හැමදාම බයිස්කෝප් එකට ඇවිත් උපසිරැසි බාගෙන යන හින්දා මටත් හිතුනා උපසිරැසියක් කරල බලන්න. කරන්න ගත්තම තමා තේරුනේ වැඩේ රඟේ. සමහර දවස් වලට උපසිරැසි බාගෙන කමෙන්ට් එකක්වත් දාන්නෙ නැතුව යනවා. ඒක කොච්චර වැරැදිද කියල තේරෙන්නෙ උපසිරැසියක් කරන්න වෙන මහන්සිය දැනුනම තමයි. ඉතින් කොහොම හරි අමාරුවෙන් වැඩේ ගොඩ දාගත්…

හැමදාම බයිස්කෝප් එකට ඇවිත් උපසිරැසි බාගෙන යන හින්දා මටත් හිතුනා උපසිරැසියක් කරල බලන්න. කරන්න ගත්තම තමා තේරුනේ වැඩේ රඟේ. සමහර දවස් වලට උපසිරැසි බාගෙන කමෙන්ට් එකක්වත් දාන්නෙ නැතුව යනවා. ඒක කොච්චර වැරැදිද කියල තේරෙන්නෙ උපසිරැසියක් කරන්න වෙන මහන්සිය දැනුනම තමයි. ඉතින් කොහොම හරි අමාරුවෙන් වැඩේ ගොඩ දාගත්තා. පලවෙනි උපසිරැසිය හින්ද වැරදි ගොඩක් ඇති. කමෙන්ට් එකක් දාලා ඒ ගැන කියන්න අමතක කරන්න එපා. හරි එහෙනම් අපි හැරෙමු ෆිල්ම් එක පැත්තට.
මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච චිත්‍රපටයක්. ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නෙ අවි ආයුධ වෙලඳාමට සෙට් වෙන යාලුවො දෙන්නෙක් වටේ. එයාලගෙ බිස්නස් එක තමයි අවි ආයුධ මිලට අරන් ඒවා යුද්ධය පවතින රටවල් වල ඉන්න ඇමරිකන් හමුදාවට විකුණන එක.ඉතින් මේ බිස්නස් එක නැගල යද්දි මේ දෙන්න මූන දෙන ප්‍රශ්න, ඒ වගේම ඒවට මුන දෙන විදියත් ගැන මේ ෆිල්ම් එකේ නියමෙට පෙන්නනවා. අන්තිමේ මේ ගොල්ලො ව්‍යාපාරයෙ ඉහලට නගින්න නොකරන දෙයක් නෑ. ඒ නිසා වෙන දේවල් මම කියන්න යන්නෙ නෑ. ෆිල්ම් එක බලලම දැන ගන්න.
ෆිල්ම් එකේ රඟපාන්නෙ හොඳට අඳුරන ඩබලක්.Jonah Hill සහ Miles Teller. මෙයාලගෙ ඇක්ටින් ගැන කියන්න දෙයක් නෑනේ. පොඩි පොඩි කොමඩි කෑලි ටිකකුත් තියනවා.ඉතිං තව කියනවනම් IMDB එකේ 7.2 ක අගයක් හම්බවෙලා තියනවා. Comedy, Crime, Drama කියලා තමයි ඒකෙ වර්ග කරලා තියෙන්නෙ. ඒකෙන්ම පේනවනේ. එහෙනම් මිනිත්තු 114 ක් පුරා දුවන මේ ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම කමෙන්ට් එකකුත් කොටාගෙන යන්න අමතක කරන්න එපා කියලා ඉල්ලනවා.
Due to copyright issues, we do not provide any torrent links.
War.Dogs.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
9,252 downloadsDownload War.Dogs_.2016.Baiscopelk.com_.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහංග රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විහංග රවීන්
Subtitles
81 comments
දිනේෂ් අකලංක
SuDiYA
thanku sahoo!!
jaya wewaMithuranga Mahisadha
thanks mchn
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Mithuranga Mahisadha
kwru hri puluwannm me copy eke link ekak dnnako mchnlaaa
lahiru
thanx macho
praneeth madu
බොහොම ස්තුතියි
Sajith Thilakarathne
thanks sho
sub ekatajaniya
meka denakam hitiye, thanks sub ekata saho!!
