Watch Trailer

Behaving Badly (2014) with Sinhala Subtitles | හැසිරීම අන්තිමයි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ආව මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන. ඇත්තටම කියනවනං, මම මගේ කලින් කරපු Full Strike (ප්රතිප්රහාරය) film එකට වඩා මේකට හුඟක් කැමතියි. ඒකට හේතුව තමා, මේක ඒක වගේ comedy මිශ්‍ර වුණු එකක් නෙමෙයි. මේක නියම comedyක්. comedy + love කියල කිව්වට කමකුත් නෑ මගේ හිතේ. මේකට 4.4/10 IMDb අගයකුත්, 1/4 Roger Ebert…

Behaving Badly (2014)
ඔන්න මම ආව මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන. ඇත්තටම කියනවනං, මම මගේ කලින් කරපු Full Strike (ප්රතිප්රහාරය) film එකට වඩා මේකට හුඟක් කැමතියි. ඒකට හේතුව තමා, මේක ඒක වගේ comedy මිශ්‍ර වුණු එකක් නෙමෙයි. මේක නියම comedyක්. comedy + love කියල කිව්වට කමකුත් නෑ මගේ හිතේ. මේකට 4.4/10 IMDb අගයකුත්, 1/4 Roger Ebert අගයක් වගේම 18% Metacritic අගයකුත් තියෙනවා. මගේ පෞද්ගලික මතයනං, මේකට මීට වඩා ratings තියෙන්න ඕනේ කියන එක. මේ ෆිල්ම් ඒක රිලීස් වෙලා තියෙන්නේ 2014 ජුනි 9 වෙනිදා, ඇමරිකාවේදී.

මේ film එක ගැන කියනවනං, මේ film එක “Behaving Badly”, නැත්නම් “හැසිරීම අන්තිමයි!” කියල නම් කරන්නේ, මේකෙ ප්‍රධාන චරිතෙ තියෙන ජරා හැසිරීම නිසා. ඒ එක්කම මං කියන්න ඕන, මේ film එකේ පෝස්ටරවල සෙලීනා ගෝමස්ගෙ පින්තූරෙ ලොකුවට දාල තිබ්බට, එයා මේකෙ ප්‍රධාන චරිතෙ නෙමෙයි. එයා රඟපාන්නේ නීනා පෙනින්ටන් කියන චරිතයට. ඒ කියන්නේ ප්‍රධාන චරිතෙ වුණු රික් (රිචඩ්) ස්ටීවන්ස්ගෙ ගෑණු ළමයගෙ චරිතෙට (සරලවම කියනවනං දෙවෙනි චරිතේ). රික් ස්ටීවන්ස්ට රඟපාන්නේ නැට් වොල්ෆ්. ඔව් ඔව්. අර “පේපර් ටවුන්ස්” (Paper Towns) ෆිල්ම් එකේ හිටිය කොල්ල තමා. සෙලීනා ගෝමස් ගැනනං අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනේ. ඊට අමතරව ඔයිට කලින් කොමඩි ෆිල්ම් වල රඟපාපු නළු නිළියො කීප දෙනෙක් ම මේකෙ ඉන්නවා. තව, ජස්ටින් බීබර්ත් මේකෙ ඉතා සුළු කොටසකට රඟපානවා (තප්පර ගානකට විතරයි ඈ).

