Watch Trailer

Arjun Pandit (1999) with Sinhala subtitles | අර්ජුන් පණ්ඩිත්. [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි! අපේ කට්ටිය හැමෝම හොඳින් කියල හිතනවා, ඉතින් ටික දවසකට පස්සෙ ෆිල්ම් එකක් හොයා ගත්ත, ඔයාල කලින් බලපු ෆිල්ම් එකක් තමයි මේ, Sunny Deol ගෙ ෆිල්ම් එකක්, එයාගෙ ෆිල්ම් කියන්නෙත් ගොඩාක් වෙලාවට අමතක කරන්න අමාරුයි, ඒ වගේම මේ ෆිල්ම් එක ටිකක් විශේෂ ෆිල්ම් එකක්, මොකද මේ ෆිල්ම් එකට තවමත්…

Arjun Pandit (1999)

හැම දෙනාටම තෙරුවන් සරණයි! අපේ කට්ටිය හැමෝම හොඳින් කියල හිතනවා, ඉතින් ටික දවසකට පස්සෙ ෆිල්ම් එකක් හොයා ගත්ත, ඔයාල කලින් බලපු ෆිල්ම් එකක් තමයි මේ, Sunny Deol ගෙ ෆිල්ම් එකක්, එයාගෙ ෆිල්ම් කියන්නෙත් ගොඩාක් වෙලාවට අමතක කරන්න අමාරුයි, ඒ වගේම මේ ෆිල්ම් එක ටිකක් විශේෂ ෆිල්ම් එකක්, මොකද මේ ෆිල්ම් එකට තවමත් ඉංග්‍රීසි සබ් එකක් ඇවිල්ල නැති එක, දැනට අන්තර්ජාලයේ මේ ෆිල්ම් එකට තියෙන්නෙ සබ් දෙකයි, ඉතින් ඒ සබ් දෙකෙන් එකක් සිංහල සබ් එකක් වුනු එක ගැන ගොඩාක් ආඩම්බරයි, මීට අවුරුදු ගාණකට විතර කලින්, හින්දි භාෂාව චුට්ටක් මං ඉගෙන ගත්තු නිසාමයි සබ් එක කරන්න පුළුවන් වුනේ, ඒක නිසා වැරදීමක් වුනොත්, ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනවා වගේම, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1999 අගෝස්තු 20 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Rahul Rawail කියල කෙනෙක්, අයි.එම්.ඩී.බී. අගය 5.2 ක් විදිහට තමයි සඳහන් වෙන්නෙ.

ෆිල්ම් එක ගැන නං, ටිකක් දිග විස්තරයක් කියන්නම වෙනවා, මේ විදිහට, ෆිල්ම් එකේ හැටියට සනී ඩියෝල්ට කියන්නෙ අර්ජුන් දික්සිත් කියල, එයා මහාචාර්ය කෙනෙක්, එයා විශ්වවිද්‍යාලයේ උගන්වන අතරතුරේ හීනියට දේවාලයක් කරගෙන යනවා, මොකද එයා දේව භක්තිකයෙක්, එයා තමන්ගෙ ජීවිතේටත් වඩා දෙවියන්ට ගරු කරනව, ගොඩාක් අහිංසක විදිහට ජීවත් වෙන කෙනෙක්, කොහොම හරි එයා උගන්වන විශ්වවිද්‍යාලයට ඉගෙන ගන්න ගෑනු ළමයෙක් එනව, එයා මේ අර්ජුන් දික්සිත්ට අර මොනවද මායම් දාල එයාව රවට්ට ගන්නව, අර්ජුන් දන්නෙ නෑ මේ ගෑනු ළමය එයාගෙ ජීවිතේට ආවෙ එයාගෙන් පලි ගන්න කියල, කොහොම හරි මේ අර්ජුන් දන්නෙම නැතුව ඒ ගෑනු ළමයගෙ කතන්දර වලට අහු වෙලා එයාට ආදරය කරන්න පටන් ගන්නව, ඊට පස්සෙ මේ ගෑනු ළමය අර්ජුන්ට හිතා ගන්න බැරි විදිහට එයාව මිනී මැරුමකට අහු කරනව, පස්සෙ තමයි අර්ජුන් දැන ගන්නෙ එයා ඇවිල්ල තියෙන්නෙ තමන්ගෙන් පලි ගන්න කියල, ඉතින් අර්ජුන්ට ඒ වෙද්දි ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිල ඉවරයි, එයාට සිද්ධ වෙනවා සෑහෙන කාලයක් බන්ධනාගාරයේ ඉන්න, පස්සෙ එයාව දන්න කෙනෙක්, නැවත නඩුව විභාග කරල එයාව නිදහස් කර ගන්නව, ඊට පස්සෙ අර්ජුන් ඒ නගරය අත හැරල මුම්බායි නගරයට එනව, ඒ එන්නෙ එයාට අච්චුව සෙට් කරල දුන්න ගෑනු ළමයව හොයා ගෙන, අර්ජුන්ගෙ යාළුවෙක් ඉන්නවා මුම්බායි වල, එයා අර්ජුන්ට උදව් කරනවා, ඒ වගේම ඒ වෙද්දි අර්ජුන්ගෙ මානසික මට්ටමත් ගොඩාක් අවුල් වෙලා, එයාට වුනු සිද්ධිය හින්ද, ඊට පස්සෙ අර්ජුන්ට හම්බ වෙනවා හල්දිරාම් කියල කෙනෙක්, එයා ලොකු අපරාධ කාරයෙක්, එයා අර්ජුන්ගෙ ඔලුව තවත් අවුල් කරල, අර්ජුන්ව මුම්බායි නගරයේ ඉන්න ලොකුම අපරාධ කාරයා කරනව, ඊට පස්සෙ අර්ජුන්ට හැමෝම කියන්නෙ පණ්ඩිත් කියල, ෆිල්ම් එකේ හැටියට මුම්බායි නගරයේ ඉන්න හැමෝම පණ්ඩිත් කියද්දිත් බය හිතන තරම්, ඉතින් මේ අර්ජුන් දික්සිත්ට මොකක්ද වෙන්නෙ කියල දැන ගන්නම්, ෆිල්ම් එක බලන්නම ඕනෙ, පැහැදිලිවම කිව්වොත් ලස්සන ස්ටෝරියක්, ඒ වගේම සබ් එකේ මොනවා හෝ අවුලක් තිබුනොත්, ෆිල්ම් එක ගැන වැඩිපුර විස්තර කරන්න වුනු එකටත්, තව වතාවක් සමාව ඉල්ලනව, පැහැදිලි කරන්න අමාරු නිසයි ටිකක් වැඩියෙන් විස්තර කරන්න වුනේ, ඉතින් සුපුරුදු විදිහටම නවතින්න කලින් ප්‍රාර්ථනා කරනව සියළුම ජීවින්ගේ සිතුවිලි ලස්සන වෙන්න කියල!