Ranuka
Thanks Bro..
FilmMaster
දැන් සබ් එක කෙලින් අතට තියන් වාඩි වෙයං.ෆිල්ම් එකේ බ්ලූරේ ඇවිත් දැන් කොච්චර දවස්ද බං.දෙපාරක්ම බැලුවා.සබ් කරන එවුන් 1000ක් විතර ඉන්නවා.එත් එකෙක්ටවත් බෑ අඩුම තරමේ පට්ටම ෆිල්ම් වලවත් බ්ලූරේ රිලීස් වුන ගමන් සබ් එකත් ඒ එක්කම වගේ දෙන්ඩ.මෙලෝ රහක් නෑ
mad max
ehenam tho deepank sub meeharako.karana ewuntawath wade karanna den naa.uba film balannepa thanakola tikak kaala nidaganin.meeharaka
Sisila Prasad
බැලුවා නම් කටපියාගෙන ඉඳපන් මෙතන ඇවිල්ලා බුරන්නේ නැතිව.උඹට තියෙන තදියමට සබ් හදන්න බැහැ.උඹ වගේ මොලයක් නැති එකෙක්ට එකේ තියෙන අමාරුව තේරෙන්නෙත් නැහැ.දැන් ඔය කියන විදියට දෙපාරක්ම ෆිල්ම් එක බලන්න ඇත්තේ කෙලින් අතට තියාගෙන වාඩිවෙලා වෙන්න ඇති මයේ හිතේ.
ප්ලීස්...වඳින්නම්, උඹ මෙතනට ඇවිල්ලා සබ් අරගෙන බැලුවේ නැහැ කියලා කවුරුවත් උඹට බනින්නේ වත්, කවුරුවත් උඹත් එක්ක තරහා වෙන්නෙවත් නැහැ.ඒ නිසා අපිට පව් නොදී, අනිත් චිත්‍රපටිත් දැන් ඔය බැලුවා කියන විදියටම බලාගනින්.උඹ අපෙන් සබ් ගත්තෙ නැහැ කියලා සයිට් එක වැටෙන්නෙ නැහැ.
උඹ වගේ ජාතියක් ජම්මයක් නැති උන් නිසා තමයි සබ් හදන වැඩේ අපිට එපා වෙලා තියෙන්නෙ.ඒ නිසා, දෙයියනේ කියලා, ඔය බලපු විදියටම අනිත් ඒවත් බලාගනින්.එල්.සී. දමැල්
ඉතින් එහෙම බ්ලූරේ එන එන වෙලාවට ඔයා සබ් හදලා ඔයාම බලන්නකෝ. :P නැත්නම් බයිස්කෝප් මේල් එකෙන් වෙන් කරගෙන බයිස්කෝප් එකට එවන්න...
සබ් හදන අය හදන්නෙ තමන්ට කැමති ඒවානෙ. ඔයා කැමති ඒව ඔයා බ්ලූරේ ආපු ගමන් ඉක්මනට දෙන්න. කාගෙවත් කිසිම විරුද්ධත්වයක් නැහැ. තරහකුත් නෑ.
අනික ෆිල්ම් මාස්ටර් කෙනෙක්නෙ. අඩුගාණෙ එයාගේ පළමු උපසිරසට සුභ පතල යන්නවත් හිතල බලන්න.
