“ නූඹ රචනා කරන්නට යන… “ ” මාගේ කතාව… “ ” එක දවසින් කොතරම් වෙනස් වූවාද? ” එම රචනා කර තිබුනු… “ ” මාගේ කතාව.. “ ” වෙනස් කල යුතුව ඇත සැමදෙයක්ම මා ගැන ලිවිය යුතු. “ 2017 වසරේ ඉන්දියානු සිනමාවට බිහිවුනු තවත් Cult, Trendsetter චිත්‍රපටයක් අරන් එන්නයි මේ සූදානම් වෙන්නේ. සාම්ප්‍රදායික මසාලා සිනමාවෙන් ඔබ්බට…

“ නූඹ රචනා කරන්නට යන… “
” මාගේ කතාව… “
” එක දවසින් කොතරම් වෙනස් වූවාද?
” එම රචනා කර තිබුනු… “
” මාගේ කතාව.. “
” වෙනස් කල යුතුව ඇත සැමදෙයක්ම මා ගැන ලිවිය යුතු. “
2017 වසරේ ඉන්දියානු සිනමාවට බිහිවුනු තවත් Cult, Trendsetter චිත්‍රපටයක් අරන් එන්නයි මේ සූදානම් වෙන්නේ. සාම්ප්‍රදායික මසාලා සිනමාවෙන් ඔබ්බට ගියපු, ලොකු අවධානමක් අරගෙන නිපදවපු මේ වෙනස් නිර්මාණය අද වෙද්දි තෙලුඟු සිනමාවට පමණක් කොටු නොවී මුළු ඉන්දියානු සිනමාවේම පෙරලියක් ඇති කරපු චිත්‍රපටයක් වී හමාරයි. ඉතින් මේක නිකුත් වෙලා අවුරුදු දෙකක් ගතවී තිබුණත්.. මේ වනතුරු අපේ බයිස්කෝප් අඩවියෙන් මේකට උපසිරැසි සපයලා නොමැති වීමනම් පුදුමයට කාරණයක්. ඇත්තටම මම නම් මේ චිත්‍රපටය ආපු කාලෙ මෙහෙම එකක් ගැන දැනන් හිටියේ නෑ. තිබ්බනම් අතාරින්නෙත් නෑ 😁. අපේ අයියකෙනෙක් කවුරුහරි කරයි, කරයි කිය කියා බලන් හිටියත්.. එන පාටක් නැති නිසාම මංම ගේමට බහින්න හිතුවා. කීපදෙනෙක් පොදුවේ වගේම පෞද්ගලිකවත් ඉල්ලපු නිසා ඒකත් පොඩි තල්ලුවක් වුනා. කරන්න ගත්තට පස්සෙ තමා තේරුනේ.. පස්ස ගැහෙන්න ඇත්තෙ මොකද කියලා. ඇත්තටම මේ චිත්‍රපටය පැය 3ක්. ඒ වගේම දෙබස් ප්‍රමාණය ලයින් 2600කටත් ආසන්න සංඛ්‍යාවක්. නිකුත් වී තිබුනු ඉංග්‍රීසි උපසිරසියේ තියෙන්නෙත් ඔයින් 60% වගේ නිසාත් මේකට අත ගහද්දි ටිකක් ප්‍රශ්න තමා. දැන් ඉතින් ඒවයින් වැඩක් නෑ. ඕන්න එහෙනම් කිසිම අඩුපාඩුවක් නැතුව චිත්‍රපටයේ උපරිම රසය අඩුවක් නැතුව විඳින්න පුළුවන් විදිහට උපසිරසිය හීන් සීරුවේ සකස් කරලා ලස්සනට ඔයාලා වෙත අරන් ඇවිල්ලා තියෙනවා. එක හූවක්වත් අඩු නැතුව ඔන්න. 😉
“බ්‍රයිටෙක්..
දොස්තර කෙනෙක්..
