මට හරිම අහම්බෙන් වගේ ගිය අවුරුද්දේ බලන්න සෙට් වුණ ටිිකක් වැඩිය අවධානක් දිනාගත්ත බවක් පේන්න නොතිබුණ අපූරු විදිහෙ වැඩක් අරගෙන තමයි අද මං ආවෙ..මේ ටිකක් හරිම විශේෂ වුණ මට මොකද මලයාලම් සිනමාවේ දකින්නේ නැති විදිහේ හරි අපූරු චරිත කියවිල්ලක් මම දැකපු සිනමාපටයක්. එක විදිහක චරිත කීපයක් නිසා මගේ ඔලුවෙන් ගියපු…

මට හරිම අහම්බෙන් වගේ ගිය අවුරුද්දේ බලන්න සෙට් වුණ ටිිකක් වැඩිය අවධානක් දිනාගත්ත බවක් පේන්න නොතිබුණ අපූරු විදිහෙ වැඩක් අරගෙන තමයි අද මං ආවෙ..මේ ටිකක් හරිම විශේෂ වුණ මට මොකද මලයාලම් සිනමාවේ දකින්නේ නැති විදිහේ හරි අපූරු චරිත කියවිල්ලක් මම දැකපු සිනමාපටයක්. එක විදිහක චරිත කීපයක් නිසා මගේ ඔලුවෙන් ගියපු නැති වැඩක්. ඉතිං ඔන්න අද මං ආවෙ ගිය වසරේ sonyliv හරහා නිකුත් වුණ ‘අප්පන්’ සිනමාපටය අරගෙනයි..
අප්පන් කියන්නේ තේරුමේ හැටියටම තාත්තෙක් ගැන තමයි මේකෙ තියෙන්නෙ.. මේක එක විදිහක අති නාටකමය අඩ දබරයක් කිව්වොත් හරියටම හරි..ඉට්ටි නැමැති ඔත්පල අප්පොච්චෙක් ඔහුගේ මරණය පිළිබඳ දිවා රෑ නොතකා හීන දකින මවක හා පුත්‍රයකු පිරිසකගේ කතාවක් අප්පන් දිවයන්න”මේ වගේ කතා වස්තුවක් සැකිල්ල කරගනිමින් වුණත් ඉහවහා ගිය ආදරය කැකෑරෙන පැසවන ගොඩක් දේවල් මැද්දේ අප්පන් අපිට දෙනව එක විදිහක කන්ඩිෂන් වුණ අදහසක් පවුල් බැදීම් වලට එද්දි ඒවගෙ තියන ශක්තිය කොහොමද ඒ තුලම ඇති වනරබිලිටියක් වෙන්නේ ? අපි මිනිස්සුන්ව හඳුනාගන්නේ අපේ දැනීම් පරාසය අනුව හිතේ ඇඳගත් පින්තූර විදිහට වෙනකොට අපේ අම්ම තාත්තා ගැන වුණත් අපි දන්නේ හරිම ටිකයි අපේ හිතේ තියෙනවා යම් කිසි පින්තුරයක් මේ තමයි මම දන්න අම්ම තාත්තා මගේ පවුලේ කවුරු වුණත් මේ තමයි එයාල කියල..නමුත් පවුල කියන තැන බාහිර ලෝකයෙන් වෙන් වුණ තැනට එනකොට තියෙන ලොකුම වෙනස්කම වෙන්නෙ අපි අර කියන පින්තුර සහ රියැලිටිය දෙකම එකක් වගේ ගොඩක් වෙලාවට දකින්නේ..අපි දකිනවා වෙන්න පුළුවන් වෙනස්කම් අපි දකිනවා වෙන්න පුළුවන් අඩුපාඩු නමුත් අපි බාහිර ලෝකයත් එක්ක කරනව වගේ රියැක්ට් කරන්නේ නෑ ඉක්මනට.. සමහරක් විට විරුද්ධතාව අපි තුලින් එන්න පුළුවන් යම් යම් කාරණා වලදී.. නමුත් අපි කොයිතරම් බුද්ධිමත්ව තීරණ ගන්න ගියත් අපිට අවස්ථාවක් එනවා වෙන්න පුලුවන් මොන දේ වැරැද්ද නොගැලපීම් තිබුණත් දමල යන්න බැරි අන්තිමේ අපේ පවුල කියන තැන හිට ගන්න වෙන..අපි හිට ගන්නෙම එතන.. මෙන්න මේ කියන දේ ලේ බෑදීම අපි වැඩි පුරම අල්ලන් ඉන්න තැන අපිට හෙලවෙන්න බැරි තැන ඒ තුල තියන ශක්තිය කොයිතරම් කෙනෙක්ව ශක්තිමත් කරනවාද අසරණ කරනවාද තර්ජනයක් වෙන්න පුළුවන්ද අප්පන් තුල ගොඩක් දේවල් දැක්කත් මං දැකපු බලසම්පන්නම දේ මෙන්න මේ කියන අදහස..