අම්මෝ ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට? මාව මතකද දන්නෙත් නෑ. 😀 ගොඩ කාලෙකින් නොවැ මේ පැත්තට එන්නත් සිද්ද වුනේ. මේ ටික කාලෙදිනම් මට ෆට්ට වැඩ තමයි සිද්ද වුනේ. එක අතකින් ජීවිතෙත් කල කිරුන 🙁 හම්.. කොහොම හරි ඉතින් ඒවත් පහු කරන් ඔන්න අද මන් ඔයාලව බලන්න ආවෙ නිකන් නෙමෙයි. ආ අප්පේ තව දෙයක්, මේ තමයි මන් […]

අම්මෝ ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට? මාව මතකද දන්නෙත් නෑ. 😀 ගොඩ කාලෙකින් නොවැ මේ පැත්තට එන්නත් සිද්ද වුනේ. මේ ටික කාලෙදිනම් මට ෆට්ට වැඩ තමයි සිද්ද වුනේ. එක අතකින් ජීවිතෙත් කල කිරුන 🙁 හම්.. කොහොම හරි ඉතින් ඒවත් පහු කරන් ඔන්න අද මන් ඔයාලව බලන්න ආවෙ නිකන් නෙමෙයි. ආ අප්පේ තව දෙයක්, මේ තමයි මන් මේ අවුරුද්දේ ඔයාල වෙනුවෙන් ගෙනාපු පළමු වෙනි උපසිරැසි ගැන්වීම. ඔක්කොටම කලින් සුභ අලුත් අවුරුද්දක් ඈ. 😀 ආ තව දෙයක් කොහොම හරි මට ඔයාලව සෙට් වෙලා දැන් අවුරුද්දකුත් ඉවර වුනා ඈ. හරි හරි. ඔයාල දන්නවනෙ මන් හිස් අතින් නෙමෙයි එන්නෙ කියල. අයියෝ මන් කියන්න ඕනි නෑ ඔයාල අනිව උඩ තියන පෝස්ටර් එක දකින්න ඇති. හි හි.. ඔව් ඔව් අරන්මනෙයි ෆිල්ම් එකට තමයි මන් මේ උපසිරැසිය දාගෙන ගෙනාවෙ. ෆිල්ම් එක රිලීස් වෙලා නම් කොහොම හරි දැන් සතියකට කිට්ටුයි. පමාවට සමාවෙන්න ඕනි. උපසිරැසිය පරක්කු වුනේ තාම ෆිල්ම් එකට ඉංග්‍රීසි පිට පතක් නිකුත් වුනේ නෑ. ඉතින් මට සිද්ද වුනේ කාල රාමු හදාගෙන අසාලිවීමක් කරන්න. කොහොම හරි දවස් දෙක, තුනකින් මට සබ් එක ඉවර කරගන්න පුලුවන් වුනා. අෆ්ෆේ.. හරි එහෙනම් මම ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්. ආ ඒක නෙමෙයි මේ ෆිල්ම් එකේ නේම් එකට දාල තියෙන්නෙ Aranmanai 2 කියලනෙ, දැන් ඔයාල බලනව ඇති කෝ යකෝ මේකෙ 1 කියල. මේ ෆිල්ම් එකේ පළමු වෙනි කොටසටත් මමම තමයි උපසිරැසි කළේ. ඒ ගිය අවුරුද්දෙ. 😀 ඒ කොටස බලපු නැති අයට මෙතනින් ගිහින් උපසිරැසිය අරගෙන ඒ ෆිල්ම් එක බලන්ඩ පුලුවනි. තව දෙයක් යාළුවනෙ ඔයාලෙ මේ ෆිල්ම් එකේ පළමු වෙනි කොටස බැලුවෙ නෑ කියල අවුලක් හිතන්න එපා මොකද ඒ කොටසටයි මේ කොටසටයි කිසිම සම්බන්දයක් නෑ. අෆ්ෆ ආයෙ මාතෘකාව වෙනස් වුනානෙ. හරි එහෙනම් මන් දැන්වත් ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. ආ.. මේ,.. නෑ නෑ.. මන් විස්තරේම කියන්නම් 😀
හරි මේකයි විස්තරේ ෆිල්ම් එකේ පළමු කොටස වගේම මේ කොටසෙත් කතාව ලියල තියෙන්නෙ Sundar C. ඒ වගේම ෆිල්ම් එක අද්‍යක්ෂනය කරලත් තියෙන්නෙ එයාම තමයි. ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් හොදින් දන්න Siddhath, Trisha Krishnan, Hansika Motwani, Sundar C. ඉතින් I.M.D.B මීටරේ මේ ෆිල්ම් එකට 4.7 අගයක් හිමි වෙලා තියෙනවා.. විස්තරේ නම් ඕකයි. වැඩි විස්තර මෙතනින්. එහෙනම් මන් ෆිල්ම් එකේ මොන වගේ දෙයක්ද සිද්ද වෙන්නෙ කියල පොඩ්ඩක් කියන්නම්..
