Watch Trailer

The Mitchells vs. the Machines (2021) Sinhala Subtitles | මිචල් පවුලේ රොබෝ යුද්ධය [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම, ප්‍රවේසමෙන් එදිනෙදා කටයුතු කරගෙන ඉන්නවා ඇති කියල හිතනව. අද මුහුණට මුහුණ හමුවෙන මිනිස්සු හෙට වෙනකොට මුණගැහෙන්න ඉඩක් නොලැබෙන තරමේ තත්වයක් තියෙන කාලයක් අපි පසු කරමින් ඉන්නේ. ඉතිං ඒ නිසාමදෝ මන්දා පවුලේ සාමාජිකයින් අතර බැඳීම ගැන සැහෙන්න දැනෙනවා, වෙනදාටත් වඩා වැඩියෙන්. මේ සිනමාපටය නැරඹු වි…

කොහොමද හැමෝටම, ප්‍රවේසමෙන් එදිනෙදා කටයුතු කරගෙන ඉන්නවා ඇති කියල හිතනව. අද මුහුණට මුහුණ හමුවෙන මිනිස්සු හෙට වෙනකොට මුණගැහෙන්න ඉඩක් නොලැබෙන තරමේ තත්වයක් තියෙන කාලයක් අපි පසු කරමින් ඉන්නේ. ඉතිං ඒ නිසාමදෝ මන්දා පවුලේ සාමාජිකයින් අතර බැඳීම ගැන සැහෙන්න දැනෙනවා, වෙනදාටත් වඩා වැඩියෙන්. මේ සිනමාපටය නැරඹු විගසින්ම මේකට සබ් කරන්න ඕන කියල මට හිතුනෙත් ඒ නිසාම වෙන්නත් ඇති. ඉතිං වැඩේ කලේ තනියම නෙමේ තව සඟයෙක් එක්ක එකතු වෙලා. ද මෙල් මලයා කලින්ම මේක බාරගෙන තිබ්බත් ෆිල්ම් එකේ නමේ පටලැවිල්ලක් නිසා මමත් කරන්න අරගත්තා නිසා දෙන්න එක්ක එකතු වෙලා අන්තිමේ වැඩේ ඉවරයක් කළා. පවුලේ හැමෝටම බලන්න පුළුවන් හරි ලස්සන කතාවක් මේක. සමහරවිට මේ අවුරුද්දේ හොඳම ඇනිමේෂන් එක මේක වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේම කියන්න ඕන මේක ඇවිල්ල ඇවෙන්ජර්ස් ඒජ ඔෆ් අල්ට්‍රෝන් කතාවේ ලයිට් වර්ෂන් එක වගේ කියලත්. එහෙම නම් ද මැල් මලයා ෆිල්ම් එක ගැන විස්තරයක් පහලින් අරගෙන එනවා. හැමෝටම ජය! ප්‍රවේසමින් වැඩ කටයුතු කරගන්න-වගකීමෙන් හැසිරෙන්න! 🙂

මේ අවුරුද්දේ බලපු හොඳම ඇනිමේෂන් එකක් තමයි මේ අරගෙන එන්නේ. පුද්ගලිකව මටනම් Raya and the Last Dragon එකෙන් පස්සේ බලපු කොලිටිම ඇනිමේටඩ් ෆිල්ම් එක තමයි මේක. සෑහෙන මහන්සි වෙලා කරපු වැඩක් කියන්න පුලුවන්. ඒ ගැන කියන්න දෙයක් ‍නෑ මොකද මේකට නිශ්පාදනයෙන් හවුල් වෙලා තියෙනවා Spider-Man: Into the Spider-Verse සහ Cloudy with a Chance of Meatballs චිත්‍රපටවලටත් සම්බන්ධ වුණු Phil Lord සහ Christopher Miller දෙපල. අධ්‍යයක්ෂණය Mike Rianda කර තිබෙන අතර Kurt Albrecht සහ Jeff Rowe කතා රචනයෙන් හවුල් වෙලා තියෙනවා.‍ Abbi Jacobson, Danny McBride, Maya Rudolph සහ Michael Rianda කියන අයවලුන් විසින් ප්‍රධාන චරිතවලට හඬ දායකත්වය සපයනවා. මේ වෙනකොට IMDb මීටරයේ 7.9/10 අගයක්ද, Tomatometer එකේ 97%ක ෆ්‍රෙෂ් අගයක්ද ලබාගැනීමට සමත් වී තිබෙනවා. 