බේබද්දෙක්…
මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙච්ච කෙනෙක්…
බොක්කෙන්ම ආදරය කරපු බුවෙක්…
කුකුල් කේන්තිකාරයෙක්…
ආදී ගතිගුණ රැසකින් පිරි සිත් ඇදගන්නාසුළු අළු චරිතයක්…”
Sandeep Reddy Vanga විසින් සිනමා ලෝකයට එක්කරගෙන ආපු ඒ අමුතු මනුස්සයා 2017 වසරේ තරුණයින්ගෙ ඇදහීමක් වෙන්නට මහ කාලයක් ගත වුනේ නෑ. ඒ වගේම කෙල්ලන්ගේ ක්‍රශ් එකක් වන් තැනටද මේ අමුතු මනුස්සයා ඉබේම පත්වන්නේ කිසිවෙකු නොසිතූ අයුරින්. ඉන්දියානු රුපියක් කෝටි 5.1ක් වගේ ඉතාම පොඩි බජට් එකකින් නිපදවන පැය තුනක් පමණ රිදී තිරයේ දිවෙන මේ චිත්‍රපටය 2017 වසරේ අගෝස්තු 25 වනදා සිට ලොවපුරා තිරගතවීම ආරම්භ කරනවා. මේ චිත්‍රපටයේ බජට් එක මේ වගේ ගානක් වුනත් කිසිදු චිත්‍රපට නිශ්පාදකයෙකු මේ චිත්‍රපටය සඳහා ආයෝජනය කරන්නට එකඟ වුනේ නැහැ. ඔවුන්ගේ වාණිජමය අවශ්‍යතාවය සඳහා මෙහි පිටපත මසාලා පැත්තට බර කරලා වෙනස් කරන කොන්දේසි ඉදිරිපත් කරමින් තමයි ඔවුන් මේ සඳහා ආයෝජනය කරන්න කැමත්ත පල කරන්නේ. නමුත් පිටපත වෙනස් කරන්නට එකඟ නොවන අධ්‍යක්ශක Sandeep Reddy ඔවුන්ගේ කොන්දේසි හමුවේ තම පිටපත හකුලා ගන්නවා. පසුව ඔහුගේ සහෝදරයා වන Pranay Reddy Vanga මේ සඳහා මුදල් ආයෝජනය කරන්නට පොරොන්දු වූ නිසා සන්දීප් ආයෙත් වැඩේට බහිනවා. මුලින් ඔහු මේ සඳහා ශ්‍රාවනන්ද් යොදාගන්නට හිතාගෙන සිටියත් ශ්‍රාවානන්ද් මේ චිත්‍රපටය ප්‍රතික්ශේප කිරීම නිසා එවකට #pellichooplu චිත්‍රපටයවත් නිකුත් වී නොතිබුනු විජේ දේවරකොණ්ඩාව තෝරගන්නවා.
“ජීවිතේදි…
මොන විශය තුල උනත් ගැඹුරෙන් කිමිදෙන්න ගියහම…
ඉතුරුවෙන්න බිංදුව…
ඒ කියන්නේ හිස් අත/ නිකමෙක් වීම”
සම්ප්‍රදායික සිනමා රටාවෙන් ඔබ්බට ගියපු චිත්‍රපටයක් නිසා කිසිවෙකුට මේ චිත්‍රපටය ගැන ලොකු අදහසක් තිබ්බේ නැහැ. මේ වගේ වැඩකට අත ගහනවා කියන්නේ අවධානමක් කියලයි හැමෝම හැඳින්වුවේ. කෙසේවෙතත් ඒ කිසි හෙනයක් නැතුව කෝටි පහෙන් නිපදවපු අර්ජුන් රෙඩ්ඩි චිත්‍රපටය අන්තිමේ කෝටි 51ක ආදායමක් උපයාගන්නේ මනාප 12000+ කින් IMDB මීටරය 8.5ක් නංවමින්. කතාව, තිර රචනය, සිනමාකරණය, රඟපෑම්, අධ්‍යක්ශනය යන හැකියාවන් සියල්ලම උච්චතම අයුරින් පාවිච්චි කරලා නිපදවපු චිත්‍රපටයක් විදිහට අර්ජුන් රෙඩ්ඩි චිත්‍රපටය අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම මේ චිත්‍රපටය වෙනුවෙන් Zee Telugu Golden Awards 2017 සම්මාන උළෙලෙහි හොඳම නළුවා වීමට විජේ දේවරකොණ්ඩාට හැකියාව ලැබුනු අතර 65වන දකුණූ ඉන්දීය ෆිල්ෆෙයා සම්මාන උළෙලෙහි(Filmfare Awards South) ද හොඳම නළුවා සම්මානය දිනා ගැනීමට විජේ දේවරකොණ්ඩා සමත් වනවා. එමෙන්ම එහි හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂනය, යන සම්මාන වලටද මෙය නිර්දේශ වනවා.
