ඔන්න හුඟ දවසකට පස්සේ නැවතත් තවත් චිත්‍රපටයක් අරගෙන බයිස්කෝප් සිංහලෙන් අඩවිය පැත්තට ගොඩ වුණා. මේකේ වැඩ අහවරක් කරන්න කියලා හිතං උන්නේ ජනවාරි 31 වෙනිදට. එදා සයිට් එකේ ගෙට්ටුව තිබුණු හින්දා පොඩි සැමරීමකටත් එක්කලා චිත්‍රපටි හුඟක් නිකුත් කලා නෙව. අන්න ඒ චිත්‍රපටි අතරට මේකත් දාන්න ඕන කියලා අපේ සමීර අයියා…

ඔන්න හුඟ දවසකට පස්සේ නැවතත් තවත් චිත්‍රපටයක් අරගෙන බයිස්කෝප් සිංහලෙන් අඩවිය පැත්තට ගොඩ වුණා. මේකේ වැඩ අහවරක් කරන්න කියලා හිතං උන්නේ ජනවාරි 31 වෙනිදට. එදා සයිට් එකේ ගෙට්ටුව තිබුණු හින්දා පොඩි සැමරීමකටත් එක්කලා චිත්‍රපටි හුඟක් නිකුත් කලා නෙව. අන්න ඒ චිත්‍රපටි අතරට මේකත් දාන්න ඕන කියලා අපේ සමීර අයියා පස්සෙන් පන්නපු නැති එක විතරයි කලේ ඕං!.. 😀 😀 හැමවෙලේම ඇහුවා, චිත්‍රපටියේ තතත්වේ මොකෝ කියලා.. ඉතිං එදා තිබුණු වැඩ අස්සේ දීගන්න බැරි වුණත්, ඉතාමත් ඉක්මණින්ම සබ් එක අහවරක් කරලා ඔයාලට දෙන්න ඔන්න දැන් අරගෙන ඇවිත් තියෙනවා. මේක මම කරන්න හිතං හිටපු චිත්‍රපටියක් නෙවෙයි වුණාට, අපේ දෙවෙනි සමීරගේ (සැමී අයියාගේ) තේරීමක් හින්දාම සබ් එක කරන්න පටාංගත්තා. ඔයාලට චිත්‍රපටිය බාගෙන බාගයක් දුරට බැලුවොත් තේරේවි මේක වෙනස්ම චිත්‍රපටියක් නේදෝ කියලා. ඒ මොකද චිත්‍රපටියේ දෙබස් සියල්ලක්ම පාහේ අඩංගු කරලා තියෙන්නේ සංගීතයෙන් වීම. හැම විශේෂ සිදුවීමකටම අදාල වූ, අලංකාර පද මාලාවන් රැසක්ම තියෙනවා.. ඉතින් ඒ හැම එකක්ම චිත්‍රපටියට හානියක් නොවන විදිහට සිංහල පරිර්‍වතනය කරලා ඇති කියලා මම හිතනවා.. 🙂 මුලින්ම බලමුකෝ මේ චිත්‍රපටිය මොකද්ද කියලා..
