිස් සිංහල උපසිරැසියට..

  7. praneeth madu

    බොහෝම ස්තුතියි

  8. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි...
    නැවත උපසිරසකින් හමු වෙමු...

  9. mithun

    මෙක නම් බලනව හින්දි නොබැලුවත්..
    චිත්‍රපට කෙසෙ වෙතත් මෙ මුන හොදට මතකයි
    අතවිශිෂ්ට උපසිරැසි නිර්මාණය දෙක තුනක් බලල තියෙ
    ස්තුතියි උපසිරැසි ගෙනාවට මෙක ගන්නව

  10. buddhika

    niyamai..aniwaryen balanawaa..

  11. SaDuN DaNuShKa

    ගැලපෙන ටොරන්ට් ඩිරෙක් ලිංක් ලබා ගැනීමට මුහුණ පොතේ පේජ් එකක් ඇති අතර, එය සොයා ගැනීමට බයිස්කෝප් සිංහලෙන් - Direct Link සච් කරන්න

  12. Sisila Prasad

    උපසිරසියට ගොඩක් ස්තුතියි සොහොයුරිය.
    චිත්‍රපටයේ අති විශාල දෙබස් ප්‍රමාණයක් තිබුණා.නමුත්, ඉතාමත් ඉක්මණටම සිංහල උපසිරැසිය ලබාදීලා තිබෙනවා.
    තවත් උපසිරසියකින් හමුවෙමු.
    ජයෙන් ජයම වේවා!!!

  13. Sanindu Lakkitha

    Bohoma isthuthi sis sub ekata.. godak asawen balanna hitapu filumak tamai.. thnx again. Good luck.. thawat upasirasakin hamuwemu..

  14. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  15. chamilka

    සිංහල උපසිරැසියට ස්තූතියි

  16. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thma..thanks DAHARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Jack

    නියමයි නගෝ....
    මේකත් ඉතින් අනිවා බලන එකක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජය..

  18. Dulanga

    Thanks

  19. silent$

    Thanxxxxxxxxxxxxxx

  20. Ranga

    Thank you machoww

  21. NirmanaD

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි! ජයවේවා

  22. Lushan Kuruppu

    Thank You...!!!

  23. Udara Damith B/K

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි
    ස්තූතියි

  24. Wipu

    Thanks.. Nangi..

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. lasith

    niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  27. Sha

    මෙව්වා ලංකාවේ අපෙත් වැරදි.

    මං ධෝනි...
    ඉර පායන්නේ මං හින්ද
    සඳ පායන්නේ මං හින්ද
    තරු හිනහෙන්නේ මං හින්ද
    මල් පූදින්නේ මං හින්ද

  28. Menu

    Thank you

  29. අසිත

    එලම සහි තෑන්ක්ස්
    ඔබට ජය!!!!

  30. Imalka Pasindu

    thanx sub ekata...eth captain cool kiyanne msd ta nemei #Arjuna #Ranatungata

  31. nuwani

    please post torrent link on your website

  32. Rajitha Abeysinghe

    ජීවිතයට ගොඩක් දේ ගන්න පුලුවන් FILM එකක්.ගොඩක් ස්තූතියි!

  33. නම උස්සලා බන්

    Sub film eke adala kallata kalin yanne ai..??

  34. Tharuth Chiranthana

    ඇයි සබ් එක බාන්න බැරි?

  35. chandima

    ස්තූතියි

  36. Randula

    Download your movie through moviehive.net. All the HD movies are placed on there. Get high quality torrent link through it.

  37. asanka hewa

    thanks bro....

  38. Jayasankha

    M.S.Dhoni.2016.Hindi.720p.BluRay.x264.ShAaNiG

    me copy ekata sinhala sub eka weda na nhh..
    podi help ekak dennakoo...

  39. pasindu

    br eka awooo

    1. Sam

      Blry eka tiyenwa

  40. aruna

    meka update karannako br rip ekata.

  41. asanka

    අනේ මේක BRrip එකට update කරන්නකො?

    1. Pradeep

      මමනම් හිතන්නෙ නෑ.

  42. Pradeep

    කෝ මෙකෙ Blueray එක? කෙල්ලොන්ට subtitle කරන්න දුන්නම ඔහොම තමයි.

  43. shamal

    gud job bro

  44. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  45. Sasanka Dilhan

    supiri

  46. මොළ කකුලුස්

    Film එකනම් සුපිරි...සිංහල උපසිරසි එකටයි,උඩ තියන විස්තර ටිකටයි ගොඩක් ස්තුතියි.......ජය වේවා....

  47. Nirmal Hettiarachchi

    Film eka download karanna bahane .Film eka downlaod karanna puluwan link ekak denna puluwanda please.

    1. Anonymous

      yts site eke dan daala thiyenne film eka

  48. xcgdzersg

    යකෝ මේක bluray එකට update කරපන් දැන්වත්.

  49. Rimesh Dilshan

    සබ් එක BluRay වලට අප්ඩේට් කරනවද...

  50. Anonymous

    Bluray ndda twama update

Load more comments