Watch Trailer

Anti Matter (2016) with Sinhala Subtitles | ප්‍රති-අංශුව! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මුලින්ම කියන්න ඕනේ මේක තමයි මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. බයිස්කෝප් එකට හැමදාම ආවා ගියාට උපසිරැසියක් කරන්න අදහසක් තිබුනේ නෑ කවදාවත්. එත් මට හිතුනා කරලා බලන්න ඕනේ කියල.site එකේ දාලා තිබුන දැනට සබ් කරලා නැති ෆිල්ම් ටිකක්. මං sci-fi වලට ආස හන්ද මේකට සබ් කරන්න නිකමට මට හිතුන.ඉතින් මං Emai…

කොහොමද යාලුවනේ, මුලින්ම කියන්න ඕනේ මේක තමයි මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. බයිස්කෝප් එකට හැමදාම ආවා ගියාට උපසිරැසියක් කරන්න අදහසක් තිබුනේ නෑ කවදාවත්. එත් මට හිතුනා කරලා බලන්න ඕනේ කියල.site එකේ දාලා තිබුන දැනට සබ් කරලා නැති ෆිල්ම් ටිකක්. මං sci-fi වලට ආස හන්ද මේකට සබ් කරන්න නිකමට මට හිතුන.ඉතින් මං Email එකක් දැම්ම. සිසිල අයියා rep කරලා තිබ්බ කරලා එවන්න කියල. ඊට පස්සේ මන් වැඩේ පටන් ගත්තා.කරගෙන යනකොට තමයි මේකේ තියන රහ තේරෙන්නේ. ෆිල්ම් එකක් හරි ටීවී එකක් හරි බලනවා වගේ නෙමේ සබ් එක හදද්දී කියල තේරුනේ දැන්. ලයින් එක්දහස් පන්සියක් විතර තිබුනා. මුල්ම වැඩේ හන්ද වෙන්න ඇති ගොඩක් අමාරුයි වගේ දැනෙන්නේ.ඇත්තම කිව්වොත් දවස් තුනක් නොකා නොබී වගේ තමයි මේක පරිවර්තනේ කලේ. මේ ලිපිය ලියද්දිත් පාන්දර එක හමාරයි. හසන්ත අයියා සබ් එකේ තව වෙනස්කම් ටිකක් කරන්න කිව්වා.මට ඇත්තටම තාම බයිස්කෝප් එකේ යාලුවෝ අලුත්.හරි අඩුපාඩු ටිකත් හැදුවා. දැන්නම් ඇගම රිදෙනවා.හරි හරි මගේ දුක්ගැනවිල්ල ඇති.කොහොම හරි දවස් තුනක් ඇතුලත ඉවර කරගන්න පුළුවන් වුන එක ගැනනම් හෙන සතුටුයි.

ෆිල්ම් එක ගැන කිව්වොත් IMDb රේටින්ග්ස් වල 6.6ක් තියනවා.මේකේ ප්‍රධාන චරිතේ තමයි ඇනා කාටර් කියන්නේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා උපාධි ශිෂ්‍යාවක්. මෙයා පරීක්ෂණයක් කරකර ඉන්නකොට නොහිතන දෙයක් සිද්ද වෙනවා.එක අලුත් සොයා ගැනීමක් වෙනවා. ඊට පස්සේ යාලුවෝ දෙන්නෙකුත් එක්ක මේ අලුත් සොයාගැනීම තවදුරටත් දියුණු කරන්න පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කටයුතුවලින්නම් පෙනුනේ වැඩේ සාර්ථක වෙනවා වගේ.එක්තරා හේතුවක් හන්ද පරීක්ෂණ වැඩ ටික ඉක්මනටම කරන්න මේ අයට සිද්දවෙනවා. කොහොමින් කොහොම හරි අන්තිම පරික්ෂ්නේදී පොඩි අව්ලක් වෙනවා. ඔයාලට මේකේ සමහර විද්‍යාත්මක දේවල් ගැන පොඩි අවබෝධයක් තිබුනොත් හොදයි. ඉන්ටස්ටේලර් බලල තියනවනම් වොම්හෝල් කියන්නේ මොකක්ද කියල ඔයාල දන්නවා ඇති.මං ඔතනින් එහාට තව කියන්න යන්නේ නෑ. හැම තත්පරේම ගොඩක් කුතුහලෙන් බලන්න තියන ෆිල්ම් එකක් හන්ද ඔයාලගේ රසාස්වාදයට හානියක් මං ඒක ස්පොයිල් කලොත්.ඉතින් ඔයාල බලලම කියන්නකෝ.