මේ ෆිල්ම් එක මුල් ප්‍රචාරණවලදි හඳුන්වල තියෙන්නෙ Connected නමින්. මම මේ චිත්‍රපටිය සබ් කරන්න බාර ගත්තෙත් ඒ නමින්. ඒත් සෝනි පික්චර්ස් සමාගම ‍කොඩිඩ් ගැටළුකාරී තත්වය එක්ක මේකෙ බෙදාහැරීමේ අයිතිය නෙට්ෆ්ලික්ස් එකට අලෙවි කරනවා. නෙට්ෆ්ලික්ස් එකෙන් තමයි The Mitchells vs. the Machines විදිහට මේක නම් කරන්නෙ. වැඩේ කියන්නෙ ඔය අලුත් නමින් අපේ විමා සොහොයුරා මේ සබ් එක බාරගන්නවා. බාරගෙන ඔහු ටිකක් කාර්යබහුල නිසා මගෙන් ඇහුවා මලේ බාගයක් කරමුද කියලා. ඉතින් මාත් බලාපොරොත්තු වුණාට වඩා දෙබස් ටිකක් වැඩියෙන් තිබුණු නිසා විමා එක්ක මේක කරන්න එකඟ වුණා 😀

කතාවෙ පසුබිම ටිකක් බැලුවොත්, මිචල් පවුලෙ සාමාජිකයො හතර දෙනෙක් ඉන්නවා. අම්මා, තාත්තා, දුව, පුතා. දුවගෙ නම කේටි මිචල්. එයා කැමති ටිකක් අමුතු විදිහෙ චිත්‍රපට හදන්නයි. ඒ වගේම තද චිත්‍රපට පිස්සියක්. එයාගේ එකම ආසාව චිත්‍රපට පාසලට ඇතුල් වෙන එක. කේටිගේ මල්ලි ඒරන් මිචල්, ඩයිනෝසර් පිස්සෙක්. ඩයිනෝසරයන්ගෙන් තොර ලොවක් මිනිහට නැති තරම්. ඒ වගේම මිනිහා පවුලෙ අයට ගොඩක් ආදරෙයි. තාත්තා පරිසරයට ලැදි, පරිසරය එක්කම ගැටෙන්න කැමති හාදයෙක්. අම්මා පළමු වසරෙ ළමයින්ට උගන්වන ගුරුවරියක්. තව හුරතල්, වපර බල්ලෙකුත් ඉන්නවා මෙයාලට. 😂 ඔව්, සෑහෙන වෙනස්කම් තියෙන අයගෙ එකතුවක් තමයි මිචල් පවුල. මොන වෙනස්කම් තිබ්බත් මේ පවුලෙ පොදු ලක්ෂණය තමා අමුතු බව. ඔයාලා ෆිල්ම් එක බලද්දි ඒක තේරෙයි.

හරි මිචල් පවුල ගැන කතා කළානෙ. දැන් පොඩ්ඩක් කතා කරමු මොකක් වටාද කතාව දුවන්නෙ කියලා. කතාව යන්නෙ රොබෝ කැරැල්ලක් වටා. ඔයාලා දන්නවා ඇතිනෙ දැනටමත් ලෝකෙ ගොඩක් දියුණු කෘතිම බුද්ධි තාක්ෂණයන් තියෙනව කියලා. ඔයාලා සමහර ඒවා දැනටමත් පාවිච්චි කරනවා ඇති. Apple Siri, Google Assistant කියන්නෙත් ටිකක් දියුණු කෘතිම බුද්ධි තාක්ෂණයන්. ඊට අමතර අපි එදිනෙදා පාවිච්චි කරන ඒවා ගොඩක් තියෙනව Everyday Examples of Artificial Intelligence කියලා ගූගල් කරලා බලන්නකෝ. එතකොට දැනගන්න ලැබෙයි.

