ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ මෙම වසරෙ නිකුත් ගොඩක් කට්ටියක් බලං ඉන්න ක්‍රියාදාම චිත්‍රපටයක් රැගෙනයි. ඒවගේම තමයි මේ රැගෙන එන චිත්‍රපටය මට සුවිශේෂී එකක් වෙනවා. ඒ උපසිරැස ජීවිතෙ 7 වෙනි කඩයිම තමයි මේ පසු කරන්නෙ. ඒ කියන්නෙ හරියටම උපසිරැස 350 ක්. එහෙනම් ඉතිං වෙනදා වගේම කඩයිම් ගහපු විදිය ගැන කියලම ආරම්භ කරන…

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ මෙම වසරෙ නිකුත් ගොඩක් කට්ටියක් බලං ඉන්න ක්‍රියාදාම චිත්‍රපටයක් රැගෙනයි. ඒවගේම තමයි මේ රැගෙන එන චිත්‍රපටය මට සුවිශේෂී එකක් වෙනවා. ඒ උපසිරැස ජීවිතෙ 7 වෙනි කඩයිම තමයි මේ පසු කරන්නෙ. ඒ කියන්නෙ හරියටම උපසිරැස 350 ක්. එහෙනම් ඉතිං වෙනදා වගේම කඩයිම් ගහපු විදිය ගැන කියලම ආරම්භ කරන්නම්කො.
01 වෙනි උපසිරැසය – 2016.08.20
50 වෙනි උපසිරැසය – 2017.06.02
100 වෙනි උපසිරැසය – 2018.03.14
150 වෙනි උපසිරැසය – 2019.06.08
200 වෙනි උපසිරැසය – 2019.08.01
250 වෙනි උපසිරැසය – 2020.02.15
300 වෙනි උපසිරැසය – 2020.07.11
ඔන්න ඔය විදියට තමයි උපසිරැකරණ ජීවිතය ගෙවුණේ. ඉතින් ඇත්තටම මෙච්චර දුරක් එන්න මම හීනෙකින්වත් හිතුවෙ නැහැ. හිතේ තිබුණු පොඩි ආසාවක් ඉෂ්ට කරගන්න කියලා තමයි මම පටන්ගත්තෙ. අන්තිමේදී නැවතුණේ උපසිරැස 350 ක්ම කෙරිලා. ඉතින් මේ 350 අතරින් ගොඩක්ම කරලා තියෙන්නෙ ටීවී සිරිස්. ෆිල්ම් එහෙම නම් ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි කෙරිලා තියෙන්නෙ. ඒ ටීවී සිරීස් සහ ෆිල්ම් වලිනුත් ගොඩක්ම Netflix ඔරිජිනල් ඒවා අයිති වෙනවා. ඉතින් මේ උපසිරැකරණ ජිවිතයෙදී හමුවෙච්ච කට්ටිය නම් බොහෝමයි. ඒ කට්ටියව නම් වශයෙන් කියන්න ගිහිල්ලා එක්කෙනෙක්ගෙ නමක් හරි මඟ හැරුණොත් වෙන්නෙ ලොකු වැරැද්දක්. ඒ නිසා මම උපසිරැකරුවෝ සියල්ලෝම මේ වෙලාවෙ මතක් කර සිටිනවා. ඒවගේම තමයි ඇඩ්මින් මඩුල්ලවත්. තවද කියනවා නම් හැමදාම හරි කමෙන්ට් එකක් දාන කට්ටියවත් මේ වෙලාවෙ මතක් කරනවා. ඒවගේම තමයි තව විශේෂ ස්තූතියක් යන්නෝන ”රොයිලි අයියට”. මොකද එයා කරන්න හිටපු එකක් තමයි මට මේ දුන්නෙ කඩයිම වෙනුවෙන්. එහෙනම් අපි දැන් චිත්‍රපටය පැත්තට හැරෙමුකො.