මේක මගේ මුල්ම වැඩේ හන්ද පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. මං උපරිම උත්සහ කළා මේක හොදට කරන්න. අඩුපාඩු තිබුනොත් මට ඒවත් කියන්න. ගොඩක් ස්තුතියි හැමෝටම.ආයෙත් ඉක්මනටම හම්බ වෙමු.

 

Rememory (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා වලංගු වේ.

6,516 downloadsDownload Anti-Matter-2016-WEB.zip148 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Madhuka-Virajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුක බෙනින්ග්ටන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුක බෙනින්ග්ටන්

Subtitles

6,516 downloadsDownload Subtitles148 KB

90 comments

  1. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

    1. Maduka Bennington

      බොහොම ස්තුතියි!

  2. Naveen Rangana

    Good Luck saho & Thank you very much.........................

    1. Maduka Bennington

      බොහොම ස්තුතියි!

  3. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    දිගටම සබ් දෙන්න
    ජය වේවා!

    1. Maduka Bennington

      බොහොම ස්තුතියි!

  4. ish

    ගොඩක් ස්තූතියි ..21 Jump Street
    2012 මේ ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද

    1. Maduka Bennington

      එකේ සබ් එක තියනවා සහෝ සර්ච් කරලා බලන්න

  5. prabodha

    Congratulations bro first sub ekata..

    1. Maduka Bennington

      බොහොම ස්තුතියි!

  6. C. R. ජයලත්

    නියමයි සෙහා් ජය වේවා!!!!!!

    1. Maduka Bennington

      බොහොම ස්තුතියි!

  7. Indunil Sàçhinthakà

    නියමයි සහෝ දිගටම sub දාමු.
    සුබ ගමන්.

    1. Maduka Bennington

      ගොඩක් ස්තුතියි!

  8. asitha

    elama saho thanks

    1. Maduka Bennington

      ගොඩක් ස්තුතියි!

  9. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

    1. Maduka Bennington

      ගොඩක් ස්තුතියි!

  10. Saminda Wadamachchi

    බොහෝමත්ම ස්තූතියි

    1. Maduka Bennington

      ගොඩක් ස්තුතියි!

  11. Krishan Madusanka

    niyamayi saho

    1. Maduka Bennington

      ගොඩක් ස්තුතියි!

  12. Imalka

    Ela.......... jayen jaya.................. thawa thawath........................... thawa thawath......sub labadimta hekiwewa..........................................

    1. Maduka Bennington

      බොහොම ස්තූතියි!

  13. Mithun

    අනිවා බලනව සබ් එකට තුති... ඔබට ජය...

    1. Maduka Bennington

      බොහොම ස්තූතියි!

  14. wije

    Niyamai macho......

    1. Maduka Bennington

      බොහොම ස්තූතියි!

  15. gayan

    brother hood akata sadarayen oili gannava sahodaraya

    1. Maduka Bennington

      බොහොම ස්තූතියි!

  16. gayan

    brouther hood akata sadarayen oili gannava sahodarayabrother

  17. banda...

    aniva balanawa.. digatama ohoma yan...

    1. Maduka Bennington

      බොහොමත්ම ස්තූතියි!

  18. nidi

    මධූක, පළමුව සුබාසිරි!

    මම විිද්‍යා ප්රබන්ධ චිත්රපට රසිකයෙක්. ඔයා ඉස්සෙල්ලාම එහෙම එකක් තෝරාගත්තාට ස්තුතියි.
    මම කමෙන්ට්ස් දාන්නෙත් බැලුවාට පස්සෙයි. ඒත් ඉතින් ඔන්න ඔයාගේ පළමු වෑයමට දැන්ම සුබ පතනවා!
    දිග කලක්, දිග ගමනක් බයිස්කෝප් සයිට් එකේ යන්නට ඔබට වරම් ලැබේවා, ඔබේ සියලු කටයුතු සඵල වේවා!

    1. Maduka Bennington

      බොහොමත්ම ස්තූතියි!

  19. Prabash

    Welcome baiscoplk and good luck bro....
    Go a head.........
    ජයවේවා........

    1. Maduka Bennington

      බොහොමත්ම ස්තූතියි!

  20. Gathsara Umesh Kumara

    Saadren plgnw shoo upsresi krnayata....
    Mulinm si fi ekk..supp..ilg upsresyn hmuwemu..jywewaa..!!

    1. Maduka Bennington

      බොහොමත්ම ස්තූතියි!

  21. kumara

    බොහෝම ස්තූතියි මල්ලි සබ් එකට. පළවෙනි සබට සුභ පැතුම්. ගොඩාක් පිං. දිගටම සබ් දෙමු.

    1. Maduka Bennington

      බොහොමත්ම ස්තූතියි!

  22. sumed

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම්.

    1. Maduka Bennington

      thankyou!

