Anyone But You (2023) Sinhala Subtitles ආයුබෝවන්, කොහොමද ඉතින් බයිස්කෝප් සිනමා ලෝලී ඔයාලා හැමෝටම? කට්ටියටම හොඳින් ඇති කියලා හිතනවා. මුලින්ම අවුරුදු 15ක සංවත්සරය වෙනුවෙන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මගේ සුභ පැතුම් එක් කරනවා ❤️ ඉතින් ඔන්න අද මං කට්ටියටම අරගෙන එන්නෙ “Anyone But You (2023)” ෆිල්ම් එ…
Anyone But You (2023) Sinhala Subtitles
ආයුබෝවන්, කොහොමද ඉතින් බයිස්කෝප් සිනමා ලෝලී ඔයාලා හැමෝටම? කට්ටියටම හොඳින් ඇති කියලා හිතනවා. මුලින්ම අවුරුදු 15ක සංවත්සරය වෙනුවෙන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මගේ සුභ පැතුම් එක් කරනවා ❤️ ඉතින් ඔන්න අද මං කට්ටියටම අරගෙන එන්නෙ “Anyone But You (2023)” ෆිල්ම් එකට උපසිරැසි. මේකට උපසිරැසි කරන්න භාරගෙන ටිකක් කාලයක් වුණා. උපසිරැසි ගේන්න පරක්කු වුණ එකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. කලින් ලිපිවලත් සඳහන් කළා වගේම තියෙන කාර්යබහුල තාවයේ වැඩි වීමත් එක්ක උපසිරැසි කරණයට කොච්චර ආසාව තිබුණත් කොහොමහරි, ඒකට ලැබෙන කාල වේලාව සෑහෙන අඩුවෙලා තියෙන්නෙ. ඒකයි උපසිරැසි පරක්කු වෙන්න ප්‍රධානතම හේතුව. ඒ නිසා ආයෙත් ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා ඔයාලා හැමෝගෙන්ම. මේ උපසිරැසියත් අවසන් කරලා, මේ ලිපිය ලියනකොට වෙලාව මාර්තු 10 පාන්දර 3.23 යි. ඉතින් නිදිවරාගෙන හරි ඉඳලා මේකට උපසිරැසි දාලා ඉන්න කියලා හිතුවා. ඒ වගේම මේ ෆිල්ම් එකට උපසිරැසි ගන්වන්න භාරදුන්නු විමා සහෝවත් මතක් කරගෙනම අපි කතාව පැත්තට හැරෙමු.
පැය 1 කුත් විනාඩි 43ක් පුරා දිව යන Anyone But You චිත්‍රපටය Romantic/Comedy ඛාණ්ඩය යටතේ IMDb දර්ශකයේ 6.2 අගයක්ද Rotten Tomatoes දර්ශකයේ 54% අගයක් ලබාගනිමින් Audience Score එක 87%ක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. චිත්‍රපටයේ සිදුවීම ගැන මොකුත්ම නොකියා ඉන්න මං බලාපොරොත්තු වෙනවා. මොකද එතකොට කතාවේ තියෙන රසාස්වාදනය සම්පූර්ණයෙන්ම නැතිවෙන්න පුළුවන් නිසා. උපසිරැසියේ අඩුපාඩු තිබුණොත් නැවත සමාව ඉල්ලනවා. රොමෑන්ටික්, කොමඩි ගණයට කැමති අයට අනිවා බලන්න කියලා මතක් කරන ගමන් එහෙනම් අදට ගිහින් එන්නම්. පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
සුභ දවසක්! ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRIP පිටපත් සඳහා ගැළපේ
13,370 downloadsDownload Anyone-But-You-2023-Sinhala-Subtitles.zip108 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Anyone But You, Anyone But You (2023), Anyone But You (2023) Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
11 comments
Kavindu Nethmina
Buddhika Lakmal
සබ් දෙනකම්ම බලං හිටපු මූවි එකක්....
තෑන්ක්ස් සහෝ සබට....udith
Sub eka denkal hitiye thanks
Anonymous
❤️
ravisara
thank you
Sahan Gayantha
thanks a lot Rukshan saho sub ekata
Asanga kb
Thank you wewaa..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavindu Malshan
Tnx bro
Anonymous
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Lahiru
Thankyou for sub !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sub ekata thanks bro ❤️❤️