මුලින්ම කියන්න තියෙන්නේ ඩිස්නි සමාඟමේ තවත් සුපිරි වැඩක් කියලයි. අමුතුවෙන් කිව යුතු නැහැනේ ඩිස්නි සමාඟමේ චිත්‍රපටි ගැන නේද? මම මුලදිම කිව්වා වෙනස් එකක් බව. ඒ කියන්නේ විශේෂිත දෙබස් කිහිපයක් යන්නේ සිංඳු වලින් කියලා (හැම දෙබසක්ම නෙවෙයි හරිද?). මේ සිංඳු ඇතුලත් කර තිබීම ඩිස්නි සමාඟමේ අනෙක් චිත්‍රපට ගණනාවකින්ම, මෙය පොඩ්ඩක් විශේෂිත එකක් වීම අනිවාර්‍යයි.. චිත්‍රපටය ලබාගෙන ඇති IMDb අගය 6.4ක් වන අතර, ලබාගෙන ඇති Rotten Tomatoes විචාරක/ප්‍රේක්ෂක ප්‍රතිචාරය 72%ක් ද වනවා. ඒ වගේම කියන්න ඕන මෙවර 87වන ඔස්කා සම්මානයට, හොඳම සහාය නිළියට, හොඳම පසුතල සැකැස්මට සහ හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මාන ලබා ගැනීමට Into the woods (2014) චිත්‍රපටය නාමයෝජනා ඉදිරිපත් වී හමාරයි.. චිත්‍රපටයේ කතාව ගැන කියද්දී, අපිට අවධානය යොමු කරන්නට වෙනවා අපි අහලා තියෙන සුරඟන කතා කිහිපයක් ගැන..- සින්ඩරෙල්ලා කතාව
- රතු හැට්ටකාරියගේ කතාව
- ජැක් සහ මායා බෝංචි වැලේ කතාව
- රපුන්සල්ගේ කතාව
මේ සුරඟන කතා වල ඉන්නා චරිත උපයෝගී කරගනිමිනුයි කතාව නිර්මාණය වන්නේ. ඈත එපිට රාජධානියක ජීවත් වන පාන් වෙළෙන්ඳන් යුවලකට දරුවන් අහිමියි. ඒ පාන් වෙළෙන්ඳාගේ පියා කළ අනුවන ක්‍රියාවක් නිසා, එක්තරා මායාකාරියක විසින් මොවුන්ට ශාපයක් අත් වී තිබීමයි. ඒ ශාපය දුරුකරවා ගැනීමට නම්, තව දවස් තුනකින් ඉහල අහසේ පායන පුරහඳ දිස් වන්නට පෙර ද්‍රව්‍ය තුනක් ඒ මායාකාරියට සැලසිය යුතුයි. එකක්, කිරි මෙන් සුදු එළදෙනක් (ජැක් සහ මායා බෝංචි කතාවේ එන එළදෙන), ලේ මෙන් රතු ලෝගුවක් (රතු හැට්ටකාරිය පැළඳ ඇති රතු ලෝගුව), ඉරිඟු කෙස් මෙන් කහ පැහැ කෙස් වැටියක් (රපුන්සල්ගේ කෙස්) සහ රත්‍රං මෙන් පිරිසිඳු සෙරෙප්පුවක් (සින්ඩරෙල්ලාගේ සෙරෙප්පුව)…
පාන් වෙළෙන්ඳා සහ ඔහුගේ බිරිඳ මේ ද්‍රව්‍ය තුන ලබාගැනීම සඳහා වනයක් වෙත යා යුතුයි.. එහිදී ඔවුන් දෙපලට සිද්ධ වෙන දේවල් වලින්ම චිත්‍රපටය ත්‍රාසජනක දේවල් වලින් පිරිලා. දෙපළට මේ කියන දේවල් මධ්‍යම රාත්‍රිය උදා වන්න පෙර ලබා ගන්න පුළුවන් වෙයිද? ඔවුන්ගේ ශාපය දුරු වේවිද? හැමෝගෙම ප්‍රශ්ණය ඒකයි.. කැමතියි එයට විසඳුමක් හොයාගන්න ඔයාලා චිත්‍රපටිය බාගෙන බලනවා නම්… එහෙනම් අපි තවත් හොඳ නිර්මාණයකින් හමුවෙමු. එතෙක් ඔබට ජය෴෴
550 MB (SCR) කොපිය මෙතනින් බාගන්න
91AE779719C23CE5950E4DFFC45498228BAC022B873 MB (BR) කොපිය මෙතනින් බාගන්න
05FF983BDE32352D3C7E65AE4731F588F1CC19F41.85 GB (BR) කොපිය මෙතනින් බාගන්න
4E660F05AD95F61950985C3A6702AE605E41B649 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,292 downloadsDownload Into-the-Woods-2014-BR.zip167 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යස්මික සෞභාග්‍යය
Subtitles
49 comments
chamara
kasun
ela ela...............
Nishantha
මෙලෝ රහක් නෑ ෆිල්ම් එක
නලින් පෙරේරා
ස්තුතියි යස්මික සහෝ.. මේක නම් අනිවා බලන්න හිටිය කතාවක්..
ජය වේවා! එලස්ස්!!
Ayeshi
Thanks!! balannama hitiya ekak :)
අසිත
නියම වැඩක්නේ.එල එල. ඔහොම යමු.