Shame on you!Vihanga Raveen
Film master කෙනෙක් නම් subtitle නැතිඋනත් ප්‍රශ්නයක් නෑනෙ නේද?
ashan
ඕයි උබට භාශාව තේරෙන්න නැත්තම් film බලන්නේ නැතුව... ලංකාවේ චාටර් මෙගා ජාතකයක් නැත්තම් ඉන්දියාවෙං ගෙනාපු සිංහලෙන් හඬ කවපු තුට්‍ටු දෙකේ ජරාවක් බලං ඉදපං....! මේකේ මේ sub දාන උං කරන්නේ මාසෙට තියා දවසට තියා sub එක ගානෙවත් පඩි හම්බවෙන රස්සාවක් නෙවෙයි. උං තව වැඩ තියාගෙනයි කරන්නේ.... අනිත් එක තොට මේ එක sub එකක් නෙවෙයි, තියෙන ඔක්කොම subtitles ටිකම download කරගන්නවත් සත පහක් වැය වෙන්නේ නෑනේ... නිකං හම්බවෙන අස්සයගේ දස් ගනින කාලකන්නියෙක් නොවී ඉවසං හිටපං නැත්තම් subtitles නැතුව films බලන්න ඉගෙනගනින් ගොනා.....
Robustious
FilmMaster හු_තෝ උබ කොල්ලෙක් නේද?? නිකන් ගැණු වැඩ කරන්න එපා යකෝ..ම්‍ෙ සයිට් එකේ සබ් කරන කාටවත්ම උබ සත පහක් ගෙවන් නැහැනේ..නිකන් කහින් නැතුව හිටපං එ් නිසා..අනිත් එවුන්ගේ රසාස්වාදේ ගැන උබට ඔච්චරටම ඇම්මක් තියෙනවා නම් උබත් හොද film වල හොද කොපියකට සබ් කරලා අනිත් එවුන්ට බලන්නත් එක්ක දාපන්...
ishaan
පව් බන්... දැන් ෆිල්ම් මාස්ටර් ට බැනුම් අහලා මහන්සිත් ඇති... දීපල්ලා සීතල වතුර වීදුරුවක්.... :D :D
ishaan
patta :D
නිරෝෂ්
ස්තුතියි විහංග සහෝ.ජයවේවා !
එල්.සී. දමැල්
බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා සහෝ…
නැවත උපසිරසකින් හමුවෙමු...Vihanga Raveen
බොහොම ස්තුතියි සහෝ!
sajith anyshka
jayawewa saho oyata atulu hamotama
Sajith Anthony
පළමු උපසිරැසියට සුහ පැතුම්!
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!Janith
Thanks මචෝ..
ජයෙන් ජය වේවා........!!අසංක ප්‍රදීප් රණතුංග
ඉස්සෙලාම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලි ගන්නවා. ඉතින් සුපුරුදු විදියට අනිත් ඔක්කොටම දෙන උපදෙස ඔයාටත් දෙන්නම්. මේ පටන් ගත්ත ගමනේදී ඔයාට මල් වගේම ගලුත් වදින්න පුළුවන් (ඔය දැනටමත් එක්කෙනෙක් පහල පටන් අරන් තියෙන්නේ). එත් කියන්න තියෙන්නේ සහෝ ඕවා ගණන් ගන්න එපා. බයිස්කෝප් එකේ පතාක යෝදයන් වන රොයිලි සහෝදරයා, චාමර සම්පත් වැනි උපසිරසි බොහෝ ගණනක් දුන්න අයට පවා ඔය ගැරහුම් ආවනේ. ඉතින් මේ කරන්න පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යන්න. සැලෙන්න එපා. උපසිරසි කරන්න ගන්නකොට ඔයාගෙම ආවේනිකත්වයක් අනුව චිත්‍රපට තෝරාගැනීම සිදු කරන්න බලන්න. එතකොට ඔයාගෙම රසික පිරිසක් හදා ගන්න පුළුවන් වේවි.
අවසාන වශයෙන් මේ උපසිරසියට බොහොම ස්තුතියි. බුදු සරණයි...!
