Watch Trailer

Ashes in the Snow (2018) with Sinhala Subtitles | අළු හිම (ලෝක යුද්ධයේ නොකියූ කථාව) [සිංහල උපසිරසි සමඟ]

සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම. 2019 ජනවාරි 11 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ, IMDb දර්ශකයේ 7.1 අගයක් දැනට ලබාගෙන ඇති The Ashes in the Snow චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ, Ruta Sepetys කතුවරියගෙ Between Shades of Gray (2011) නම් නව කථව ඇසුරින්. ඇය ලිතුවේනියාවේ සිය නෑයින් බැහැ දැකීමට ගිය අවස්ථාවේ…

සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම. 2019 ජනවාරි 11 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ, IMDb දර්ශකයේ 7.1 අගයක් දැනට ලබාගෙන ඇති The Ashes in the Snow චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ, Ruta Sepetys කතුවරියගෙ Between Shades of Gray (2011) නම් නව කථව ඇසුරින්. ඇය ලිතුවේනියාවේ සිය නෑයින් බැහැ දැකීමට ගිය අවස්ථාවේ, දෙවන ලෝක යුධ සමයේ, කොමියුනිස්ට් රෙජිමයේ කුරිරු ඝාතන වලින් දිවි බේරාගත් ලිතුවේනියානු ජාතිකයන් හමු වීමට අවස්ථාවක් ලැබෙනවා. එහිදී දැන ගත් තොරතුරු මඟින් ඇය සිය නව කථාව නිර්මාණය කරනවා. එය සම්මාන ගණනාවකට පාත්‍ර වන නව කථාවක් වන්නේ එහි ඇති යථාරූපි බව නිසාමයි. (A New York Times Bestseller, A Publishers Weekly Best Children’s Book of 2011, iTunes Best Teen Novel of 2011, etc..)

සාමාන්‍යයයෙන් දෙවන ලෝක යුද්ධය ගැන නිර්මාණය වුණ චිත්‍රපටියක් කිව්වම මතකයට එන්නෙ, ජර්මනිය ගෙන ගිය ඒකාධිපති පාලනය ගැනත්, මිත්‍ර පාක්ෂික රටවල් එයට එරෙහිව යුධ වැදුනු ආකාරය වැනි අක්ෂ පක්ෂිකයන්ගේ කුරිරු ක්‍රියා ගැනම පමණයි. නමුත් මිත්‍ර පක්ෂයට අයත් රුසියානුවන් විසින් තමන් යටත් කරගත් බෝල්ටික් රාජ්‍යයන් හි ජනයා පීඩාවට පත් කළ අයුරු ආදී දේ ගැන කථා බහ වෙන්නෙ බොහොම අඩුවෙන්. මේ පොතේ කතුවරිය ඒ බිහිසුණු අතීතය ලොවට පෙන්වීම බොහෝ දෙනෙකුගේ අදහස් වෙනස් කිරීමට බලපාන්නත් ඇති. එමෙන්ම මේ චිත්‍රපටිය ගැන IMDb අඩවියේ පරීශීලකයෙකු අදහස් දක්වා තිබූයේ, “මෙම ඉතිහාසය මිනිසුන් දැනගත යුතු බවයි.”

කථාව ගැන කෙටියෙන්..

එය 1941 දෙවන ලෝක යුද්ධ සමය. ජෝසෆ් ස්ටාලින් ලිතුවේනියාව ඇතුළු බෝල්ටික් රාජ්‍යයන් (එසතෝනියාව, ලැට්වියා) සෝවියට්කරණයට නතු කරගැනීමත් සමඟ එරට වැසියන් මුහුණ දුන්නෙ අභාග්‍යසම්පන්න කාලයකට. කුඩා දරුවාගේ සිට මහළු මිනිසා දක්වා සියළුම වැසියන්, සයිබීරියාවට අයත් ප්‍රදේශවලට කම්කරුවන් ලෙස ප්‍රවාහනය කරනවා. සති ගණනක් ගත වන මේ මරණීය ගමන ඔවුන්ගේ ජීවිතාශාව නැති කරනවා. මේ කථාවේ, කථා නායිකාව වන පහළොස් හැවිරිදි ලීනාටත් මේ කටුක අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇය චිත්‍ර ශිල්පයට දක්ෂ, වැඩි දුර අධ්‍යාපනයට චිත්‍ර පාසලකට ඇතුළත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. නමුත් හිටි හැටියේ කඩා වදින රුසියානු සොල්දාදුවන් ඇගේ පවුලේ සියලු දෙනාවම අත්අඩංගුව අරගෙන සයිබීරියාවට පිටුවහල් කර, ඔවුන්ට අයත් ගොවිපළවල් වල සේවයට යොදවනවා.

