ඉතින් කොහොමද යාලුවනෙ ඔයාලට? අද නම් සුප්පම සුප්ප දවසක් ඈ.. මොකද දන්නවද අද පෙබරවාරි 4 වෙනිද. අපේ චූටි දිවයිනේ නිදහස් දිනේ. එහෙම නේද? හම්.. මොන නිදහස තිබ්බත් මට නම් අද නිදහසක් නෑ. මොකෑ අපේ තාත්ත අද ගෙදර ඉන්නෙ. එයාගෙ කටේම තියෙන්න පාඩම් කොරපන් පුතේ.. පාඩම් කොරපන් පුතේ කියන වචනෙ තමයි.. (මන් දන්න තරමට ඕක…

ඉතින් කොහොමද යාලුවනෙ ඔයාලට? අද නම් සුප්පම සුප්ප දවසක් ඈ.. මොකද දන්නවද අද පෙබරවාරි 4 වෙනිද. අපේ චූටි දිවයිනේ නිදහස් දිනේ. එහෙම නේද? හම්.. මොන නිදහස තිබ්බත් මට නම් අද නිදහසක් නෑ. මොකෑ අපේ තාත්ත අද ගෙදර ඉන්නෙ. එයාගෙ කටේම තියෙන්න පාඩම් කොරපන් පුතේ.. පාඩම් කොරපන් පුතේ කියන වචනෙ තමයි.. (මන් දන්න තරමට ඕක තමයි එයාගෙ කටේ තියෙන මට කියන්න පුලුවන් එකම වචනෙ ) ( ඒ වුනාට මම තාත්තට ආදරෙයි. 😀 ) හරි හරි.. අද වැදගත් දිනයක් නිසා මන් මේ කිව්ව පච ටික නවත්තල 😀 ඔයාලට අපේ මේ පුංචි මැනික් කැටේ ගැන වැදගත් තොරතුරු ටිකක් කියන්නම්.(මැනික් කැටේ කිව්වෙ අපේ අම්මට සමාන අපේ පුංචි දිවයිනට හොදේ.)
මේ කතාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sundar C. ඒ වගේම මේ කතාව ලියල තියෙන්නෙත් Sundar C. (මාරයි නේ?) ඒ වගේම මේ චිත්‍රපටය තිර ගත්ත වන්න ආරම්බ කරල තියෙන්නෙ 2014-09-19. (ගොඩක් පරක්කු වෙලානේ උපසිරැසි 🙁 වලට? ) මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන නලු නිලියන් බැලුවෝතින් .. ප්‍රධාන චරිතය ඔස්සෙන් රවී යන නමින් Sundar C ද. අනිකුත් චරිත ඔස්සෙන් මුරලි යන නමින් Vinay ද. පාල්සාමි යන නමින් Santhanam ද. තම රංගන දායකත්වයෙන් රග පායී… (අප්පට සිරි මට ගැහැනු චරිත ටික කියන්න අමතක වුනා..) {හිස අත ගාමින් නැවත ඔහු ටයිප් කිරීමට සැරසෙයි} මේ මන් එක්කො කෙටියෙන්ම කියන්නම්.. සෙල්වි යන නමින් Hansika Motwani ද. මායා යන නමින් Raai Laxmi ද. මාදවී යන නමින් Andrea Jeremiah ද තම රංගනයෙන් දායක වෙයි………
එහෙනම් මෙන්න මේකයි කතාව.. හොදින් බලාගන්න හොදේ හොල්මන් කතාවක් නොවැ මේක… චිත්‍රපටය පටන් ගන්නෙ නම් තඩි ටැක්ටර් එකකින් මිනිස්සු කට්ටියක් පටවගෙන යන තැනකින්. ඒ ටැක්ටරේ යන්නෙ ඒ ගමේ ඉන්න ලොකු වැදගත් කෙනෙක්. එයා තමයි අයියනාර්.. (අප්පට සිරි උඩ චරිත සෙට් එකට දාන්න අමතක වුනා) එයා යන්නෙ එයාට බාර දීල ගියපු මංදීරේ සුද්ද කරන්න.. (ඔව් ඔව් ඕක තමයි ඔය මේ කතාවෙ එන හොල්මන් මංදිරේ..) ඒ යන අතරෙ එයාට හම්බ වෙනව ගමේ හෙන සෙට් එකක් එයාගෙ ඉස්සරහට එනව. ගමේ සෙට් එක කොහෙද යන්නෙ කියල මේ දෙබස් ටිකෙන් වැටහෙයි.
