Watch Trailer

Appa (2016) with Sinhala Subtitles | තාත්තා [සිංහල උපසිරසි සමඟ]

“පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී. “ කියලා අපි අහලා තිබෙනවා. ඒ නිසා වෙන්නැති පිය සෙනෙහස අළලා මෙවැනි නිර්මාණ පවා බිහිවෙන්නේ. මා මීට කලින් ඇරන් ආව අම්මා කණක්කු චිත්‍රපටයට නොදෙවෙනි චිත්‍රපටයක් අද ඇරන් ආවා. “අප්පා (තාත්තා) “ . එම ලිපියෙහි මා මේ චිත්‍රපටය ගැන සඳහනකුත් කරලා ඇති. දමිළ සිනමාව අද එක්තරා වාණිජ…

Appa (2016)

“පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී. “

කියලා අපි අහලා තිබෙනවා. ඒ නිසා වෙන්නැති පිය සෙනෙහස අළලා මෙවැනි නිර්මාණ පවා බිහිවෙන්නේ. මා මීට කලින් ඇරන් ආව අම්මා කණක්කු චිත්‍රපටයට නොදෙවෙනි චිත්‍රපටයක් අද ඇරන් ආවා. “අප්පා (තාත්තා) “ . එම ලිපියෙහි මා මේ චිත්‍රපටය ගැන සඳහනකුත් කරලා ඇති. දමිළ සිනමාව අද එක්තරා වාණිජමය රාමුවකට කොටුවෙලා තියන යුගයක, මෙවැනි හොඳ නිර්මාණ වලට උපසිරැසි ලබාදීම බයිකෝප් වෙඩ් අඩවියේ යුතුකමක් ලෙස සළකලා තමයි අද මේ උපසිරැසිය ඇරන් එන්නේ. මංද..මෙවැනි චිත්‍රපටි වලට උපසිරැසි කිරීමට අද කිසි කෙනෙක් උනන්දු වෙලා නැති බව අම්මා කණක්කු හා අප්පා යන චිත්‍රපටි දෙකටම ඉංග්‍රිසි උපසිරැසියක් නොලැබීමෙන් අපට පැහැදිළි වෙනවා. ඉතින් ඒ නිසාමයි මේ මා මෙය තෝරාගන්නේ.

තම දරුවා සමාජයේ හොඳ මිනිසෙක් කරන්න කැපවුණු ආදරණීය තාත්තා කෙනෙක් ගැන කතාවක්. ඔහු අනිත් පියවරුන්ටත් ආදර්ශයක් වුණා. සැබෑ තාත්තෙක් සහ සැමියෙක් යනු කවරෙක්ද යන්න අන් අයටත් පෙන්වා දුන්නා. ඇත්තටම මේකේ කතාව මොකද්ද කියලා පැහැදිලි කරන්න මට තේරෙන්නෑ. ඒ කියන්නේ මේකට කතාවක් නැහැ කියන එක නෙවෙයි..මේ කතාව මට වචන දෙක තුනකට ගොනු කරන්න තේරෙන්නේ නෑ. සමාවෙන්න ඕන. මං එහෙම කරන්න ගියොත්, මම සමුද්‍රගනීට අසාධාරණයක් කළා වෙනවා. ඔහුගේ පණිවුඩය ඔයාලා මුල සිටම වටහා ගත යුතුයි. නමුත් අවසානයේ මං මෙහෙම දෙයක් කියන්නම්..සැබෑම තාත්තා යනු කවරෙක්ද කියලා ඔහු ලෝකෙටම පෙන්නුවා.

පසුගිය සතියේ කබාලි චිත්‍රපටය තිරගත වුණා. දැනට වාර්තා පිට වාර්තා බිහිකළ සිනමා පටය. මේ ආකාරයට කාගෙවත් නමක් යොදලා එයට වීරත්වය මුසු කරලා කැකෑරෙන සංගීතයක් සමඟ “නෙරුප්පු ඩා..“ කියලා දාලා දිවෙවුවාම “පට්ට ෆිල්ම් එක බං“ කියන සමාජයක් අද. කබාලි චිත්‍රපටයට ටිකට් එකක් ලැබුන්නෑ කියලා එදා සිනමාශාලාව ඉස්සරහා විරෝධතා පවත්වපු මිනිස්සු කියපු දේවල් අහපුවාම හිතෙනවා..“යකෝ මුන් ඇයි රජිනිට ඔච්චර මැරෙන්න හදන්නේ..ඔය කෑ ගහන උන් අඩුම තරමේ තමන්ගේ අම්මා තාත්තා ගැන ඔය විදියට වද වෙලා තියනවද..“ කියලා.. මෙවැනි උමතු ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ බය නැතුව මේ වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරලා ලොකුවට “අප්පා (තාත්තා)“ කියලා කටවුට් එක ගහලා එළිදක්වන්න තරම් සමුද්‍රගනීගේ හිත හයිය වුණු එකට මගේ උත්තමාචාරය. මොකද වෙනත් නමක් දැම්මානම් චිත්‍රපටිය අගේට දුවවන්න තිබුණා. ෆිලුම බලද්දි ඔයාලට තේරෙයි මේක වාණිජමය අරමුණකින් කොහෙත්ම කරලා නැති බව. මේ චිත්‍රපටය ළමා පරපුරට ඔහු දුන් දායාදයක් වගේම, වැඩිහිටියන්ට කියා දුන් පාඩමක්. එහෙමයි IMDB වෙබ් අඩවිය සඳහන් කරලා තිබුණේ. එහි මෙය ලබාගෙන තිබෙන රේටින් එක 9/10 ක්. වෙන මොන කතාද !