ගොවිපළේ ජීවිතය ඔවුන්ට මරණය වැළඳ ගැනීමක් හා සමානයි. වරදක් කළහොත් දඬුවම කෙළවර වෙන්නෙ මරණයෙන්. ඒ විතරක්ම නෙවෙයි ඔවුන්ට රුසියානු හමුදා නිලධාරින්ගේ හිංසනයන්ට, අතවරයන්ට ලක්වීමටත් සිදු වෙනවා. මේ අතර ලීනා උත්සහ කරනවා කඳවුරෙන් ගැළවී යමට. නමුත් ඇගේ උත්සහයන් සාර්ථක කරගැනීමට හැකි වේවිද? මිනිමැරීමට දෙවරක් නොසිතන අණදෙන නිලධාරියෙක්, තමන්ගේ හෘද සාක්ෂියට වද දෙමින්, තමන්ගේම ජාතියේ මිනිසුන්ට වෙඩි තබන හමුදා නිලධාරියෙක්, පාවාදීම්, භීතිය, කුසගින්න, ආදරය, ප්‍රියයන්ගේ වෙන්වීම්, බලාපොරොත්තු කඩ වීම් ඇතුළු, ලෝකයාගෙන් වසන්ව ලිතුවේනියාවේ සිදු වූ සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වූ වෙනස්ම ආකාරයේ නිර්මාණයක් වන මේ චිත්‍රපටිය බලන්න කියලා මං ඔයාල හැමෝටම ආරාධනා කරනවා.

ප.ලි.
මේ චිත්‍රපටියේ රුසියානු භාෂාවෙන් කථා කරන උපසිරසි නොතිබූ අතර, මා විසින් ඒව ඇතුළත් කරන ලදි. සමහර Player වල එම සිංහල උපසිරසි, චිත්‍රපටිය තුළ ඇති ඉංග්‍රීසි උපසිරසි මත දර්ශනය වුවහොත්, Settings මඟින් සකසා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා ගැලපේ.

3,237 downloadsDownload Ashes-in-the-Snow-2018.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

3,237 downloadsDownload Subtitles26 KB

43 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Hirantha Silva

      ස්කූකියි සහෝ...බුදු සරණයි!

  2. Kurulu8

    Oh tnx dr

    1. Hirantha Silva

      Thanks!!!!

  3. thilina5312

    මේ වගේ වැලලී ගිය ලස්සන ඉතිහාසය කතාවකට උපසිරැසි ගෙන ආවට හා ඒ වෙනුවෙන් වූ මහන්සිය වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි ......

    1. Hirantha Silva

      බොහෝම ස්තූතියි සහෝ දිරිගැන්වීමට!

  4. Kulanjana Maduranga

    subata thanks saho....keep it up....

    1. Hirantha Silva

      Thanks Saho..!!!!

  5. jagath55

    Thanks

    1. Hirantha Silva

      ☺☺☺

  6. Madura Lakshan

    Thanks saho

    1. Hirantha Silva

      Ela Ela Saho..

  7. harshani11112

    උපසිරැසියට බොහොම ස්තුති සහො ....
    තෙරැවන්සරණයි

    1. Hirantha Silva

      ස්තූතියි සහෝ..තෙරුවන් සරණයි!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Hirantha Silva

      ස්තූතියි.....☺☺

  9. sulochana

    Thank you

    1. Hirantha Silva

      ☺☺☺

  10. sampath n perera

    thanks

  11. Madura Lakshan

    Thanks Subata

    1. Hirantha Silva

      Thanks Saho...!

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරන්ත සහෝ.
    උත්සාහය සහ කැපවීම අගෙයි.
    ජයෙන් ජය.

    1. Hirantha Silva

      බොහොම ස්තූතියි දමිත් සහෝ!

  13. Charith_Sandakelum

    සිංහල උපසිරැසියට බොහොම ස්තුති සහෝ.......

    1. Hirantha Silva

      Thanks Saho..!

  14. Rukshan37

    Ela ela

    1. Hirantha Silva

      Thanks!

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

  18. AsithaDilruwan

    ela saho thanks

  19. Sandaru

    Thanks for sub.good luck bro

  20. bLack_sNow

    Thanks bro sub ekata.

  21. nethula

    upasirasiyta godak sthuthi saho...

  22. Chulender kasun

    ස්තුතියි

  23. MAALnath

    Thanks ...................good luck .....................

  24. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
    හොද ෆිල්ම් එකක් වගේ......

  25. sajitha rasanga

    tnk u sub ekt

  26. ricadodamien

    Thank U Hirantha brother & baiscope team for the sub, all the best to baiscope team...........

  27. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  28. PLAAHemantha

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.

  29. Anthony

    thank you brother patta movie ekak
    persion lessons 2020 puluwan nm sub denna