Watch Trailer

Kabali (2016) with Sinhala Subtitles | රජුගේ පුනරාගමනය..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අපි හැමෝම ආසාවෙන් බලන් හිටපු සුපිරි චිත්‍රපටය මං අද ඇරගෙන ආවා. මේ වන විට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් පිස්සු වට්ටන්නට සමත් වූ ඒ ස්ටයිල් සිනමා පටය, අද ඔබ සියළු දෙනාටම රසවිඳින්න අපි බයිස්කෝප් වෙබ් අඩවියෙන් අවකාශය ලබා දෙනවා. මගේ උපසිරැසි ඉතිහාසයේ මා වැඩිම මහන්සියක් සහ වැඩිම පෙර…

Kabali (2016)

ඔන්න යාළුවනේ අපි හැමෝම ආසාවෙන් බලන් හිටපු සුපිරි චිත්‍රපටය මං අද ඇරගෙන ආවා. මේ වන විට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් පිස්සු වට්ටන්නට සමත් වූ ඒ ස්ටයිල් සිනමා පටය, අද ඔබ සියළු දෙනාටම රසවිඳින්න අපි බයිස්කෝප් වෙබ් අඩවියෙන් අවකාශය ලබා දෙනවා. මගේ උපසිරැසි ඉතිහාසයේ මා වැඩිම මහන්සියක් සහ වැඩිම පෙර සූදානමක් ඇතුව සිදුකල උපසිරැසිය “කබාලි“ බව මතක් කළ යුතුයි. මීට මාස ගණනකට පෙර, මට මේ අවස්ථාව ලබා දුන් බයිස්කෝප් කණ්ඩායමට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා.

රජිනි කාන්ත්

දමිළ සිනමාවේ මා දන්නා තරමින් MGR ට පසුව එතෙක් මෙතෙක් බිහිවුණ සුපිරි තරුව රජිනිකාන්ත් කීවොත් නිවැරදියි (සුපිරි තරුව යනු ඔහුගේ අන්වර්ථ නාමයයි). එක බැල්මකින් රසික රසිකාවියන් උමතු කිරීමේ හැකියාව ඔහු ලද භාග්‍යයක්. චිත්‍රපටය පටන් ගැනීමට කලින් තිරයේ ඔහුගේ නම දිස්වන විටම ප්‍රේක්ෂකයින්ගේ ඝෝෂාවෙන් මුළු ශාලාවම පිරී යයි. ඇතැමෙක් ඔහු දෙවි කෙනෙකුට සම කරති. මෙම චිත්‍රපටය ඔහුගේ 159 වැන්නයි. ලෝක ප්‍රසිද්ධරජිනි ස්ටයිල් එක මනාව ඉස්මතු කළ චිත්‍රපටයක් ලෙස කබාලි නම් කළ හැකියි. 1994 බාද්ෂා චිත්‍රපටයෙහි ඩොන් ගේ චරිතය නිරූපණය කළ රජිනි, වසර 21 ට පසු නැවතත් කබාලි චිත්‍රපටය හරහා ඩොන් චරිතයට පණ පොවයි. ලිංගා චිත්‍රපටය ජනප්‍රිය නොවීම නිසා රජිනි යුගය අවසන් යැයි කියූ අයට නිසි පිළිතුරක් කබාලි විසින් ලබා දෙනු ඇති බව බොහෝ දෙනා බලාපොරොත්තු වුණා.

කබාලි චිත්‍රපටය සහ උමතුව

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ නවක අධ්‍යක්ෂක පා.රංජිත් විසිනි. මැඩ්‍රාස් චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා. ඔහුට අනුව, වසර 25 ක් සිරගතව සිට එළියට පැමිණි වයස්ගත ඩොන් කෙනෙකු, තම ජීවිතයේ අහිමිවුණ ආදරය සහ සෙනෙහස සොයා යන හැඟීම්බර කතාවක්. මෙය චෙන්නායි හි ජීවත් වූ සැබෑම ඩොන් කෙනෙකුගේ චරිතය අළලා නිර්මාණය කර තිබෙනවා. තිරගත වීමට කලින්ම කෝටි 220 ක ආදායම අභිබවා යෑමට මෙම චිත්‍රපටයට හැකිවුණා. මෙම චිත්‍රපටයේ උන්මාදය කොතෙක්ද කිවහොත්,  ගුවන් යානා ආයතන පවා කබාලි විශේෂ ගුවන් ගමන් සංවිධානය කර, කබාලි පෝස්ටර් වලින් තම ගුවන් යානා සරසා තිබුණා. කබාලි තිරගත වන දිනය නිවාඩු දිනයක් බවට පත්කිරීමට සමහර ආයතන කටයුතු කර තිබුණා. ඒ වගේම මෙහි පූර්ව ප්‍රචාරක පටය සහ නෙරුප්පුඩා නැමැති ගීතය සිනමා ලොවේ වාර්තා පිට වාර්තා බිහි කිරීමට සමත් වුණා. තවද තෙළිඟු, හිංදි සහ මැලේ භාෂාවලින් හඬකැවූ එකම දමිළ සිනමා පටය බවට කබාලි පත්වුණා.

