ඔයාලත් රෑට නිදාගත්තම ඇඳ යටින් හොල්මනක් මතුවෙයි කියලා බයෙන් ගැහෙනවද? හොල්මන් චිත්‍රපටි බලලම මගේ හිතේ එහෙම බයක් ලාවට වගේ තිබුනා. මේ Aterrados (2017) ෆිල්ම් එක බැලුවට පස්සෙ මගේ ඒ බය දෙගුණ තෙගුණ වුනා කිව්වොත් වැරදි නෑ. අද මම ඔයාලට අරන් ආපු මේ හොල්මන් ෆිල්ම් එක IMDB මීටරේ 6.5 කට කරකවන්න සමත් වෙලා තියෙනව…

ඔයාලත් රෑට නිදාගත්තම ඇඳ යටින් හොල්මනක් මතුවෙයි කියලා බයෙන් ගැහෙනවද? හොල්මන් චිත්‍රපටි බලලම මගේ හිතේ එහෙම බයක් ලාවට වගේ තිබුනා. මේ Aterrados (2017) ෆිල්ම් එක බැලුවට පස්සෙ මගේ ඒ බය දෙගුණ තෙගුණ වුනා කිව්වොත් වැරදි නෑ. අද මම ඔයාලට අරන් ආපු මේ හොල්මන් ෆිල්ම් එක IMDB මීටරේ 6.5 කට කරකවන්න සමත් වෙලා තියෙනවා වගේම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන තියෙනවා. මේක ඉංග්‍රීසි චිත්‍රපටියක් වුනා නම් මීට වඩා ලොකු රේටින්ග්ස් ගන්න තිබුනා කියන එකයි මගේ නම් පුද්ගලික විශ්වාසය. ඒත් මේක ආජන්ටිනා චිත්‍රපටයක් නිසාදෝ ඒ වාසනාව ලැබිලා නෑ. මං බලලා තියෙන බහුතරයක් ඉංග්‍රීසි හොල්මන් ෆිල්ම්වලට වඩා අමුතුම ගතියක් මේ ෆිල්ම් එකේ මම දැක්කා. කන්ජූරින්ග් චිත්‍රපට තරම් නැතත්, මං බලලා තියෙන බහුතරයක් ඉංග්‍රීසි හොල්මන් චිත්‍රපටිවලට වඩා හොඳ මට්ටමක මේ ෆිල්ම් එක තියෙනවා කිව්වොත් මං වැරදි නෑ. මොනා වුනත් මම කිව්වෙ මගේ පුද්ගලික අදහස. පහළ දාලා තියෙන ට්‍රේලරේ බලලා, විකිපීඩියා ලින්ක් බලලා මේක බලනවද නැද්ද කියලා තීරණය කරන එක ප්‍රේක්ෂක ඔයාලට භාරයි.
මේකෙ ඉන්න නළු නිළියො වගේම අධ්‍යක්ෂකවරයා ආජන්ටිනා ජාතිකයො නිසා එයාලගේ නම් අහලා පුරුදුත් නැති හින්දා මං ඒවා කියන්න යන්නෙ නෑ. ඒ වෙනුවට කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. බ්ලුමෙටි සහ එයාගෙ බිරිඳ ක්ලේරා ජීවත් වෙන ගෙදර සින්ක් එකේ වතුර බහින බටේ ඇතුළෙන් ක්ලේරාට කට හඬවල් වගයක් ඇහෙන්න ගන්නවා. ගෙදරට එන සැමියට මේක කිව්වත් එයා හිතන්නෙ වතුර බට පරණ හින්දා ඇහෙන සද්දයක් වෙන්නැති කියලයි. කොහොමහරි දෙන්නා නිදාගෙන ඉද්දි පාන්දර 5ට විතර ක්ලේරා බාත්රූම් යන්න ඇහැරුන වෙලාවේ බ්ලුමෙටිට ඇහෙන්න ගන්නවා එයාලගේ අල්ලපු ගෙදර වෝල්ටර් එයාලගෙ ගෙයි බිත්තියට තඩිබානවා වගේ. වෝල්ටර්ගෙ ගෙදරට ගිහින් බ්ලුමෙටි වෝල්ටර්ට බැනලා ගෙදරට ආවට පස්සෙ ආයෙත් ඒ සද්දෙ ඇහෙනවා. ඒත් ඒ ඇහෙන්නෙ නම් ගෙදර බාත්රූම් එක ඇතුළෙන්. බ්ලුමෙටි ගිහින් බලද්දි ක්ලේරා අහසේ පාවෙමින් බිත්ති දෙක අතර හැප්පෙනවා ලේ ගලමින්. බොරු වර්ණනා නෙමෙයි ඒ දර්ශනෙ නම් නියමෙටම තාත්වික විදිහට ගන්න අධ්‍යක්ෂකයා සමත් වෙලා තිබුනා. ඉතින් ඔතනින් එහාට තමයි කතාව. ඒක ඔයාලටම බලන්න මං ඉඩ දීලා වැරදි තිබුනොත් සමාවෙන්න කියලා ඉල්ලන ගමන් මම එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR / WEB පිටපත් සඳහා අදාළ වේ.
5,153 downloadsDownload Terrified-2017.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
21 comments
Kavinu
Sanjaya
Thanks Saho
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
madusankaq
https://www.imdb.com/title/tt11170862/ මේකට සබ් ඕනි
Mayura
කියන හැටියට මේක නම් බලන්නම වෙයි වගේ.. බලලම කියන්නම්කො නෙහ්හ්..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
GihanM98
ස්තුතියි සබ් එකට...පුලුවන්නම් Sniper Assassins End 2020 එකටත් සබ් එක දෙන්න...
indika75
thanks..
Suranjan
Thanks jayawewa......!
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට ...ජය!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Terrifier 2016 film eke sub eka dennako
Janith Jayasankha Adhikari
ADE MATA NINDA YANNE NA ADE MEKA BALALA, THANKS FOR THE SUB
Sohan Jayasooriya
ඇඳ යටින් එයි සහෝ පරිස්සමින්
Sanjaya
Eda Yatin eyida, Pandara negitala chu danna yaddi sink eken sadda eheida kiyala baye inne bn..Thnks for Sub..
Amalka
Thanks macho sub ekata
Sanjaya
Soha Thnks macho sub ekata
Dewadithya
Thanks for sub!
MAxxk
The Final Wish 2018
Mekata Sub Eka Denna Bro.
thanks.සාරංග J ලියනගම
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Aterrados (2017) Aka Terrified (2017) Sinhala Subtitles | නොපෙනෙන මානය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Aterrados-2017.jpg)
තුති වේවා සොහාන් අයියේ