SaDuN dAnUsHkA (ධනූ)
නියමයි සහෝ
හොද එකක් ආවහම බලනවා
බෙහොම ස්තුතියි......!me
Thanks
තරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ සිංහල සබට,
ඊළඟ සබ් එකෙන් හමුවෙමු,
ඔයාට ජය...
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪imasha
බෙහොම ස්තුතියි……!
කේ.යූ.ජී. උදාර
මේකෙ නම් බ්ලූ රේ එක බලන්න තමයි හිත.........
ඒ හින්ද ආපු ගමන් අප්ඩේට් කරන්න.
එහෙම නම් සිංහල සබට වෙනද වගේම බොහොම ස්තූතියි යස්මික.Gayashan
Thanks for Sub.. But, waiting for brrip
janaka
thanx
ශාන් විමුක්ති (විමා)
හප්පේ
යශ්මික උබද මේ පවට කර ගැහුවේ :p
සින්දු ටික තමා එපා වෙන්නේ
එහෙනම් මෙන්න ගත්තෝ :D
ස්තුතියි ඈ#YasmikaSH
හප්පේ ඔව්.. හෙන කට්ටක් කෑව සිංදු ටිකටම... :D :D
Sam
thnkss sahooo..elzzzzzz...
බ්ලැක් පැන්තර්
හම්මේ යස්මිකයද මේක කොලේ... එළ එළ...
හැබැයි කොල්ලෝ Br එනකම් ඉන්න වෙනවා...
අර කියන්නා වගේ සින්දු වලට සබ් දානවා කියන එක තමා මට නම් එපා වෙන්නෙම :/ ....
සබට තුති වේවා...!!!Saketha Pulasthi
හොද කොපියක් එනකන් ඉන්නවා. උපසිරසියට බොහොම ස්තූතියි :)
thisal
එල එල BR ආවම බලමු අප්ඩෙට් පාරක් දාන්න ඇ ස්ක්‍රින් නම් බලන්නෙ නැ මලාට තැන්ක්ස් සබට
Kulanjana Maduranga
niayamai…thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ගයාන් රූකාන්ත
එල එල හොඳ කොපියක් ආවහමම බලනවා
සබට තුති මචෝ.!!Jack
නියමයි මචො.
බොහෝම ස්තුතියි සබ් එකට.“චූටී මල්ලි”
මාත් බලන්නෙ හොද කොපි එක්ක
එල මචෝ
සබට තුති
ඔබට ජය..........Mendis
හොද Rip එකක් එනකන් ඉදල දුන්නනම් හරි බං
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ටනේ. සින්දුත් තියෙනවද මේකෙ? :-D
ජය වේවා. !Geshan
Thanx....
රවිඳු නිපුන්
එලනෙ යශ්මිකයෝ...
මේක නම් අනිව බෑමක්..
ජොනී ඩෙප් ඉද්දි කොහොමද අතාරින්නේ.?
කොපියක් ආව ගමන් බාන්නම්..
තෑන්ක්ස් සබට ආ!!!lakmal
thxxxxxxxxxxxxx
isuru
niyamai yasmika sahoo!keep it up!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)අදිත ප්‍රවීන්
එලනේ කොල්ලෝ !
br එනකම්ම ඉන්නවා .
සබට තුති .Sajith Anthony
සබට තුති
ඔබට ජය……….Shashi
Thank you… :)
Shan Asanka
Thanks Dude! Waiting for BRrip
indika
thnq :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nimal dissanayake
nidi -Thanks yasmika.
Nishantha
මෙලෝ රහක් නෑ ෆිල්ම් එක.
Danu
Please update to latest 1080 yts rip
Thank youSupun Madhusanka (Bunny)
Thanks saho.....
sanjeewa
thanks
sasa
thanks saho
chamath225
Thanks !
Ysa
thanks sahoooo......:-)
Supun shanika
ස්තූතියි බ්‍රෝ
Milinduprabash
ThnkQwwww
ThnkQwwwwමොළ කකුලුස්
Thanks for subtitles...උඩ තියන ලිපියටත් ගොඩක් ස්තූතිය යාලුවා.
Umesha Medhavi
Can you please add a valid link to download the film? Thank you very much for your good work.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

sub ekata thanx bro....!!!