කෝවිලේ පූජා උත්සවය නිසා අම්මන් දෙවියන්ගේ ස්ථාන මාරුවක් කරන්නයි සූදානම් වෙන්නේ. ඒ වැඩේට මුල පුරන්නෙ කෝවිලේ අයිතිකාරය, භාරකාරයා. ඒ කිව්වෙ අපේ කථා නායකයගෙ තාත්ත. ඉතින් මේ වැඩේ කරනකොට අම්මන් දෙවියන්ට තියෙන සම්පූර්ණ බලයම මේකෙන් නැති වෙනව. ඉතින් ඒකෙන් ප්‍රයෝජයක් අරගන්න ඒ පැත්තෙ ඉන්න මන්තර ගුරකම් කරන කපුවො සෙට් එකක් එකතු වෙලා හිර වෙලා ඉන්න භූතාත්මයන් එළියට ගන්න හදනව. කොහොම හරි ඔය වැඩෙන් ගොඩාක් බලසම්පන්න භූතාත්තමයක් මුන් ටික එළියට නිදහස් කරනව. එළියට ආපු භූතාත්මය කෙළින්ම යන්නෙ ගෙදරකට. ඒ වෙන කොහෙවත් නෙමෙයි අර කෝවිලේ භාරකාරයගෙ ගෙදරට තමයි යන්නෙ. ඇත්තෙන්ම ඒක ගෙයක් නෙමෙයි මන්දිරයක්! ඉතින් අච්චර තැන් තිබිලත් ඒ මන්දිරේ අස්සටම රින්ගන්න මොකක් හරි කාරණාවක් ඇති නේ. ඒක මොකද්ද කියලනම් මම කියන්නෙ නෑ. කොහොම හරි භූතය භාරකාරයව කෝමා තාත්වයකටම පත් කරනව. එහෙනම් ඉතින් ඔයාලට දැන් බලන්න තියෙන්නෙ. කවුද මේ භූතයා. මොකටද අර මන්දිරය අස්සටම රින්ග ගත්තේ? එයා කොහොමද මැරුනේ? මොනවගේ දේවල් සිද්ද වෙයිද? ඉතින් ඔයාලටම භාර කරනව යාළුවනේ ඉතුරු ටික බලාගන්න.
ආ යාළුවනේ මම මේ උපසිරැසිය ගෙනල්ල තියෙන්නෙ DVDscr පිට පතකට. හදිස්සි නැති යාළුවො DVD RIP එක එන කම් නොබල ඉන්න. මම උපසිරැසිය ආයෙමත් සැරයක් අප්ඩේට් කරන්නම්. 🙂 ඒ වගේම මම සිරාජ් අයියවත් මතක් කරන්න ඕනි. එයා මට පොඩි උදව්වක් කළා. අඩේ තෑන්ක්ස් ආ. 😀 එහෙනම් මම යනව. මේ ඔයාලට පුළුවනි මගේ අඩු පාඩු මොනා හරි තිබුනොත් මට කියන්න මගේ මුහුණු පොතට පණිවිඩයක් එවල 😀 එහෙනම් මන් ගියෝ. ටටා. බායී. බයිස්කොප් එකට ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Aranmanai-2-2016-Tamil-HDTVRip-Original-Audio-x264-500MB
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
16,300 downloadsDownload Aranmanai-2-2016.HD_.Baiscopelk.com_.rar50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
48 comments
Pradeep Ariyarathna
Darshana
Thanks saho.. Dvd rip eka enkan innwa. Sub ekata thanks.
