සුබ දවසක් වේවා යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් 15 වෙනිදා ප්‍රදර්ශනය සඳහා නිකුත් උන සුපිරි චිත්‍රපටියක්. මේක වර්ථමාන මත් ජාවාරමේ තවත් එක් අතුරු කතාවක් කියල කියන්නත් පුළුවන්. කෙනෙක් කොහොමද මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් වෙන්නෙ? ඊටපස්සෙ එයාට මොකද වෙන්නෙ? එයාට ඒකෙන් ගොඩ එන්න පුළුවන්…

සුබ දවසක් වේවා යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් 15 වෙනිදා ප්‍රදර්ශනය සඳහා නිකුත් උන සුපිරි චිත්‍රපටියක්. මේක වර්ථමාන මත් ජාවාරමේ තවත් එක් අතුරු කතාවක් කියල කියන්නත් පුළුවන්. කෙනෙක් කොහොමද මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් වෙන්නෙ? ඊටපස්සෙ එයාට මොකද වෙන්නෙ? එයාට ඒකෙන් ගොඩ එන්න පුළුවන්ද? ඔයවගේ දේවල් වටා තමයි කතාව නිර්මාණය කරලා තියෙන්නෙ. ඉතිං අපි දන්න කතා වගේම නොදන්න කතාත් ගොඩක් මේකෙ තියෙනව. ඉතිං මං ඔයාලට ආරාධනා කරනවා මේවගේ සම්භාව්‍ය නිර්මාණයක් බලන්න එකතු වෙන්න කියල.
මං ඔයාලට කතාව ගැන ටිකක් කියන්නම්, කයිල් කියන්නෙ පොඩි මට්ටමේ මත් වෙළෙන්දෙක්. එක දවසක් එයාට උසස්වීමක් ලැබෙනවා තොග වශයෙන් ආකන්සාස් ප්‍රදේශයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා. එයාට ස්වින් කියල සහයකයෙකුත් ලබා දෙනවා. ඉතිං මෙයාලා පළවෙනි ලොකු වැඩේ කරන්න ආකන්සාස් වලට පිටත්වෙනවා. එහෙදි මෙයාලට මුණගැහෙනවා බ්‍රයිට් කියලා අඩවි වන නිළධාරියෙක්. එයා තමයි මෙයාලගෙ බොස් වෙන්නෙ. ඉතිං එයාගෙ නීති යටතෙ මෙයාලා වැඩ කරන්න පටන්ගන්නවා. කියන්න අමතක උනා. බ්‍රයිට්ටත් ඉන්නවා බොස් කෙනෙක්. එයාගෙ නම තමයි ෆ්‍රොග්. හැබැයි කයිලුයි ස්විනුයි කවදාවත් මෙයාව දැකලා නෑ. එයා කවුද කියන්න මෙයාලා දන්නෙ නෑ. ඉතිං ඔහොම ටික දවසක් වැඩේ කරගෙන යද්දි එක දවසක මෙයාලට වැඩක් බාර වෙනවා. වෙනදා වගේම කුඩු දීලා සල්ලි අරන් එන්න තියෙන්නෙ. කොහොමහරි බඩු දීලා සල්ලි ගත්තත් ඒ සල්ලි දීපු කෙනාගෙ මුනුපුරා මෙයාලට හොරෙන් පස්සෙන් එනවා. එතනින් පස්සෙ කතාව කියන එක හරිනෑ. මොකද මේ හැමෝගෙම ජීවිත උඩුයටිකුරු කරන සිද්ධිය තමයි ඒක. ඒමත තමයි කතාවම ගොඩනැඟිලා තියෙන්නෙ. එහෙනම් අපි මේකෙ නිර්මාණ දායකත්වය ගැනත් ටිකක් බලමු.
මුලින්ම කියන්න ඕනෙ මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Liam Hemsworth. ඒවගේම Clark Duke, Vince Vaughn, John Malkovich, Eden Brolin යන අය සෙසු චරිත වලට පණපොවන අයගෙන් කීපදෙනෙක්. මේක John Brandonගෙ Arkansas කියන කෘතිය පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ස්වින්ගෙ චරිතය රඟපාන Clark Dukeමයි. මෙය සිනමා ශාලාවල ප්‍රදර්ශනය සඳහා නිපදවූවත් කොවිඩ් ව්‍යයසනය නිසා තීරණය කරලා තියෙනවා VOD, DVD හා Blu-ray මඟින් අළෙවි කිරීමට. මොකද සිනමා ශාලාවල ජනතාව ඒකරාශි වෙන නිසා. විනාඩි 116ක් පුරාම කම්මැලි කමක් නැතුව බලාගෙන ඉන්න පුළුවන් කතාවක් තමයි මේක. IMDb දර්ශකයෙ 6.0ක අගයක් තියෙන මේ චිත්‍රපටය Crime, Thriller යන ඛාණ්ඩ වලට අයත් වෙනවා.
ඉතිං මේ දේවල් තමයි මූලිකවම මේ සළරුව ගැන කියන්න තියෙන්නෙ. ඔයාලත් බලලා කියන්නකො කොහොමද කියලා. ටිකක් වෙනස් විදියෙ කතාවක් නිසා ඔයාල කැමති වෙයි කියල හිතනවා. එහෙනම් ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන. එතකල් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව ගෙදරටම වෙලා ඉන්න.
ඔබට ජය…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BDRip පිටපත් සඳහා අදාළ වේ.
5,795 downloadsDownload Arkansas-2020.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
24 comments
Praveen Jay
Anonymous
Thnkz mchn
Shaggy
බොහොම ස්තූතියි
Kevin
Thanks brother
Digtma aluth ewa demuAshan
Uba sub deepu chinatown filuma nm supiri bn,thwa e wge tikak demu
Mekatath thanksKushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Suranjan
Thanks jayawewa....!
Anonymous
Tnx bro...Good luck....
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
leo one
mewa thama ona....niyamai....!!
Anonymous
Thnkz bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Mission possible ekath demu
supun
tz sub ekata.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Anonymous
Thanks Brother
Pramukmili
Thanxxxxxx bro...............
supun
tz sub ekata...
Malith Samarawickrama
Thanks bro sub ekata
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි සබ් එකට... Those Who Wish Me Dead 2021 Movie එකටත් සබ් එක දෙන්න... ජය!