මේකෙ අපිට හඳුන්වාදෙන කෘතිම බුද්ධියෙ නම තමයි පෑල්. පෑල් ලැබ්ස් සමාගමෙන් නිර්මාණය කරන ලද මෘදුකාංගයක්. හැමෝම වගේ පාවිච්චි කරන්නෙ පෑල් සහිත මොබයිල් ෆෝන්, ටැබ් සහ පරිගණක. හැබැයි නොහිතූ දෙයක් සිද්ධ වෙනවා. පෑල් ලැබ් එකෙන් නිර්මාණය කරන වැඩි දියුණු කළ පෑල් මැක්ස් කියලා හඳුන්වනරොබෝලා පෑල් ලැබ් ලොක්කගේ නියෝගවලට විරුද්ධව වැඩ කරන්න ගන්නවා. මේක කෙළවර වෙන්නෙ මිනිස්-රොබෝ යුද්ධයකින්.

ඉතින් කොහොමද මේකට මිචල් පවුල පැටලෙන්නෙ? අමුතු සහ එකිනෙකාට වෙනස් ගති තියෙන මිචල් පවුලට මොන එහෙකටද මේ වගේ දේකට මැදි වෙන්නෙ? කේටිගෙ චිත්‍රපට පාසල් සිහිනයට කුමක් වෙයිද? එකමුතුකමින් අඩු එයාලට මේ යුද්ධවලට පැටලිලා මොනා කරගනියිද? මේ ප්‍රශ්ණ ඔයාලටත් හිතෙන්න ඇති. ඒවා දැනගන්නනම් ඉතින් චිත්‍රපටය බලන්නම වෙනවා. 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

14,860 downloadsDownload The-Mitchells-Vs.-The-Machines-2021.zip126 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට සහ “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank


SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Subtitles

14,860 downloadsDownload Subtitles126 KB

31 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. රොෂාන් ශමීර ජයසිංහ

    දෙන්නටම බොහොම ස්තූතියි...
    ගෙදර ඉන්න දවස් ටිකේ ළමයින්ට බලන්න හොඳ චිත්‍රපටයකට සබ් දුන්නට..
    ~ ජය වේවා ~

  3. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  4. Nilush Angana

    Sub ekata thanx

  5. Gayan Chathuranga

    උපසිරැසියට බොහොම ස්තූතියි. බලාගෙන හිටපු එකක්.

  6. Anonymous

    sub ekt thanks mchn ❤️

  7. lakshan

    thanks .....................

  8. tharidu16

    THANKS

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  10. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  12. Asela

    Thank you

  13. Anonymous

    bohoma sthtuti jaya wewa

  14. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    දෙන්නටම. 🤪

  15. Sandeep

    Thanx brothers sub ekata.. denakam balan hitiye.. ️️✌️

  16. Anonymous

    PLEASE SUB FOR STAR WARS BAD BATCH AND INVINCIBLE

  17. Anonymous

    THANKS FOR THIS

  18. මධුකප්‍රිය පෙරේරා

    thanks dennatama

  19. ayesh

    thank you.

  20. Anonymous

    Thanks Brothers

  21. Kaveesha Lasith

    thanks

  22. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Who Framed Roger Rabbit - 1988 ෆිල්ම් එකට උපසිරැසි දෙන්න පුලුවන්ද? Trailer එක බලලා හොද නම් විතරක් සබ් දෙන්න.

  23. Anonymous

    "Rice of empires ottoman" me tv series ekata sub denna puluwanda

  24. Pavith Wijesooriya

    මේක නම් සුපිරිම ඇනිමේෂන් එකක්.අයියලා දෙන්නටම ගොඩක් ස්තූතියි මේකට සබ් එක දුන්නට.ඉදිරියටත් මේ වගේ සුපිරිම ඇනිමේෂන් වලට සබ් ඕනේ...

  25. Ruchira

    Thanks for the sub!!!!!!!!!

  26. Kavishka

    මේක ගොඩක් හොදයි. Raya and the last dragon හොදම animation එක වේවි කියලා මං හිතන්නේ...

  27. Charith

    මාරම movie එකක් තමා බලන්න ඕන්

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Nishan S Ariyarathna

    thanks

  30. Dill

    ela,thankx brothers....!

  31. Maduka Sanjula

    BR Sub ekk denna berida