  23. srkpoorna

    ko download karanna bane sub eka

  24. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    1. Maduka Bennington

      බොහොම ස්තුතියි සහෝ

  25. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Maduka Bennington

      thank you bro

  26. දිල්ශාන් සචින්ත

    අම්මෝ නියමයි සහෝ.. බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා... මේවගේ ෆිල්ම් එකකින් වැඩ ඇල්ලුවා කියන්නේ ආයේ හැකයක් නෑ දිග ගමනක් යන්න පුලුවන්... මොකද මේක ලේසි එකක් නෙමෙයි. එහෙනම් දිගටම සබ් දෙමින් ඉදිරියටම යමු. ජය වේවා. සබට තුතී...

    1. Maduka Bennington

      බොහොම ස්තුතියි සහෝ

  27. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පලවෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම් සහො..දිගට උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..මේකේ බී.ආර් එකක් ආවාම අප්ඩේට් එකක් දෙන්න සහෝ!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    1. Maduka Bennington

      ස්තුතියි සහෝ!

  28. darshana

    elama saho

    1. Maduka Bennington

      thanks bro!

  29. buddhi

    niyamai bro.tnks sub ekt

    1. Maduka Bennington

      thanks bro!

  30. Thushara

    Anti Matter (2016) meka download karanna puluwan link ekak dennako.....

  31. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Maduka Bennington

      ස්තුතියි සහෝ

  32. pradeep H L P C

    ඔයාගේ පළමු උපසිරැසියට සුභ පැතුම්. ඇයි මේ උපසිරැසි ලින්ක් එකක් විදියට එන්නේ.කොහොමද මේ උපසිරැසි බලන්නේ ?

    1. Maduka Bennington

      ස්තුතියි සහෝ. එහෙම දෙයක් වෙන්නේ නෑ.ආයේ නිවැරදිව download කරලා සබ් එක unzip කරලා බලන්න.

    2. pradeep H L P C

      මම ඩව්න්ලෝඩ් කරා පොමැට් එක මෙන්න මේ විදියට පෙන්නන්නේ htm

  33. kevin D...

    thankz....

    1. Maduka Bennington

      thanx!

  34. M.B.H.M Marasinghe

    Benington,Wish You all the best broow...!!!

    1. Maduka Bennington

      Thank you brother!

  35. A Mune Munasinghe

    ඉස්තුතියි... අන් අයගේ රසවින්දනය සහ ඔයාගේ දැනුමත්,හැකියාවත් දියුණු කරගන්න මේක ලොකු දෙයක්.. (ම්ම් නම් english ) චිත්‍රපට බලන්නේ උපසර්සි රහිතව.. නමුත් ,බයිස්කෝප් එක පැත්තට ඇවිදිල්ලා තමයි.. අලුත් මුවිස් සහ ඒවගේ අන්තර්ගතය සොයන් චිත්‍රපටයක් බාගන්නේ.. ඔයාගේ පළමු ලිපියට මගෙනුත් සුභ පැතුම්..''
    ජය වේවා..සහෝ..'

    1. Maduka Bennington

      Thanks Bro!

  36. dasun

    thanks bro

    1. Maduka Bennington

      <3

  37. Hasitha madhushan

    Thank you so much for the subtitle.......
    Keep it up bro....

    1. Maduka Bennington

      thanks bro!

  38. pradeep H L P C

    Zip file ekak widiyata nemei pennanne htm ekak thamai download wenne ai e?

  39. Tharindu

    Thank u very much saho

    1. Maduka Bennington

      thanks bro!

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Maduka Bennington

      <3 ගොඩක් ස්තුතියි අයියේ. <3 <3

  41. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. Maduka Bennington

      comment එකට ස්තුතියි සහෝ.

  42. tharangani

    thanx

    1. Maduka Bennington

      <3

  43. sumudu priyankara

    thank you macho sab ekata

    1. Maduka Bennington

      <3

  44. Oshadha Sudaraka

    pin ah wadeta .. issratath karan tnna shathiya lenna kyla wish kranwa ... tanx bro sub ekata

    1. Maduka Bennington

      <3

  45. w a thilak

    ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් කරගෙන චිත්‍රපටය බැලුවා..සබ්වල අවුලක් නැ සහෝ..කලෙකින් බලපු හොදම එකක්..ඇත්තටම නවින තාක්ෂණය හරහා ස්කන්ධය(පංචස්කන්ධය)උපකරණයක් හරහා ගෙනගියත් එමගින් විඥ්ඥාණය ගෙනයන්න පුළුවන්ද

    1. Maduka Bennington

      <3

  46. Amila Mudalige

    Sub ekta Thanks saho issarahatath thawa sub karamu

    1. Maduka Bennington

      <3

  47. chin

    Supiriyatama sub eka tiyenawa ela....digatama Sub denna....