ශීල්ඩ් කතා මාලාවට සබ් කරන්න පටන් ගන්නවත් එක්කම තිබුණ ආසාවක් තමයි මාර්වල් සිනමා පටයකට උපසිරැසි කරන්න ඕනේ කියන එක. ඒ නිසා අපේ අයියලා එක්ක පොර කාගෙන තමයි මාස ගාණකට කලින් මේ චිත්‍රපටය වෙන් කරගත්තේ. ඒත් පහුගිය මාසෙක විතර කාලෙක ඉඳන් නොහිතූ විදියට කාර්ය බහුල වෙන්න වුන නිසා උපසිරැසි නිර්මාණය එහෙම පිටින්ම අ…
ශීල්ඩ් කතා මාලාවට සබ් කරන්න පටන් ගන්නවත් එක්කම තිබුණ ආසාවක් තමයි මාර්වල් සිනමා පටයකට උපසිරැසි කරන්න ඕනේ කියන එක. ඒ නිසා අපේ අයියලා එක්ක පොර කාගෙන තමයි මාස ගාණකට කලින් මේ චිත්‍රපටය වෙන් කරගත්තේ. ඒත් පහුගිය මාසෙක විතර කාලෙක ඉඳන් නොහිතූ විදියට කාර්ය බහුල වෙන්න වුන නිසා උපසිරැසි නිර්මාණය එහෙම පිටින්ම අපේ අනිත් සහෝලා පිට පටවන්න වුනා. ඒ කොහොම වෙතත් මේක අතාරින්න හිතුනේ නෑ. දවස් දෙකකටද කලින් තමයි අපේ පූසාට (සමන් ප්‍රසාද්) කියලා ලිපියක් ලියා ගත්තේ. ඒත් ඔන්න අද තමයි උපසිරැස එළියට දාන්න පුළුවන් වුනේ. ෆිලුමට හොඳ කොපියක් ආව වෙලාවේ ඉඳන් ‘සබ කරලා ඉවරද මලයා’ කියලා මැසේජ් කරපු අපේ ‘කාටත් අත හිත’ සමීර අයියටයි පූසටයි ස්තූති කරන ගමන් ලිපියත් කියවලා චිත්‍රපටය බාගන්න කියලා කියනවා.
ලිපිය : සමන් ප්‍රසාද් (පූසා)
ඔන්න එහෙනම් මාවල් විශ්වයේ තවත් එක් සිනමා පටයක් ඔයාලා වෙත අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. ඔව් ඔව් Ant Man ඒ කියන්නේ කුහුඹු මිනිසා සිනමාපටය තමා. යශෝ මැසේජ් එකක් දාලා තිබුණා අනේ බං මං මේ දැන් සබ් එක කරනවා Ant Man එකට. මට පොඩ්ඩක් ඒකට ලිපිය ලියලා දියකො කියලා. ඉතින් මූට බෑ කියන්න යෑ… ඔන්න එහෙනම් කෙටියෙන් ලිපියක් ලියන්න තීරණය කළා. වැඩි විස්තර නෑ ඉතින්. පස්සෙ අපේ Comic Script සෙට් එක Ant Man ගැන හොඳ ලිපියක් දෙයි මංසල හරහා. දැනට මං කෙටියෙන් විස්තර ටිකක් කියනම්. අඩුපාඩු තිබ්බොත් පෙන්නලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලනවා. මොකද මම සීයට සීයක්ම කොමික් ගැන දන්න කෙනෙක් නොවන නිසා. (DC මටම තමා මේවා කරන්න වෙන්නෙ. ඔන්න Marvel ලගේ තත්ත්වය… :3) එහෙනම් පටන්ගමුකෝ…