සමුද්‍රගනී, අපි කවුරුත් දන්න අසහාය නළුවෙක්. මේ චිත්‍රපටයේ පිටපත, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය සමුද්‍රගනී. එයාගේ රඟපෑමනම්…කියන්න වචන නෑ. තව තම්බි රාමයියා මෙහි සීරියස් චරිතයක් කරනවා. සාමාන්‍යෙන් ඔහු විකට නළුවෙක්. මෙයාලගේ බිරින්දෑවරුන්ගේ චරිත කරන දෙන්නා අති විශිෂ්ටයි. විශේෂයෙන්ම සමුද්‍රගනීගේ බිරිඳ. ඒ වගේමයි ළමා නළු නිළි කැල..කියන්න තරම් වරදක් නැහැ. අම්මා කණක්කු එකේ අභින්‍යා නංගිත් ඉන්නවා. වෙට්ට්‍රිවේල් චිත්‍රපටියේ සසිකුමාර් ආරාධිත රංගනයක නියත වෙනවා. සංගීතය ඉලෛයරාජාගෙන්. මේ හැමෝම එකතු වෙලා ලෝකයට දුන්නු මේ උතුම් පණිවිඩය..අපි සියළු දෙනාටම දැනෙන්න හරින්න ඕන. ඒකට ගත්තු උත්සාහයක් තමයි මගේ උපසිරැසිය. එහෙනම් අනිවාර්යෙන් බලන්න කියලා ඉල්ලීමක් කරන ගමන්..ලිපිය නවත්තනවා. ජයවේවා!

ඔබේ මාර්ගයෙන් මේ ලෝකයට පැමිණි පිරිසිදු ආත්මයන් හදන්න යන්න එපා.. ඔසවා තබන්න.

– හිතවත් සමුද්‍රගනී.

 

 

 

Appa (2016) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Appa (2016)

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

7,402 downloadsDownload Appa-2016Baiscopelk.com_.rar52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,402 downloadsDownload Subtitles52 KB

41 comments

  1. Chami.S

    Thanks..
    Good Luk..

  2. praneeth madu

    බොහෝම ස්තූතියි

  3. Kgm

    Aniwa Ela broo

  4. nuwan dilshan

    thanks

  5. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Angali Pangali (2016)
    Paisa (2016)
    Oru Melliya Kodu (2016)
    Ka Ka Ka Po (2016)
    Adra Machan Visilu (2016)
    Kadhal Agathee [2016)
    Uriyadi (2016)
    Meera Jaakirathai (2016)
    Oyee (2016)
    Sawaari (2016)

    TamilRockers(dot)pm site eke thiyana honda films mewa..
    puluwannam sub denna machan.....

  7. vikum

    niyamai sahoo...mama alagena hitiye denakam..amma gana dunna ekat pattai..mama enna rate basawenma kiyannamko..(Köszönöm szépen.)me wage digatama sub denna...lipiyat niyamai..

  8. SEO SPIDER

    Usually tamil balanne ne. Meka balanna hithenawa.

  9. D Chamara

    aniwa balanna oni sahooo niyama sahoo thanks

  10. Tharaka

    ඔයා සබ් ලබා දුන් Amma Kanakku (2016) ෆිල්ම් එක හරිම ලස්සනයි. අපේ ගෙදර ඔක්කොමත් බැලුවා. මම තව ඒකෙ කොපියක් අපේ අහල පහළ ගෙදරක පවුලකට දුන්නා. ඒ අය 3 පාරක් නැරඹුවාලු. ඇත්තටම මෙවැනි ආදර්ශමත් චිත්‍රපට ලබා දීම ගැන ගොඩාක් පිං සහෝ. ඉතින් අද දුන්න මේ Appa (2016) චිත්‍රපටියත් ඕන් මම බාන්න දැම්මා. මේකත් බොහොම ලස්සනයි කියලා මට හොඳටම විශ්වාසයි. මේ චිත්‍රපටයටත් උපසිරැසි ලබා දීම ගැන ගොඩාක් ස්තුතියි! පුළුවන් වෙලාවක Anjali (1990) දමිළ ෆිල්ම් එකටත් සබ් දෙන්න කියා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉදිරියටත් තව තව මෙවැනි හරයක් ඇති නිර්මාණ වලට සබ් දෙන්න කියලාත් ඉල්ලනවා. ජයෙන් ජයම වේවා!

  11. buddhika

    thanx bro hoda film ekak wage..balanna ona..

  12. sachinthana

    මාත් වැඩිය දමිල ඒවා බලන්නෙ නෑ. ඒත් මේ වගේ හොඳ චිත්‍රපට අහු වුනොත්නම් අනිවාර්යෙන් බලනවා. සබට තෑන්ක්ස් මචෝ.