කතාව

වසර 25 කට පසු කබාලීෂ්වරන් නොහොත් කබාලි හිරෙන් නිදහස් වෙනවා. චිත්‍රපටය පටන් ගන්නේ එහෙමයි. හිරෙන් නිදහස්ව පැමිණෙන ඔහුව පිළිගැනීමට බොහෝ පිරිස් සූදානමින් ඉන්නවා. උත්සව පවා සංවිධානය කරලා. එළියට ආව කබාලි කෙලින්ම යන්නේ මත් ජාවාරම් කරුවෙකු වෙතයි. නොසිතූ වෙලාවක තමන් වෙත ආපු මේ නාකියා කවුද කියලා ඔහු කබාලිට සමච්චල් කරනවා. සමච්චල් කර කබාලිව ඝාතනය කරන්න හදනකොටම, එක පහරකින් ඔහුව බිම හෙලූ කබාලි මෙන්න මෙහෙම කියනවා.

දෙමළ චිත්‍රපටිවල මෙතන ලපයක් තියාගෙන, රැවුල කරකවාගෙන, සරම කැහිපොට ගහගෙන.. නම්බියාර්, “ ඒයි කබාලි “ එහෙම කියාපු ගමන්.. දෙකට නැමිලා “ කියන්න හාමුදුරුවනේ “..එහෙම ඇවිත් ඉන්නවා නේ.. ඒ වගේ කබාලියෙක් කියලා හිතුවද බං ? කබාලි බං. (ප්‍රේක්ෂකාගාරයම අත්පොළසන් ප්‍රීතිඝෝෂා පවත්වති)

අවුරුදු 25 කට කලින් කබාලි කොහොමද යන්න ගියේ ඒ විදියටම ආපහු ආවා කියපන්. අර ටොනී ලීයි, වීරසේකරමුයි ලෝකේ කොයි මුල්ලක හිටියත් ඇවිත් මං ඉස්සරහා හිටගන්න ඕන !

ටෝනි ලී සහ වීරසේකරම් යනු දැනට ක්වාලාලාම්පූර් නගරය පාලනය කරන 43 කල්ලියේ ප්‍රභලයින්. ටෝනි ලී තමයි එහි නායකයා. අවුරුදු 25 කට කලින් කබාලිගේ කල්ලිය විසින් ඇතිකරපු යහපාලනය අද නැති වෙලා. මත් ජාවාරම, ගණිකා ජාවාරම එළිපිටම සිදුවෙනවා. ඔය සියල්ල අතරේ, කබාලිගේ අඳුරු මතකයන් නැවත ඔහුට වද දෙන්න පටන් ගන්නවා. තම ආදරණීය බිරිඳ කුමුදාවල්ලී..ඔහුට නිතරම මතක් වෙන්න පටන් ගන්නවා. ඇගේ මතකයන් අතර කබාලි කල්ගත කරනවා. ඔය අතරේ කබාලි ඝාතන සැළසුම් ක්‍රියාත්මක වෙනවා..ටොනි ලී සහ කණ්ඩායම කබාලිව ඝාතනය කිරීමට ප්‍රභල මැරවරියක් වන යෝගීව කැඳවනවා..ඉන් පසු සිදුවුණේ වෙනස්ම දෙයක්. ඒ ටික නරඹන්න ඔබට බාරයි.