chanaka
aiya bohoma pin sub ekata,sick hadila hitiye filumak natuwa.api wenuwen me karana karthawyata oyata tawa tawa dairya shaktiya lebewa,tawa filumak demu ikmanatama,jaya wewa
Niranji
Thanx sub ekata
Sanjula Jeter
Thank you!!
saman
Thanks for sub
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි මලේ
වැඩේ බර ඉක්මනින් ඉවර කරලා නොවෑ
සුපිරියි ඉතින්
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!Shehan Rathwita
ayya math kamathi upasirasi hadanna kohomada oyalath ekka ekathu wenne?
man oyalata mail ekkuth damma eth ekata reply ekak thama na
Mithun Sriyantha
Thx bro
Mithun Sriyantha
අපො මට නම් කොලොටි මදි DVDrip ekak anakam බලන් නැ මයි.. අනිවාර්‍යෙන් අප්ඩේට් එකක් දෙන්න යාලු ඔබට ජය
Saman
Dvd awama Balamu. Meka balanna puluwan mattame na download kalata. Thnkz anyway.
Kulanjana Maduranga
niayamai…thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
oshan
Thank you raj
krishan
sira
NC Kegalla
Thnk u machan...
NC Kegalla
Auruddak pireematath suba pethum....
thushanga
ammo niyama elama tamaa
nalinda
thank you
kavinda
බොහොම ස්තුතියි සහෝ
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sanjaya
උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ
Malisha
Thanks Sub ekata.
Suriyage (PASANGA 2) kiyana film ekata Sub deepan machn> Godak thanksWajira
sub ekata godak sthuthi............ virumandi film eke sub ekath karanna puluwannam......... Jaya........
Kasun Upeksha
සබ් එකට තුති
෴ජය වෙවා෴සමිපත් තුෂාර
නියමයි කොල්ලො නියම වැඩක් සුපිරියි
kavi
sthuthi raj...
Lakshan
niyamai ah...meh movie eke 1 eke baluwata danan hitiye naaa 2 ekak ene bawa....
baiscope saha sahodara youn nisa thama danne thanx ahhh...නලින් පෙරේරා
බොහොම ස්තූතියි ඉමේෂ් මල්ලි සිංහල උපසිරැසියට. ජය වේවා෴
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan Maneesh
Thanx Macho.......................
Sadeepa Harshana
සබ් එකට Thanks.
s.l manoj
suppa film eka bro sub eka laba dunata sthuthi bro habai oke br copy
eka kawadda bro enneRavindu
Dvdrip eka kawadada enne
rukka
Thama awe nadda dvd rip ekaa machooooo
mithun
මෙකෙ තව hdrip එක නැද්ද සහො
Ara
Thawama Nedda Machan meke Dvd Rip ekakwath
Dinusha
Dvd Rip aka nadda macho....
Suu
thank u :)
tharin
ade mchn tama dvd rip awe nadda bn meke...
nirasha
dvd rip ekak naddoooo
sanj
Update karannakooo sub aka DvDRip akata
eagle
Tama DVD rip naddak kollo teyenavanam up eakad danna ko HD vunth kamak na bro sub eakata thx soo much
Damith
Meke hd rip eka avithne.gemini tv eken gahapu.ekata update karannako
Ishanka
Thanks
Mihiranga Dilshan
thanks saho..bs.
Mihiranga Dilshan
thanks sahoo..
Anonymous
Aiye meke movie ekmda subtitles thiynne?? Nttn subtitles pdf ekkda
Anonymous
Viruman ake sub aka dandoo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඵල SNAKE RAJ ස්තූතියි සබට