Vihanga Raveen
බොහොම ස්තුතියි සහෝ උපදෙසට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Dulanga
Thanks
ishaan
මල්ලි... උබ ඔය එක එක පොල් බූරුවො බැන්නට ගනන් ගන්න එපා.... සබ් එක පට්ට
Dilsara
Thanks
Blacklion
Thanks bro
Web-බුවා
හා හා ඔය තියෙන්නේ "යුද සුනඛයෝ" දීලා. පට්ට ස්තූතියි බුවෝ. මං මේක ටික දවසකට කලින් ඉල්ලුවා. ඔය එකා දෙන්නා කියන ඒවා වහාම offline ✖ කරහන් කොල්ලෝ. උබේ පළමු සබ වුණාට මේක පට්ට . ඒ බුවා කියන විදිහට හරි නම් අසංක සහෝ දෙන film එහෙම අපිට බලන්නම වෙන් නෑනේ. මොකද ඒවත් ගොඩක් බලපු බලපුවනේ . රසවින්දනය තියෙන එකාට එක පාරද , දෙපාරද කියන ඒවා ආදාළ නෑ මහත්තයෝ. එහෙම උන්ට film එකක් 100 පාරක් බැලුවත් එපා වෙන් නෑ. උබ ඔවා ඔච්චර හිතන්න එපා. ඔය වදින එච්චර ගණන් නොගෙන හැමදෙයක්ම කියලා හිතන්න. බිරුවට පාත් වෙනවද bro?
ජය!
Rakitha Ranathunga
උපසිරැසියට ස්‍තූතියි සහො...
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා....Mithuranga Mahisadha
Mchn War Me copy eke link ekek diyanko kwru hri plzzzzzzzzzz ..
heuw heuwa na bn..අසංක ප්‍රදීප් රණතුංග
ඔය උපසිරැසිය නමේ අන්තිමේ තියෙන්නේ සයිට් එකක නමක් Y අකුරෙන් පටන් ගන්න. අන්න ඒ නම ගුගල් කරන්න. ඒ සයිට් එකේ තියනවා BR එක.
Mithuranga Mahisadha
Mchn BR Ekta Wadada sub eka?
අසංක ප්‍රදීප් රණතුංග
War.Dogs.2016.720p.BluRay.x264-[YTS.AG]
BluRay = BRපැහැදිලියි නේ..?
Mithuranga Mahisadha
wade hari mchn Thanks Kollo
nirosha dilshan
Jonah Hill සහ Miles Teller ragapanaw kiyanne ahanna deyak na.supiri comediyak wenna onee.mewage akuth ekakata sub dala apita dunnata godak pin.hada?
Vihanga Raveen
Ela!
sanjeewa
thanks malli, ela wedak, jaya wewa.
NIMSARA
fatta tnq bokka
අසිත
සබ් කලාවට සාදරයෙන් පිලිගනිමි.
ජය වේවා!!!
බොහොම පින්
එල ෆිල්ම් එකක්eranga
thanks malli thayath filme issarahata danna
Amila Mudalige
sub ekta thanks sho
Rasitha Pradeep Somasiri
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නව සහෝ....
ඒ වගේම දිගටම උපසිරැසිත් දෙන්න....
ඒ වගේම මේ උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ....Kalana
Ado thanks bokka meka danaknmai bn balan hitiye
Dasitha147
bohoma sthuthie saho obalage kalaya shramaya weya karagena apage sathuta vinodaya pinisa mema films tv serieses walata sinhala upasirasi laba dima pilibandawa! aththatama aiye oyalage me upasirasi hinda thamai api mechchara films balanneth. oyalage sewaya koi tharamda kiyla kiyanna wachana na. samaja sathkarayak me.. obalata jaya!
Lushan Kuruppu
පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ!
දිගටම දෙමු...රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tilantha1
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ :)
Tony
ස්තුති බන්
සබ් දාපූ මගී පුතාට ජයින් ජයම වීවා !Pushpakantha Sadaruwan
thanks bro
Chamath
thanks bro.. suba ekata..
wije
Elakiri vage malli. thavath idiriyata sub danna Niyama filuma.
Nishan
Thanx bro
Viraj
Thanks for sub brother...keepgoing!!!
Subodha
Bro.....wow...
tharaka
thanks bro...
ප්‍රදීප්
සබට තුති.
Madusanka
Thanks bro
Mihindu Ruwan Harshana
Patta brooo...wedenam....digatama karan palayan...good luck ☺
jJayanthi
tnx sahooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි මේක දෙනකන් බලාගෙන හිටියෙ.