James Bond කියන නම කවුද අහලා නැත්තෙ. අද වනවිට මේ නම හැම කෙනෙක් අතරේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. ඒක ප්‍රසිද්ධ වෙන්නෙ 19′ ගණන් වල ඉඳලා. මොකද මේ වෙද්දී අපිට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 26 ක ප්‍රමාණයක් දකින්නට ලැබුණා. ඒවා නම්,
1.Dr. No (1962)
2.From Russia with Love (1963)
3.James Bond : Goldfinger (1964)
4.Thunderball (1965)
5.You Only Live Twice (1967)
6.On Her Majesty’s Secret Service (1969)
7.Diamonds Are Forever (1971)
8.Live and Let Die (1973)
9.The Man with the Golden Gun (1974)
10.The Spy Who Loved Me (1977)
11.Moonraker (1979)
12.For Your Eyes Only (1981)
13.Octopussy (1983)
14.Never Say Never Again (1983)
15.A View to a Kill (1985)
16.The Living Daylights (1987)
17.Licence to Kill (1989)
18.GoldenEye (1995)
19.Tomorrow Never Dies (1997)
20.The World Is Not Enough (1999)
21.Die Another Day (2002)
22.Casino Royale (2006)
23.Quantum of Solace (2008)
24.Skyfall (2012)
25.Spectre (2015)
26.No Time To Die (2021)
ඇත්තෙන්ම කිව්වොත් මාත් පෞද්ගලිකවම කැමති Franchise එකක් තමයි ජේම්ස් බොන්ඩ් කියන්නෙ. මෙහෙම කිව්වට තාම පරණ චිත්‍රපට නරඹන්න හැකියාවක් ලැබිල නැහැ. ඉඩ ප්‍රස්ථාවක් ලැබුණු ගමන්ම ඒ ටිකත් බලල දානවා. කොහොමහරි මේ ආපු චිත්‍රපට 26 දීම එක එක නළුවෝ ජේම්ස් බොන්ඩ්ගෙ චරිත නිරූපණය කළා. නම් වශයෙන් කිව්වොත් Daniel Craig l Sean Connery l Pierce Brosnan l Roger Moore l Timothy Dalton l George Lazenb l David Niven යන නළුවෝ ටික. ඔන්න ඒ වගේ අනිත් ජේම්ස් බොන්ඩ් චරිත අයින් වුණා වගේ. මේ චිත්‍රපටයෙ ජෙම්බ් බොන්ඩ්ට පණ පොවනා Daniel Craig මෙම Franchise එකෙන් සමු ගන්නවා. ඒවගේම කියන්න ඕන ඉදිරියෙදි තව ජේම්ස් බොන්ඩ් චිත්‍රපට එනවා කියලා දැනටමත් තහවුරු වෙලා තියෙනවා. ඒවගේම අලුත් කෙනෙක් එක්ක. නිල නොවුණත් ගොඩක් අන්තර්ජාලයෙ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ සුපර්මෑන්ගෙ චරිතයට පණ පොවපු Henry Cavil ව. කොහොම වුණත් මේවා නිල නොවන ආරංචි විතරයි. අපි බලමුකෝ ඉදිරියෙදි ස්ටුඩියෝ වලින් මොන වගේ ජේම්ස් බොන්ඩ් කෙනෙක් අරගෙන එයිද කියලා. ඉතින් මේ No Time To Die චිත්‍රපටය හට මේ වෙද්දී IMDb අගය 7.5 ක වැනි ඉහළ අගයකුත් කුණු තක්කාලි අගය 84% ක වැනි ඉහළ අගයකුත් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක් යොදවමින් නිර්මාණය