Collateral Damage (2002) on IMDb

 

 

697 MB (DVDRip) කොපිය මෙතනින් ගන්න

D80020CC52F09F75FBBF96F54C33E9A9F47C8192 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,389 downloadsDownload Arjun-Pandit-1999.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

1,389 downloadsDownload Subtitles56 KB

18 comments

  1. තරිඳු

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

    1. තරිඳු

      පුළුවන් නම් khalnayak 1993 හිංදි චිත්‍රපටියට සබ් දෙන්න

  2. akskshan

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    baiscope alerts

    register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න

    හැමෝටම ජය වේවා!!!!!!!

  3. akskshan

    සුපිරියි සුභපැතුම්..
    සබ් එකට ගොඩක් ස්තුතියි..

    baiscope alerts

    register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න

    හැමෝටම ජය වේවා!!!!!!!

  4. අමා

    ගොඩාක් ස්තූතියි
    ජයම වේවා !!!!

  5. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි දිනුෂ සහෝ සිංහල උපසිරැසියට. ඔයාගේ මේ උපසිරැසි ගැන්විමේ රටාව නම් මරු. තව මෙවැනි නිර්මාණ කරන්න ලැබේවා. ජය වේවා෴

  6. Nishadi Wickrama

    tnx.

    puluwan nam damini hindi film ekatath sub denna

  7. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. kavinda

    දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  9. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Withanage Priyantha Dayakeerthi

    ඒ කාලයේ බලපු, එහෙත් නැවත නැරඹිය හැකි අගය කළ යුතූ උපසිරසියක්, ස්තූතියි! නැවතත් මෙවැනි උපසිරසියක් දෙන්න.

  11. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. KNJ

    asama film ekak... kalinuth baluwa... apahu balanna asai... niyamai... thanks sahoo.

  13. Isuru

    Thanks puluwanam sunny deol ge Farz film eka denna

    1. Dhanushaka N Perera

      (Y)

  14. Dhanushaka N Perera

    Patta (Y) Pandit wage paran movie ekaka sub ekak lesiyen kenek karanaaa bt oya eka karapu eka godak hodai. Dinusha Rukshan me wage thawa parana movie wala sub dennaaa.

  15. mithun

    Gupt 1997.
    Imdb 7.7 machan me hindi movie ekata sab ekak dannako.
    Meka සුපිරිම film ekak...

  16. mithun

    හින්දි ෆිල්ම් එකක් බලන්න අස හිතිල සර්ච් එකක් දුන්න බයිස්කෝප් එකෙ.. එත් මෙ මුවී එක නෑ සබ් .. පුලුවන් නම් දෙන්න ගොඩක් ෆිං . Gupt 1997