කාගෙන් හරි ඇහුවොත් ඔයාගෙ විනෝදාංශය මොකක්ද කියලා ගොඩක් දෙනෙක්ගෙන් අහන්න ලැබෙන්නෙ; මුද්දර එකතු කරනවා, කම්පියුටර් ගේම්, පරණ කාසි එකතු කරනවා, ඔය වගේ දේවල් නෙ. හැබැයි කවුරුහරි මගෙන් ඇහුවොත් උත්තරේ වෙන්නෙ “සිංහල උපසිරැසි නිර්මාණය.” ඒ තරමටම මේකට ඇබ්බැහි වෙලා කිව්වොත් මම හරි. අපෙ උපසිරැසි කරන හැමෝම වගේ මේක…

කාගෙන් හරි ඇහුවොත් ඔයාගෙ විනෝදාංශය මොකක්ද කියලා ගොඩක් දෙනෙක්ගෙන් අහන්න ලැබෙන්නෙ; මුද්දර එකතු කරනවා, කම්පියුටර් ගේම්, පරණ කාසි එකතු කරනවා, ඔය වගේ දේවල් නෙ. හැබැයි කවුරුහරි මගෙන් ඇහුවොත් උත්තරේ වෙන්නෙ “සිංහල උපසිරැසි නිර්මාණය.” ඒ තරමටම මේකට ඇබ්බැහි වෙලා කිව්වොත් මම හරි. අපෙ උපසිරැසි කරන හැමෝම වගේ මේකට එකඟ වෙයි කියලා හිතනවා. මොකද කොච්චර නවත්තන්න උත්සහ කලත් කී බෝඩ් එක තලන්නමයි හිත. ගෙදරට වෙලා නිකන් ඉන්න කාලෙ පටන් ගත්ත දේ මේ වෙනකොට අධ්‍යාපන කටයුතු අස්සෙත් කරගෙන යන තැනට ඇවිල්ලා තියනවා. ඇත්තටම මේ උපසිරැසිය කලෙත් මගෙ කරන්න තියන එසයිමන්ට් එක පැත්තකට දාලා. සමහරු හිතයි මොකට මේ නිකන් මහන්සි වෙනවද කාලෙ කාගෙන කියලා. සමහරුන්ට එහෙම හිතෙන්න පුළුවන් ඒත් මංදා මට අන්තිමේදී මේකෙන් ලැබෙන තෘප්තිය කියලා නිම කරන්න බැහැ. ඒක කියනවට වඩා එකක් කරලම බලන්න ඕන දෙයක්. ඉතිං ඔහොම කරගෙන ආපු මේ ගමනෙ අද මේ ලෑස්තිය මගේ තුන්වෙනි කඩයිම පහු කරන්න, ඒ කියන්නෙ 150 වෙනි උපසිරැසිය අරගෙන එන්න.
මේ උපසිරැසි 150 ඇතුලෙ චිත්‍රපට කිහිපයක් ඇරුනම අනික් සේරම රූපවාහිනි කතා මාලාවලට කරපු උපසිරැසි තමයි තියන්නෙ. කියන්න සංතෝසයි ඒවයිනුත් වැඩි හරියක් Marvel කතා මාලා (ෆිල්ම් නෑ). හැබැයි කෝක කලත් තමන්ට උපසිරැසියක් කරන්න චිත්‍රපටයක් වේවා රූපවාහිනි කතා මාලාවක් වේවා වෙන් කරගත්ත නම් ඒක සාර්ථකත්ව ඉවර කරන තෙක් ලොකු වගකීමක් ඒකත් එක්කම ඔටෝ ලැබෙනවා. එකක් තමයි තමන් බාරගත් උපසිරැසිය කලට වෙලාවට ලබාදෙන එක අනික ගුණාත්මක භාවය, මොකද වරදක් උනොත් ඒක කෙලින්ම බයිස්කෝප් කියන නමට තමයි හානියක් වෙන්නෙ. කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු ටිකක් හරි තියනවනෙ, ඒ වගේම පොඩි පොඩි වැරදි තියන්න පුළුවන් උපසිරැසි වලත්, එහෙම තියනවනම් බලන ඔයාලගෙ වගකීමක් ඒ පිළිබඳව උපසිරැසි කරුවා හෝ ඇඩ්මින්ලා දැනුවත් කරන එක. ඔය පහල කමෙන්ට් බොක්ස් එකේ කියන් ගියත් කමක් නෑ කුනුහරුප නොකියා. වැරදි වෙන්න පුළුවන් මොකද මේක තනි මහන්සියෙන් කරන දෙයක් මිස සෙට් එකක් එක්කහුවෙලා, ටයිප් කරන්න එකයි, සෝදුපත් බලන්න එකයි උපසිරැසි සංකලනය කියාන තව එකයි, ඔහොම නෑ. එහෙම කරන ඒවගෙත් වැරදි අනන්ත වෙනව අපි දැකලා තියනවනෙ. ඉතිං අපෙන් පොඩි හරි වරදක් උනොත් මුහුණු පොතේ වැලලෙන්නෙ නැතුව(සමහරක් හොදේ) කෙලින්ම අපිට කියන්න, බයින්නෙ නෑනෙ.