Ant Man කියන්නෙ Marvel විශ්වයේ ඉන්න තවත් එක් ප්‍රබල කොමික් චරිතයක්. මේ චරිතය නිර්මාණය වෙන්නේ කොමික් පොත් රචක Larry Lieber, Jack Kirby සහ අපි කවුරුත් දන්න Stan Lee අතිනුයි. Ant Man චරිතය මිනිස්සු අතරට මුළින්ම එන්නෙ 1962 ජනවාරි මාසේ. ප්‍රධාන වශයෙන් Ant Man චරිත 4ක් ඉන්නවා. මුල්ම Ant Man තමා Hank Pym හෙවත් Dr. Henry ‘Hank’ Pym. එයාට පස්සේ Ant Man වෙන්නේ Scott Lang. ඊට පස්සෙ තුන්වෙනියට Ant Man වෙන්නේ S.H.I.E.L.D. නියෝජිතයෙක් වෙන Chris McCarthy සහ අවසාන වශයෙන් Ant Man වෙන්නේ S.H.I.E.L.D. නියෝජිතයෙක් වෙන Eric O’Grady. ඉතින් අපේ Ant Man ෆිල්ම් එක යන්නේ ස්කොට් ලෑන් හෙවත් දෙවනි Ant Man වටා. කොමික් වල තියෙන හැටියට Scott Edward Harris Lang එහෙමත් නැත්නම් අපේ ඈන්ට් මෑන් කියන්නේ විදුලි ඉංජිනේරුවෙක්. නමුත් මෙයාගේ පඩිය තමන්ගෙ පවුලට ප්‍රමාණවත් වුණේ නෑ. ඒ නිසා මෙයා හොරකමට පුරුදු වුණා. මේ නිසා ඔහුට හිරේට යන්න වෙනවා. පස්සේ මෙයාගේ හොඳ හැසිරීම නිසා අවුරුදු තුනක කාලෙකින් හිරෙන් නිදහස් වෙනවා. හිරේ ඉන්නකොට මෙයා ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ගැන වැඩි දුර ඉගෙනගන්න අතර ස්ටාක් සමාගම විසින් මෙයාව කුලියට ගන්නවා. පස්සෙ මෙයා ටෝනි ස්ටාක් ඒ කියන්නෙ අයන් මෑන්ගෙ මග පෙන්වීම යටතේ අපේ අවෙන්ජර්ස් මැන්ශන් (Avengers mansion) එකට අළුත් ආරක්ෂක පද්ධතියක් එහෙමත් සම්බන්ධ කරනවා. හැබැයි මේ වෙනකම් මට මතක විදිහට මේ අවෙන්ජර්ස් මැන්ශන් එක මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ නම් පෙන්නුවේ නෑ. ඉතින් මෙයාගේ දුව Cassandra Lang අසනීප තත්වයෙන් ඉන්නේ. පස්සෙ මෙයාට හොඳටම අමාරු වෙනවා. ඒ නිසා මෙයා ආයෙමත් හොරකමක් කරන්න තීරණය කරනවා. ඉතින් මෙයා ඩොක්ටර් හෑන්ක් ගෙ ගෙදරට පැනලා එයාගෙ ඈන්ට් මෑන් ඇඳුමයි හැකිලුම් වායුව තියන කැනිස්ටර් කීපයකුයි හොරකම් කරනවා. ඊට පස්සෙ එයා ඈන්ට් මෑන් විදිහට ඇඳගෙන Cross Technological Enterprises එකට ඇතුළු වෙනවා. එතනදී දැනගන්නවා Darren Cross විසින් එයාගෙ දුවව බේරගන්න පුළුවන් එකම කෙනා වෙන Dr. Erica Sondheim ව හිරකරගෙන ඉන්නවා කියලා. ඉතින් මෙයා එයාව බේරගන්නවා. පස්සේ ස්කොට් තීරණය කරනවා ඈන්ට් මෑන් ඇඳුම ආපහු ඩොක්ටර් හෑන්ක්ට දීලා ඒක හොරකම් කිරීමේ වරදට අත්අඩංගුවට පත් වෙන්න. ඒත් ඩොක්ටර් හෑන්ක් ඒ ඇඳුම ස්කොට්ට තියාගන්න කියලා දෙනවා ඒක නීතිය ශක්තිමත් කරන්න පාවිච්චි කරන්න කියලා. ඉතින් එතන ඉඳන් තමා මෙයා දෙවනි ඈන්ට් මෑන් වෙන්නේ.
