Watch Trailer

Artemis Fowl (2020) Sinhala Subtitles | විශ්වාස කිරීමට කාලයයි [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැම දෙනාටම! ඉතින් අවසරයි ඔයාල හැම කෙනෙක්වම සුරංගනා ලෝකයකට අරන් යන්න. හැබැයි ඇත්තටම නෙමෙයි. මීට දවස් කිහිපයකට කලින්, හරියටම කියනවා නම් ජූනි 12 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වූ Artemis Fowl (2020) කියන චිත්‍රපටය හරහා තමයි ඔයාලව මං සුරංගනා ලෝකයකට එක්කන් යන්නේ. මේක මගේ 50 වෙනි කඩයිමට කරන්න බලාපොරො…

ආයුබෝවන් හැම දෙනාටම! ඉතින් අවසරයි ඔයාල හැම කෙනෙක්වම සුරංගනා ලෝකයකට අරන් යන්න. හැබැයි ඇත්තටම නෙමෙයි. මීට දවස් කිහිපයකට කලින්, හරියටම කියනවා නම් ජූනි 12 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වූ Artemis Fowl (2020) කියන චිත්‍රපටය හරහා තමයි ඔයාලව මං සුරංගනා ලෝකයකට එක්කන් යන්නේ. මේක මගේ 50 වෙනි කඩයිමට කරන්න බලාපොරොත්තුවෙන් හිටියට ඔයාල අතරට එන්නේ මගේ 35 වෙනි උපසිරැසිය විදිහටයි. මේ වගේ සුපිරි චිත්‍රපටයක් කඩයිමකට කලින් කරන්න මට ලබා දීම ගැන මම ප්‍රණීත් චින්තක සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා. මොකද මේක එයා කරන්න බාරගෙන තිබුණ උපසිරැසියක්. දෙවෙනියට ප්‍රණීත්ගෙන් මේක ගලවා දීම ගැන ඇඩ්මින් විමාටත් මේ වෙලාවේ ස්තූති කරන්න කැමතියි. ඒ වගේම උපසිරැසිය ගැන මාව දැනුවත් කරපු චාමර සම්පත් ඇඩ්මින්ටත්, රවිඳු රුක්ෂාන් මල්ලිටත්, මේක කරලා දෙනකල් පස්සෙන් පන්නපු සොහාන් ජයසූරිය සහ පසිඳු මධුමාල් මල්ලිටත් මං මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා.

මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නෙ Eoin Colfer විසින් 2001 දී රචනා කරන ලද Artemis Fowl නමින්ම ලියැවුණු නවකතාවයි. ඒ වගේම එයා Artemis Fowl සමග බැඳුණු තවත් පොත් ගණනාවක් ලියලා තියෙනවා. පොත් කියවන්න කැමති අය ඉන්නවා නම් මෙන්න මේ පහළින් තියන පොත් අරන් කියවන්නකෝ.

1. Artemis Fowl – 2001 (චිත්‍රපටය නිර්මාණය සඳහා ගන්නා ලදී)
2. Artemis Fowl and the Arctic Incident – 2002
3. Artemis Fowl: The Eternity Code – 2003
4. Artemis Fowl: The Seventh Dwarf – 2004
5. Artemis Fowl: The Lost of Colony – 2006
6. Artemis Fowl: The Time Paradox – 2008
7. Artemis Fowl: The Atlantis Complex – 2010
8. Artemis Fowl and the Last Guardian – 2012

අනිත් පොත් වලටත් චිත්‍රපට නිර්මාණය වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් අපි අපේ කතාව ගැන ටිකක් හොයල බලමු.