මේක හරිම සූක්ශම විදිහට හදපු චිත්‍රපටයක්. අර්ජුන් රෙඩ්ඩි වගේ එවුනුත් මේ ලෝකෙ නැතුවාම නොවේ. එවන් අය වටා ක්ෂනයෙන් රොක්වන අයද නැතුවාම නොවේ. ඒ වගේම ප්‍රීති වගේ පෙම්වතියන්ද නැතුවාම නොවේ.
මේකයි.. මේ චිත්‍රපටය බලනවනම් මනස ටිකක් රිලැක්ස් කරලා එන්න ඕන. තව එකක් එක්ක සසඳන්න බලාගෙන, තමන්ගේ ජීවිතේට මේක ගලපන්න බලාගෙන, මේක මේ වගේ මට්ටමක ඇතැයි කියලා හිතාගෙන.. මේක බලන්න වාඩිවෙන්න එපා කියලයි මං නං ඉල්ලන්නේ. මොකද මේ චිත්‍රපටය එදාමෙදාතුර ආපු තෙලුගු සිනමාවෙ හැදුනු සාම්ප්‍රදායික චිත්‍රපට ගනයේ එකක් නොවේ. ඉතින් මේකෙ රසය විදින්න නම් නෝමල් එකේ බලන්න ඕන. මං කලිනුත් කිව්වා වගේ මේක හරිම සූක්ශම විදිහට හදපු කතාවක්. එයට හේතුව ඔබට වැටහෙනවා ඇති මිනිස්සු මේක අදහන විදිහෙන්. ඔන්න ඕක තමයි ඔය සූක්ශම නිර්මාණයේ බලාපොරොත්තුව.
තවත් දෙයක්,
- විජේ දේවරකොණ්ඩා මේ චිත්‍රපටය සඳහා අය කරගෙන තියෙන ගාස්තුව ඉන්දියානු රුපියල් ලක්ශ 3ක්.
- මේ චිත්‍රපටයේ සැබෑ ධාවන කාලය මිනිත්තු 220ක් (පැය 3 මිනිත්තු 40). නමුත් බෙදාහරින්නන් තිරගතකිරීමේ ගැටළු හේතුවෙන් මෙය බාරගන්න අදිමදි කරලා තියෙනවා. ඉන් පස්සෙ තමයි චිත්‍රපටය මිනිත්තු 190කට අඩු කරලා තියෙන්නෙ.
- ඉවත් කල දර්ශන පසු කාලීනව අධ්‍යක්ශක සන්දීප් විසින් යූටියුබ්හි පල කරන බව පවසා තිබුනා.
- සබෑ ජීවිතයේද අධ්‍යක්ශක සන්දීප් රෙඩ්ඩි කියන්නෙ කුකුල් කේන්තිකාරයෙක්ලු. එයා ඔෆිස් එකේ අනිත් අයත් එක්ක කේන්ති ගියහම ඇවිල්ලා ෆ්‍රිජ් එකට ගහන්න පුරුදු වෙලා හිටියලු. විජේ ඒවා සමනය කරන්න පුරුදු වෙලා හිටියලු. චිත්‍රපටයේ වැඩ වලට විජේ දේවරකොණ්ඩාත් ගොඩක් උදව් කරලා තියෙනවා කියලයි සඳහන් වෙන්නේ. සංගීත අධ්‍යක්ශක වරයාවත් හොයලා දීලා තියෙන්නෙ විජේ කියලයි සඳහන් වෙන්නෙ.
