Triangle of Sadness (2022) Sinhala Subtitles ආයුබෝවන්. බයිස්කෝප් වෙබ් අඩවියේ පහළොස්වන සංවත්සරය ට සමගාමීව ලොව ප්‍රධානතම සිනමා උළෙලක් වන ප්‍රංශයේ Cannes සිනමා උළෙලේ 2022 වසරේ හොඳම චිත්‍රපටයට හිමි Palme d’Or සම්මානය දිනාගනු ලැබූවේ අද මා ඔබ වෙත ගෙන එන මෙම චිත්‍රපටයයි. මෙම සිනමා උළෙලේ පමණක් නොවේ ලොව පුර…

ආයුබෝවන්. බයිස්කෝප් වෙබ් අඩවියේ පහළොස්වන සංවත්සරය ට සමගාමීව ලොව ප්‍රධානතම සිනමා උළෙලක් වන ප්‍රංශයේ Cannes සිනමා උළෙලේ 2022 වසරේ හොඳම චිත්‍රපටයට හිමි Palme d’Or සම්මානය දිනාගනු ලැබූවේ අද මා ඔබ වෙත ගෙන එන මෙම චිත්‍රපටයයි. මෙම සිනමා උළෙලේ පමණක් නොවේ ලොව පුරා සිනමා උළෙලවල් රාශියක සම්මානයට පාත්‍ර වුන මේ චිත්‍රපටිය Golden Globe සහ Academy සම්මාන උළෙල වලද නොමිනේෂන් කිහිපයකටම ලක් උනා.
Ruben Östlund නම් ස්වීඩන ජාතික අධ්‍යක්ෂක වරයාගේ Black Comedy ශානරයට අයත් මේ චිත්‍රපටය, හොඳම චිත්‍රපටය, අධ්‍යක්ෂනය, තිර රචනය වැනි අංශ සඳහාද හොඳම නළුවා සහ සහය නිළිය හා නළුවා සඳහා විවිධ සම්මානයන්ට පාත්‍ර උනා. Zlatko Burić Dolly de Leon, සහ Woody Harrelson යන නළු නිළියන් ඉහලම සම්මාන ලැබුවත් මෙහි වඩාත්ම කැපී පෙනෙන ප්‍රධාන චරිත දෙක රඟ පාන්නේ Harris Dickinson සහ Charlbi Dean යන තරුණ නළු නිළි යුවලයි. මේ චිත්‍රපටය අවසන් වන්නේ Charlbi Dean රඟපාන යායා නම් තරුණිය අවසානයේදී මිය ගියාද නැද්ද යන උභතෝකෝටිකය ප්‍රේක්ෂකයා තුල රඳවමින්. 2022 මැයි මස කාන්ස් උළෙලේදී මෙම ප්‍රශ්ණය ප්‍රේක්ෂකයාට මතු වෙද්දී ඉන් හරියටම මාස තුනක් ගත වූ කල නැත්තම් චිත්‍රපටය තිර ගත වීමට මාසයකට පෙර යායා ලෙස රඟපෑ Charlbi Dean නැමැති 32 හැවිරිදි නිළිය අසනීපයක් හේතුවෙන් දිවියෙන් සමු ගන්නවා.

මිය යාමට තෙමසකට පෙර Charlbi Dean 2022 කාන්ස් සම්මාන උළෙලේදී .