සමාලෝචනය

ඇත්තටම කීවොත් මේ චිත්‍රපටයේ කතාව පට්ටම පට්ටයි කියලා මං කියන්නේ නෑ. නවක අධ්‍යක්ෂකවරයෙක් නිසා බොහෝ අඩුපාඩු තිබෙනවා. විචාරචීලී බුද්ධිමත් ප්‍රේක්ෂකයින්ට නම් මේ සිනමාව රසවිඳින්න බැරිවෙයි අවංකවම. ඒ නිසා මා කියන්න කැමතියි මෙයි රජිනිගේ රසිකයින් සඳහා විශේෂයි කියලා. නමුත් රජිනිගේ රසිකයින් බලාපොරොත්තු වූ මට්ටමටම මෙම චිත්‍රපටය පැමිණ නැති බව චිත්‍රපටය බැලූ අය දැක්වූ අදහස් වලින් පෙනීගියා. කෙසේ නමුත්, ඒ අඩු පාඩු සියල්ල තිබියදීත් ඉන්දියාවේ මෙය මෙතරම් සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව රජිනිකාන්ත් සහ ඔහුගේ ශෛලිය ලෙස දැක්විය හැකියි. ඒ නිසයි මා මුලින් සඳහන් කළේ මෙය ස්ටයිල්-සිනමා පටයක් කියලා. ඒ අතින් බලද්දී රජිනි සමඟ තරඟ කරන්න දමිළ සිනමාවේ හෝ බොලිවුඩ්හි තවත් සුපිරි තරුවක් නැහැ කියන කාරණය මේ චිත්‍රපටයෙන් තවදුරටත් තහවුරු කෙරුණා. ප්‍රධානම හේතුව රජිනි නමුත් අනික් නළු නිළියන්ගේ මෙහෙයද අගය කළ යුතුයි. කුමුදාවල්ලීගේ චරිතය රඟපෑ රාධිකා ආප්තේ නැමැති සම්මානලාභී බොලිවුඩ් නිළිය සුපිරිම රඟපෑමක නිරත වෙනවා. තවද තායිවාන නළු වින්ස්ටන් චාවෝ, අට්ටකත්ති දිනේෂ්, ජෝන් විජය්, සායි ධන්ෂිකා මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේමයි සංතෝෂ් නාරායන්ගේ සංගීතය. මෙහි පසුබිමින් වාදනය වුණ නෙරුප්පුඩානැමැති ගීතයත් මේ චිත්‍රපටයට ලොකුම බලයක් ජවයක් වුණා. එහෙනම් යාළුවනේ..මෙම වසරට මා රැගෙන එන අවසන් උපසිරැසිය මෙයයි. නැවත උපසිරැසියකින් හමුවෙන තුරු..ඔබ සියළු දෙනාට ජයවේවා.

මෙහි තෙළිඟු හඬ කවන ලද පිටපත සඳහාද උපසිරසි යාවත්කාලීන කර ඇත.

Kabali (2016) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kabali (2016)

www.TamilMV.me – Kabali (2016) Telugu WEB-HD – 1080p – AVC – AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

29,912 downloadsDownload Kabali-2016TeluguAndTamil.Baiscopelk.com_.zip131 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

29,912 downloadsDownload Subtitles131 KB

64 comments

  1. Rangana

    Thanks For Subtitle & am First

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    2. isuru

      Download karaganna bane

    3. Niro

      Sajith kiyana kena hama sub ekakatama me comment eka danawa..eth eya kiyana site eke tiyenne add witharai... ekata yanna epa data tika iwarai one second walin

    4. sean

      සහො මෙ Sub එක HDRip - x264 - 1.4GBඑකට වැඩ කරනවාද

    5. Prasheen

      permission denied kiyala enawane bn

    6. Thimira Sandaruwan

      mata direct link eka ewannako plesse

    7. Chaminda

      Eke wena mokaddo ekak down une.700mb aparade

    8. Sanjeewa

      Baiscopelanka1st ( බයිස්කෝප් ලංකා 1st . බ්ලොග්ස්පොට් . කොම් ) mekata giyama request ekak nathuwa yanna ba kiayanawane ?

    9. vishwa

      thankz for the sub.
      sajith kiyana borukarayage 300mbmvs site eke storiyta rawtenna epa.
      hllywd films bawaki putlocker eken.IDM ona habai.

    10. sajith

      puluwan bn uptobox link tamai hoda

    11. Chaminda

      Aththamai mge 700mb aparade

  2. සුරේෂ් ජයතිලක

    Alert එක දැක්ක ගමන් මේ දුවගෙන අවේ. HDRip නං අවුලක් නෑනේ බලනවා. මීට වඩා නං ඉවසන් ඉන්න බෑ.

    කිව්ව විදිහට සබ් එකත් සුපිරියටම දාල තියෙනවා වගේ ☺ බොහොම ස්තුතියි!

  3. Danushka Madushanka

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  4. Givantha Arshakulrathne

    Thank you

  5. Pik Pot

    ස්තුතියි සහෝ sub එකට,

  6. සුපුන් රසංක

    ස්තුතියි ඈ

    මැසෙජ් එක දැක්ක ගමන් ආවේ. . . සතුටුයී . .

  7. Darshana

    Sub ekata thanks saho..

  8. praneeth madu

    ela bro

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  10. Chamee

    ස්තුතියි සහෝ උපසිරැසියට

  11. සිසිල ප්‍රසාද්.

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    මේකේ පිටපතක් පෙරේදා රෑ ඇවිල්ලා තිබුණා.
    ඉතිං ඒ වෙලාවේම අරගෙන තියාගත්තා ඉක්මනටම සබ් එක දෙනවා කියලා දන්න නිසා :D
    ජයවේවා...!