මම කලින් කිව්වා වගේ, රික්ගෙ හැසිරීම කොච්චර ජරා ද කියල මම මේ ලිපියේ ලියන්නෙ නෑ. ඔයාල film එක බලලම ඒ ආතල් එක ගන්න. (හැබැයි ඌ ගත්ත ආතල් එහෙම ගන්න යන්න එපා). හැබැයි, මට හිතෙන විදියට, රික්ව මේ තත්වෙට පත්කරන්නේ, පැමෙලා බෙන්ඩර්. ඒ කියන්නේ රික්ගේ හොඳම යාළුවගේ අම්ම, එහෙමත් නැත්තං රික්ගේ අම්මගේ හොඳම යාළුවා. එහෙම හිතන්නේ මං විතරක් නෙවෙයි. රික්ගේ අම්ම හිතන්නෙත් එහෙම්මම තමා. මේ film එක පටං ගන්න කොට කතාවෙ කොටසක් ගතවෙලා. ඒ කොටස ඇතුලේ උට හෙණ සීන් වගයක් සිද්ධවෙලා තියෙන්නේ. අපට ඒ ටික කියන්නෙත් රික්ම තමා. film එකේ වෙලාවෙන් වැඩි හරියක් යන්නේ ඒකට. මේ ෆිල්ම් එකේ කතාව ගැන ඒක වාක්‍යෙන් කියනවනං, ආදරයෙන් මත්වුණු තරුණයෙක් (රික්), තමන් ආදරය කරන තරුණියව (නීනා) යාළුකරගන්න කරන උත්සහයක් සහ ඒගැන දාන ඔට්ටුවක් ගැන තමා මේ කතාව තියෙන්නේ. ඔයාලම බලන්නකෝ, රික් නීනාව දිනාගනීද, නැත්තං ඔට්ටුව දිනාගනීද, එහෙමත් නැත්තං දෙකම දිනා ගනීද, එහෙමත් නැත්තං දෙකම අනාගනීද කියල.

මොනාවුණත් විශේෂයෙන්ම කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මමනං හිතන්නේ මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියල. හැබැයි, ඒවගේම කියන්න ඕන මේක නිකම්ම නිකං විහිලු චිත්‍රපටියක් නෙමෙයි. මේකේ අන්තිමට අපිට (විශේෂයෙන්ම තරුණ පරපුරට) හොඳ පණිවිඩයක්, ආදර්ශයක් දෙනවා. මගේ නං අදහස, මේ ෆිල්ම් ඒක බලල අපේ ජීවිත වලට ගන්න පුළුවන් හොඳ දේවලුත් මේකේ ගොඩක් තියෙනවා (ෆිල්ම් ඒක අගට වෙන්න).

මම මේ ෆිල්ම් ඒක සබ් කරන්න බාරගද්දී, මම මේ ෆිල්ම් ඒක සම්පූර්නෙන් බලල තිබ්බෙත් නෑ. බලල තිබ්බේ 5% විතර. ඒ ටිකෙන්ම ෆිල්ම් ඒක හිතට අල්ලලා ගියපු නිසා මම මේ ෆිල්ම් ඒක සබ් කරන්න බාර ගත්තා. මේක සබ් කරන්න බාරගද්දී උදව්කරපු, අපේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ ෆිල්ම් එකට සබ් කරලා තියෙනවා හොඳ නං කරුණාකරලා කමෙන්ට් එකක් දාල යන්න. ෆිල්ම් ඒක හොඳයි කියල හිතෙනවනං, යාලුවොත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. එහෙනං මගේ ඊළඟ උපසිරැසි නිර්මාණය වන Staten Island Summer තුලින් හම්බෙමු. තෙරුවන් සරණයි! ජය වේවා!

හොඳම රසවින්දනය සඳහා Media Player Classic යොදාගෙන SSA/ASS උපසිරැසි ගොනු ධාවනයකරන්න. SRT උපසිරැසි ගොනුවලදී සහ KMPlayer වැනි player වලදී ඇතැම් උපසිරැසි වල විශේෂ දේ ක්‍රියාත්මක නොවනු ඇති.

වෙලාවක් තියෙනවනං මගේ වෙබ් අඩවියටත් ඇවිත් යන්න. ඒකෙන් මගේ ඊළඟ උපසිරැසි නිර්මාණ ගැන වගේම ඒ ෆිල්ම් ගැනත් පොඩි විස්තරයක් දැනගන්න පුළුවන්.
www.sathyajith.ga
ඔයාලත් Twitter වල ඉන්නවනං මාව follow කරන්න.
www.twitter.com/sathyajith99

Behaving Badly (2014) on IMDb

Behaving Badly (2014)

 

 

756 MB (720p) කොපිය මෙතනින් බාගන්න

7C74EEA9E40D1F28E09B389015BCFF4D06E4886F

1.45 GB (1080p) කොපිය මෙතනින් බාගන්න

99C6AFF933B301555B07F15074C65C5DC0448C81 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,957 downloadsDownload Behaving-Badly-2014.zip231 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/2016.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සත්‍යජිත් සේමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,957 downloadsDownload Subtitles231 KB

35 comments

  1. wajira

    thanks for the sub....keep it up...good job

  2. දේශාන්

    thank you very much bro!!!

