Watch Trailer

Astérix and Obélix: God Save Britannia (2012) – Sinhala Subtitles | සූර පප්පා: බ්‍රිතාන්‍ය රැජිණගේ සේවය පිණිසයි [සිංහල උපසිරැසි සමඟ]

[box]බයිස්කෝප් හිතවතුන් වෙත, ඔයගොල්ලන්ට මතක ඇතිනෙ සූර පප්පා ප්‍රංශ චිත්‍රපට මාලාව. ඒකෙ අළුත්ම චිත්‍රපටිය තමයි, ප්‍රංශ බසින් Astérix et Obélix: Au service de Sa Majesté ලෙසද ඉංග්‍රීසියෙන් Asterix and Obelix: God Save Britannia ලෙසද නම් කරපු ගිය අවුරුද්දෙ (2012) ප්‍රදර්ශණය ආරම්භ උන චිත්‍රපටය. මේක IMD…

asterix-britanniaබයිස්කෝප් හිතවතුන් වෙත,
ඔයගොල්ලන්ට මතක ඇතිනෙ සූර පප්පා ප්‍රංශ චිත්‍රපට මාලාව. ඒකෙ අළුත්ම චිත්‍රපටිය තමයි, ප්‍රංශ බසින් Astérix et Obélix: Au service de Sa Majesté ලෙසද ඉංග්‍රීසියෙන් Asterix and Obelix: God Save Britannia ලෙසද නම් කරපු ගිය අවුරුද්දෙ (2012) ප්‍රදර්ශණය ආරම්භ උන චිත්‍රපටය. මේක IMDb දර්ශකයෙ 5.3 ක අගයක් ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටයත් අනෙක් සූර පප්පා චිත්‍රපට වගේම හාස්‍ය රසය කැටි කරගත්ත චිත්‍රපටයක්. ඒවගේම කියන්න ඕනා මේ සූරපප්පා චිත්‍රපට මාලාවෙම කිසිම දෙබසක අසභ්‍ය වචන භාවිතා කරල නෑ වගේම පවුලේ සැමට නැරඹිය හැකි විදියට හදලා තියෙනවා.

මේ චිත්‍රපටයට යූරෝ මිලියන 61ක් (€61,000,000) වගේ විශාල මුදලක් වියදම් වෙලා තියෙනවා. පසුගිය සූර පප්පා චිත්‍රපටවල රඟපෑ නළු නිළියන්ගෙන් මේකෙ රඟපාන්නෙ මහා ප්‍රංශ නළු Gérard Depardieu (ජිම් පප්පා) විතරයි. අනෙක් සියළු දෙනාම මේ චිත්‍රපට මාලාවට අළුත්. මෙහෙ සූර පප්පා ලෙස රඟපාන්නෙ ප්‍රංශ නළු Édouard Baer යි. මෙම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ ‘සූර පප්පා සහ බ්‍රිතාන්‍යය'(Asterix in Britain) සහ ‘සූර පප්පා සහ නෝර්මන් වරු'(Asterix and the Normans) කියන කාටුන් චිත්‍රපටයි. ‘සූර පප්පා සහ බ්‍රිතාන්‍යය’ කියන කාටුන් එක නම් ලංකාවෙ බොහෝ දෙනෙක් බලල ඇතිනෙ, මේ චිත්‍රපටියෙ කතාවත් ඒ කාටුන් එකේ කතාවට බොහෝ දුරට සමානයි. හැබැයි අළුත් චරිත ටිකක් වැඩිපුර තියෙනවා.