මෙයාගේ හැකියාවන් ගැන කියනවා නම් මෙහෙමයි. මෙයා ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පිළිබඳව ප්‍රවීනයෙක්. මෙතනදී ප්‍රධාන වශයෙන් ඇඳුම ගැන තමා කියන්න වෙන්නෙ. එහෙනම් ඒක ගැන බලමුකෝ. ඇඳුමේ කොටස් කීපයක් තියෙනවා. හිස් ආවරණය, අත් ආවරණ, බෙල්ට් එක සහ ඇඳුමේ ආස්තරය විදිහට ඒ කොටස් ටික සලකන්න පුළුවන්. හිස් ආවරණය සලකද්දී ඒක සයිබනටික් (සතුන් සමග සන්නිවේදනය කිරීමේ හැකියාව ඇති කියනට් තේරුම) හිස් ආවරණයක් කියලා කියන්න පුළුවන්. මේ හෙල්මට් එක හදලා තියෙන්නෙ ඝන ලෝහ වලින්. ඒකෙන් මේ ඇඳුම පාවිච්චි කරන කෙනාගෙ මොළය සහ හිස් කබල ආරක්ෂා කරනවා. ඩොක්ටර් හෑන්ක් කියන්නෙ මේ ඇඳුම පාවිච්චි කරන හැම වෙලාවකමමේ හෙල්මට් එක අනිවාර්යයෙන් දාගෙන ඉන්න ඕනා කියලයි. මොකද ප්‍රමාණයෙන් කුඩා වෙද්දි මොළයේ සමතුලිතතාවයට බලපෑමක් ඇති වෙන නිසා. මේ හෙල්මට් එකෙන් මෙයාට කෘමීන් එක්ක සන්නිවේදනය කරන්න හැකියාව ලබාදෙනවා වගේම එයාගෙ හඬ සාමාන්‍ය මට්ටමේ මිනිහෙකුට ඇහෙන විදිහට වර්ධනය කරන්නත් මේක උපකාරී වෙනවා. අත් වැසුම් දෙක සලකද්දී මේ අත් වැසුම් දෙකේම කුඩා වීමට උපකාරී වෙන වායුව අඩංගු නල පවතිනවා. මේ හැම අත් ආවරනයකම එක බට්න් එක ගානෙ තියෙනවා. එක බට්න් එකකින් භාවිතා කරන කෙනාව පුංචි කරනවා වගේම අනික් බට්න් එකෙන් එයාව සාමාන්‍ය ප්‍රමාණයට ගේනවා. බෙල්ට් එකේ තමා ඇඳුමේ පුංචි වීමේ හැකියාව පාලනය කරන උත්පාදකය තියෙන්නෙ. ඒ සඳහා උපකාරී වෙන්නෙ බෙල්ට් එකේ වායුමය වශයෙන් තියෙන Pym particles (පිම් අංශු). මේකෙන් කුඩා වීමේ හැකියාව දෙන්නෙ ඒක පාවිච්චි කරන කෙනාටම විතරක් නෙවෙයි. පාවිච්චි කරන කෙනා එක්කම එයා අල්ලන වෙන කෙනෙක්ව වෙන දෙයක් එහෙමත් එයා එක්කම කුඩා කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය මට්ටමට නැවත ගේන්නත් පුළුවන්ඇඳුමේ ආස්තර හදලා තියෙන්නෙ සාමාන්‍ය ෆැබ්රික් වලින්. මේ ඇඳුම නිසා පාවිච්චි කරන කෙනාට අන්වීක්ෂීය මට්ටමෙන් එහාටත් කුඩා වෙන්න පුළුවන්. එහෙනම් මම හිතනවා දැනට මේ මූලික කරුණු ටික ඇති වෙයි කියලා. අපේ Comic Script කණ්ඩායම ඉස්සරහදි මීට වඩා හොඳ ලිපියක් පල කරයි ඈන්ට් මෑන් සම්බන්ධව. ළඟදීම ඔයාලට ඒක මංසල හරහා කියවන්න පුළුවන් වේවි. එහෙනම් අපි බලමුකෝ ඈන්ට් මෑන් ෆිල්ම් එක ගැන.