කරපු මෙය මේ වෙද්දී ඩොලර් මිලියන 660 ක් විතර බොක්ස් ඔෆිස් ආදායමක් ලබා තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Cary Joji Fukunaga විසින්. ඒවගේම සෙසු රංගන දායකත්වය Léa Seydoux l Rami Malek l Lashana Lynch l Ana de Armas l Naomie Harris l Ben Whishaw l Jeffrey Wrigh l Ralph Fiennes l Christoph Waltz l Billy Magnussen l Rory Kinnear දායක වෙනවා. එහෙනම් ඉතින් අවසාන චිත්‍රපටය නිසා මම කතාව ගැන මොකුත්ම කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලලා ඒ අවසාන අත්දැකීම අත්විඳින්න කියලා ආරාධනා කරනවා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
55,397 downloadsDownload No.Time_.to_.Die_.2021-BR.zip116 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #007
- #2021
- #Ana de Armas
- #Ben Whishaw
- #Billy Magnussen
- #Box Office Hits
- #Christoph Waltz
- #Editor's Pick
- #James Bond
- #Jeffrey Wrigh
- #Lashana Lynch
- #Léa Seydoux
- #MaxxA
- #Must Watch
- #Naomie Harris
- #Ralph Fiennes
- #Rami Malek
- #Rory Kinnear
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
130 comments
Anuja Lakshitha
Janith Perera
බොහොම ස්තූතියි සහෝ....ජය වේවා ජීවිතේ
හේමන්ත
සුභ පැතුම් රවිඳු.....
නියම වැඩක්....
ජීවිතයේ තමන්ට අයිති කාලයෙන් කොයි තරම් කොටසක් ඔබ අප වෙනුවෙන් වැය කරන්න ඇත් ද....?
පින්.....LaHIRU
උණුසුම් සුබ පැතුම් සහෝ..ඉදිරි කඩඉම් වලටත් ඉක්මනින්ම යන්න කාලය ශක්තිය ලැබේවා.ජය!!!
එල්. සී. දමැල්
350 වෙනුවෙන් උණුසුම් සුභපැතුම්!
දිගටම උපසිරසකරණය කරගෙන යන්න හා අනිත් වැඩත් සාර්ථකව කරගන්න අවශ්‍ය කාලය සහ හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය :DUdaya Fdo
Thank you
Bimsara Yashan(ඔලිව)
350 වෙනි උපසිරැසි ගැන්වුමට සුබ පතනව සහෝ. ඔයාගෙ ඉදිරි වැඩ සාර්තක වේවා කියා පාර්ථනා කරනවා. ජය වේවා!
ජල්ලි
350 ට සුබපැතුම්
අනිත් ෆිල්ම් බලලා නැත්නම් මේක බැලුවට තෙරෙන්නේ නැත්ද???Ravindu Ruksham
ඔයා Danial ඉන්න චිත්‍රපට ටික බලන්න 2006 ඉඳල ආපු ටික.
Anonymous
350 ස් වන උපසිරැසියට සුභ පැතුම් සහෝ!
ඔබේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ,Gathsara Umesh
350ට හදවතින්ම...සුබපතනවා..❤️
Sanjeewa2010
COngtzzzzzzz
යුරාන් ධනුක (දනුවා)
උණුසුම් සුබ පැතුම් රවිඳු සහෝ ❤️
නලින් පෙරේරා
නියමයි, රවිදු මල්ලි. 350ස් වෙනි කඩයිමට සුභ පැතුම්. ජයවේවා!
