මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.5 ක ඉහළ අගය කිරීමක් පවතින, එකළ ඉතාමත් ජනප්‍රිය, සුවිශේෂ සිනමා නිර්මාණයකි. “ජේ” අති දක්ෂ සූදු දිනන්නෙකි, මතක ඇති කාලයකදී ඔහු කිසි විටෙකත් මේ ක්‍රීඩාවෙන් පරාජය වී නැත. ඔහුගේ මේ දක්ෂතාවය, පාතාල ලෝකයේ “රතන්දාස්” ගේ අවධානයට යොමු වෙයි.…

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.5 ක ඉහළ අගය කිරීමක් පවතින, එකළ ඉතාමත් ජනප්‍රිය, සුවිශේෂ සිනමා නිර්මාණයකි.
“ජේ” අති දක්ෂ සූදු දිනන්නෙකි, මතක ඇති කාලයකදී ඔහු කිසි විටෙකත් මේ ක්‍රීඩාවෙන් පරාජය වී නැත. ඔහුගේ මේ දක්ෂතාවය, පාතාල ලෝකයේ “රතන්දාස්” ගේ අවධානයට යොමු වෙයි. ධනවතුන්ගෙන් මුදල් දිනා ගැනීම සඳහා ඔහුව යොදා ගැනීමට රතන්දාස් තීරණය කරන අතර, “ජේ” ඒ සඳහා එකඟ වෙයි. රජයේ ආරක්ෂක ජාලය තුළ සේවය කරන ඉහළ නිලධාරියෙක් වන “නාත්” සූදුව තුළින් විශාල මුදල ප්‍රමාණයක් අහිමි වීමෙන් පසුව නැවත නැවතත් ණය වෙමින් පරදියි. ඔහු ණයගැති වෙන්නේ රතන්දාස්ටය. පසුව එම ණය මුදල වෙනුවට, රාජ්‍ය රහසක් වන සැතපුම් පනහක් ඇතුළත ඕනෑම ඉලක්කයකට පහර දිය හැකි ඉහළ රහසිගත මිලිටරි ලේසර් ආයුධයක සැලැස්ම හෙළි කිරීමට ඔහුව පොළඹවා ගැනීමට රතන්දාස් සමත්වෙයි.
මෙම රහසිගත් ආයුධ සැලැස්ම වෙනත් රටවලට විකුණා විශාල මුදල් ප්‍රමාණයක් ඉපයීමට රතන්දාස් සැලසුම් කරන අතර එයටද “ජේ” යොදා ගනී. නමුත් “ජේ” ගේ මුහුණුවරට සමාන “විජේ” නමැති අයෙක්ද මෙම ගණුදෙනු අතර පැටලේ. මෙය පාතාල කල්ලි අතර ගැටුමක් බවට පත්වන අතර සිදුවීම් ගණනාවක් අවසානයේ, ජේ සහ විජේ සැබවින්ම දිගු කලක් තිස්සේ අහිමි වූ නිවුන් සහෝදරයන් බව පසුව අනාවරණය වේ. මෙතැන් සිට එම කල්ලි තුළ ප්‍රශ්න රාශියක් පැන නගියි. අමිතාබ් භච්චන් සහ සීනත් අම්මාන් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්”, “තුම්සෙ අච්චා කෝන් හේ”, “බොබී”, “ගවාර්”, “ගුම්රාහ්” “ආනන්ද්”, “දොන්”, “කාලියා”, යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන හතලිස් පස්වෙනි සිංහල උපසිරසිකරණයයි. අන්තර්ජාලයේ Full HD Movie The Great Gambler යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු හතලිස් දෙකයි, තත්පර තිස්පහක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,069 downloadsDownload The-Great-Gambler-1979.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
13 comments
sameera
Priyantha Dayakeerthi
Sameera,
Face book එකේ "Old Hindi Movie With Sinhala Subtitles" ලින්ක් එකට ගිහින් බලන්න. ගන්න විදිය තිබෙනවා.
indika75
thanks..
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි.
තව අමිතාබ් බච්චන් ගේ පැරණි චිත්‍රපට ලබාදෙන්න.
හැකිනම් Angulimaal 1960 පැරණි හින්දි චිත්‍රපටය සඳහා උපසිරැසි ලබාදෙන ලෙස ඉල්ලමි.Priyantha Dayakeerthi
ලංකාවේ වෙනත් කෙනෙක් සබ් කරලා තිබෙනවානම් මම එයට නැවත සබ් කරන්නේ නැහැ. ඒ සබ් කළ සියලු පැරණි හින්දි ඩිවිඩි මා ළඟ තිබෙනවා. කැමති නම් මේ අංකයට කතා කරලා ඒවා ගන්න, 0714510793. මම ගත්තේ ඒ විධියට,
ඔබ නිතර අදහස් දක්වන කෙනෙක්, ඔබට ස්තුතියි!Jaguar
Naseeb තියෙනවා ද 1981
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි
Kavinu
උපසිරැසියට බොහොම ස්තූතියි!
බලන්නම හිටපු චිත්‍රපටියක්....
❤️රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි විතානගේ සහෝදරයා මේ පැරණි සිනමා සිත්තමට...ඔබට ජ !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Great Gambler (1979) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/The-Great-Gambler-1979.jpg)
samahala parana movi wala link wada karanna nane file not found kiyala enawa ai a