ඉතින් එහෙනම් ඔබ වෙනදාට දකින මැජික් පිරුණු තෙළිඟු සිනමාවෙන් ආපු වෙනස්ම ගණයේ එල ලොජික් එකක් සහිත මේ අමුතු සලරුව දෙපාරක් හිතන්නෙ නැතුව බලන්න කියලා ආරාධනා කර සිටිනවා. බලපු අයනම් ගොඩක් ඉන්නවා මං දන්නවා. ඒ අයටත් කියන්න තියෙන්නෙ ඉතින් මේ උපසිරැසියත් එක්කලා ආයෙ බලන්න කියල තමයි 😀. ඉතින් මේක බාරගෙන හිටපු යුශාන් පියුමාල් අයියවත් මතක් කර සිටිනවා මේවෙලාවෙ ප්‍රශ්න මැද්දේ හරි මට මේක හරවලා එව්වට. එසේනම් ප්‍රිය සිනමාලෝලී හිත මිතුරු මිතුරියනී.. විසිවෙන්න කාලය එලඹුනා එහෙනම්. යන්න කලින් මේවා හැඩ වැඩ කරන තිසර නියෝ ඇඩ්මින්තුමාටත් හෘදයාංගම ස්තුතිය පුද කර සිටින ගමන් නුදුරේදීම හමුවන බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා. ජයෙන් ජය෴෴
” පවසන්නම්… නුඹ හට හැමදෙයක්ම… “
පවසන්නම්.. මුලු දවසෙම මෙන්ම රැය පුරාවටම “
” එසේ වූවත් කහාබහ තවමත් අවසන් නොමැත… “
” සිහිනයෙන් නැවත එන්නම්… “
————————————————————————————–
– මැජික් පිරුණු තෙලුගු සිනමාවට බිහිවුනු තවත් එල ලොජික් එකක් –

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.
35,329 downloadsDownload Arjun-Reddy-2017.zip187 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
73 comments
Udaya Saman
PaSindu MaDumal
කබීර් සිං ම බලනවා✌✌
තැන්ක්ස් තාරක අයියා❤rangika Kariyawasam
සුපිරියක් .තද නියමයි.බෝම තුති
chathurangi93
ammoo finally. godaaaak thankz. kabir Singh enna kalin meka balanna labuna1 hodai. Good luck.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!BTC
Thank You bro...
Hashith Milan Eranga
Meka bala godak kal sinhala sub ekak ada dai ada dai kiyal waiting eke hitiya.menna notification ekak awilla baiscope ekn.thanks mcn.
Asanke
Th
sadun perer
පට්ටයි මේක එනකන් තමයි හිටියෙ , එකෙන්ම සුපිරි වැඩක්
crazy_chamikim
Kabir Singh trailer ek hit wuna nisa nemei ned meka mathak wune..??thanks 4r sub...
Sanjeewa2010
Pattaaaaaaaaaaaaa
Nilush Angana
Sub ekata thanx
thimalF
niyamai
nam woohyun
kabhir singh ekath apu gaman sub denna....plz....thanks for the sub
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...ඒ වගේම ලිපියත් මරු ඈ...මැජික් නම් දැකලම එපා වෙලා ඉන්නේ.දැන් හොයන්නේ ලොජික් එකම තමා..ජය වේවා!!!
kusal podda
ispade rajavum ilaya ranivum film ekata sub dennako plz
sandm
Thanks machan
Niyama move ekk kisima kammali kmk natuwa baluwa.... Thanks again
Kawi Jayasinghe
tnx mchoo
TharakaWAS
Thanks for sub bro...!!!