ඈන්ට් මෑන් සිනමාපටය තමා මාවල් සිනමා විශ්වයේ (Marvel Cinematic Universe) (MCU) දොළොස්වෙනි සිනමාපටය වගේම තුන්වන අවධියේ(Phase 2) අවසාන සිනමාපටය වෙන්නෙ. ඈන්ට් මෑන් සිනමාපටය ප්‍රවර්ධනය කිරීම ආරම්භ වෙන්නෙ 2006 වසරේ. ඊට පස්සෙ පූර්ව නිෂ්පාදන කටයුතු ටික ආරම්භ වෙන්නෙ 2013 නේ ඔක්තෝම්බර් මාසයේ. සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නෙ Peyton Reed විසින්. නිෂ්පාදනය කරන්නෙ මාවල් සිනමාපට සියල්ලේම වගේ නිෂ්පාදනයට කෙසේ හෝ දායක වෙච්ච Kevin Feige විසිනුයි. චරිත ටික ගත්තාම ස්කොට් ලෑන්, එහෙමත් නැත්නම් ඈන්ට් මෑන් විදිහට Paul Ruddද, හෝප් වැන් ඩායින් විදිහට Evangeline Lilly ද, යෙලෝජැකට් එහෙමත් නැත්නම් ඩැරන් ක්‍රොස් විදිහට Corey Stollද, ෆැල්කන් හෙවත් සෑම් විල්සන් විදිහට Anthony Mackieද, හෑන්ක් පිම් විදිහට Michael Douglas ද රංගනයෙන් දායක වෙනවා. ඉතින් IMDb මීටරයේ අගය 7.7ක් කියලා සඳහන් වෙලා තිබ්බා. ඉතින් සතුටින් කියන්න ඕනා ලබන අවුරුද්දෙ එන Captain America: Civil War සිනමාපටයේදීත් අපිට ඈන්ට් මෑන්ව දැකගන්න පුළුවන්.ඒ වගේම 2018 ජූලි 6 වෙනිදා Ant-Man and the Wasp ලෙස දෙවනි කතාංගයක් ද නිකුත් කරන නියමිතයි කියලා අපිට දැනගන්න ලැබුණා. අනේ මන්දා දැන් නම් නිකන් පිස්සු වගේ. මාවල් DC එකතු වෙලා 2020 වෙනකම් ලැයිස්තු ගත කරලා තියෙන ෆිල්ම් තොගේ දැක්කම අනේ අම්මේ… නොමැරී ඉන්න වාසනාව තියේවා කියලා තමා ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ ඉතින්. කස්ටිය මාර පිනක් කරලා තියෙනවා මේ කාලේදී ඉපදෙන්න තරම්. ඇයි ඉතින් මේ තරම් කොමික් ෆිල්ම් ගොඩක් කොයි කාලේද ආවෙ ඉතින්… හම්මේ… 😀 එහෙනම් අද ෆිල්ම් එකේ ප්ලොට් එක බලමුකෝ…
වීස්ටා සමාගමේ මංකොල්ලය සම්බන්ධයෙන් අවුරුදු තුනක් සිරගතව සිට Scott Lang. නැවත පැමිණෙන්නේ, තමන්ගේ දුව වෙනුවෙන් යමක් ඉතිරි කරන්නට පුළුවන් යහපත් රස්සාවක් කිරීමේ අදිටනින්. නමුත් අවුරුදු තුනක් සිරබත් කෑ අයෙක් නිසා, රස්සාවක් හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ. ඉඳලා ඉඳලා බැරිම තැන මංකොල්ලාකාර හිත හොඳ යාළුවෝ සෙට් එකත් එක්ක ලැබුණු ඔත්තුවක් අනුව යනවා, ගෙදරක සේප්පුවක් මංකොල්ල කන්න. ඒ Dr. Hank Pym ගේ ගෙදර. සේප්පුව ඇතුලේ වටිනා කියන යමක් තියෙන්නේ නැහැ. තියෙන්නේ පරණ ලදරම් ගැජමැටික් ඇඳුමක්. කෝකටත් කියලා හරිම දුකෙන් ස්කොට් මේකත් අරගෙන ගෙදර එනවා. නිකමට වගේ ඇඳලා බලලා, ඒකේ තියෙන ගැජට් අත පත ගානකොට මේ මනුස්සයා කූඹියෙක් ගානට පුංචි වෙනවා. ඒ එක්කම එයාට ඇහෙනවා. කවුද කෙනෙක් කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි Dr. Hank Pym. ඩොක්ටර් තමයි සැලැස්මක් ගහලා තමන්ව මංකොල්ල කන තැනට ස්කොට්ව ගෙන්න ගන්නේ. ඉතින් ඇයි එහෙම දෙයක් කරන්නේ? ඔන්න ඔතන ඉඳන් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. මාවල් සිනමාරූපී විශ්වයේ තවත් අමතක නොවන අත්දැකීමක් විඳගන්න, මේ චිත්‍රපටයත් බලන්න කියලා ආරාධනා කරනවා. ජයම වේවා.! එලස්ස්ස්…
920 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
3FADC1901D4D3C4491DE913485C07BB70CF553A51.72 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
F3E388547AF81468EBCA50FD86A40E357AE66AE1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
22,883 downloadsDownload Ant-Man.2015.Br_.zip118 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
110 comments
chiran maduranga
chiran maduranga
Thanxx for the sub bro.
