ආයුබෝවන් චිත්‍රපටලෝලී ඔබව සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙබ් අඩවියට. මම ගවේෂණ සරිත් නිලම්බර. අද මම මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය අරගෙන එන්නේ, ගොඩක් අය බලාපොරොත්තු වෙලා හිටපු චිත්‍රපටයකට. චිත්‍රපටයේ නම තමයි As the gods will (2014). චිත්‍රපටය ගැන විශේෂ කරුණු කිහිපයක් මම පහලින් දාන්නම්. ඔයාට ඒ ටික කිය…

ආයුබෝවන්
චිත්‍රපටලෝලී ඔබව සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙබ් අඩවියට. මම ගවේෂණ සරිත් නිලම්බර. අද මම මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය අරගෙන එන්නේ, ගොඩක් අය බලාපොරොත්තු වෙලා හිටපු චිත්‍රපටයකට. චිත්‍රපටයේ නම තමයි As the gods will (2014). චිත්‍රපටය ගැන විශේෂ කරුණු කිහිපයක් මම පහලින් දාන්නම්. ඔයාට ඒ ටික කියවන්න ඕනි නැත්නම් කෙලින්ම පහළට ගිහිල්ලා උපසිරැසිය ඩවුන්ලෝඩ් කරගන්න. ප්‍රශ්නයක් නෑ. එහෙනම් අපි පොඩ්ඩක් බලමු මේ චිත්‍රපටය ගැන විශේෂ දේවල් ටිකක්.
මොකක්ද මේ As The Gods Will?
2013 අවුරුද්දේ ජපානයේ Manga Comic කතා මාලාවක් නිකුත් උනා As The Gods Will කියන නමින්. (Manga කියලා කියන්නේ ජපානයේ Anime කලාවට). මේක නිර්මාණය කලේ Muneyuki Kaneshiro සහ Akeji Fujimura විසින්. මේ කතා මාලාව ජපානය තුළ ලබා ගත්ත අති විශාල ප්‍රසිද්ධියක් එක්ක 2014 අවුරුද්දේ මේ කතා මාලාව පාදක කර ගෙන චිත්‍රපටයක් නිශ්පාදනය කරනවා ඒ නමින්ම. ඒක තමයි අද මම මේ උපසිරැසිය අරන් ආපු චිත්‍රපටය.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Takashi Miike විසින්. තිර රචනය Muneyuki Kaneshiro, Akeji Fujimura සහ Hiroyuki Yatsu විසින් සිදු කළා. සංගීතය කළේ Koji Endo විසින්. රංගනයෙන් දායක උනේ මෙන්න මේ අය.
💠Sota Fukushi(ෂුන් ටකහටා විදිහට)
💠Hirona Yamazaki(ඉචිකා අකිමොටෝ විදිහට)
💠Ryunosuke Kamiki(අමායා ටකේරූ විදිහට)
💠Mio Yuki(ෂවුකෝ ටකාසී විදිහට)
ඒ වගේම Kozakaru Etusko (ඩරුමා බෝනික්කට), Atsuko Maeda (පිට කහන පූසාට), Ryuhei Ushima සහ Jimon Terakado (ටකාෂී බෝනික්කන්ට) කියන අය මේ චිත්‍රපටියට හඬ දායකත්වය ලබා දුන්නා. ඩෝලර් මිලියන 1.9 ක ආදායමක් ලබා ගත්ත මේ චිත්‍රපටිය IMDb 6.4 ක අගයකුත්, Rotten Tomato අගය 57% කුත්, ගූගල් පරිශීලකයන්ගේ අගය 90% කුත් ලබා ගෙන තියෙනවා.
මොකක්ද මේ ෆිල්ම් එකේ වෙන්නේ?
චිත්‍රපටයේ කතාව ගැන මම කෙලින්ම නොකියා මෙහෙම කියන්නම්.ඔයාගේ පාසල් කාලේ මතක් කර ගන්නකෝ. හිතන්න ඔයා දවසක් සාමාන්‍ය විදිහට ඉස්කෝලෙට යනවා. සර් එනවා පංතියට. පාඩම පටන් ගන්නවා. ඔක්කොම සාමාන්‍යයි. එක පාරම මොකක්දෝ දෙයක් ඇවිල්ලා සර්ගෙ ඔලුවේ වදිනවා. ඒක කොළ ගුලියක් වත් කඩදහි රොකට් එකක් වත් නෙවෙයි. සර් වැටෙනවා බිමට. ඔලුව නැතුව! 😱 මොකක්ද මේ වෙන්නේ? ඔන්න ඔය ආකාරයේ කතාවක් තමයි චිත්‍රපටයේ දකින්න ලැබෙන්නේ.
ඇයි මේ චිත්‍රපටය විශේෂ?