Jayama wewa...!!!Pavi
Thanks Bro
KularathnaPM
Thanks Bro... බලාගෙන හිටපු එකක්....
nish47
ජය වේවා
ස්තූතියිPrabashjayawardane
thanks broo.... me film eka mata miss vela thibbe.
now downloading. thanks Again.rehandias95
හැමදාම ෆිල්ම් එක බලන්න කලින් කමෙන්ඩ් දාල තිබුනට ෆිල්ම් එක බලලා ඒ ගැන අසහසක් කියන්නේ නැවගේම එහෙම කියනවා දක්කින්නේ හරි අඩුවෙන් , ෆිල්ම් එක බලලා ඒ ගැන කියනවා කියල මාත් හිතගෙන හිටියත් මටත් එක අමතක වෙනවා. ඉතින් වෙලාවක් ලැබුන වෙලේ මම හිතුව මේ ෆිල්ම් එක තමයි හොදම කියලා කමෙඩ් එකක් දන්න.
එකෙන්ම කියන්න ඕනි හුගකලෙක ඉදලා ෆිල්ම් බැලුවත් තෙලුගු සිනමාවේ දැක්ක වෙනස්ම විදියේ ෆිල්ම් එකක්. එකේම ෆට්ට කියලා තමයි කියන්න තියන්නේ.ෆිල්ම් එකක් බලලා ඒ ගැන කල්පනා කර කර ඉන්න පුලුවන් තරමට ෆිල්ම් එක තියනවා .මේ වගේ නොකව්ට් වෙලා යන ෆිල්ම් මම හොයා හොයා හිටියා , කැත නැතුව හොද ලව් ස්ට්‍රොරි ගොඩට මම නං දානවා. ෆිල්ම් එක නොබලපු අය මේ කමෙඩ් එක කියවන නිසා ෆිල්ම් එකේ දේවල් කියලා ස්පොයිල් කරන්න නෑ හැබැයි සම්ප්‍රදායික කපා කොටා ගන්න ෆිල්ම් එකක් නම් නෙවෙයි මේක මේක නිදහස් මනසකින් බලල ඕනි.හැමෝටම එකෙන්ම ෆිල්ම් එක බලන්න කියලා කියනවා මොකද හැමෝම වගේ මේ ෆිල්ම් එකට කැමති වේයි අනිවාරෙන්.-රෙහාන් ඩයස්-
rehani
thank you...
D.Chamara
bohoma sthuthi sahooo
දමිත් රත්නායක
බොහොම මහන්සි වෙලා දුන්නු උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.kevinpetersen
Thank you☺️
Ravi chandana
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Aac3
ගොඩාරියක් ස්තූති සහෝ සබ් එකට.. ජය වේවා !!!
dd
jayawewa.. let's go.
haishu
Sub eka nam hondai. Sailaja reddy alludu film ekatath sub dennako
Little gihan
එලම
damith_janaranjana
Thanks bro
damith_janaranjana
Thanks broooo
Shehan putha
thanks bro...
jaya wewa !මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි තාරක bro
sappa
Thanks bro <3
SLGreywolf
sub eka ekka 7 weni para balannam ehenam
thanks broMadhuBandara
Thank You Yaluwa
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
gayanmagee
thanks
L.G.T.Dilshan Liyanage
ස්තූතියි සබ් එකට,,ජය වෙවා!
Mohomed Irshaad
Film එක හොඳයි කියලා ගොඩක් අය කිව්වා...
Sub එක දුන්නට තැන්කූ...
දැන් එහෙනම් බාගෙනම බලනවා...lahiru sampath kumar
thanks bro
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
මාත් සබ කොරන්න කියලා බැලුවා.
ලයින් ගාන දැකලා අතෑරලා දැම්මා.. :P
සයිටේ තිබ්බ ලොකුම අඩුපාඩුවක් වුන සබක් තමා.
දිගටම සබ් දෙමු ආ..
ජය!patta oii, thanks bn, Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
OsandaFdo
AThthatma supirima film ekk..acting superb.. kabir singh..shahid ta meya wage act karnna sahenna mahansiwenna wela ati..tharaka malli sub eka niyamai..film ekanm ftt bn..❤️
Anu
Thanks bro.
McMillanStyles
Thanks, kabir singh ekat karanna.
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා !
SHan1997
Thanks for sub brother.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Bohoma sthuthi upasirasiyata....tharaka broo...noyamai.ela onna gaththa