සුභ දවසක් හැමෝමටම. මෙය 2010 පෙබරවාරි 05 වනදා තිරගතවීම ආරම්භ කළ, ජනප්‍රිය දකුණු ඉන්දීය නළු Ajith Kumar රඟන සුපිරි Action සලරුවක්. IMDb අගය ලෙස 4/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Saran විසින් හා සංගීත අධ්‍යක්ෂණයBharathwaj විසින් සිදු කරලා තියෙනවා. ඒ වගේම Bhavana, Sameeraa…

සුභ දවසක් හැමෝමටම. මෙය 2010 පෙබරවාරි 05 වනදා තිරගතවීම ආරම්භ කළ, ජනප්‍රිය දකුණු ඉන්දීය නළු Ajith Kumar රඟන සුපිරි Action සලරුවක්. IMDb අගය ලෙස 4/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Saran විසින් හා සංගීත අධ්‍යක්ෂණයBharathwaj විසින් සිදු කරලා තියෙනවා. ඒ වගේම Bhavana, Sameeraa Reddy, Prabhu, Sampath Raj හා Pradeep Singh වැනි ජනප්‍රිය නළු නිළියන් පිරිසකගෙත් අපූරු රංගනයෙන් මේ සලරුව හැඩගැන්වෙලා තියනවා.
කතාව ගැන කියනවනම්, ප්‍රාධාන වශයෙන් කතාව ගලාගෙන යන්නෙ සහෝදරවරුන් 3න් දෙනෙක් වටා. ඇත්තටම සහෝදරවරු කිව්වට, මොවුන් අඩ සොහොයුරන්. මේ අතරින් ශිවා (Ajith Kumar) කියන්නෙ ගොඩාක් නීතිගරුක, අවංක පුද්ගලයෙක්. ඒත් සෑම් (Sampath Raj) සහ විකී ( Rajiv Krishna) ඒ දේවල්වල ප්‍රතිවිරුද්ධ පැත්ත. විකීටයි සෑම්ටයි, ශිවා ගැන වැඩි කැමැත්තක් නෑ. යම් යම් හේතූන් නිසා මේ දෙන්නගෙ හිතේ ශිවා ගැන ජන්මාන්තර වෛරයක් තියෙන්නෙ.ඒත් ශිවාගෙ හිතේ තියෙන්නෙ සහෝදර ප්‍රේමයක්. මොවුන්ගේ පියා ; ජීවානන්දන් ප්‍රංශයේ ඉහළ පෙලේ ව්‍යාපාරිකයෙක්. බොහොමයක් රටවල රජයන්ට ආයුධ නිෂ්පාදනය කරලා, බෙදාහරින එක තමා මෙයාලා කරන්නෙ. පියා සහ ශිවා මෙම අවිආයුධ විවිධ රටවල රජයන්ට ලබා දෙන්නෙ එම රටවල ආරක්ෂාව වෙනුවෙන්. ඒත් සෑම්ටයි විකීටයි ඕනෙ මෙවා ත්‍රස්තවාදීන්ට ලබා දීලා අධික ලාභ උපයන්න.
ඔය අතරෙ හදිස්සියේම පියා මිය යනවා. පියාගෙ අභාවයෙන් පස්සෙ දේපළ උරුමය ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ අතරවාරයේම සෑම්ගෙයි විකීගෙයි හිතුවක්කාර අවි ගනුදෙනුවක් නිසා, ඉන්දියාවෙ මුම්බායිවල ඉන්න පාතාල නායකයෙක් වන ෂෙට්ටි විසින් විකීව පැහරගන්නවා. මේ නිසා ශිවා ඉන්දියාව බලා පිටත් වෙනවා විකීව බේරා ගැනීමේ අදහසින්. ශිවා නම් මේ හැමදෙයක්ම කරන්නෙ සහෝදර ප්‍රේමයෙන්. ඒත් සෑම්ටයි විකීටයි තියෙන්නෙ බල තන්හාවයි, මුදලට තියන කෑදරකම්යි විතරයි. මේ විදියට ශිවා විසින් මුම්බායිවලදි තම පියාගෙ මිත්‍රයෙක් වන මිරාසි සමඟ එකතුවෙලා විකීව බේරාගැනීමට සැළෙසුම් සකස් කරනවා. එතනදි තමා ශිවාට සුලබාව ( Bhavana) මුණගැහෙන්නෙ. සුලබාට විකී ගැන ආදරයක් ඇතිවෙනවා.ඔය විදියට සිදුවීම් ගලාගෙන යද්දි තම සොහොයුරා අතින් වෙඩි කෑමටත් ශිවාට සිදුවෙනවා. මෙතැන් පටන් සිදුවන සිදුවීම් දාමයක් නිසා සහෝදර ප්‍රේමය බද්ධ වෛරයකට පෙරළෙනවා. ඒත් එක්කම තම පියාගෙ අභාවය සිදුවූයේ ස්වාභාවික අයුරින් නොවන බවත් ශිවා දැනගන්නවා. මෙහිදී ඇතිවෙන ගැටුම් තත්වයන් හේතුවෙන් අවසානයේ පුද්ගලයන් කිහිප දෙනෙකුටම තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවෙනවා.