ආටෙමිස් ෆවොල් (Ferdia Shaw) කියන්නේ අවුරුදු 12 ක් වයස අති දක්ෂ අයර්ලන්ත ජාතික පිරිමි ළමයෙක්. මෙයාගෙ තාත්තාගෙ නමත් (Colin Farrell) ආටෙමිස් ෆවොල්ම තමයි. ආටෙමිස්ගෙ අම්මා මැරිලා තාත්තා විතරයි ඉන්නෙ. හැබැයි තාත්තාට ආටෙමිස් එක්ක හැම වෙලේම එකට ඉන්න අවස්ථාව ලැබෙන්නෙ නෑ. මොකද එයාගෙ රස්සාව උනේ පෞරාණික වස්තු සහ දුර්ලභ දේවල් ගණුදෙනු කරන එක. ෆවොල් නිවසේ රහස් තැනක මේ වගේ වටිනා දේවල් ගොඩ ගහලා තියෙනවා.

ඉතින් ආටෙමිස්ගෙ තාත්තා දවසක් වෙනදා වගේම ගෙදරින් යනවා එයාගෙ වැඩ කරන්න. ඒ යන්නේ “ඖල් ස්ටාර්” කියලා නැවකින්. මේ ගමන අතරතුරේ එයාව පැහැර ගැනීමකට ලක්වෙනවා ඕපල් කොබෝයි (Hong Chau) කියලා නපුරු සුරංගනාවක් විසින්. මේ ඕපල් කොබෝයි අයිති වෙන්නෙ “හේවන් නගරය” කියල හඳුන්වන පොළොව යට තියෙන සුරංගනා ලෝකයකටයි. මේ ලෝකයේ ඉන්න අනිත් හැමෝම වගේ හොඳ අය උනත් ඕපල් කොබෝයි නම් හොඳ කෙනෙක් නෙමෙයි. එයා තමන්ගේම අයත් එක්කත් සටන් කරන කෙනෙක්. ඒ සුරංගනා ලෝකයේ ආධිපත්‍යය ගන්න.

දැන් ඔයාල බලනවා ඇති සුරංගනා ලෝකයේ ලොක්කි වෙන්න ඇයි ඕපල් කොබෝයි ආටෙමිස්ගෙ තාත්තාව පැහැර ගත්තෙ කියලා? ඒකට හේතුව ආටෙමිස්ගෙ තාත්තා ගාව හේවන් නගරයට අයිති වටිනාම වස්තුව එහෙම නැතිනම් හේවන් නගරයේ නිධානය වන “ඇකියුලොස්” කියල හඳුන්වන බලසම්පන්න උපාංගය තිබීමයි. සරලවම කියනවා නම් මේ ඇකියුලොස් එක අත්‍යවශ්‍ය වෙනවා හේවන් නගරය පාලනය කරන්න. ආටෙමිස්ගෙ තාත්තාට මේ ඇකියුලොස් එක අරන් තියා ගන්න දුන්නේ සුරංගනා ලෝකයේ ඒක මුර කරපු බීච්වුඩ් ෂෝට් කියන සුරංගනාව විසින්. බීච්වුඩ් ෂෝට් කියන්නේ මේ කතාවෙ දෙවෙනි ප්‍රධානම චරිතය වන හොලී ෂෝට්ගෙ (Lara McDonnell) තාත්තා. හොලී ෂෝට් කියන්නේ හේවන් නගරයේ ඉන්න ලස්සන සුරංගනාවියක්. එයාව දැක්කම වයර් නම් ෂෝට් වෙනවා. ඒ තරම් හුරතල්.

ඉතින් තමන්ගේ තාත්තාව පැහැර ගත්තම ආටෙමිස් ලොකු අවදානමක් අරගෙන එයාව හොයන්න පටන් ගන්නවා. ඒ ඩොම්වෝයි බට්ලර් (Nonso Anozie) කියලා දැවැන්ත, දක්ෂ මනුස්සයෙක්ගෙ උදව් ඇතිවයි. බට්ලර් කියන්නේ ආටෙමිස්ගෙ තාත්තාගෙ ළඟම යාළුවෙක්. හැබැයි තාත්තාව බේර ගන්න නම් ආටෙමිස්ට එක දෙයක් අනිවාර්යෙන්ම ඕන වෙනවා. ඒ මං අර මුලින් කියපු ඇකියුලොස් එක. මොකද ඒක ලැබෙන කල් ඕපල් කොබෝයි තාත්තාව නිදහස් නොකරන නිසා.

