ගංගුබායි කාතියාවඩි. අවුරුදු හතරකට පස්සේ එලියට එන බන්සාලිගේ චිත්‍රපටිය තමයි මේ අරගෙන ආවේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය හෙවත් ගංගුබායිගේ චරිතය නිරූපනය කරන්නේ ආලියා බාත්. බන්සාලිගේ චිත්‍රපටි වල කොහොමත් කාන්තා චරිත කැපිලා පේනවා. ප්‍රධාන චරිත වුනු හම් දිල් දේ චුකේ සනම් හි නන්දනී, බ්ලැක් හි මිශෙල්, දේව්ද…

ගංගුබායි කාතියාවඩි. අවුරුදු හතරකට පස්සේ එලියට එන බන්සාලිගේ චිත්‍රපටිය තමයි මේ අරගෙන ආවේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය හෙවත් ගංගුබායිගේ චරිතය නිරූපනය කරන්නේ ආලියා බාත්. බන්සාලිගේ චිත්‍රපටි වල කොහොමත් කාන්තා චරිත කැපිලා පේනවා. ප්‍රධාන චරිත වුනු හම් දිල් දේ චුකේ සනම් හි නන්දනී, බ්ලැක් හි මිශෙල්, දේව්දාස් හි පාරෝ, බාජිරාඕ මස්තානි හි මස්තානි වගේම සාවරියා හි සකීනා වගේම සහයක චරිත රඟපෑ කාශි, චන්ද්‍රමුකී සහ ගුලාබ්ජීගේ චරිතත් පිරිමි චරිත වලට වඩා කැපි පෙනුනා. බන්සාලිගේ චිත්‍රපටි අතරින් පිරිමි ප්‍රධාන චරිතයක් නොමැතිව එන පලවෙනි චිත්‍රපටිය තමයි මේ ගංගුබායි කාතියාවඩි කියන්නේ. ගොඩක් අය මත පල කරලා තිබුනා ආලියා බාත් මෙම චරිතයට ලාබාල වැඩියි ගැලපෙන්නේ නෑ කියලා. ඒත් ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකේ හිටිය චූටි කෙල්ලද මේ කියලා හිතෙන තරමට ආලියා බොහොම අපූරුවට තම උපරිම හැකියාවෙන් ගංගුබායිගේ චරිතය ඇතුලේ ජීවත් වෙනවා. ඒ වගේම අනිකුත් සහය චරිත වලත් රඟපෑම් ඉතා ඉහල මට්ටමක තිබුනා වගේම, අජේ දෙව්ගන් රගපෑ සුලු කාලය සුපිරියි කියලා තමයි කියන්න තියෙන්නේ. හැබැයි බන්සාලිගේ පෙර චිත්‍රපටි වල දකින්න ලැබෙන නර්තන අඩංගු වෙන්නේ එක් ගීතයක පමනයි. ඒත් බන්සාලිගේ මියුරු සංගීතයෙන් හැඩ වුනු ගීත කිහිපයක්ම මේ චිත්‍රපටියේ අඩංගු වෙනවා.

ඉතින් මේ ගංගුබායි නිසා බන්සාලිටත් කරදරවලට මුහුන දෙන්න සිද්ද වුනා. මේ චිත්‍රපටියට පාදක වූ ගංගුබායි නම් සැබෑ කාන්තාවගේ පුතෙක් වූ බාබුජී රාවුජී ශාහ් විසින් බන්සාලි නිශ්පාදන සමාගමට සහ ආලියා බාත් හට විරුද්දව නඩු පවරා තිබෙනවා. ඔහු හේතු ලෙස සඳහන් කර ඇත්තේ ඔහුගේ මවව ගනිකාවක් සහ මාෆියා රැජිනක් ලෙස හඳුන්වා දීම ඇයට සහ ඇයගේ පවුලේ අයට කර ඇති අපහාසයක් ලෙසයි. පොත ගැන ඔහු නොදන්නා බවත් චිත්‍රපටිය ගැන සමාජ මාධ්‍ය වලිනුත් දැනගත් බව පැවසූ ඔහු මෙම චිත්‍රපටයට පාදක වුනු ගංගුබායි සැබැවින්ම ගනිකාවන් වැනි ලිංගික සේවා සපයන අයගෙ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම මිනිස් ජාවාරම් වෙනුවෙන් පෙනී සිටි අයෙක් මිස ගනිකාවක් නොවන බවද සඳහන් කර සිටියා.