ආහ් තව දෙයක්… සුලබා, ශිවාට ආදරය කරනවා. සාරා (Sameeraa Reddy) නමින් ශිවාට උදව්කරන යෙහෙළියකුත් ශිවාට ආදරය කරනවා. ඩොන් සම්සා නමින් මිරාසි ළඟ වැඩ කරන පොර සුලබාට ආදරය කරනවා. ඒ වගේම මේ සලරුවේ සටන් ජවනිකා නම් අඩු නැතුව තියනවා හොඳේ… මේ විදියිට ගලාගෙන මේ සලරුවේ අවසානය කෙබඳු වෙයිද ? ශිවාගෙ තාත්තා මැරුණෙ කොහොමද ? අවසානයේ දේපල උරුමය කාට හිමිවෙයිද ? ප්‍රේම වෘතාන්තයේ අවසානය කොහොම වෙයිද ? සහෝදරයින් 3න් දෙනාගෙ ගැටුමේ අවසානය කෙබඳු වේවිද ? මේවට උත්තර හොයාගන්න ඔයාලට මේ සලරුව බලන්න කියලා ආරාධනා කරනගමන් අදට මම සමුගන්නවා. එහෙනම් තවත් මේ වගේම ලස්සන චිත්‍රපටියකින් හම්බවෙමු.
ගොඩාක් අය කියනවා පැරණි චිත්‍රපටවලට ටොරන්ට් සහ ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න ගියාම එපා වෙනවා කියලා. එම නිසා අදාළ පිටපතට ගැළපෙන ඩව්න්ලෝඩ් ලින්ක් එකකුත් ලබාදෙන්න කියලා බොහෝ දෙනා ඉල්ලීම් කරනවා. එහෙම හොයාගත්තත් ටොරන්ට්වල සීඩ්ස් නෑලු. එම නිසා මෙතනින් මගේ මුහුණුපොතට ගියා නම් ඔයාලට අපහසුවකින් තොරව මේ ලබා දීල තියන සලරුවට ගැලපෙන පිටපත බාගත කරන්න පුළුවන්. මේකට අදාළව ලබා දී ඇති ටොරන්ට් එකෙත් අනෙක් ටොරන්ට් පිටපත්වලට වඩා හොඳට සීඩ්ස් තියනවා.එහෙම නැත්නම් පහළින් ලබාදීලා තියන ටොරන්ට් එකේ නාමය හෝ ( Ajith Kumar 50 Movies DVDRips – BDRips – Mega Collection 61GB ) මෙම නාමය කොපි කරගෙන ගූගල් එකේ සර්ච් කරාම එන මුල්ම රිසල්ට් එකේ TamilRockers වෙබ් අඩවියට ගියා නම් අදාළ ගැලපෙන ටොරන්ට් පිටපත බාගත කරන්න පුළුවන්. ලබා දී ඇති උපසිරැසි පහත DVD පිටපත සඳහා පමණක් ගැලපෙන බව කරුණාවෙන් සළකන්න.අන්තර්ජාලයේ ඇති අනෙක් සමහරක්DVD පිටපත්වලට ලබා දී ඇති උපසිරැසි නොගැළපේ.
~~~ ජය වේවා ~~~
Due to copyright issues, we do not provide any torrent links.
Asal (2010) DVDRip x264 700MB – www.TamilRockers.pm
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,369 downloadsDownload Asal-2010.Baiscopelk.com_.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/AdithyaGimhana1-e1478653696352.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආධිත්‍ය ගිම්හාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ආධිත්‍ය ගිම්හාන
Subtitles
8 comments
ravi
sanka
thanks kollo puluwannam apaharan ekath dann
maheshbabu
thank's bro....KANCHE[2015] movie 1ta sub denna........
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks...
praneeth madu
ඉදිරියට යමු ඔබට ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks gimhana......