වැඩේට බැස්සට මොකද ආටෙමිස්වත් බට්ලර්වත් දන්නෙ නෑ ආටෙමිස්ගෙ තාත්තා ඒක කොහේ අරන් තියලද කියලා. හැබැයි දක්ෂ ආටෙමිස් ඒකට පොටක් පාද ගන්නවා. ඒ තාත්තා ලියපු “අයිරිෂ් ආශිර්වාදය” කියන ජර්නලය කියවීමෙන්. මේ ජර්නලයේ හේවන් නගරය ගැන, සුරංගනාවන් ගැන, අඟුටුමිට්ටන් ගැන, පිසාචයන් ගැන ගොඩක් දේවල් ලියැවිලා තියෙනවා. මේ ජර්නල් එකට පිං සිද්ධ වෙන්න ආටෙමිස්ට ඇකියුලොස් එක හොයා ගන්න අවශ්‍ය කරන මූලික පදනම වැටෙනවා. ඒ පොළව යට තියෙන හේවන් නගරයේ ජීවත් වෙන හොලී ෂෝට් සුරංගනාව පොළොව උඩට එන වෙලාවක් බලලා අල්ලා ගැනීමෙන්.

පැහැර ගත්ත හොලී ෂෝට්ව බේරාගන්න හේවන් නගරයෙන් සුරංගනාවන් පොළොව උඩට එන්න ගන්නවා. ඒ මෙහෙයුම දියත් කරන්නෙ කමාන්ඩර් රූට් (Judi Dench) කියන වයස අවුරුදු 803 ක් විතර වෙන සුරංගනාවක් විසින්. ඒ සටනට උදව් කරන්න රූට් මල්ච් ඩිගම්ස් (Josh Gad) කියලා උමං හාරන අඟුටුමිට්ටෙක්වත් යොදා ගන්නවා. මල්ච් ඔයාලට මේ චිත්‍රපටයේ කතා නායක විදිහට දැක ගන්න පුළුවන්.

කතාව ලිපියෙන්ම කියල ඉවර කරන්න පුළුවන්. ඒ තරමට අදහස් ගලාගෙන එනවා. හැබැයි එහෙම කළොත් ඔයාලට බලන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා මෙතනින් එහාට මං කතාව ගැන කියන්නෙ නෑ. ආටෙමිස් ඇකියුලොස් එක හොයා ගන්න හැටියි තාත්තාව ඕපල් කොබෝයිගෙන් මුදවා ගන්න හැටියි ඔයාලාම බලන්නකෝ.

Artemis Fowl චිත්‍රපටය නිෂ්පාදනය කලේ සුප්‍රසිද්ධ Walt Disney සමාගමයි. චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක් වියදම් කරලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කලේ Kenneth Branagh විසින්. මෙච්චර හොඳ චිත්‍රපටයක් IMDb සහ Rotten Tomatoes අගයන් වාර්තා වෙන්නෙ පිලිවෙලින් 3.8 ක් සහ 10% ක් විදිහටයි. මට පේන්නෙ රේටින් දුන්න අයට කොරෝනා වෙන්න ඇති මෙච්චර අඩු අගයක් දෙන්න මේ වගේ සුපිරි නිර්මාණයකට. ඔයාලට බැලුවාම තේරෙයි කතාව කොච්චර ලස්සනයි ද කියලා.

එහෙනම් ලිපිය මෙතනින් ඉවරයි. චිත්‍රපටය බලලා කමෙන්ට් එකක් දාගෙනම යන්න.

ජය වේවා.!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

18,001 downloadsDownload Artemis-Fowl-2020.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

18,001 downloadsDownload Subtitles53 KB

47 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    bohoma sthuthi saho..

  3. Uvindu

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .

  4. desh_2001

    thanks for the sub bro
    good luck

  5. Gihan

    Sub ekata Thanks Saho.