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Love u MARVELDevaka Sadaruwan
2020 වෙනකන් මැරෙන්න එපා වගේම... මේ වගේ දේවල් වලට සබ් දෙන අයටත් ජයම වේවා
Sanjaya
සබ් එකට ස්තූතියි සහෝ.. :)
!!..ජය වේවා..!!
Roshan
tnx saho
Skullface
oka balala godak kal
kaveen
athin apita paanda?
ruchira
thanks bro.good work
Nipun
නියමායි! බොහොම ස්තූතියි සබ් එකට.....
Piya DE Silva
ela ela bro
විමා
බොහොම ස්තුතියි යසෝ උපසිරසට
ඉවසන් ඉන්න බැරිම තැන ඊයේ රෑ බැලුවා
ඒත් ආයේ බලන්න ගන්නවා අනිවා
එකපාරක් බලල නවතින්න හිතෙන ෆිල්ම් ගහන්නේ නැහැනේ මාවල් කට්ටිය :D
ඊස්ටර් එග්ස් හොයන්නම පස්-හයපාරක් බලන්න වෙනවනෙ
ලිපියනම් චාටර් බන්, ලමෙක්ට කියල ලියවගෙන තියෙන ලිපියක් වගේ.
ඒක නෙමේ, උඹ මේක ගත්තට කමක් නෑ, ලබන අවුරුද්දේ කැප්ටන් ඇමෙරිකා ගැන එහෙම හිතන්නවත් එපා ඈ,
මාව නරක මිනිහා කරගන්න එපා, සිරාවටම මල පනිනවා. :P
ස්තුතියි බන්, ජය.සමන් ප්‍රසාද් [පූසා]
අනේ, ඇත්තට... :P
ඔන්න බලහං මාවල් උනුත් දැන් DC උන්ට කියලා තමා මාවල් ෆිල්ම් ගැන ලිපි ලියව ගන්නෙ...
අනේ ඒකෙත් හැටි නේද... :3 :P
lakshan
Thank you..
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Ruchira
sub 1ට ස්තුතියි.......
achi
ගොඩක් ස්තූති අයියෙ සබට...
ඒවගේම ලොකු ලිපියක් ලිව්වා පූසා සහෝටත් ස්තූතියි...
එනකං බලං උන්න ෆිල්ම් එකක්...
ජය වේවා!!!ආසිරි ප්‍රියන්ත
නියමයි යශෝ මලේ,
බලන්නම උන්නු ෆිල්ම් එකක් කියලා ආයේ මක්කටෙයි කියන්නේ..
මෙන්න ගානවා හොඳේ..
ස්කයි ලයිට් එකෙත් බැලුවා..
දැන් ඉතින් ආයේ බලනවා...
ජය වේවා..
එකඟවී, අවුට් ලැන්ඩර් ගැන ආරංචියක් නැද්ද තවම..
හිටින් දැන්ම ගිහිං බලන්න..තිසල්
එලම මෙඑච්ර දවස් හිටපු එකෙ B ආවම බලමු තැන්ක්ස් සබට
ප්‍රණීත් චින්තක
ඔන්න මම නම් සබ් එක එනකංම මග බලාගෙන හිටියේ.