මට මේක තදින්ම ඔලුවට වැදුනා.. අප්පන්ට ආලේ වෙන්න මේකත් මට එක හේතුවක් වෙන්නෙති..ලස්සන කතාවක් අස්සේ මේ දේ ඔබල තිබුණ..සහ මේකෙ හරි අපූරු විදිහට වෙලෙමින් ඇදුනු චරිත අතර කතා කීපයක් තිබුණ. කේරල පරිසරය හබ කෝන්තර කුමන්ත්‍රණ සතුුටු සාමිච්චි සාම්ප්‍රදායික කේරල හැඟීම් සුසුර කලත් සියළු දේ ඉට්ටි, කුට්ටි අම්මා, නෝන්ජු නම් ත්‍රිත්වයක් හරහා අපිට මාතෘත්වය පිතෘත්වය බැඳීම පිළිබඳ කෙරෙන වචන වලින් තොර යම් කම්පිත ප්‍රකාශනක් දක්වා සියල්ල ඇදගෙන යනව.විපත්ති හූවක එකෝ නාදය ඇහෙන තැන සියල්ල එකට එකතු වෙන තැන කේරලයේ තවත් අපූරු කාලගෝට්ටයක් එක සුුන්දර අදහසක් ඇතුලෙ බිහි වෙනවා..
කාලගෝට්ටියක් මලයලාම් සිනමාව තුල මැවෙන්න පුළුවන් කොහොමද ඒ විදිහට මලයාලම් තාලෙට කොමඩික් ටච් එකකින් Manaj සහ R. Jayakumar එකතුව අපිට දෙනව අමතක වෙන්නෙ නැති මේ විිිදිහේ පවුල් නාටකයක්. අර මලයාලම් නම් මාරයි කියන පැල පදියං අදහස ආයෙමත් මොනවට ඔප්පු කරල පෙන්වන විදිහේ කේරල ජවුසමක්..
නමුත් Sunn Wayne සහ Alencier ගේ විශිෂ්ට රංගනය නොවන්න අප්පන් කීයටවත් සම්පූර්ණ නොවෙන්න තිබුණා. අප්පන් ගැන මගේ හිතේ ඇඳුනු රූපය ඒ වගේ. ඉට්ටි ගේ චරිතය සහ නෝන්ජු චරිතය ඔවුන් ඔබට වෙන මොකුත් නොව පරිචයට එකතු කරාවි සිහිවටන ගොඩක්. අපි දන්නව දැකල තියනව අහල තියනවා නැත්තම් ඒ ඔබ මා වුණත් විය හැකියි. අප්පන් එහෙමයි නෝන්ජු එහෙමයි කුට්ටි අම්මා එහෙමයි. ලොකු කතාවක් ඉතිරියි.
කතාව තියෙන්නේ තාත්තෙක් ගැන වුණට මේක තනිකරම පවුල් කතාවක්. අතිශය සංවේදී සිදුවීම් වලින් පිරිල තියනවා. සහ මේකේ අවසානය ගැන දෙයක් කියන්නම ඕන. මුල් භාගයේ පෙන්නනව පුංචි දෙයක් ඒක අන්තිම තත්පරේ ගලපනවා හරිම ලස්සනට ගැලපූ අර්ථකතනයක් එතන තිබුණ ඒක හරිම අපූරුයි. අනුභූතිය උපද්දවා ගනිමින් එහෙම නම්, එහෙව් අප්පන්, රසවිඳින්නයි මේ ආරාධනා…
Spoiler alert! මලයාලම් සිනමා ඉතිිහාසයේ ඔබ දකින අසික්කිතම චරිතයක් ඔබට හමුුවෙන්නයි යන්නේ…. මං ගියා ❤
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.
3,854 downloadsDownload Appan.2022.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
12 comments
Naveen Mbr
Anonymous
මලයාලම් වලට වැඩි වැඩියෙන් සබ් ඉල්ලන්නේ ඕක නිසා තමයි
ඔය රසය තියෙන්නේ මලයාලමේ විතරමයි
බොහොම ස්තුතියි සහෝමයුර
සබට තුති සහෝ
Kushan
Sub akta thanks
නිසල්
මලයාලම පනගහලා ගමු ලොක්කා
ජය වේවාNaveen
උපසිරසියට තුති
Anonymous
Ponniyin sselvan 2 ඇවිල්ලෝ
di
thawa oneeeeeee
dulan
ස්තුතියි !
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තූතියි සහෝ!