හැමදෙයක්ම පස්සෙන් තවත් කට්ටියක් ඉන්නවනෙ, ඉතිං අපේ උපසිරැසි ගානට වෙලාවට හදලා වෙබ් අඩවියෙ පබ්ලිෂ් කරන සහා අඩවිය වෙනුවෙන් මහන්සි වෙන අපේ ඇඩ්මින් මණ්ඩලයත් මතක් කරන්න එපැයි. හැමවෙලේම නොදන්න දෙයක් ඇහුවම බෑ නොකිය උදව් කරන හසන්ත අයියවත්, අපෙ මුල්ම උපසිරැසිකරුවා වෙන රොයිලි අයියවත්, අඩවියෙ මුලින්ම හමබවුන සමීර කරුණාරත්න අයියා, ශාන් විමුක්ති නොහොත් විමාවත්, සමීර චතුරංග අයියා, ප්‍රණීත් රණසිංහ සහෝ, යශෝධ ශ්‍රීමාල්, සුධීර මාලන් අයියා, චාමර සම්පත් සහෝ, ලෝගන් අයියා, සිසිල ප්‍රසාද් අයියා, වගේම මංසල ඇදගෙන යන තිසර අයියවත්, ඩවුන්ලෝඩ් සයිට් එක කරන් යන සදුන් ධනුෂ්ක අයියවත් මතක් කරනවා.
එහෙනම් මේ මදැයි මගෙ අටුවාටිකා කියෙව්වා නේද, ආයෙ කවදා ඉතිං මෙහෙම කඩයිමක් ගේන්න ලැබෙයිද දන්නෙ නෑ එන්න එන්න වැඩිවෙන වැඩත් එක්ක උපසිරැසිකරණයට තියෙන කාලය කෙමෙන් කෙමෙන් අඩූ වීගෙන යනවා. එහෙනම් පහල ලිපියත් කියවගෙන යන්නකො.

කතාව පැත්තට හැරුනොත් ඔයාලා මීට කලින් බලලා ඇතිනෙ lord of the rings, Hobbit කියන ෆිල්ම් සෙට් එක පීටර් ජැක්සන් මහත්තයා අධ්‍යක්ෂණය කරපු. ඒ වගේම ඔය ෆිල්ම් නිර්මාණය වුනේ ඔය ඇසුරෙන් ලියවුන නවකතා ආශ්‍රයෙන්. ඉතිං අන්න ඒ වගේ තමයි Mortal Engines කියන්නෙත් පොත් පෙළක පළමු පොත. ඉතිං ඒ ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. මේ සදහාත් පීටර් ජැක්සන් මහත්තයගෙ සහයෝගය ලැබිලා තියනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Christian Rivers විසින්.
මම කිව්වනෙ මේක පොත් පෙළක් කියලා, ඇත්තටම මේක පොත් හතරක සීරිස් එකක් කිව්වොත් හරි. මේක හදුන්වන්නෙ Mortal Engines Quartet කියලා. පොත් හතර නම් වශයෙන් සඳහන් කලොත්:
- Mortal Engines (2001)
- Predator’s Gold (2003)
- Infernal Devices (2005)
- A Darkling Plain (2006)

ඔන්න ඔය විදිහට තමයි පොත් ටික නිකුත් වෙලා තියෙන්නෙ.
මේ පොත් සේරම බ්‍රිතාන්‍යය ලේඛක Philip Reeve ලියපු පොත්. මෙහි පළමුවැන්න භාවිතා කරලා තමයි ගිය වසරෙ අවසානයට තිරගතවීම ආරම්භ කරපු Mortal Engines සිනමා පටය ප්‍රේක්ෂකයින් අතරට ආවෙ. ඒ වගේම තමයි Mortal Engines කෘතිය Nestlé Smarties Book Prize සම්මානය දිනාගෙන තියනවා වගේම Whitbread සම්මානය සඳහා යෝජනාවෙලා තියනවා. අපි හිතමු ඉතුරු පොත් ටික මීටත් වඩා හොඳ චිත්‍රපට තුලින් දැකගන්න ලැබේවායි කියලා.