  12. Shakila

    Download kara ganna torrent link akak nene
    Torrent aketh nene search kalata plz help me

  13. eagle

    Ty bro ambe ty hodatama

  14. buddhika

    thanx bro sub ekata...

  15. lahiru

    thanx bro..

  16. Kolitha

    Thanx bro..

  17. Dushyanth

    film eka down karaganna link ekath dunna nam hodai neda

    1. Anonymous

      dennam

  18. praveen

    man me site ekata aluth mata kiyanwada meka download karaganne kohomada kiyala

  19. shahan

    sub ta kalin katawayanawa mc

  20. රයන් ද සිල්වා

    පට්ට මේ ෆිලුම දෙනකල් මග බලාන් හිටියේ සහෝ
    ෴෴ජය වේවා෴෴

  21. kasun

    thanks

  22. Kulanjana Maduranga

    niayamai…thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. tharidu

    ඊයේ බැලුවේ. සබ් එක නැතුව.
    බයිස්කෝප් එක චුට්ටක් පරක්කුයි. දවස් 5ක් වෙනවා හොද කොපිය එලියට ඇවිත්
    එනිවේ තෑන්ක්ස්

    1. Indrajith Udaya Kumara

      හොඳ කොපිය ආවේ සහෝ Aug 01 2016 වැනිදා ටැමිල්රොකර්ස් එකට. ඒ ඇවිල්ලත් දවසක් යනකල් ටොරන්ට් එකේ අවුලක් තිබුණා කාටවත් ඩවුන්ලෝඩ් කරගන්න බැරුව...

    2. Omi

      TamilRockers wala hodama copy eka select karaganne kohomada?

    3. Indrajith Udaya Kumāra

      විශේෂ ක්‍රමයක් නැහැ
      HDRip DVDRip WEB-HD
      වගේ තියනවා නම් ඒවා හොඳ කොපි තමයි

  24. Piya de Silva

    thanx bro meka enakan my balan hitiye..... elaz

  25. Thusitha Hettiarahchi

    සබ් එකට ස්තූතියි!!!

  26. Thimira

    mata link eka ewann plesse meka 720p hd neda pehedilida

  27. ලහිරු

    හරි හමන් ටොරන්ට් ලින්ක් එකක් දිපන්කො බන්...තැන්ක්ස් බන්.

  28. Shashi Prahan

    mata Baiscopelanka1st link ekata yanna baha puluwannam hash tag eka ewanna

  29. sanju

    meke thiyana kisima link ekak weda ne torrent eketh ne plzzz help me mn vitharak newei methana godak aya oyalagen reply enkm bln innawa brooo plz help us.

    1. Dhanushka Marasinghe

      melo rahak naha ban.
      hari hati link ekak wath naha, boruwata sub hadala danawa aparade ban kaale, sub hada hada mungeth welawa kanawa, api link hoya hoya ape welaawath kanawa. mama dan film eka balanna yana kaalayama daagena link eka hewwath thama hamba une naha. okkoma thiyenne add daapu hingana sites. aduma tharame film eka baagaththa ekek wath nikanwath link eka daalayanne naha aith ewunta baaganna kiyala.
      paprade ban sub hadanna ganna mahansiya

  30. udaya

    patta thanks lotttttttttt

  31. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Amil

    Thanks Bro Sub ekata

  33. indika

    Thn Q... !!!

  34. Unknown

    machn rajinikanth ape lankawa loka sithiyamen ain karanawa kiyala kiwwa wa minihek. me wage unge films promote karanna epa bn

  35. mr.x

    piratebay ekewath ne machanla mechchara ads !

  36. Manjula Kumara

    උපසිරැසියට බොහොම තුති. ජය වේවා…

  37. Wish

    Machan DVD rip ekata update karapanko

  38. Wireshan Wijesiri

    ඊයේ DVD Rip එක ආවා මචන් පුලුවන් නම් DVD Rip එකට Update කරපන්කො

  39. Gihan

    තෑන්ක්ස් මචන්

  40. roshan_st

    බොහොම ස්තූතියි සහෝ

  41. uchitha

    supiri aiye thanks sub wlata

  42. SPM

    Thanks

  43. pushpakumara

    niyamay thank,s

  44. SB

    Thanks bro.....! ජයවේවා..!

  45. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  46. tharaka madushanka herath

    උපසිරැසියට බොහොම තුති. ජය වේවා…

  47. HD JAYARATHNA

    බොහොම පින්

  48. Achi

    හොද කොපියකට සබ් අලුත් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි...කාලයක් යනකොට ආයේ ආයේ බලන්න හිතෙන ෆිල්ම්