ඉතින් කතාව පැත්තට යනවා නම් කියන්න තියෙන්නෙ මේක ඉතා සංයමයෙන් හා ප්‍රවේශමෙන් බලන්න තියෙන මිනිස් ගති ගුණ මෙන්ම ධනවත් කම. පුරුෂාධිපත්‍යය වනි විෂය පථයන් ඉතා සියුම්ව සහ උපහාසාත්මකව සාකච්ඡාවට බඳුන් කරන චිත්‍ර පටියක් කියලයි. කතාව කොටස් තුනකට බෙදෙනවා. මුල් කොටසින් යායා සහ කාල් නම් මෝස්තර නිරූපක තරුණ යුවළ පිළිබඳවත් ඔවුන් අතර ඇතිවන ගැටළුත් නිරූපණය වෙද්දී ඔවුන්ට නොමිළයේ ලැබෙන අතිසුපෝඛභෝගී යාත්‍රා සවාරියක් සමග දෙවන කොටසට පිවිසෙනවා. එ,ජා සංවිධානය තම ව්‍යාපාරයට බාධාවක් සේ දකින යුධෝපකරණ නිශ්පාදනයේ නියැලෙන කෝටිපති යුවළක් මෙන්ම පොහොර ලෙස අසූචි විකුණා කෝටිපතියෙකු වූ බවට පුරසාරම් දොඩන රුසියානුවෙකු සහ ඔහුගේ බිරිඳ, තනිකඩ පරිගණක සමාගම් අධ්‍යක්ෂක වරයෙකු ඇතුළු අතිශය ධනවතුන් රැසක් මේ යාත්‍රාවේ ගමන් කරනවා. බේබදු කපිතන් වරයෙකු සංචාරයේ වැදගත්ම අංගයක් වන කපිතාන්ගේ රාත්‍රී ආහාර භෝජන සංග්‍රහයට යොමු කිරීමට උත්සාහ කරන යාත්‍රාවේ කාර්‍ය මණඩල ප්‍රධානි පෝලා තමයි මේ සංචාරය ඇදගෙන යන්නේ. යාත්‍රාවේ පවත්වන කපිතාන්ගේ අපූරු රාත්‍රී ආහාර භෝජන සංග්‍රහයත් ඊට පසුව සියල්ල උඩු යටිකුරු වන ඉතා හාස්‍යජනක හා උද්වේග කර සිදුවීම් මාලාවත් සමග තුන් වෙනි කොටස උදා වෙනවා.
ලෝකයේ ඉහළම ධනපතියන් ඇතුළු කිහිප දෙනෙක් සමග ඔබ දූපතක තනි වෙනවා. ආහාර තබා ගින්නක් අවුල ගන්න ගිණි පෙට්ටියක් වත් නැතුව.ඔබට ජීවිතය ගෙන යා හැකිද? ඔව් මේ යාත්‍රාව මුහුදු බත් වීමත් සමග එහි සිටි දෙනෙක් දූපතකට පා වී එනවා. ධනය බලය මොනවා තිබුනත් ඔබට survival skill එකක් නැත්තම් ඇත්තටම ඔබව බේර ගන්න කල් අල්ල ගෙන ඉන්න තියෙන ඉඩ කඩ අමාරුයි. ඒත් මේ කණ්ඩායමේ එක චරිතයක්ඉන්නවා එහෙම හැකියාවක් තියෙන. මොකද වෙන්නේ? අපි නිතර දකින survival චිත්‍රපට වලට වඩා වෙනස් ලස්සන කතාවක් දිග හැරෙනවා.
මම නිකන් උඩින් පල්ලෙන් කතාව කිව්වෙ ස්පොයිල් නොකරන්න හිතා ගෙන. මේ ඇති කියල හිතනවා. විශේෂයෙන්ම කලාත්මක චිත්‍රපටි බලන රසිකයන්ට මේ සංවත්සර මාසයේ අපි තිළිණ කරන අනිත් Palme d’Or දිනූ චිත්‍රපට ගොන්න සමගම මේකත් බලන්න ආරාධනා කරනවා.
නැවත හමු වෙන තෙක්. ආයුබෝවන්!
Triangle of Sadness, Triangle of Sadness (2022), Triangle of Sadness (2022) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB DL පිටපත් සඳහා වලංගු වේ.
3,481 downloadsDownload Triangle-of-Sadness-2022-Sinhala-Subtitles.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Triangle of Sadness (2022) Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
- #Anniversary Special
- #BANDULA K
- #Editor's Pick
- #Golden Globe Nominated
- #MaxxA
- #Palme d'Or
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Triangle of Sadness
- #Triangle of Sadness (2022)
- #Triangle of Sadness (2022) Sinhala Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Buddhika Lakmal
Anthony
thank brother sub ekata
devil's men 2023 puluwan nam dennaTharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..MVRS
Thank you for the sub...!
Damith niwanthaka Ranasingha
Thanks bro. Jaya wewa........!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..