මේකෙ කතාව කෙටියෙන් කියනවා නම්, ‘සීසර්’ බ්‍රිතාන්‍යය ආක්‍රමණය කරනවා. ඉතින් සූර පප්පලාගෙ යාළුවෙක් වන බ්‍රිතාන්‍ය වැසියෙක් උදව් ඉල්ලගෙන ගෝල් දේශෙට එනවා. සූර පප්පා සහ ජිම් පප්පා අර යාළුවත් එක්ක බ්‍රිතාන්‍යයට එන්න පිටත් වෙන්නෙ මැජික් අරිෂ්ට බැරල් එකකුත් අරගෙනයි. හැබැයි මේ පාර ජිම් පප්පාට බලු පැටියාව (චූටි කුකූ) ගේන්න ඉඩ ලැබෙන්නෙ නෑ, ඒ වෙනුවට ගමේ ලොක්කාගෙ බෑණා කෙනෙක් වන මෝඩ කොල්ලෙකුත් එක්කයි මේගොල්ලො බ්‍රිතාන්‍යයට එන්නෙ. කතාව ඉතුරුටික ඔයාල බාගෙනම බලන්න.

මේ චිත්‍රපටයෙ, බ්‍රිතාන්‍ය ජාතිකයන්නෙ “බොරු ශිෂ්ට බව” ඉතා හොඳින් උපහාසයට ලක් කරලා තියෙනවා. ඒ වගේම ඒ කාලෙ බ්‍රිතාන්නියන්ගෙ සමහර ගති සිරිත් හරිම අස්වාභාවිකයි කියල ඔයාලටම හිතෙයි. හැම තිස්සෙම උණුවතුර බොන්න පුරුදු වෙලා හිටපු බ්‍රිතාන්නියො තේ බොන්න පුරුදු උනේ කොහොමද කියල දැන ගන්න ඕනෙ නම් අනිවාර්ය්‍යයෙන්ම මේ චිත්‍රපටිය බලන්න ඕනා.

උපසිරැසි ගැන ගුණ දොස් ඕනැ එකක් ඉතා සතුටින් භාරගන්නවා.(කොමෙන්ට් එකක් දාන්න)

එහෙනම් ජයවේවා…!!!

Due to copyright issues, we do not provide any torrent links.

9,960 downloadsDownload Asterix.And_.Obelix.God_.Save_.Britannia.2012.zip178 KB

උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත අලහකෝන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසිත අලහකෝන්

Subtitles

9,960 downloadsDownload Subtitles178 KB

78 comments

  1. roshan

    patta seyrama meyke films walata sub deela ne thxxxxx

  2. hussey

    wow,,,,i like this one,,tnz

  3. Isuru

    patta patta machan

  4. quik

    thanks

  5. උදාර

    පට්ට පට්ට එහෙනම් සේරටම සබ් දුන්න ආ... කතාවාමල්වට සබ් දුන්න එකට පින් දැන් මුල ඉදලම බලන්න ඕනේ..

  6. lasidu

    ජය වේවා!!!! සහෝ.... මේක නම් නියමයි

  7. chami

    supiri thnxz

  8. danuka

    maxxxaaaaaaaaaaaaaa

  9. tharanga

    නියමයි සහෝ මේක දෙනකම් උන්නේ... පට්ටම කතා ටිකක්.. ඔයා සේරටම සබ් දීලා තියෙන නිසා තවත් නියමයි

  10. elakiri

    එළකිරි මචං

  11. නලියා

    එළ එළ
    මේක එනකම් උන්නේ ස්තුතියි සහෝ
    ජය වේවා

  12. lasanatha!!!!!!

    jaya wewa!!! thnxxxxx

  13. lk

    maxxxaa macho

  14. ganidu

    තෑන්ක්ස් වේවා

  15. wow

    wow..... maru :D

  16. mihin ලංකා

    නියමයි බොහොම තුති සහෝට

  17. zumo man

    elazzz thnxzzz

  18. was

    සුපිරි වැඩක් සහෝ.සේරටම සබ් දුන්න එක අගය කරනවා!

  19. vee

    තුති :)

  20. geeth

    ela kiri machan

  21. Kasun

    thanks machan meka english neme hinda therun ganna sinhala sub oonemai.

  22. ccnp

    Thanks

  23. upali

    digatama sub denna jaya

  24. chandima

    supiri saho sub akata thxz

  25. MaDUKZz

    thnx

  26. sura

    best machan ela kiri

  27. “චූටී මල්ලි”

    elazzzz

  28. Vidush

    mewage film akak awa kiyala dannet abe baiscope site aka nisa thami.ela machoooooooooooo thanx....

