Watch Trailer

Escape from Mogadishu (2021) AKA Mogadisyu Sinhala Subtitles | රුදුරු දිවි ගලවා ගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි]

අප්‍රිකානු මහද්වීපය නිතර අර්බූද මවන, කැරලිකාර රටවල් සහිත මහද්වීපයක් බවට කුප්‍රකටයි. 1990 දී අප්‍රිකානු රටක් වෙන සෝමාලියාවේ සිවිල් යුද්ධයක් හට ගත්තා. ඒකට හේතුව උනේ එවකට ජනාධිපතිවරයා වූ ජෙනරාල් මොහොමඩ් සියාඩ් බාර් සහ ඔහුගේ හමුදා ජුන්ටාව විසින් සිදු කල අත්තනෝමතික ක්‍රියා සහ ඒකාධිපති පාලනයයි. ජෙනරාල් බ…

අප්‍රිකානු මහද්වීපය නිතර අර්බූද මවන, කැරලිකාර රටවල් සහිත මහද්වීපයක් බවට කුප්‍රකටයි. 1990 දී අප්‍රිකානු රටක් වෙන සෝමාලියාවේ සිවිල් යුද්ධයක් හට ගත්තා. ඒකට හේතුව උනේ එවකට ජනාධිපතිවරයා වූ ජෙනරාල් මොහොමඩ් සියාඩ් බාර් සහ ඔහුගේ හමුදා ජුන්ටාව විසින් සිදු කල අත්තනෝමතික ක්‍රියා සහ ඒකාධිපති පාලනයයි. ජෙනරාල් බාර් යටතේ එවකට පැවති යුද හමුදාව, පොලීසීය ඇතුලු සියළු බලකායන් ඉතාමත් දුෂීත උනා මෙන්ම සිවිල් ජනයා හට ඉතා කුරිරු අන්දමින් තාඩන පීඩා එල්ල කලා. වසර ගණනන් මෙය නොරිස්සු සොමාලියානු වැසියන් 1990දී කුඩාවට ආරම්භ කල කැරල්ල 1991 වන විට අති විශාල කැරල්ලක් බවට පත් වී මහා ජන සංහාරයක් රට තුල ඇති උනා. මේ කැරල්ල නිසා වඩාත්ම බැට කෑමට සිදු උනේ සෝමාලියාවේ වෙසෙන විදේශියන්ටයි. සිවිල් යුද්ධය නිසා සියළු සන්නිවේදනයන් ඇණ හිටීම නිසා විශේශයෙන්ම සෝමාලියාවේ පිහිටි සියළු විදේශිය තානාපති කාර්යාල වල සේවකයන්ට තම රට සමඟ සම්බන්ධ වී සෝමාලියාවේ දැන් උද්ගතවී ඇති තත්වය ඔවුන්ට නොහැකි උනා.

මෙම සිවිල් යුද්ධය අතර කාලයේ සෝමාලියාවේ, දකුණු කොරියානු තානාපති සහ උතුරු කොරියානු තානාපති අතර සීතල යුද්ධයක් ඇති වී තිබුනා. ස්වභාවයෙන්ම පසමිතුරන් වූ මොවුන් සෝමාලියාවේ ඇති වී තිබෙන තත්වයටත් එකිනෙකා සමඟ චෝදනා කරගත්තා. කැරලිකරුවන්ට අවි ආයුධ ලබා දෙන්නේ උතුරු කොරියාවෙන් බවට දකුණු කොරියාව චෝදනා කල අතර, උතුරු කොරියාව එම චෝදනා එක හෙලාම ප්‍රතික්ෂේප කරමින් දකුණු කොරියාවට ද්‍රෝහින් ලෙස පරිභව කලා. 1991 දී සිවිල් යුද්ධය දරුණුවටම සිදු වන සමයේ කැරලිකරුවන් විසින් අඩු ආරක්ෂාවක් ඇති තානාපති කාර්යාල කොල්ලකෑමට පටන් ගත්තා. මේ සියලු කරදර උතුරු දකුණු කොරියානු තානාපති කාර්යාල වලට සිදු වූ අතර දෙරටේම සේවකයන් සහ ඔවුන්ගේ දරුවන් ඇතුළු 20කට ආසන්න සංඛ්‍යාවක් සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂූහි අන්ත අසරණ තත්වයට පත් උනා.