අපි බලමු චිත්‍රපටයෙ කතාව මොකක්ද කියලා,
හිතන්නකො මුළු ලෝකෙම විනාශවෙලා ගිහින්, කෑම බීම විශේෂයෙන්ම ජලය, බොහොම හිගයි, හරියට ඉන්න තැනක් හොයාගන්න බැහැ. මිනිස්සු මොනා කරයිද? අනිවා මරාගන්න පටන් ගන්නවා, එක්කො හොරා කනවනෙ. ඔය අතරෙ බල පුලුවන්කාර එවුන් පොඩි එකාගෙන් හොරකම් කරගෙන කනවා. ඕක තමා වෙන්න පුළුවන් අවම දේ.
කතාවට අනුව ලෝකය කාලෙකට පෙර න්‍යෂ්ටික පිපිරීමක් හේතුවෙන් විනාශ වෙනවා. පස්සෙ ඉතුරු වුන අය විනාශ වුන පොලොව මත ජනාවාස ඉදිකරගන්නවා. හැබැයි සාමාන්‍ය ඒවා නම් නෙවෙයි. මේ නගර වලට එහා මෙහා යන්න පුලුවන්. තනිකරම යාන්ත්‍රික නගර. මේවට කියන්නෙ ට්‍රැක්ෂන් නගර කියලා. විවිධ ආකාරයෙ නගර තියනවා. ඒ අතරින් ලන්ඩන් කියන්නෙ ලොකුම නගරය. මේවා විලෝපික නගර. මොකද ලන්ඩන් වගේ විශාල නගර කරන්නෙ කුඩා නගර දඩයම් කරගන්න එක. ඒ අතරම පරණ තාක්ෂණය එක්කහු කරන එක.
මේ නගර වලට විරුද්ධ කට්ටියක් ඉන්නවා, එයාලව හදුන්වන්නෙ ට්‍රැක්ෂන් විරුද්ධවාදීන් කියලා. ඇනා ෆෑන්ග් කියන්නෙ එයින් කෙනෙක්. මෙයාලට වෙන්වුන වෙනම ලීගයක් තියනවා. මේ අය ජීවත්වෙන්නෙ එහා මෙහා ගිහින් දඩයම් කරගෙන යැපෙන නගර වල නෙවෙයි. ඒකයි මෙයාලව මේ නමින් හදුවන්නෙ.
කතාවට මුල් වෙන්නෙ, පැන්ඩෝරා ෂෝ කියන්නෙ ඉතිහාසඥවරියක්, එයා කාලෙකට කලින් කරපු ගවේශනයකදි පැරණි තාක්ෂණික මෙවලමක් හොයාගන්නවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා මේ දේවල් හොයන. ඒ තමයි වැලන්ටයින්. වැලන්ටයින් සහා පැන්ඩෝරා කියන්නෙ බොහොම ලගින් ආස්‍රය කරන දෙන්නෙක්. ඒත් පැන්ඩෝරා දැනගන්නවා වැලන්ටයින් මේ දේ හොයනවා කියලා. ඉතිං පැන්ඩෝරා වැලන්ටයින්ට තමන් හොයාගත්ත දේ නොදී ඉන්න තීරණය කරනවා. ඉතිං ඒ නිසාම පැන්ඩෝරා වැලන්ටයින් අතින් මිය යනවා. හැබැයි පැන්ඩෝරා මැරෙන්න කලින් තමන්ගෙ දුව වෙච්ච හෙස්ටර් ෂෝට යම් දෙයක් දෙනවා. ඒ මොකක්ද කියලා බලන්න නම් ෆිල්ම් එක අන්තිම වෙනකල් බලන්න වෙනවා. ඒ වගේම වැලන්ටයින් පැන්ඩෝරව මරලා එයාගෙන් අරගත්තෙ මොකක්ද, මෙයා මොකක්ද කරන්න සූදානම් වෙන්නෙ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න.