  13. Kulanjana Maduranga

    niayamai…aniwa balanawa.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Indrajith Udaya Kumara

    ඔයාලගේ කමෙන්ට්ස් මට හුඟක් වටිනවා මචන්..හැමෝම මේ චිත්‍රපටිය බලන්න කාලය වෙන්කිරීම ගැන ගොඩක් ස්තුතියි..මේ වගේ ආදර්ශමත් චිත්‍රපටි අපි සියළු දෙනාටම නරඹන්න සලස්වන්න ඕන..

  15. Nuwan Dewapriya Disanayaka

    supiri machan...
    thank you

  16. dhulanka

    සබ් එකට බොහෝම ස්තූතියි. දැනුයි බලලා ඉවර උනේ. බැලුවායින් පස්සේ කමාන්ටුවක් කොටන්නම හිතුවා. මේක සෑම දෙමාපියෙක්ම, දරුවෙක්ම නැරඹිය යුතු චිත්‍රපටියක්. හැමෝටම ජීවිතය ගැන හොඳ ඉගෙනුමක් මින් ලබා ගන්න පුළුවන්. ඉදිරියටත් මේ වගේ හොඳ ඒවාට සබ් දෙන්න මචෝ. ඔබට ජය.....................

  17. Shenin Perera

    අනිවා සහෝ.. වැඩියෙන් tamil චිත්‍රපටි බලන් නැති උනාට ලිපිය කියවපු කෙනෙක් නොබලා ඉදී කියල නං හිතෙන්නෑ...tnx සබ් එකට...

  18. SS

    me wagee film thamay balanna one. thx machan sub walata.

  19. Hiruni

    Thankx.......... :D

  20. mayura

    අද මේක නැරඹුවා. ෆිල්ම් එකනම් සුපිරියි. අම්මා ගැන කියැවුනු කලින් එකත් එහෙමයි. මටනම් හිතෙන්නේ ඔයානම් ආදරණීය හදවතක් තියෙන අයෙක් වෙන්න ඕනේ. කෙනෙක් මේ වගේ මානුෂික වූ චිත්‍රපට වලට උපසිරැසි දෙන්නේ බොහොම කලාතුරකින් තමයි. සබ් එකට බොහොම පින් සහෝ. ජය වේවා....

  21. nadun

    උපසිරැසියට බොහොම ස්තූතියි. මේක දෙනකම් තමයි හිටියේ. අද බලන්න ඕනේ. මේ වගේ ලස්සන ෆිල්ම් එකක් තමයි Dhanak (2016) කියන්නේ. ඒකටත් සබ් දෙන්න පුළුවන්ද මචෝ?

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. chanmatara

    ලිපියේ ලියවුනු වගේම නියම ෆිල්ම් එකක් සහෝ......
    මේ වාගේ නිර්මාන තව කරන්න.....
    මොකද මේ වාගේ ෆිල්ම් බලන්න ගොඩක් අය හිටියට
    ඒවායේ සබ් නෑ...
    ගොඩක්....Thank's'

  24. SB

    නියමයි සහෝ සුපිරි film එකක්....ආදර්ශමත් ගොඩක් දේවල් මේකේ තියෙනවා.ඉදිරියටත් මෙවෙනි film ලබාදෙන්න..
    කැපවීමට ස්තුතියි..!

  25. Harsha

    Downloading.................................
    Thanks mcn

    1. sanath

      machan link eka dennako

  26. Menu

    Thank you :)

  27. indika

    Thn Q... !!!

  28. wiki

    Thanks

  29. Pradharaka

    මෙ උපසිරසියට ගොඩක් ස්තුතියි..ගොඩක් හොද කතාවක් හරිම ලස්සනයි ..

  30. hasi

    baiscope1st eketa log wenna bane

  31. dila

    supper machan

  32. Isuru Ishara Sankalpa

    thanks

  33. Pankaja Ruwinda

    Mili 2015 malayanam movie eke sinhala plzz

  34. Vidu

    Mchn mata mee film aka free downlad karana widiya kiyanawada??

  35. nidi

    Indrajith, mama samanyayen film ekak bagena beluwata pasuwai comment ekak danne. eeth ada, den, film eka bagannath kalin oyage lipiya kiyawala ethiwunu pahan hengeemen yuthuwa me liyanne. mama oya ekka 100% k ekangai. digatama oya wage dekmakin yuthuwa katayuthu karannata oyata shakthiya lebewa!

  36. Dinuka

    බොහෝම ස්තූතියි..මෙ උපසිරසියට.. හොද කතාවක් හරිම ලස්සනයි ..

  37. Vimukthi

    Aththama niyamai. Me wage film promote karanawata thanks bro oyalata. Meke samajawaadaya gana adahasak denne.

  38. nidi

    onna film eka beluwa bagena masa gananakata passe. lassanai, harawath. eeeth aththama kiyanawa nam film eka amu wedi wage!

  39. malith

    Ela ela

  40. Bandara76

    උපසිරසියට ගොඩක් ස්තුතියි.. උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.