  3. vip

    Thanks bro..

  4. Dulanga

    Thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanks SATHYAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. සත්‍යජිත් සේමසිංහ

    wajira, දේශාන්, vip, Dulanga සහ Kulanjana Maduranga සහෝදරයන්ට ස්තුතියි. ෆිල්ම් ඒක මරු කියල හිතෙනවනං ෆේස්බුක් වල ෆිල්ම් එක ගැන ලිපිය ශෙයා පාරක් දාන්න.

  7. rajitha

    Thanks machan ........jayawewa.....!

  8. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. Sanjaya

    thanks saho sub akata.....

  10. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    සුපිරි ෆිලුමක් වගේ
    අනිවා බලන්න ඕනේ
    ලිපියත් එලස්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ !
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!

  11. Kasun Upeksha

    සබ් එකට තුති
    ෴ජය වෙවා෴

  12. සත්‍යජිත් සේමසිංහ

    පළමු පැය විසිහතර ගතවීමට මත්තෙන් downloads 1000සේ සීමාව පසුකිරීමට උපකාරකළ rajitha, DLAkantha, Sanjaya, SIRAJ (සිරාජ් ප්‍රියන්ත) සහ Kasun Upeksha ඇතුළු උපසිරැසිය බාගත් සියලු දෙනාට මාගේ ස්තුතිය.

  13. Tilantha1

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  14. thisal

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ !

  15. Prabuddha M. Wijesinghe

    fattai

  16. indika

    ස්තූතියි...

  17. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි සත්‍යජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  18. malith

    thanx saho sub ekata

  19. රොයිලි

    බොහොම ස්තූතියි සත්‍යජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Namesh

    Maath bavalu ehenam bro.........subata thx......... ela filomak vage balalama imuko ehenam

  21. සත්‍යජිත් සේමසිංහ

    ඔන්න එහෙනම් ඔයාලගේ උදව්වෙන් 2500+ Downloads පැන්නුවා. උපසිරැසි පිටපත බාගනිමින් සහ Tilantha1, thisal, Prabuddha M. Wijesinghe, indika, නලින් පෙරේරා, malith, රොයිලි සහ Namesh ඇතුළු comments වලින් සුභපැතුම් එක්කල සැමට බොහොම ස්තුතියි.

    1. ravindu kuruppu

      sathyajith machan mawa dannwanee.man kurupppu.iddarammaliyatho kiyana film eke sub timing aul.eka hadala dennako

    2. ik

      කුනුහර්ප ෆිල්ම් දාන්න එපා බං හොද වැදගත් ෆිල්ම් කරපන්.හෙන පවක් බං ඕක.උබයි අසභ්‍ය වීඩියෝ දාන වෙබ් සයිට් එකකුයි අතර වෙනසක් නෑ.දෙන්නම කර ගන්නෙ එකම පව.හොයල බලන්න ඕක කොච්චර පවක්ද කියල.ඔයාගෙම හොදට කිවුවෙ.

  22. vimukthi

    බොහොම ස්තුතියි සහෝ.

  23. thilina

    බොහොම ස්තුතියි සහෝ.

  24. thilina

    yaaluwane meka thaniyama balantoO

  25. nimesh

    thanks ayye

  26. sandun

    ස්තුතියි!!!!!!!

  27. Gamage Gamage

    Ado Sub Eknm Supiri. Ub Ithn Hoda English Karayane. Ela Ela. Me Ube Palaweni Upasirasiya Mkkda Bn? Ekath Kypn Blnna. Digatma Krgna Plyn. Good Luck Bro.

    1. සත්‍යජිත් සේමසිංහ

      එල එල. උඹ කවුද කියල මීටර් වුනේ මට පස්සේ ;-)
      පලවෙනි එක full strike කියල චීන එකක්

  28. dsdkavishka

    Thenks bro

  29. Indika Aruna Kumara

    Elahh...

  30. gayanmagee

    thanks

  31. chinthaka.max4

    thankx machan

  32. Pramod

    Thanks saho sub ekata jaya weva.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.