  29. සමීර කරුණාරත්න

    චිත්‍ර පට මාලාවම ඉවර කලා නේද සහෝ...
    පට්ට පට්ට ගොඩක් ස්තුතියි. :D

  30. shalana

    thanks...

  31. හසන්ත වික්‍රමරත්න

    සූර පප්පා ජිම් පප්පා ඉන්නවනම් නොබලා කොහොමද, ඔන්න එහෙනම් මමත් ගත්තා. ස්තුතියි උපසිරසියට.

  32. mudiya / මුදියා

    නියමයි හසිත.අපේ සයිට් එකෙන් දුන්න සූර පප්පා ඔක්කොම කථා බැලුව.මේකත් අනිව බලනවා.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!

  33. පිස්සු පුසා

    නියමයි සහෝ මේක දෙනකම් උන්නේ… thanks

  34. maduranga

    patta....thanx bro...

  35. ශාන් විමුක්ති [වීමා]

    නියමයි මචං එල වැඩක්!!
    මල් හයයි ඕං :)

  36. Menu1024

    Best movie series i've ever seen..
    Thank you Hasitha!
    Best of luck :)

  37. හසිත අලහකෝන්

    ස්තුතියි අදහස් දැක්වීම වලට. මම හිතන්නේ කට්ටිය ළමා චිත්‍රපට වලට එච්චරම කැමැත්තක් නෑ වගේ. නමුත් මේක ළමයින්ට වෙන් කරපු චිත්‍රපටියක් නෙමෙයි. ඕනෑම වයසක ඉන්න කෙනෙකුට රසවිඳින්න පුළුවන්. කලින් දීපු "සුර පප්පා සහ ඔලිම්පික් ක්‍රීඩා" චිත්‍රපටියත් මම හිතන විදියට වැඩිදෙනෙක් හිතුවේ නිකම්ම ක්‍රීඩාව ගැන කියවෙන කතාවක් කියල වෙන්න ඇති. නමුත් එහි ක්‍රීඩාවට දීල තිබුණේ පොඩි තැනක් විතරයි. වැඩිපුරම තිබුණේ සිසර්ගේ පුතා කරන මෝඩ වැඩ නිසා උපදින විහිළු. මම හිතනවා මේ චිත්‍රපටියත් ඒ වගේම හොඳ හාස්‍යජනක චිත්‍රපටියක් කියලා.
    කට්ටියටම ජයවේවා !

  38. රොයිලි

    බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. uda

    අනේ හසිතයෝ...
    තරහ වෙන්ඩනම් එපා බන්, මේවයේ පොඩි ඒවා නැතුව බාන්ඩ විදිහක් නෑ බන්. කොච්චර ආශාවුණත් කලින් දීපුවත් ගන්ඩ බැරි වුණා ඒක නිසා... :( මේකනම් ගන්ඩ පුළුවනි. මුල්ම් එකනම් බැලුවා මම හම්බවුණ නිසා! මරු ආහ්! කොහොමත් මේක හිමින්සැරේ හරි එක්කසු කරගන්නවා කොහොමහරි. මොකද අනාගතේදි පොරෝජං වෙයි අපටත් ;) නෙහ්?

  40. me

    Thanks

  41. Oshan

    Ela thanks machan

  42. දිදුල Kd සිල්වා

    නියමයි යාලුවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා෴

  43. malith

    good job man.I really LIKE this site...I love it.niyamai film 1. Simply qwoth fattttaaaaa
    (Y)

  44. rachila

    ela.... asawen balapu caertoon 1k...

  45. Uraj Deemantha

    පට්ට ෆිල්ම් එක ආ....... :)

  46. seser

    thanks !

  47. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  48. delmar

    Maxxa machan
    Patta me wage eewa

  49. SoftHunter

    Nice work machan.

    Thanak You!

  50. SoftHunter

    Nice work

Load more comments