ඔන්න දැන් ඔයාලට තේරෙන්නෙ ඇති අයියනාර් මොකටද ටැක්ටරෙන් මිනිස්සුත් එක්ක යන්නෙ කියලයි. ගමේ සෙට් එක සෙට් වෙලා කොහෙද යන්නෙ කියලයි. ඔය ඔතන කිය වුනු සාමිනම් හෙන බල සම්පන්නයිලූ.. ඒකනෙ ඔය ගමේ සෙට් එකම ලොකු සාමිව බලන්න යන්නෙ. එහෙනම් ආයෙ මම කතාව කියන්නම්.. { ටැක්ටරෙන් බැස ගත් මිනිසුන් මංදිරයේ දොර විවෘත කිරීමට සරසෙති. මංදිරයේ දොර විවෘත වූයේ මහා මූසල හඩක් සමගය} ඔන්න දැන් මංදිරේ දොර ඇරල කට්ටියම ඇතුලට ගිහිල්ල සුද්ද කරන්න හදනකොට මෙන්න මෙහෙම දෙයක් එයාල දැකල.
එයාල බය වුනේ ඔය හුබස දැකල. මාර වැඩේ ගේ ඇතුලක කොහොමද හුබසක් බැදල තියෙන්න පුලුවන්? ඒ ඇයි කියල දැන ගන්න ඕනි නම් ඔයාලට අනිව ෆිල්ම් එක බලන්නම වෙනව. ඒ අතර ලොකු සාමිව මුන ගැසීමට ගිය ජනයා සාමිට ඇරයුම් කරයි තම ගම්මානයට ඇවිත් යන ලෙස. නමුත් සාමී කියන්නේ ඔහුට වෙනත් ස්තානයක වැදගත් රාජ කාරයක් ඇති බැවින් ඔහුට ගමට එන්න බැරි බවයි. ඒ අවස්තාවේ දී ගමේ ප්‍රදානියා සාමිගෙන් මෙසේ ඉල්ලීමක් කරයි.
සාමී ගම් ප්‍රදානියාගෙ කීම අහක දැමීමට නොහැකි නිසාවෙන් කෝච්චියෙන් එලියට පය තැබීමට සාමී සැරසුනේය. { නමුත් අනිත් කොනේ.. එනම් මංදිරේ වැඩ කරන සේවකයින් හුබහ කැඩීමට සැරසී.. එක පහරක් හුබහට ගැසීය.. එවිට හුබහෙන් මතු වූයේ තද වන් පාට රුධිරයක්‍ය. නමුත් ඔවුන් සිතුවේ ඒ හුබහේ සිටි නයෙකුගේ ලේ යන්නය.} සාමි කකුල තැබීමට සැරසෙනවාත් සමග සාමීට යම් යම් රූප පෙනෙන්නට විය.. ඒව අසුබ දර්ශන විය. සාමී ගමේ පසට පය තැබුවේ නැත. කොච්චියත් යන්නට සැරසුනේයි. ගමේ සෙට් එක පුදුම වී සාමි දෙස බලා සිටියේය. එවිට ඔහුගෙ කටින් පිට වූයේ මෙපමනකි..
{සාමී එසේ කිව්වාට පසු කැමරාවේ කාඡය නැවතත් මංදිරය දෙස වේගයෙන් ලගා වෙයි. ඒ ලගා වූයේ වෙන කොහේ ටවත් නොවේ කලින් කියූ හුබහ දෙසටයි. එයින් මාද මවිතයට පත් වී තරමක් බිය වූයේ ය. එනම් හුබසින් ලේ තැවරුන් මිනිස් අතක් එලියට විත් නැවතුනේය. \ඒත් සමගම මගෙ හද ගැස්මත් වැඩි වීමට පටන් ගත්තේ ය../} මින් ඉදිරියට සිදු වන සෑම අත්බූත සීන් එකක්ම නැරබීමට මම ඔබලාට බාර දෙමි. තවද මේ මංදිරේ වැඩ කාරියගේ දියනිය කාත් එක්කදෝ නිතරම කතා කරයි. ඇයගෙන් ඇසූ විට ඇය කියන්නෙ මම සෙල්වි අක්කාත් සමග කතා කරනවායි කියාය. මේ මංදිරය කුමක්ද? කාගේද? කාගෙද මේ හුබසින් එලියට දිස් වුනු ලස්සන අත් බූත අත? මංදිරේ ඇත්තටම සිදු වන්නෙ මොකද්ද? රෑට අඩන කෙනා කවුද? දවල්ට පොඩි එකී කතා කරන සෙල්වි අක්ක කියන ඇය කවුද? ඒව සියල්ල බැලීමටනම් ඔබලාට මේ චිත්‍රපටය අනිවා නැරබීමට සිදු වේ…..…..
