Watch Trailer

Women Talking (2022) Sinhala Subtitle | හඬක් නැති ගැහැණුන්ගේ හඬ [සිංහල උපසිරැසි]

හුදකලා වූ ජනපදයක වෙසෙන ආගමානුකූලව ජීවත් වෙන කාන්තාවන් පිරිසකට තමන්ගේ ජනපදයේ පිරිමින් පිලිබඳව ඉතා නරක රහසක් දැන ගන්නට ලැබේ. ඒ තමයි කාලාන්තරයක් පුරාවට තමන්ව මත් කර කොලනියේ පිරිමින් විසින් තමන්ව දූෂනය කර ඇති බවයි. හඬක් නොමැතිව සිටි කාන්තාවන් දැන් කතා කිරීමට පටන් ගනී. මොනාද කාන්තාවන් කතා කරන්නෙ ? එයාලා…

හුදකලා වූ ජනපදයක වෙසෙන ආගමානුකූලව ජීවත් වෙන කාන්තාවන් පිරිසකට තමන්ගේ ජනපදයේ පිරිමින් පිලිබඳව ඉතා නරක රහසක් දැන ගන්නට ලැබේ. ඒ තමයි කාලාන්තරයක් පුරාවට තමන්ව මත් කර කොලනියේ පිරිමින් විසින් තමන්ව දූෂනය කර ඇති බවයි.

හඬක් නොමැතිව සිටි කාන්තාවන් දැන් කතා කිරීමට පටන් ගනී.

මොනාද කාන්තාවන් කතා කරන්නෙ ?

එයාලා මේකෙන් බේරෙයිද ?

බේරෙන්න මොකක් කරයිද ?

නැත්තම් එයාලා වෙනදා වගෙම ජනපදයේ ජීවත් වෙයිද ?

2022 වර්ශයේ නිකුත් වූ මෙම අලංකාර නිර්මාණය අධ්‍යක්ෂනය කරන්නේ සාරා පොලී. IMDb දර්ශකයේ 6.9/10 ගත්තු මේ සිනමා පටය ඩ්‍රාමා ගනයට අයත් වන්නක්. ඔස්කා සම්මානය ඇතුළු සම්මාන සඳහා යෝජනා කිරිම් 157කින් මෙම සිනමා පටය ඔස්කා සම්මානයක් සහ තවත් සම්මාන 58ක් දිනා ගන්නවා.එතකොට තේරෙනවා නේද සාරා පොලී අධ්‍යක්ෂනය කරපු මේ නිර්මාණය කොච්චර රසවත් ද කියලා !

බයිස්කෝප් එක වෙනුවෙන් මම එවන පලවෙනිම ඩ්‍රාමා මූවි එක මෙච්චරම ලස්සන නිර්මාණයක් උන එක ගැන සතු‍ටු වෙන අතරේ මේකට සිංහල දාන්න කියලා ආරාධනා කල අශාන් විමුක්ති (විමා) සහෝදරයාවත් ආදරෙන් මතක් කරනවා. සබ් එක දීලා තියෙන්නෙ BluRay පිටපත සඳහා YTSගේ ‍ෆිල්ම් ලේසියෙන්ම කට්ටියට බා ගන්නත් පුලුවන් නිසා මම YTS එකටම සිංහල කරා.

පැය එකයි විනාඩි 44ක් පුරා දිවෙන මේ නිර්මාණය නොවරදාම බලන්න කියලා මම එහෙනම් ආරාධනා කරනවා. ආපහු හොඳ ‍ෆිල්ම් එහෙකින් සෙට් වෙමු. කට්ටියට ජය වෙවා !

මගේ අනිත් ‍ෆිල්ම්ස් මෙතනින්


 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දී ඇත

3,260 downloadsDownload Women.Talking.2022.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,260 downloadsDownload Subtitles48 KB

5 comments

  1. Emi

    Thank you

  2. Buddhika Lakmal (laKMal)

    පට්ට...
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  4. Dewadithya

    Thanks for Sub!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.