Watch Trailer

ARQ (2016) with Sinhala Subtitles | මරණයට එරෙහිවූ කාල යන්ත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම රෙන්ටන්. මම බලශක්ති ඉංජිනේරුවෙක්.අපි දැන් මේ ජිවත්වන සමයෙහි පෘතුවියේ, ජීවත්වීමට තරම් සුදුසු වටපිටාවක් නම් නෙමෙයි තියෙන්නෙ. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සමස්ථ මිහිතලයම විනාශවී ගොස් හමාරයි. මේ ක්‍රියාවලිය කෙතරම් දරුණුද කියනවා නම්, ඕස්ට්‍රේලියානු මහද්වීපය ලෝක සිතියමෙන් වියැකී ගොස් බොහෝ කලක් ගත…

ARQ (2016)

මගේ නම රෙන්ටන්. මම බලශක්ති ඉංජිනේරුවෙක්.අපි දැන් මේ ජිවත්වන සමයෙහි පෘතුවියේ, ජීවත්වීමට තරම් සුදුසු වටපිටාවක් නම් නෙමෙයි තියෙන්නෙ. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සමස්ථ මිහිතලයම විනාශවී ගොස් හමාරයි. මේ ක්‍රියාවලිය කෙතරම් දරුණුද කියනවා නම්, ඕස්ට්‍රේලියානු මහද්වීපය ලෝක සිතියමෙන් වියැකී ගොස් බොහෝ කලක් ගතවෙනවා. වර්තමානයේ, ලොව පාලයන ගෙනයනු ලබන්නේ, ටෝරස් යනුවෙන් හඳුන්වනු ලබන කෘර සංස්ථාවක් විසින්. මෙම පාලනය කෙතරම් දරුණුද පවසනවා නම්, සමස්ථ මිහිතලයම න්‍යෂ්ටික සුන් බුන් ගොඩක් බවට පත්වී හමාරයි. ඔවුනට එරෙහි වීමට තරම් සවි ශක්තියක් කිසිවෙකුටත් නොමැති නමුත්, ඉතිරිව සිටිනා රටවල් කිහිපයක ප්‍රධානත්වයෙන් මෙම ටෝරස් සංස්ථාවට එරෙහිව ලොව මුදවා ගැනීමේ නිෂ්පල සටනක යෙදෙනවා. එනමුත්, ටෝරස් සංස්ථාව සතු අති නවීන තාක්ෂණය සහ, දැවැන්ත හමුදා ශක්තිය හමුවේ, තවදුරටත් ලෝකය මුදවා ගැනීම, සිහිනයක්ම පමණක් වී ඇත. මේ තමයි, අප දිවි ගෙවන්නාවූ වර්තමාන ලොවෙහි සැබෑ යතාර්ථය.

වෙලාව හරියටම උදේ 6.16 යි. මම, මගේ පෙම්වතියත් සමගින් නිදියමින් හිටියෙ. එක සැරේටම මුහුණු ආවරණය කරගත් නාදුනන බල ඇණියක් අපේ නිවසේ,අප නිදන කාමරයට කඩා වදිනවා. මෙම නාදුනන කණ්ඩායම විසින් මාව බිම දිගේ ඇදගෙන යනවා. වෙන්නෙ මොකක්ද කියලා වත් මට හිතාගන්න බැරිවුණා. ඒත්… එක සැරේටම මාව නින්දෙන් ඇහැරෙනවා. මට තේරුණා, මං දැක්කේ නපුරු හීනයක් කියලා. මටත් හොරා, මගේ මුවෙන් සැනසුම් සුසුමක් පිටවුණා. නමුත්….දැන් වෙලාවත් හරියටම උදේ 6.16යි. මගේ හිතට අමුතු හැඟීමක් ආවා. එනමුත්, සිතන්න වෙලාවක් ලැබුණේ නැහැ.මං කලින් දැකපු හීනයේ විදියටම, කිසිම ආකාරයක වෙනසක් නොමැතිව, මුහුණු ආවරණය කරගත් නාදුනන බලඇණියක් කාමරයට කඩා වදිනවා. හීනයේ ආකාරයටම මාව බිම දිගේ ඇදගෙන යනවා. මගේ පෙම්වතියත්, මාත් එක්කම කාමරයකට දාලා ගැටගහනවා. මොවුන් ඉල්ලන්නෙ එකම එක දෙයයි. ඒ තමයි, මං ළඟ තියෙන අතිශය වැදගත් කේත රචනාවන් වගයක්. නමුත්, එම කේත රචනා මොවුන් හට ලබාදීම අතිශය භයානකයි. මන්ද, එම කේත රචනා වැරදි පුද්ගලයෙකු හට ලැබුනහොත් සිදුවන විනාශය නම් ගිනිය නොහැකි තරම් වෙනවා. කොහොමහරි මොවුන්ගෙන් පලායෑමට දරන උත්සාහයකදී මට වෙඩි වැදෙනවා. ඒ වෙඩි පහරින්, මගේ ජීවිතයත් අවසන් වෙනවා… පොඩ්ඩක් ඉන්න. වෙලාව පාන්දර 6.16යි. මං ආයෙත් නින්දෙන් නැගිට්ටා. මොකක්ද මේ වුණේ…? මං ආයෙත් දැක්කෙ හීනයක්ද…? වෙන්න බැහැ… වෙච්ච දේවල් මට හොඳටම මතකයි. යළිත්, ඇසිපිය ගසන ඇසිල්ලෙන් කලින් වගේම නාදුනන බලඇණියක් අපේ කාමරයට කඩා වදිනවා. පෙර සිදුවීම් සියල්ලක්ම අකුරක් නෑර ඒ ආකාරයටම සිදුවෙනවා. දැන් මං දන්නවා ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියලා. මට තියෙන්නේ, මේ මර උගුලෙන් ගැලවෙන්න උත්සාහ කරන එක විතරයි. මට බයවෙන්න දෙයක් නැහැ. මරණය කියන්නේ මට තවත් එක් නින්දක් විතරයි. මරණයට බැහැ මාව නවත්වන්න. මරණයට පත්වන ඇසිල්ලෙන්, නැවත මා කාලය ආපස්සට ගොස්, උදෑසන 6.16 ට, මේ කිසිවක් සිදුනොවුනාක් මෙන් නින්දෙන් ඇහැරෙනවා. මා සතුව අනන්ත අප්‍රමාණ වූ ජිවිතයක් ඉදිරියට තිබෙනවා.