ඉහත පවසපු සත්‍ය සිදූවීම් ඇසුරින් නිර්මාණය සුපිරි කොරියානු චිත්‍රපටයක් තමයි මම අද ගෙනාවේ. විස්සයි විස්ස ලෝක කුසලානය නිසා මේක කරලා ඉවර කරන්න ටිකක් පරක්කු උනා. මේ චිත්‍රපටය 2020 වසරේ නිකුත් වෙන්න තිබුනත් ලොව පුරා ඇති වූ අවදානම් තත්වය නිසා මේ වසරට කල් ගියා. Ryoo Seung-wan තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ වන විට ඩොලර් මිලියන 29ක ආදායමක් ලබමින් මේ වසරේ කොරියානු චිත්‍රපටයක් ලැබූ ඉහලම ආදායම ලබා ගැනීමට Escape from Mogadishu සමත් වෙලා තියෙනවා. එමෙන්ම විචාරක පැසසුම ලබමින් 82%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත්, 7.2ක IMDb අගයක් ලබාගන්නත්, 92% කුණු තක්කාලි අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මෙය Action/Drama යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. එහෙනම් මේ සිනමාපටය ගැන මාව දැනුවත් කරලා උපසිරැසි ගැන්වීමට අවසර දුන්න ශාන් විමුක්ති සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. හැමෝම පරිස්සමින් ඉන්න. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,409 downloadsDownload Escape.From_.Mogadishu.2021.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

6,409 downloadsDownload Subtitles42 KB

35 comments

  1. Anonymous

    thanks for sub

  2. Anonymous

    Niyamai saho
    Korean film digtma denna

  3. Kushan

    Sub akta thanks

  4. Rajitha

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
    සයිට් එකේ කොරියන් ෆිල්ම් දැන් ගොඩක් අඩුවෙන් දෙන්නේ
    ඒ නිසා වැඩිපුර කොරියන් ෆිල්ම් දෙන්න බලන්න
    මොකද හොලිවුඩ් ෆිල්ම් වලටත් වැඩිය හොද ෆිල්ම් කොරියාවෙන් හැදෙනෝ

  5. Eranda

    Thanks brother

  6. Anonymous

    Thama link dala na neh

  7. Naveen

    උපසිරසියට තුති

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Anonymous

    supiri thanks ban. dan malayalam film sahena aduwen enne' puluwan nam malayalam ewatath sub denna

  10. Anonymous

    කොරියන් තව දෙන්නකො

  11. thilina

    ado thq bn maru.puluvnm tava film tiai danam evatat sub dipan

    Apex [2021]
    Muppets Haunted Mansion [2021]
    Pokemon the Movie Secrets of the Jungle [2021]
    Casualties of War (1989)

  12. chami

    korean dena eka nm nawatwanna epa

  13. Anonymous

    mn 1.1gb web copya gatte
    sub eka set wenne na neh

  14. Anonymous

    poddak balala hadanawada sub eke awla

  15. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  16. indika 75

    thanks..

  17. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ..!!

  18. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Lahiru

    උපසිරසියට ස්තුතියි

  21. Anonymous

    තෑන්ක්ස් මචන් සබට
    Midnight Mass සීරීස් එක පුලුවන් නම් දෙන්න

  22. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  23. Anonymous

    බොහොම ස්තුතියි කොරියන් ෆිල්ම් ගේනවට

  24. Anonymous

    සුපිරි ෆිලුමක්

  25. dulan

    ස්තුතියි !

  26. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  27. Malith samarawickrama

    Thanks bro sub ekata

  28. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  29. Anonymous

    ස්තුතියි !

  30. UDARA DAMITH

    ELAAAAAA

  31. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Dewadithya

    Thanks for Sub!

  34. Anonymous

    blu-ray WALATATH SUB DAANAWANAM NEDA HODA.......?

  35. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.