ඔයා දන්නවා ඇති 2021 අවුරුද්දේ ලෝකය පුරාම කොරියානු චිත්‍රපට හා ටෙලි කතා මාලා රැල්ලක් ඇති වුණා කියලා. ඒක සිද්ධ උනේ Netflix ආයතනය මගින් නිකුත් කරපු Squid Game එකත් එක්ක. එත් ඔයා දැනන් හිටියද Squid Game කතා මාලාවට අතිශයින්ම සමාන චිත්‍රපටයක් ඊට කලින් හදල තිබ්බා කියලා. ඒක තමයි As the gods will. මේ චිත්‍රපටිය කොච්චර සමානයිද කියනවා නම් සමහර අය කියන්නේ Squid game එක මේකේ කොපියක් කියලා. (හැබැයි Squid Game නිර්මාණකරු මේක පිළිගන්නේ නැහැ. මොකද එයා ගාව Squid game පිටපත 2008 ඉඳන්ම තිබිලා තියෙනවා. හැබැයි Squid Game නිර්මාණය වෙන්නේ 2014 න් පස්සේ නිසා අපිට හිතන්න පුළුවන් ඒකට මේ ෆිල්ම් එකෙන් යම් කිසි ආභාෂයක් ලබා ගෙන ඇති කියලා.)
විශේෂ කරුණු
අපිට ෆිල්ම් එකේ මුලින්ම දකින්න ලැබෙන සෙල්ලම වෙන්නේ Daruma-San. මේ සෙල්ලම Red Light Green Light සෙල්ලමට සමානයි. මේ සෙල්ලමේ ඉන්න බෝනික්කා ජපානයට ආවේණික බෝනික්කා වර්ගයක්. ඒ බෝනික්කා හදල තියෙන්නෙ සෙන් දහමේ නිර්මාතෘ වෙන බෝධිධර්ම හාමුදුරුවෝයි. දෙවැනි සෙල්ලමේ ඉන්න පූසා සහ හතරවෙනි සෙල්ලමේ ඉන්න වලහා හදල තියෙන්නෙ ජපානයේ ප්‍රසිද්ධ Manga ආකෘති විදිහට. ඒ වගේම තුන්වෙනි සෙල්ලම ලංකාවේ අපි කරන කොපර කොපර පිපිඤ්ඤා සෙල්ලමට ගොඩක් සමානයි. අන්තිම සෙල්ලම වෙන Kick The Can සෙල්ලම අපේ හැංගිමුත්තන් සෙල්ලමට සමානයි.
උපසිරැසිය ගැන මොනා හරි කියන්න තියනවා නම් පහලින් අනිවාර්යයෙන්ම කොටාගෙන යන්න.
ඉතින් චිත්‍රපටය බලලා රස විදින්න. 😁🦄
ජය වේවා!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,690 downloadsDownload As.the_.Gods_.Will_.2014.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගවේෂණ සරිත් නිලම්බර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-09-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගවේෂණ සරිත් නිලම්බර
Subtitles
- #2014
- #Akeji Fujimura සහ Hiroyuki Yatsu
- #Atsuko Maeda
- #Editor's Pick
- #Jimon Terakado
- #Koji Endo
- #Kozakaru Etusko
- #Muneyuki Kaneshiro
- #Must Watch
- #Ryuhei Ushima
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #Subtitles
- #Takashi miike
- #You Decide
- #Yu Seon-Dong
- #උපසිරැසි
- #ගවේෂණ සරිත් නිලම්බර
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
25 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Tharu
Thank you sub ekat. gdk dws idan sub nathuwa thibunu ekk.
Anonymous
නියමයි සහෝ
මේ වගේ සබ් නොදීපු කොරියන් , ජපන් , චයිනීස් , තායි ෆිල්ම් වැඩිපුර දෙන්නchami
squid game walata kalin idanma korean fan base ekak thibuna bro,baiscope eken sub nolabunu eka tmai thibune
Mouse(2021)
voncenzo(2021) korean series 2 squid game walata wadya supiriAnonymous
සබ් එකට thanx.තව මේ වගේ මඟඇරිච්ච ජපන්,කොරියන්,තායි ෆිල්ම් වලට සබ් දෙන්න.
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ..!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Thimira
මේක ෆට්ටම ෆිල්ම් එකක්, දැම් වත් කට්ටිය ස්කුයිඩ් ගේම් බොරුවට උඩ දාන එක නැවත්තුවොත් ඇති
susa
ou me film eka mn youtube eken baluve, dan godak kal, e kale meka echchara janapriya na, mokada meke triller gathiya vadi nisa.
tharindujp
නියමයි මේක සුපිරියක් ෆැන්ටසි ටයිප් ෆිල්ම් නම් ජපන් තමයි
Hirushika
Meke anime series ekk thiyenwa. Eka awe movie ekata kalin puluwn nm ekta sub denna
Anonymous
Thanks
dulan
ස්තුතියි !
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
miyu
thank you meka patta
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
UDARA DAMITH
LIPIYA MARU
Buddhika Lakmal
වටින ලිපියක් මචං... ස්තූතියි මහන්සියට..
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Ruchira
Thanks for the sub!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Thanks Bosaa....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
tnx kollo sub ekt.on pala weniyatam mn gatta sub eka .....budusarani,,,,,