මේ දේවල් වෙන්නෙ කොහොමද… මරණයට මා නැවැත්විය නොහැකි වන්නෙ මන්ද… ඉහතකී නාදුනන බලඇණිය අප නිවසට කඩා වදින්නේ කුමන හේතුවක් මතද… ඔවුන්ගේ සැබෑ අරමුණ කුමක්ද… සමස්ත මිහිතලයේම පාලනය හොබවමින් සිටින්නාවූ, ටෝරස් සංස්ථාව මෙයට සම්බන්ධවන්නේ කෙසේද… මේ සියලු දේ සඳහා මං මුහුණ දෙන්නෙ කෙසේද…?

ඔන්න එහෙනම් ටික දවසක නිශ්ශබ්දතාවයෙන් පස්සෙ, කාලෙකට පස්සේ ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන තමයි ආවේ. ඇත්තටම, මේ චිත්‍රපටය නම් මං උපසිරැසි ගන්වන්න ඉඳපු එකක් නෙමෙයි. නමුත්, අහම්බෙන් වගේ ටික දවසකට කලින්, අපේ සොහොයුරෙක්ගෙන් මේ චිත්‍රපටය මට ලැබුණා. ඇත්තම කියනවා නම්, තෑග්ගක් විදියට ලැබුණා කිව්වොත් නිවැරදියි 😀 . චිත්‍රපටය අයත් වෙන්නෙ, Sci-Fi සහ Thriller යන කාණ්ඩ වලට. චිත්‍රපටය නිකුත්වෙන්නේ, 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 16 වන දින. චිත්‍රපටය බෙදාහරින්නේ, Netflix ආයතනය මගින්. ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ, අපි කවුරුත් දන්නා කියන කෙනෙක්. වෙන කවුරුවත් නෙමෙයි, Arrow කතා මාලාවේ ඔලිවර් ක්වින්ගේ චරිතය රංග දක්වන stephen amell ගේ සොහොයුරා… එහෙමත් නැත්නම්, The Flash කතාමාලාවේ මුල්ම Firestorm චරිතය රංග දැක්වූ Robbie Amell සමගින්, Luke Cage සහ Jessica Jones යන කතා මාලාවන්හි  රංගනයෙන් දායක වූ, Rachael Taylor විසිනි. වැඩි අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නැහැ, දොළොස් දහස ඉක්මවූ ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ මනාපයෙන්, Imdb දර්ශකයේ 6.4 ක ඉහල අගයකින් සමන්විත වන්නාවූ මෙම චිත්‍රපටය, ආරම්භක නිමේෂයේ සිට අවසාන නිමේෂය දක්වාම, ඉහලට ගත් හුස්ම පොද, පහලට දැමීමට අමතක කරන්නාවූ තරමේ අතිශය කුතුහලය පිරි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් ලෙස සහතික කරනවා. හුදෙක්ම විද්‍යා ප්‍රබන්ධ කතාවක් පමණක් නොවෙයි. සටන් ජවනිකා පවා යහමින් අන්තර්ගත වෙනවා. කැමති අය මුලින්ම පූර්ව ප්‍රචාරක පටය නරඹලාම ඉන්නකො.

එහෙනම්, ඉක්මණින්ම තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකින් හමුවෙමු, එතෙක්, හැමදෙනාටම ජයවේවා!!!