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
ශාමල් මනෝජන්
350 කඩයිමට සුභපැතුම්
gayan rathnayake
සුභපැතුම් සහෝ thank you for everything you do until now and I wish go further with this stuff and congrats brother
Pasindu Madumal
350 වෙනි උපසිරැසියට සුබ පැතුම් කොල්ලා ❤️
ගමන් සුබයි ජය නියතයි කියල ඉස්සරහටම යමු ✌️Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
ⓞⓖⓐⓤⓐⓘⓝAnonymous
අම්මෝහ් සබ් 350ක් ! අපිට අඩුතරමේ එකක්වත් හදාගන්න බැ
බොහොම ස්තුතියි කියලා විතරයි ඉතින් අපිට කියන්න තියෙන්නේ, ඒකවත් කියන්න බැරි කුහකයොත් ඉන්නෝ හැබැයි උන් ගැන කතා කරලා වැඩක් නෑ
මේකත් කියන්න ඕන අනිවා,පහුගිය ටිකේ සයිට් එකේ තිබුනු ඈලිමෑලි ගතිය නැතිවුනේ සහෝ ආපහු සබ් දෙන්න පටන් ගත්ත නිසා(ටීවී සීරීස් එහෙම)
අන්තිමට ඉතින් කියන්නෙත් බොහොම ස්තුතියිoshanda
සුභ පැතුම් සහෝ... දිගටම සබ් කරන්න ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
Kushan
Sub akta thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 350 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!Pramod
තෑන්ක්ස් සහෝ සබ් එකට , ජය වේවා.
tharidu16
sthuthi mechchara kal wechchi mahansiyata.
DILmin
Congratulations! Sub ekata thanks!
ක්‍රිශාන්ත
සුබ පැතුම් ...ඉදිරියටත් මෙ වගෙම අපිත් එක්ක ඉන්න ......ස්තුතියි සබ් එකට ..♥️♥️♥️♥️
Sahan Prabhasara
Congratulations bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
350 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ 350වෙනි සබ් එකට සුබ පැතුම්... Midsommar එකත් අප්ඩේට් කරන්න Director's Cut එකට
Anonymous
මේකනම් පිස්සුවක් බන්
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...
maggy
Congratzzzz
මයිකි
සුපිරි තමා. මම මේ පිලිවෙලට බලන් එන ගමන් චිත්‍රපටි සෙට් එකම... එළ එළ.
Abhi100
Ikmanata sub eka dunnata thanks bro
350 weni sub ekata congratzDhanushka
Thankssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
Sahan Gayantha
ammo enakan maga balagena hitiye.. thanks a lot saho sub ekata
Hasitha
350 වෙනුවෙන් උනුසුම් සුබපැතුම් සහෝ..!!
සහෝගේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!Dineth de silva
Congratulations brother
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Anonymous
tnx sub ekata .....
Pramukmili
Thanxxx & Congrtz bro...........
Roshan
Tnx bro...Good luck...Stay safe...
indika75
350වන උපසිරැසියට උණුසුම් සුබ පැතුම් !!!
ශසිත් සඳරුවන්
350 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මලේ...
සයිට් එකේ ලොකු බරක් ඇදන් යන පොරක් තමයි ඉතින්.
විසිරිලා ඉන්න කට්ටියවම එකතු කරන් ටීවි සීරීස් දෙන්න දරන වෑයම කියලා නිම කරන්න බෑ.
උපසිරැසියටත් බොහොම තුති කිවුවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!සනිඳු ලක්ඛිත
350 වෙනි උපසිරස කකඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ. ගොඩ කාලෙකින් තමා බයිස්කෝප් එක පැත්තේ ආවෙත්. ඩැනියෙල් ක්‍රේග් කියන්නේ ජේම්ස් බොන්ඩ් කැරැක්ටර් එක කරපු අයගෙන් මං ආසම කෙනා. විශේෂයෙන්ම Skyfall එක තමා ආසම ෆිල්ම් එකත්. කොහොම උනත් මේක බලපු අය කිව්වේ ඩැනියෙල් ක්‍රේග්ගේ ෆිල්ම්ස් 5න් හොදම එක මේක කියලා.
බොහොම ස්තූති මේ උපසිරසට.. ඒ වගේම ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.. බුදුසරණයි!
Bobby
Congratulations 350 Sub. Great Thank you very much Ravindu for the sab.
Kavindu
350ට සුබපැතුම් සහෝ
Anonymous
සුපිරිම උපසිරසිකරුවෙක්
සුපිරිම ෆිලුමක්
ජය වේවාcharitha
Weldone keep it up
Kasun
Thanks
Hashan
Supiri Bro....
Advertisement
kadaimata jayawewa