ඇත්තටම මේක මෙහෙම කෙටියෙන් කියන්න පුළුවන් කතාවක් නෙවෙයි, හෙන හෑල්ලක් වගේ දිගට ඇදන් යන්න පුළුවන් හරි රසවත් එකක්. ඒ නිසා බලලම ඉන්න. එහෙනම් මම ගිහින් එන්නම්.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
49,689 downloadsDownload Mortal-Engines-2018-Blu-Ray-Update.zip134 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
252 comments
nimanaka
චානක ඉඳුනිල්
150 වෙනි කඩයිමට මගෙන් උණුසුම් සුභ පැතුම්,
තෑන්ක් සහෝ සබ් එකට,
එනකම් බලාගෙන හිටියෙ සබ් එක,dsdkavishka
150 ට සුභ පැතුම් සහෝ.. thenks for the sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
150 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයNaveendra_rox
Thanks
madhawa_max
150 උපසිරසට සුබපැතුම් !!!
Saman sanjaya
suba pAthum ahh 150ta ..
Madura Lakshan
Thanks bro good luck!!!!
Thisara Neo
150 කඩයිමට හදපිරි සුබ පැතුම් මලේ. මෙතැනින් නොනැවතී ඉදිරියටම යන්න සුබ පතනවා.
මේකනම් කාලයක් තිස්සෙම එනකල් බලන් හිටිය ෆිල්ම් එකක්. හෝල් එකේම බලන්න හිටියත් මෙහෙට ආවේ නෑ මේක.. ඉතින් br ආවමම බලන්න ඉන්නවා..
මාර්වල් කතා මාලා වල සබ් තමයි ඔයාගේ මම වැඩියෙන් බලලත් තියෙන්නේ. ශීල්ඩ් සබ් කරද්දිනේ අඳුගන්නත් ලැබුනේ...ඉක්මනටම 200 සබ් එකෙනුත් හමුවෙමු. මාර්වල් tv සබ් ටික කරද්දීම නිකන්ම 200 පහු වේවි ඉතින්...
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra.Rashiiddamalgoda
Supergirl n flash .. sub damu bro.. bs
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ එවගෙම 150 උපසිරසට මගෙන් සුබ පැතුම්
Eranga Sandaruwan
ඉස්සෙලාම 150 සුබ පැතුම්.
මේකට මෙච්චර ඉක්මනට සබ් දෙයි කියලා හිතපු නැති නිසා ඩවුන්ලෝඩ් කලේ නෑ. දෑන් ඉතින් ඩවුන්ලෝඩ් කරන්න එපැයි.
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවාදාපු ගමන් ටිං ගාලා සබ් දෙයි කියලා හිතලා ඇක්වා මෑන් ඩවුන්ලෝඩ් කලා. තාම සබ් නෑ. මේ දුක කාට කියන්නද අප්පා.
කවිශල් රසින්ත (කවී)
150 වැනි උපසිරැසියට එහෙම නැත්තම් 3වැනි කඩයිමට මගේ උණුසුම් සුභ පැතුම් අයියේ.... දිගටම එහනම් 200ත් අල්ලමු.... ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා පතනවා. එනකල් බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමා.. එහෙනම් උපසිරැසියට තුතිවේවා... ජයවේවා...!!
Ravindu Rukshan
සුභ පැතුම් ලහී 150 වෙනි උපසිරැසය වෙනුවෙන්.
බලාගෙන හිටපු චිත්‍රපටයක් හැබැයි ඉතිං බ්ලුරේ එනකම් ඉන්නව බලන්න. ඉතිං මෙතනින් නොනැවතී ඉදිරි කඩයිම් වලටත් යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.
ඒවගේම සබ් එකට තුති :)lahirumax
Congratulation Bro,good luck
Tharaka Nuwan Dilhara
උණුසුම් සුභ පැතුම් එකතු කරනවා 150 වැනි කඩයිම වෙනුවෙන්...
මෙතනින් නවතින්නේ නැතුව දිගටම උපසිරැසි ගැන්වීම් කරන්න
ඊළඟ කඩයිමටත් ඉක්මණින්ම යමු
ඒවගේම ස්තුතියි උපසිරැසියට
ජයෙන් ජය.. ෴Tharaka
thanks................ 150 ta suba petum macho.......
gihan perera
ස්තුතියි සහෝ...150 ට උණුසුම් සුභ පැතුම් සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා. .
Gathsara Umesh
Ettma sathuti ayyee..❤️
Suba pathnava hadawathinm..❤️
200n aith hamuwemu ayyeeee.....❤️
Bhooooooooom Sthuthi ❤️Gathsara Umesh
Bhooooooooom Sthuthi ❤️
Gathsara Umesh
Congratulations ❣️
Bhooooooooom Sthuthi ❤️Kdviraj94
එල මචන්..