ARQ (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

ARQ.2016.720p.WEBRiP.800MB.ShAaNiG

ලබා දී ඇති උපසිරසි සියලුම  Web පිටපත් සඳහා අදාළ වේ.

9,308 downloadsDownload ARQ.2016.Baiscopelk.com_.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

9,308 downloadsDownload Subtitles38 KB

40 comments

  1. Sachith Harshana

    tnxxx brooo

  2. Lushan Kuruppu

    Thanks Bro!

  3. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  4. soori

    සබට බොහොම ස්තුතියි සිසිල සහෝ....
    විද්‍යා ප්‍රබන්ධ කවදාවත් අතාරින්නේ නෑ........

  5. දිල්ශාන් සචින්ත

    නියමයි සිසිල අයියාැ.අපිත් බාගන්නවා එහෙනම්.බොහොම ස්තූතියි

  6. thisal

    බොහොම ස්තූතියි

  7. maheshbabu

    thank's for sub....

  8. Prasad Randunu

    Tnk u yaluwa...

  9. Thiwanka Mahesh Madusanka

    Thanks Saho Sabata Jaya wewa..............

  10. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    මේක හොඳ ෆිල්ම් එකක් වගේ . අනිවාර්යෙන් බලනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

  11. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    #ජය වේවා

  12. කවීන් ලහිරු

    සබ් එකට තුති සිසිල සහෝ
    එලම...

  13. janithanarasinghe

    ELA KIRI THANKS

  14. Udara Damith B/K

    ස්තුතියි
    ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ස්තුතියි

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. එල්.සී. දමැල්

    BR අාවම බලමු…
    උපසිරසට ස්තුතියි සිසිල සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  17. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය........

  18. Dulanga

    Thanks

  19. Sanath Indika

    thx broo

  20. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  21. අසිත

    elama saho thanks

  22. Sanath Indika

    thx brooo

  23. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  24. Udara Damith B/K

    Edge of tommorw වගේ එකක් නෙ

  25. praneeth madu

    බොහොම සතූතියි සහෝ

  26. SAJITH UDITHA

    පෝස්ටරෙන් කිවුවහැකි පට්ටම කතාවක් කියල. අනිවා බලන්ඩම ඕන මේකනං. හොඳ කොපි ඇවිත් ඇති නේද..?

  27. Dasu

    Sub is not download what's wrong

  28. Madura J. Kawshalya

    ස්තූතියි සහෝ..පට්ටම ‍ෆිලුමක් කියල ඔයාගෙ විස්තරෙන්ම හිතා ගන්න පුලුවන්

  29. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. lakshan

    Thanks Machn....

  31. lakshan

    බොහොම ස්තූතියි සහෝ

  32. Web-බුවා

    සිරා බං TV Movie එකක් උනාට ලොකු ලොකු තියෙටර්වල පෙන්නන ලොකු ලොකු සමහර moviesවලට වඩා x10 හොඳයි.

  33. Chamara Asanka

    Sub ekt thnx වේවා sisila bro

  34. isuru dilshan

    film eka dnwnlod karanna baida

  35. chathura

    බලගෙන යද්දි එපා වෙනවනේ බං...එකම එකම එකම....මොලේ විකාර වෙනවා

    1. nuwan

      ඇත්තටම පට්ටම ගොන් ...බලපු අපිටම ගහගන්ඩ ඔනේ..වසරේ අඩුම පිරිවැය ගිය එක වෙන්ඩ ඇති..කිසි කතාවක් නෑ බලපු ගොංම ‍ෆිල්ම් එක..තූ විතරක්

    2. Sisila Prasad

      මොලේ අඩු එකාට සංකීර්ණ චිත්‍රපටයක් තේරුම් ගන්නත් අමාරුයි...
      මොලේ අඩු නිසා කතාව තේරුම් ගන්න බැරි වුණාමත් මෙලෝ රහක් නැහැයි කියලා කියනවා...
      රසවින්දනයක් නැති එකාටත් කොච්චර හොඳ චිත්‍රපටයක් දුන්නත් මෙලෝ රහක් නැහැයි කියනවා...
      චිත්‍රපටයක ගුණාත්මක භාවයට, පිරිවැය වැදගත්ම නැහැයි කියලත් තේරුම් ගන්න බැරි නම් තව වෙන මොන කතාද...
      ගොන් වුනාට කමක් නැහැ... ගොන් කම පෙන්නලා ප්‍රසිද්ධියේ බුරන්න ලෑස්ති වෙන්න එපා... පස්සේ ලැජ්ජා හිතේවි...

  36. nidi

    මනරම් චිත්රපටයක්! නියම සබ්ස් දීමක්.
    නියමයි සිසිල. ඇස් විතරක් නෙවෙයි මොළෙත් වැඩ කරවන ගමන් බලන්න ඕන ච්ත්රපටයක්!
    තෑන්ක්ස්!

  37. Rumesh lanka

    ජයවේවා

  38. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.