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Ayesh

    උපසිරසියට ස්තුතියි

  8. Sohan Jayasooriya

    හම්මේ මේ දීලා තියෙන්නෙ.. අනිවා බානවා ඉතින් කොයි වෙලේ බලයිද නම් කියන්න බෑ ඕං.. බොම්බ්ශෙල් එකත් තාම බැලුවෙ නෑනේ.. ස්තූතියි අයියෙ සබ් එකට.. ජය වේවා!

  9. Pasindu Madumal

    අම්බෝ දෙනකම් බල බල හිටියේ..!
    සබට තුති අයියා ❤️✌️

  10. Kalana Iduwara

    Thanx bro digatama up as irascible Deanna. Aye stranger things 4 enne kawadda Kiyala biscopemansale danna amathaka Karanna epa

  11. malithmadhushan45

    අම්මේ දෙනකන් බලන් හිටියේ චාමිකර අයියේ. බොහොම ස්තුතියි සබ් එකට

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  13. raviz

    Thank you....!

  14. indika75

    thanks..

  15. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටපු කතාවක්...

  16. Shaggy

    බොහොම ස්තූතියි

  17. Anonymous

    මට මේ සබ්ටයිටල් අරගන්න බැහැ නේ.. download now click කරහම වෙන් ලින්ක් එකකට යනවා....දනන කෙනෙක් උදවි කරන්න කො පිලිස්....

    1. ASHAN PERERA

      Keyboard eke Alt key eka press karagena Download button eka click karanna

  18. Arawinda Sunimal

    thanks sub ekata jayawewa.............

  19. Nilush Angana

    Sub ekata thanx

  20. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි!!

  21. vinuth gunasekara

    lankawata wadak karana me supiri kollo tika gana aadambarai

  22. Kantha_DLA

    Request :
    Trouble (2019)
    Little Joe (2019)
    The King of Staten Island (2020)
    The Lovebirds (2020)

  23. Kasun munasingha

    Sud eka hariyata play wenne naha macho...

    1. Anonymous

      ou bokka ,sub ekae podi aulak...mama hadaganna hena gemak dunna ahariyanne na

  24. suranuwan

    thanks bro...

  25. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Shehan putha

    ස්තුතියි චාමි...
    ජය වේවා !

  28. podda

    thanks bro!!!!

  29. Anonymous

    apo sub eka yanne koheda malle pol..sub eka aul bro

    1. Anonymous

      Eka poddak speed eka wenas karala hada ganna....free sub dena hindada ohoma kiyanne...thanks kiyanne nathuwa..

    2. චාමිකර විදානගේ

      මමත් ඕක දැක්ක. මුකුත් කියන්න ගියේ නෑ. තේරුමක් නෑ බ්‍රෝ මෙහෙම අයත් එක්ක කතා කරලා. වැරදි කොපි බාගෙන ඒකෙ වැරැද්ද අපේ පිටින් යවනවා. එහෙම නැත්නම් පාඩුවේ ඉන්න බැරුව චාටර් කරන්න හදනවා. ඕවා කිව්වා කියල අපි sub නොදී ඉන්නෙ නෑ. මොකද ඔයා වගේ හොඳ අය ඉන්නවා ඕන තරම්. Thanks. ජය!

  30. Lasantha

    Ela

  31. Duhara

    sub ekata thnkz bro...

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  33. Ravishanka Edirisinghe

    Jaya wewa bro.! Thank you very much for the sub.

  34. Binura

    Sub wada na ne bn

  35. Anonymous

    Thanx bro...

  36. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ......!

  37. supun

    tz sub ekata...

  38. Aruna Sadeepa

    Thanks bro

  39. Anonymous

    sub eka hena slow

  40. Malith Samarawickrama

    Thanks sub ekata

  41. Dewadithya

    Thanks for sub!

  42. UDARA DAMITH

    elaaaaaaaaaaaaaaaaaaaa

  43. Jay

    Thak you!