Hemal
Thanks
tv malli
tnx sub ekata.puluwannam bohemian rhapsody film ekata sub dennako
vas0303
Thank you very much bro...........
දසිත චාමික
150වැනි උපසිරැසි ගැන්වීමට සුභ පැතුම් සහෝ! ජය!
Mayura
හරිම සතුටුයි.
සුබ පතනවා 150ට.
ජයෙන් ජයම වේවා.harshani11112
ස්තුති සහො ....මේ වගෙ චිත්‍රපටයක් නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනා...මහන්සියට අපෙන් තුති සහො...
Rachila
TNX SUB EKATA
jerrydissanayake98
subapathum bn
Nilush Angana
Sub ekata thanx
wajira
Thanks for sub
හසන්ත වික්‍රමරත්ත
150 වෙනුවෙන් සුබ පතනවා ලහිරු මල්ලි. අසයින්මන්ට් අස්සේ සබ් කරන තරම් විබහග ෆේල් වෙන විදිහේ විනෝදාංශ කරන අය හැම තැනම නැහැ. අධ්‍යාපන කටයුතු වලට සුබ පතනවා කියල කියමනට කිව්වට යටිහිතෙන් සුබ පතන්නේ ඉදිරියේ තව තවත් උපසිරසි කරන්න හිත පහල වේවා කියල. එහෙනම් ඉදිරි හැම වැඩකටම ජයෙන් ජය!!
Hirueranga
Ela thanks bn sub ekata❤️❤️
Dinesh Buddika
Thanks wewa...............
රොයිලි
උණුසුම් සුබ පැතුම් ලහිරු මලේ. සියළු කටයුතු සාර්ථක වෙන්න කියල පතන ගමන්ම වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
එල්.සී. දමැල්
150ට උණුසුම් සුභපැතුම්...
ජය...Saji123
Thank you !
Madura Lakshan
Thanks saho
sakraya
very very thanx bro sub ekta
darshana100
thanks saho budusaranai
Helili Hemamali
බයිස්කෝප් සිංහලෙන් අඩවියට නම් දැන් "කඩයිම් වසන්තයක්" ඇවිදින් වගේ. ඉතින් මේ වෙලාවේ 150 වෙනි කඩයිම පසු කරන ළහිරු මල්ලිටත් ඉක්මනින් වසන්තය උදා වේවා යි ප්‍රාර්ථනා කරනවා. මල්ලි උපසිරැසි ගන්වපු චිත්‍රපට කිහිපයක් ම මං බලලා තියනවා. ඒ සියල්ල ගුණාත්මක බව අතින් ඉහළින් තියන්න පුලුවන් බව මම බය නැතුව කියනවා.
අවසාන වශයෙන්, ඉතා ඉක්මනින් මීලඟ කඩයිමට යන්න අවශ්‍ය ශක්තිය, ධෛර්‍ය් ලැබේවා යි පතනවා.chamara007
superb..
Kantha_DLA
150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!ශසිත් සඳරුවන්
තුන්වෙනි කඩඉම වෙනුවෙන් මගෙනුත් සුබපැතුම් කිව්වා...
අපේ සයිටේ ඉන්න තවත් ෆිට් එකේ කතා බහ කරලා ඉන්න ඩෑල් එකක් තමයි.
දැන් ඉංගිරිසියක් කොරන් හිටියට මුලදි දෙමළ, හින්දි, මලයාලම් සබ් දීපු එල කොල්ලෙක්.
දැන් ආපහු වෙනසකටත් එක්ක හින්දි, තෙලුගු,දෙමළ,මලයාලම් එකක් කරමු ඈ... :P
දිගටම සබ් දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබට ජය!උදයංග සම්පත් හතරසිංහ
ජය වේවා මිත්‍රයා.. යකෝ මේක එපා වෙනවනෙ.. හැම එකාම කඩයිම් ගහගෙන යනව..
රිපීට් නම් මොනවද බං.. සබක් ගහගෙන ගෙදරට වෙලා ඉඳිං... 200 ගහමු ගැම්මට.. ජය වේවා... ❤️❤️Hasitha Madush
ළහිරු සහෝ ජය වීවා..!!!
Sanjeewa2010
Congtzzzzzzzzz...Thnxxxxxxxxxxxxx
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Hgkp
Thank you සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks brother.