මෙන්න ගන්නවා. ඒ වගේම අදම බලනවා තුන් හතර පාරක් විතර.කලින් විමා කිව්වා වගේ මිනිහට කැප්ටන් දුන්නට කමක් නෑ.
ඩෙඩ් පූල් එක එහෙම ගන්නවා නෙමෙයි. ;)
ඒක මට කරන්නම ඕනේ.
මාවලස් චිත්‍රපටියක් තාම කරන්න බැරිවුනා.
එහෙනං ඔන්න මේක බලනවා ඈ.ආයු -බෝ -වේවා !!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ප්‍රදීප් මධුසංඛ
නියමයි සහෝ...
එලස්.. :Dතිසර නියෝ
හම්මේ මග බලන් හිටියේ කොයි කාලේ ඉඳන්ද මේක එනකල්..
මොනවා උනත් br එනකල්ම ඉන්නවා...
ලිපියට් තුති පූසෝ....
ජයවේවා
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
roshan
txxxxxxxxxxxxxxxxxxxxxxxx bro
Aditha Praween
න්ජියමයි යශෝධ අයියා !
දෙනකම්මයි බලාගෙන හිටියේ.
බොහොම ස්තුතියි සබට !
පූසාගේ ලිපියත් පට්ට.රොයිලි
බොහොම ස්තූතියි යශෝධට සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සමන් මලයටත් මේ අගනා ලිපිය වෙනුවෙන් ස්තූතියි. ජය෴෴ :P :P
Jack
පට්ටයි මචන්..
මේකට සබ් දෙනකම්මයි හිටියේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
පුසාගේ ලිපියත් පට්ටයි...
ජය...S.K.Ruchiranga
thz macho sub ekta
Rohitha
BluRay 3D eka enakam innawa balanna. Thankx for sub...
sachin akalanka
thanks
Janith dulanjana
නියමයි..sub එකට thankz
Kulanjana Maduranga
niayamai…meka denne kawadada kyla balan hitiye...danma banawa....BR 1ka awama update parak dnna.thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
lipiya wenuwen ape SAMAN sahotath thanks.......
Ravindu Adithya
thankz saho.
yifi eka nawathunata brrip ekakma balanna watina film ekak nisa passema balanawa.
jaya weewa.
-)dinushan
thanks
kavinda
බොහොම ස්තුතියි යසෝ උපසිරසට
නලින්
එලස්ස්! යසෝ, මේක එනකල්ම තමයි මේ හිටියේ, මෙච්චර හිටපු එකේ, බ්ලුරේ කොපියම එනකල්ම ඉන්නවා,
පුසෝ, උබටත් ස්තුතියි. DC කාරයෙක් උනත් උබ මාර්වල් එවුන්ට සැහෙන සාදාරණයක් කරලා තියනවා.
ජය වේවා!
Jason Todd
සුපිරි බොහෝම ස්තුතියි
yeshu
tnx
ROSS
thx for sub
“චූටී මල්ලි”
aniwa balanawaa BR 1080p ekka
update oni yaso
tankzKalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
සමන් ප්‍රසාද් [පූසා]
Br ආවම ගන්නවා යශෝ...
සබට තුති...
DC ලට ජය...!!! :3හිරු
දැන් YIFY එක BR කොපි දෙන එක නවත්වලා නේද? හොඳ කොපි හොයාගන්න පුළුවන් තැනක් දන්නවද?
Lahiru Ruwanga
enakan balan hitiye...thanks saho
janith mathula
thanks
salinga
thanx bro
malith
thanks
VENUKA
ELA ELA.....
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි යශෝධ සහෝ උපසිරැසියට...
ජය :Dtharindu
thank you very much saho
Udara
මේකේ BRRip එකට සබ් දෙන්න පුළුවන්ද ? HD වලට දීල තියෙන සබ් sync වෙන්නේ නැහැ...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ant-Man (2015) with Sinhala Subtitles | කුහුඹු-මිනිසා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Ant-Man-2015.jpg)

හුරේ මම එක!!