689 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
648F1E8F3367B5A1BADFC7BCDC071F410E671DCF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,928 downloadsDownload Aranmanai-2014.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
35 comments
LRS
#YasmikaSH
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරසියට :)
ඒ වගේම ප්‍රාර්ථනා කරනවා වගේම ගෞරවයෙන් සිහිපත් කරනවා අපේ පුංචි ලංකාවේ 67 වන නිදහස් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලාංකික හැමෝටම....
ආඩම්භරයි කොල්ලෝ ලංකාවේ ඉපදීම වෙනුවෙන්..ඉදිරියටත් තව සබ් ගේමු.. ඔබට ජය෴
ela buwa
ela ela...hansika innawa nan nobala kohomada....thanxxx machn...
නලින් පෙරේරා
ස්තුතියි ඉමේෂ් මලේ.. නියම කතාවක් ලිපියත් නියමයි..
ජය වේවා!
chamara
patta film ekak wage,denma banawa,
sub ekata thanx...!!!තරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ සිංහල සබට,
ඊළඟ සබ් එකෙන් හමුවෙමු,
ඔයාට ජය...
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪kumar - Doha
JAYA WEVA
Sisila Prasad
මේක මම බලලා තියෙන සුපිරිම හොල්මන් ෆිල්ම් වලින් එකක්.කොහොම වුනත් උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ.අපේ අනිත් කට්ටියටත් කියන්නේ,මේක නොබලා අතාරිනවා කියන්නේ ලොකු පාඩුවක් :D
දිගටම මේ වගේ සුපිරි භාණ්ඩ ටිකක් දෙමු නේද :)
ජයවේවා සහෝ...!
tharindu
thanx niyami.
Kulanjana Maduranga
niayamai…thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa......
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavi
sub ekata stuthi. jaya wewa rajjjjjjj !!!!!!!!!!!!!!
“චූටී මල්ලි”
බැලෙයිද කියන්න නම් බෑ නයෝ
හිතුනොත් තමා
එල මචෝ
සබට තුති
ඔබට ජය..........$uvin
thanx machan.. baanawa aniwaaaa...
SaDuN dAnUsHkA (ධනූ)
සමාවෙන්න මල්ලි කමනෙට් එකක් දාන්න පරක්කු වුනාට
ඇත්තටම ඔයා මාර ලිපියක් ලියල තියෙන්නේ
ඉදිරියට හොද අනාගතයක් තියෙනවා
උපසිරැසියට බොහොම ස්තුතියි......!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කාලෙකින් දැකපු පට්ටම ලිපියක්. නියමයි.
ජය වේවා. !Yenu
Thank You very much…………..
Buddhika
Thanks for introduction about our country ......
sara
nice movie
yennai arindhaal .....kyna aluthma ajith ge movie 1 sub 1th ikmanatama denna
tnx,,sahoතාරක නුවන් දිල්හාර
හොඳයි කියලා හිතලා ඔන්න බානවා,
මොනවා නැතත් ලිපිය පට්ටයි.
සුභ පැතුම්.තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)DilShan
thanks bro,
Shashi
Thank you… :)
දසන් බුද්ධික
ඔන්න දැනුයි ගත්තේ සහෝ...... පට්ට පට පට...... ජය වේවා..... !!!!
indika
thnq :)
Amila jayasekara
අම්මෝ.. අම්මෝ හෑල්ල
K.D
thanxxxxxxx sahoooooo..digatama tamil film sub denna.obata jaya...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
eagle
thx saho tava sub karanna labeva keya hadavatinma partana kola hode
Menu
Thank you!
chamara
baiscope eke hamotama pin sidda weewaa ea mee karana hoda wada walata.baiscoope nathnam api wena language film balalath ahawarai nowe ooonn....tnk u thnk u tnk yoooou mage baiscope sahodarayo hamotama.
oshan
Suppa machan thanx
Mithun Sriyantha
ඔය දිල තියෙන ටැමිල් මුවී ගොඩක් මම මුවී එක්කම dwonld
කරල බැලුව ,එ ඔක්කම සුපිරි මුවී උපසිරැසිත් නියමයි
ගොඩක් අසාවෙන් වැලුව. දිගටම බලනව එ වගෙම ඔයාට ෆිං සහො මෙ කරන සෙවෙට
400mb torrent ලින්ක් එක දිගටම දෙනව නම් හොදයි
බයිස්කෝප් සයිඩ් එකට ජයmalkini
good
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx bro
good luck