කෙල්ලට කෝල් එකක් එනවා.. සාලෙට වෙලා අම්මලා එක්ක සිනමාවක් විඳින ගමනුයි ඒකි හිටියේ.. කෝල් එක බලාපොරොත්තුවෙන් හිටියත්, රින්ග්ස් යද්දිම කෙල්ල ගැස්සුනා අම්මා සැකෙන් කෙල්ල දිහා බලද්දි “මේක මේ මැසේජ් එකක්” කියාගෙනම කෙල්ල ෆෝන් එකත් අරන් එලියට බැස්සා. ළඟක ඉඳන් කෙල්ලගෙ හැසිරීම ගැන විමසිල්ලෙන් හිටපු අම්මා කෙල්…

කෙල්ලට කෝල් එකක් එනවා..
සාලෙට වෙලා අම්මලා එක්ක සිනමාවක් විඳින ගමනුයි ඒකි හිටියේ..
කෝල් එක බලාපොරොත්තුවෙන් හිටියත්,
රින්ග්ස් යද්දිම කෙල්ල ගැස්සුනා
අම්මා සැකෙන් කෙල්ල දිහා බලද්දි
“මේක මේ මැසේජ් එකක්” කියාගෙනම
කෙල්ල ෆෝන් එකත් අරන් එලියට බැස්සා.
ළඟක ඉඳන් කෙල්ලගෙ හැසිරීම ගැන විමසිල්ලෙන් හිටපු අම්මා
කෙල්ල යන දිහා බලන් උන්නා.
ඈත තියෙන රෙදි වැල ගාව හිනා වෙවී
කෙල්ල කෝල් එකට උත්තර බඳින හැටිත් එයා බලාගෙන.
“ආපුදෙන්කෝ අද ගෙට”
අම්මට එහෙම හිතුනා.
මහ වෙලාවක් ගියත් කෙල්ල ආපු නැති නිසා
අම්මා ආයෙම එලියෙ එබිකම් කරලා බැලුවා
කෙල්ල පේනතෙක් මානෙක හිටියේ නම් නෑ..
කෙල්ල හිටියේ කොහේදෝ තැනක
හුස්ම වෙනුවෙන් පොරකමින්..!

ගුප්ත, අඳුරු, අද්භූත හැඟීම් දෙන ත්‍රිලර් එකක් බලන්න ඕනමයි කියලා හිත කියනවා නම්, මෙන්න තියෙනවා කියාපු බෙහෙත. පහුගිය සතියේ OTT මාධ්‍යයෙන් එලිදැක්වුනු Antakshari කියන අපූරු මලයාලම් ත්‍රිලර් චිත්‍රපටියයි මේ අරන් එන්න සූදානම් වෙන්නේ. Anjaam Pathiraa වගේ සලරුවක් බලන්න කැමැත්තෙන් හිටියා නම් ඒ රාමුවේ හැදුනු වෙනස්ම අලුත් රහක් මේ Antakshari වලින් විඳින්න පුලුවන්. පොඩ්ඩක් මේ චිත්‍රපටිය ගැන අඳුන්වලා දෙන්නම්කෝ. අපි කවුරුත් දන්න කියන්න සෙල්ලමක්නෙ ඔය ගීතයෙන් ගීතය කියලා කියන්නේ. ඉතින් මෙච්චර වෙලා කියපු Antakshari කියන වචනෙන් හඳුන්වන්නේ අපි ඔය ගීතයෙන් ගීතය කියන සෙල්ලමම තමයි. ඉතින් අපි සරලව කරන මේ සෙල්ලම කොහොමද මිනිමැරුම් මාලාවකටම සම්බන්ධ වෙන්නේ? හිතද්දිත් අමුතුයිනේ. ඒක තමා මේ චිත්‍රපටියේ තියෙන විශේෂත්වය වෙන්නේ. අඩුපාඩු නැතුවා නෙමේ ඒත් කලින් කිව්වයි වගේ මේක විඳින්නම ඕන අලුත් රහක්.

Antakshari සලරුව මේ වෙද්දි ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.9ක අගයක් දිනාගෙන තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vipin Das විසින්. Saiju Kurup, Sudhi Koppa ඇතුළු පිරිසක් Antakshari සලරුවට පණ දෙනවා. බලපු අයගේ නොමද ධනාත්මක ප්‍රතිචාර ලබපු මේක මලයාලම් ප්‍රේක්ෂකයෝ අත ඇරගන්න නම් හොඳ නැති විදිහේ එකක්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,558 downloadsDownload AKI-2022.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

5,558 downloadsDownload Subtitles41 KB

37 comments

  1. Anonymous

    Thanks for sub

  2. Anonymous

    Please give Salute
    Bheeshma parvam
    Pada malayalam movies

  3. Naveen

    උපසිරසියට තුති

  4. oshanda

    thanks sahoo

  5. යුරාන් ධනුක (දනුවා)

    ස්තූතියි මයුර සහෝ

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Kushan

    Sub akta thanks

  8. Anonymous

    Patta

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  10. Anonymous

    aniwayenma balanawa..thanks wewa !

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. dulan

    ස්තුතියි !

  13. Anonymous

    Thanks bro

  14. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තුතියි

  15. Anonymous

    Elakiri

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  18. Eranda

    Thanks brother

  19. indika 75

    thanks..

  20. Redrux

    Thnkz bro

  21. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  22. Sheron

    Thanks brother ..keep it up ..

  23. ram

    Salute
    Bheeshma Parvam Malayalam Film 2 dennako saho
    me filumatath sub dunnata thanks

  24. chami

    thanks brother

  25. Anonymous

    Superb

  26. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  27. Anonymous

    tanku

  28. නලිදු

    දුල්කර් සල්මාන්ගේ salute ෆිල්ම් එක දෙන්නකෝ

  29. Dineth de silva

    Thanks brother

  30. Samith

    Thanks brother

  31. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  32. Anonymous

    Thanks for the subtitle!!!!

  33. Bandula

    Thanks

  34. Malith samarawickrama

    Thanks sub ekata

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  37. Naveen Mbr

    ජයි ෆීනික්ස්! ජයි ජයි ෆීනික්ස්!