Watch Trailer

Argentina Fans Kaattoorkadavu (2019) Sinhala Subtitles | පාපන්දු ලෝලින් දෙපිරිසකගේ උද්‍යෝගය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා සුපුරුදු පරිදි පිළිගන්නවා අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝම! ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණ මලයලම් චිත්‍රපටියක් අරන් තමයි මං ඔයාලව හම්බවෙන්න ආවේ. හැබැයි ඉතිං පොරොන්දු වුන වෙලාවට මේක ඔයාලට දෙන්න බැරි වුණ එකටනම් සමාවෙන්න ඕනේ. මලයාලම් ආදර කතාවක් තියෙන චිත්‍රපටියක් අරගත්තම ඒකේ නැති…

ආයුබෝවන් කියලා සුපුරුදු පරිදි පිළිගන්නවා අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝම! ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණ මලයලම් චිත්‍රපටියක් අරන් තමයි මං ඔයාලව හම්බවෙන්න ආවේ. හැබැයි ඉතිං පොරොන්දු වුන වෙලාවට මේක ඔයාලට දෙන්න බැරි වුණ එකටනම් සමාවෙන්න ඕනේ. මලයාලම් ආදර කතාවක් තියෙන චිත්‍රපටියක් අරගත්තම ඒකේ නැතිවම බැරි චරිතයක් තමයි, ආයිෂ්වර්යා ලක්ෂ්මී කියන්නේ. අපි අතර ජනප්‍රිය වුන මලයාලම් චිත්‍රපට කිහිපයකටම ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒක ඔයාලයි මමයි දැනටමත් හොදින් දන්න කාරණයක්. මොනාවුනත් ලංකාවේ පරිසරය පද්ධතියි කේරලයේ පරිසර පද්ධති අතර සමානකමක් තියෙනවා කියලා මලයාලම් චිත්‍රපටි බලන ඔයාලා හැමෝම දන්නවා ඇති. මොකද කිව්වොත්, හැම මලයාලම් චිත්‍රපටියක්ම වගේ රූගත කිරීම් කරන්නේ සුන්දර පරිසර පද්ධතියක් කේන්ද්‍ර කරගෙන. ඒ වගේම සුන්දර ගමක්, ක්‍රීඩාවක්, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් මුල් කරගෙන හැදුන ලස්සන චිත්‍රපටියක් තමයි මේ “Argentina Fans Kaattoorkadavu“කියන්නේ. ඇත්තටම අනිත් මලයාලම් චිත්‍රපට වලට වඩා මේක විශේෂ තැනක් අරගන්නවා. එක්තරා ගම්මානයක සිටින ක්‍රීඩා රසිකයන් පිරිසක් වටා ගෙතුන කතාවක් තමයි මේකේ යන්නේ. ඒ අතර තමන්ගේ කණ්ඩායම් ජයග්‍රහණය කරා ගෙන යෑමට කැපවෙන උත්සහය, ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ නින්දා අපහස විදිමින් තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරවීමට කැපවෙන කැපවීම, බාධක ජයගෙන ඉදිරියට යෑම් ආදී… ගොඩක් ආදර්ශමත් චිත්‍රපටියක් විදිහට මේක දකින්න පුළුවන්. එහෙනම් අපි චිත්‍රපටිය පැත්තට පොඩ්ඩක් හැරෙමු.

මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ, 2019 වර්ෂයේ මාර්තු 22 වෙනිදා. Box office වාර්තාව ගැන බලනකොට සමහර විචාරකයන්ගෙ මතය මේකට ගොඩක්ම බලපාලා තියෙනවා. විචාරකයන් කියන විදිහට චිත්‍රපටියේ අඩංගු වෙලා තියෙන හැම දෙබසක්ම පාහේ හාස්‍ය උපදවන නිසා චිත්‍රපටිය සාර්ථක වීමට ඉඩ තිබුණත්, කතාව දිහා බලනකොට චිත්‍රපටිය බලලා සිනමාශාලාවෙන් එළියට එනකොට සිත් ගන්නා සුළු බවක් චිත්‍රපටියේ නොවූ නිසා box office වාර්තා අතින් ගොඩක් අඩු අගයක් චිත්‍රපටියට ලැබී ඇති බවක් පේනවා කියලයි. ඒත් කෝචි වල නම් පළමු දර්ශන වාර 14 ඇතුලත ප්‍රේක්ෂකය සංඛ්‍යාව 62%කින් ලක්ෂ 3ක් වගේ මුදලක් උපයා තියෙනවා කියලයි වාර්තාවල නම් සදහන් වෙන්නේ. කොහොම නමුත් කතාවේ නම් එච්චරම ආඩුපාවක් දකින්න නෑ කියලා නම් කියන්න පුළුවන්. එහෙනම් කතාව ගැන දැන් ඔයාලට පොඩිහරි තේරුමක් ඇති කියලා මං හිතනවා.ඒ නිසා කතාව ගැන මං කියන්න යන්නේ නෑ. තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුව ඇතිව මං ගිහින් එන්නම්.

ඔයාලට තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි  DVD පිටපත් සඳහා අදාළ වේ.

3,303 downloadsDownload Argentina-Fans-Kaattoorkadavu-2019.zip87 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් රවින්ද්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රදීප් රවින්ද්‍ර

Subtitles

3,303 downloadsDownload Subtitles87 KB

11 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. තමන්න

    Messi gooooooot

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. indika75

    thanks..

  5. Nilush Angana

    Sub ekata thanx

  6. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට

  7. Kavinu

    තුති වේවා!
    ඊළඟ මලයාලමත් ඉක්මනටම ගේමු
    ❤️

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Nethini123

    බොහොම ස්තූතියි

  10. ThariduSagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  11. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!