ගංගුබායි කියන්නේ උත්තමයෙක් නෙවෙයි.
හැබැයි ගංගුබායි යක්ශනියෙකුත් නෙවෙයි.
ඉතිහාස පොත්වල ගංගු වගේ අය ගැන ලියවෙන්නේ නෑ.
ඒත් මේ මාවත් ඉතිහාසය මතක තියාගන්නවා.
ඒ මාවත් අපිට පවසනවා
ගංගුබායි ජීවත්ව ඉන්නතාක්කල්, මේ කාමාතිපුරයේ
එක ගැහැනියක්වත් අසරන වුනේ නැති බව.
සුදු සාරිය, රත්තරන් දත.
රත්‍රන් හදවතක් ඇත්තිය.
ගංගුබායි ජග්ජීවන්දාස් කාතියාවඩි.
ගනිකා වෘත්තිය නීතිගත
කිරීමට සටන් කල තැනැත්තිය.
ඇය මේ ගනිකා මුඩුක්කුවට නමක් දුන්නා.
කූඩුවක සිර වී සිටිද්දිත්
නිදහසේ හුස්ම ගන්න ඉගැන්නුවා.
එදා මුලු නගරයම සතුටින් හිටියා. සැමරුවා.
ඒ හැම සැමරුමක්ම එකම පාටක් වුනා. සුදු පාට.
ගංගුගේ සුදු පාට.
ඇය කෙනෙකුට මාෆියා රැජිනක් වුනොත්,
තවකෙකුට සහෝදරියක්.
කෙනෙකුට යාලුවෙක් වුනොත්
තව කෙනෙකුට අම්මා කෙනෙක් වුනා.
චිත්‍රපටි තරු වල පෝස්ටර් නම් හැම සිකුරාදාම මාරු වුනා.
ඒත් ගංගු බායි කියන නිලියගේ පින්තූර කාමාතිපුරයේ හැම
බිත්තියකම අවුරුදු පනහක් තිස්සේ තවමත් තියෙනවා.
ඇගේ ඉරනම වුනේ දුක.
ඒත් ඇය ජීවිතයට හිනා වුනා.
ගංගු ආවේ නිලියක් වෙන්න.
ඒත් ඇගේ ජීවිතේ සම්පූර්න චිත්‍රපටියක්ම වුනා.
මේ ඇගේ කතාව.

බන්සාලිගේ චිත්‍රපටි කියන්නේ එක්තරා මායා ලෝකයක් කිව්වොත් නිවැරදියි. සාමාන්යෙන් බන්සාලිගේ මේ මායාවලට අහු වෙන්න ගොඩක් අය කැමතියි. ඔහුගේ පද්මාවත්, දේව්දාස්, බ්ලැක්, හම් දිල් දේ චුකේ සනම් හි තිබුනු ඒ මායාව අවුරුදු හතරකට පස්සේ එලියට එන ගංගු බායි ගාවත් තියෙයිද කියලා කතාව බලලම දැනගමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම TRUE WEB-DL පිටපත් සඳහා වලංගු වේ.

34,730 downloadsDownload GK-2022.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

34,730 downloadsDownload Subtitles68 KB

46 comments

  1. Sanjeewa2010

    Thank you

  2. Anonymous

    Thanks jayawewa....!

  3. දිල්

    මේක ආලියාටම ලියවෙච්ච චරිතයක්. හෝල් එකේ දෙපාරක් බැලුව. දැන් තව පාරක් බලමු.

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Anonymous

    Thanks for sub

  6. Rumesh

    Thanks sis

    1. Shashi

      Film eka sounds nane..man direct download kare

  7. Anonymous

    Patta

  8. Kushan

    Sub akta thanks

  9. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  10. Anonymous

    Tnx

  11. spider

    thank for sub

  12. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  14. dulan

    ස්තුතියි !

  15. Anonymous

    Thanks akke

  16. sahangayantha

    thanks a lot sub ekata

  17. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  18. Bandara

    Thanks dear Ama

  19. Anonymous

    Elakiri

  20. ishan

    thnq nanga sub ekata

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  22. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරිය
    ජය වේවා!!!

  23. Eranda

    Thanks sister

  24. indika 75

    thanks..

  25. Redrux

    Thnkz sis

  26. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරිය

  27. Sheron

    Thanks sister ..keep it up ..

  28. ram

    thanks akke
    hindi aluth thriller series ekakuth demu

  29. chami

    thanks sister

  30. anonymous

    Che part 1 & 2 baiscopedownload site ekata danna puuwanda ?

  31. Anonymous

    Alia vidyawath pass karai wage me yana widyata

  32. Anonymous

    Superb

  33. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  34. Achi

    බොහොම ස්තුතියි සබ් එකට ❤

  35. Pheonix

    Thank youuu..

  36. Anonymous

    තෑම්ක්ස් බොම්කි❤

  37. L.Y

    ස්තුතියි උපසිරසියට

  38. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    හැකිනම් bunty Aur Bubli2 - 2021 ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්ද?

    1. Anonymous

      film eka download kara ganna link plz

  39. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  40. viraj

    thanks.....

  41. Anonymous

    Thanks Sis

  42. Ashan

    Thank you Keep it up.

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!